මේඝය යනු ?

මේඝය කියන්නේ වළාකුලටනේ.මේඝය ඉන්නේ හුඟක් ඉහලින්.ඒවගේම තැනින් තැනට ගමන් කරනවා. අපි කවුරුත් දන්න දෙයක් තමයි හුගක් ඉහල ඉදන් බලනකොට බිම් මට්මමේ ඉන්න අයට නොපෙනෙන ගොඩක් දේවල් පේනවා කියන එක.දුර ගමන් කරන කොටත් එහෙම තමයි. මේ වියුනු සටහන කියන්නේ තනි පුද්ගලයෙකු ගේ අන්න ඒ විදියේ උත්සාහයක් තමයි.මේඝය දේශපාලන වියමනක් නෙවෙයි.හැබැයි මේඝයට පිටිපස්සේ ඉදන් ජීවය දෙන්නේ මිනිසෙක් නිසාත් මිනිසා යනු දේශපාලන සත්වයෙක් නිසාත් මේඝය ටත් දේශපාලන අදහස් තියෙනවා ඒවාත් මේ සටහන් වලට ටික ටික කාන්දු වේවි. හැබැයි ඒ පක්ෂයකට/කණ්ඩායමකට කොටු වෙච්ච පටු දැක්මක්  නෙවෙයි.මේඝය කියන්නේ පුරවැසි මාධ්‍ය කලාවේ තවත් එක් කුඩා අංශුවක්.

වැදගත් දෙයක්. ගතික සමතුලිත පරිසර පද්ධතියේ පුරුකක් මිසක් මේඝය ස්ථාවර දෙයක් නෙවෙයි. ඒ කියන්නේ වරෙක ඉහලින්ම ඉන් මේඝය තවත් වරෙක වැස්ස විදියට පොලවට පතිත වෙනවා. ඊට පස්සේ ගංගා,ඇල දොල, වැව් පොකුණුවලට එකතුවෙලා සුවහසක් ජනතාවගේ  පවස නිවාලන්න දායකවෙනවා;පැලෑටි තුලට ඇතුල් වෙලා ආහාර විදියට සාගින්න නිවනවා;තල බඹර කරකවල බලශක්ති ජනනයට රුකුල් දෙනවා,ඊට පස්සේ සමහර විට මහ සයුරට එකතුවෙලා හෝ එසේ නොවී ආයෙමත් හිරුගේ පිහිටෙන් පොළවෙන් ඉහලට නැගල මේඝය බවට ම පත්වෙනවා. එනිසා සමහර විට ඔබ නොදැන ඔබ අසල ම උනත් මේඝය ඉන්නව වෙන්න පුලුවන්.(ඔබගේ මේසය උඩ තියෙන වීදුරුවේ උනත්!)

කාලිදාස කියන සංස්කෘත කවියා “මේඝදූතය“ නමින් සංදේශ කාව්‍යයයක් කළා. සංදේශ කාව්‍යය වල තියෙන්නේ දූතයෙක් අතේ ඈතකට යවන පණිවිඩයක් නේ.(තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ලියපු සැලළිහිණි සංදේශයේ දූතයා වන්නේ සැලළිහිණියා) කාලිදාසයන් දූතයා විදියට යොදාගත්තේ මේඝය හෙවත් වළාකුල.මේ මේඝයත් රචනා වන්නේ පාඨකයන් අතට පණිවිඩ ගෙනයන දූතයෙක් හැටියටයි.

මේඝය සංවාදයට විවෘතයි. තමන් ව ප්‍රශ්න කරනවට, හාරා අවුස්සා බලනවට මේඝය කැමතියි. (මේඝය ඒහි පස්සික ගුණය අගයනවා). එවගේ ම ඔහු සර්වතෝබද්‍රත් නැහැ. ඒනිසා මේඝය පාඨනය කරල නිකම්ම යන්න එපා. පහලින් සටහනක් තියල යන්න. මොකද මේඝය දකිනවට වඩා යමක් දකින පාඨකයෙකුට (එවැන්නෝ බොහෝ බවත් මේඝය දන්නවා)සවන්දෙන්න ඔහුගේ කිසිම අකමැත්තක් නෑ.

ඔබට ජයශ්‍රී !

ප.ලි මේඝය බ්ලොගය cyber අවකාශයට එකතුවෙන්න කලින් ලේඛකයා  “ජයශ්‍රී” කියන නමින් cyber අවකාශය තුල හිටියා.දැනටත් ලේකඛයා ගේ Profile name වන්නේ එයයි.එනිසා “ජයශ්‍රී” සහ “මේඝය” යනු එකම අනන්‍යතාවක් ලෙස හදුනාගන්නා ලෙස පාඨකයාගෙන් ඉල්ලීමක් කෙරේ.

  1. සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ විට තිබෙන්නේ පඬියන් විසින් පවත්වා ගෙන යන රටට අහිතකර බ්ලොග් අඩවි. ඒ අතින් බලන විට මේඝය කලු වලාවක රිදී රේඛාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. දිගටම රට වෙනුවෙන් ලියන්න දිරිය සහ ශක්තිය ලැබේවා.

  2. This is a really pleasant blog. Keep the good work. 100% agreed with @ඉස්තෝප්පුව!!

ඔබේ අදහස් දහස් වටී ....................