තුන් තේරවිලි කීපයක් – (Breaking the silent)

මාසයක් තිස්සේ බ්ලොග් එක පාලුවට යන එක වලක්වන්නයි මේ හුදු විනෝදාත්මක කෙටිම සටහන තබන්නේ.

තුන් තේරවිලි තියන්නේ අතීතයේ සිට අප ජන ජීවිතය හා බද්ධ ව පැවති ජන සංස්කෘතිකාංගයක්. බලන්න පහත තුන්තේරවිලි විසඳන්න පුලුවන්  ද කියල. විසඳුම් ලඟදීම පලකරන්නම්.

මේඝ සප්ත

ඔහු බට

කුඹුරේ පහණ

යන්න තුවාලය

පස දමන

පැදුරු ගස

නාපු බෑගය

ඔහු ක්‍රියාවේ

ඔබ මිය ගියේ

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 27/06/2013, in තේරවිලි. Bookmark the permalink. 15 Comments.

  1. ජය ශ්‍රී,

    පැදුරු ගස හැරෙන්නට අනික් එව්ව නම් විසඳුවා…බලන්න හරිද කියල?

    මේඝ සප්ත = වලා හත = හලාවත

    ඔහු බට = ඌ නල = නාඋල

    කුඹුරේ පහණ = වෙලේ ගල = ගලේවෙල

    යන්න තුවාලය = පල වණේ = වලපනේ

    පස දමන = පක්ෂ ලාන = ලක්ෂපාන

    නාපු බෑගය = නෑව මල්ල = මාවනැල්ල

    ඔහු ක්‍රියාවේ = ඌ වැඩ = වෑඋඩ

    ඔබ මිය ගියේ = තා මලේ = මාතලේ

  2. පන් ගහ = ගම්පහ

  3. දැං අපි තෝරන්නෙ මක්කෙයි?

    • ඒකනෙ..මේ වැඩේ ජයශ්‍රී කරන විදිහ වැරදියි, ප්‍රහේලිකා සහ මේ වගෙ එව්ව දානකොට උත්තර එක පාරටම පබ්ලිෂ් වෙන්න දාන එක වැරදියි. හැමෝටම ගැටළුවට විසඳුම් සොයන්න තියෙන අවස්ථාව ඒකෙන් වැළැක්වෙනව. හරි උත්තර පබ්ලිෂ් නොකර ජයශ්‍රීට කිව්වැකි මෙන්න අහවලා උත්තරයක් එවල තියනව. මෙච්චරක් හරි. අහවල් එක වැරදියි කියල. තරඟයෙ කාල සීමාව ඉවර උනාම ඔක්කොම උත්තර පබ්ලිෂ් කරන්න පුලුවන්. Over to you Mr. Jayashri, for your kind consideration please 🙂

      • අවුලක් නෑ උඹ ඇසූ පිරූ කියවූ පඬිතුමා නෙව. උඹ කලින්ම ආපු එකයි අවුල 🙂

  4. keerthi ratethanne

    //කුඹුරේ පහණ = වෙලේ ගල = ගලේවෙල//

    පහණට ගල කියලා කියන ඒක හරිද?
    (නොදන්න කමට අැහැව්වෙ.)

  5. හුපිට අලං

  6. සියල්ලන්ට ම ස්තුතියි,
    @රවි, නමටම හරියන්න ඔබ හපනා.ප්‍රශ්නේ මේකනේ මිත්‍රයා මට බ්ලොග් එක සමඟ ඉන්න තියෙන කාලය සති අන්තයට සීමා වෙනවා.ඇත්තටම ඊයේ මේක දැම්මේ වෛරස් උණ වැලඳී නිවාඩු ගත් නිසා. ඔබේ උපදේශය හරියට ම හරි.
    @මාතලන්, ඌණ පූරණය නිවැරදියි.
    @රාජ්,මොනව කරන්නද මිත්‍රයා, ඊළඟ දවසේ බලමු රවි කිව් විදියට වැඩේ කරන්න.
    @සිතුම්, රාජ් ට කිව්ව කතාවම තමයි කියන්න වෙන්නේ.
    @කීර්ති, මෙහෙමයි “ගල“ යන්නට සමාන වචනයක් තමයි “පහණ“. හැබැයි පටල ගන්න එපා “පහන“ නොවේ. උදා, සඳකඩ පහණ = අඩ සඳක හැඩය ඇති ගල.

    • රවි උත්තරේ දාලනෙ.. ඒ හින්ද හැරිල ගියා 😉
      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි!

    • ස්තූතියි ජයශ්‍රී,

      අසනීප තත්වය වහා සුවවේවායයි පතන්නෙමි!!!

  7. @රැඩිකල් අදහස්,රවි, දැන් සෑහෙන්න හොඳයි.ස්තුතියි!

  8. ඇත්තමයි කට්ටිය නොවිසඳන්න මටනම් බැහැ මේ ටික ගොඩ දාන්න..

ඔබේ අදහස් දහස් වටී ....................