වර්ගපූර්ණිකාව ලියන ජයරත්නටයි මෙය

මාඳුරුඔය ජලාශයේ සංරක්ශිත පැරණි සොරොව්ව

අප ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ජාතියක් වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ඨ සම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන් මෙන්ම අපි ද ශිෂ්ඨාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය කිසිවෙකුගෙන් අනුකරණය කිරීමෙන් නොවේ. එපමණක් නොව අන්‍ය ජාතීන් සතු නොවනා සමහර දේ ද  අතීතයේ අප සතු විය. ඒ මොනවා දැයි උදාහරණ කීපයක් පෙන්වා සිටීමට මට අවසර දෙන්න.

1. වාරි තාක්ෂණය

පොළව මතුපිටින් ජලය ගලායන්නාක් බඳු ඇල මාර්ග (යෝද ඇළ) ද සයුර පරදන මහ වැව් වලින් ද පරිපූර්ණ අප පැරණි වාරි පද්ධතිය රජරට සහලින් ස්වයංපෝෂණය කළේය. (අනෙක් දෙකන්නය වගාකිරීමට ප්‍රමාණවත් වැසි ජලය ඇති ප්‍රදේශ වල වාරික්‍රම දක්කට නැත). අප වාරි තාත්ෂණයේ විශිෂ්ඨත්වයට තව එක් ප්‍රභල සාක්ශියක් වන්නේ මාදුරුඔය ජලාශයේ සොරොවව්වයි. කැළයෙන් වැසී නටඹුන් ව තිබූ ජලාශය ප්‍රතිසංස්කරණයට පැමිණි ඉංජිනේරු මහතුන් තම ගණනය කිරීම් වලින් අනතුරුව යෝජිත සොරොව්ව ඉදිකිරීම සඳහා කැණීම් කරන විට ඉපැරණි සොරොව්ව එම ස්ථානයේ ම මතුවිය (අදට ද එය සංරක්ෂණය කර ඇත). අනෙක් අතට පැරණි වැව් සියල්ට ම පොදු අංග වන ගොඩසොරොව්ව/මඩ සොරොව්ව, සලපණාව, වැව්බැම්ම, පිටවාන, බිසෝ කොටුව ආදී උපාංග අතිවිශිෂ්ඨ ඉංජිනේරුමය ඉදිකිරීම් බවට විවාදයක් නැත.

2. ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය

ජේතවනාරාමය සැලකෙන්නේ පැරණි ලොව ගඩොලින් කළ විශාලතම ගොඩනැගිල්ල ලෙසය. රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය ආදී සෑයන්  අද පවතින තාක්ෂණයට පවා තැනීම දුෂ්කරය. (නැතිනම් ගාමිණි දිසානායක මහතා ආරම්භ කළ මහවැලි මහ සෑය දශක දෙකකකට පසු අද වත් නිමවී තිබිය යුතුය). ස්ථූප හැරුණු විට අදට ද නටඹුන් ඉතිරිව ඇති ගොඩනැගිලි අප ශ්‍රේෂ්ඨ අතීත උරුමයන් මනාව විදහාපායි.සත්මහල් ප්‍රාසාද වලින් එවකට අනුරපුරය පිරී පැවති බව කියැවේ.

3. භාෂාව හා සාහිත්‍යය

ක්‍රමයෙන් ස්වාධීනව වර්ධනය වූ ඉන්දු ආර්ය උප භාෂාවක් අතීතයේ සිටම අප සතු විය. ඒ සිංහලයයි. ලෝකයේ නිර්මාණශීලී භාෂා අතලොස්ස අතරට සිංහලය එක්  වී ඇත්තේ එයටම ආවේණික වූ “ඇ” සහ “ඈ” ශබ්ධ නිසාය. සිංහ භාෂාවෙන් ඕනෑම අදහසක් නිරවුල්ව පැවසිය හැක. ඕනෑම විශයයක් ඉගැන්විය හැක (ඒ සදහා පාරිභාෂික පද නිපදවිය හැක). එපමණක් නොව අනුරපුර යුගයේ සිට අතිවිශිෂ්ඨ ගද්‍ය-පද්‍ය සාහිත්‍යයයත් අප සතුව තිබිණි. උදාහරණ ලෙස කෝට්ටේ යුගයේ ලියැවුණු කව්සිලුමිණ විශිෂ්ඨ කාව්‍යයකි.

4. නර්ථනය

අපගේ උඩරට, පහතරට, සබරගමු නර්ථන සම්ප්‍රදායයන් හා ඒවායේ භාවිතයන් අපටම ආවේණික වන අතර ඒවායේ විශිෂ්ඨත්වය ගැන කළා රසික ඕනෑම අයෙකු සාක්ශී දරනු ඇත. මේ දිනවල වීථී සංචාරය කරන මහනුවර හෝ කතරගම ඇසළ පෙරහැර ජීවමාන සාක්ශි වන්නේය.

දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට ඇතත් කාළය මද නිසාත් මේඝයේ අරමුණු වලින් තරමක් අපගමනය වන නිසාත් ඉහත කරුණු 4ට පමණක් මම සීමාවෙමි.

නමුත් මීවනපලානේ ජයරත්නයන්ට එරෙහිව මට ඇති චෝදනාව ඉදිරිපත් කිරීමට මේ අවස්ථාව යොදාගමි. මීවනපලානේ ජයරත්න තම වර්ගපූර්ණිකාව හරහා සිදුකරන්නේ අපගේ පූර්ව ඓතිහාසික යුගය නිර්දය ලෙස විවේචනයට ලක්කිරීමයි. පූර්ව ඓතිහාසික යුගයේ (රාවණා යුගයේ) මෙරට කෙසේ පැවතියේ දැයි තවම පුරාවිද්‍යාත්මක සාක්ශි මත හොදින් තහවුරු වී නැත. එනමුත් ආචාර්ය සූරිය ගුනසේකර බදු ඉතිහාසඥයින් ද, අරිසෙන් අහුබුදු, කුමාරතුංග මුණිදාස බඳු භාෂා ප්‍රේමී ද මේ පිළිබඳ පර්යේෂන කර ඇත. (මේ ලේඛකයා මේ පිලිබද ඔවුන් තැබූ සටහන් පරිශීලනය කොට ඇත). එමෙන්ම ඉතිහාස ගවේශනයේ මූලාශ්‍රයක් වන ජනශ්‍රැතිය ද මේ යුගය පිලිබද කරුණ අපට හෙලි කරයි. සෙල්ලිපි වැනි සාක්ශි ද හමුවී ඇත.

සමහරවිට අප රටේ රාවණ යුගයේ (වසර 2500 ක අප හොදින් ම දන්නා ලිඛිත ඉතිහාසයට ද වඩා) දියුණු ශිෂ්ඨාචාරයක් තිබුණා විය හැක. එවන් ශිෂ්ඨාචාරය යම් හේතුවක් නිසා ක්ෂණිකව විනාශ වූවා ද වියහැක. එසේ වීම විස්මය ජනක නොවේ. (මා පවසන්නේ ජයරත්න අවඥාවෙන් කියන පරිදි අද අපසතු නවීන තාක්ෂණයෙන් ආඩ්‍ය ශිෂ්ඨාචාරයක් එකල තිබූ බවක් නොවේ – දඩයම් යුගය නොව දියුණු ගොවි යුගය ගතකරන ජනකොට්ඨාශයක් මෙහි වන්නටට ඇති බවයි)

 ජයරත්නට මේ පිලිබඳ විවේචන ඇත් නම් කල  යුතු වන්නේ සදාචාරාත්මක රාමුවක සිට ඒ පිළිඹදව ප්‍රශ්න කිරීම මිසක් මෙලෙස වර්ගපූර්ණිකාව හරහා ජාතියක් ඉලක්ක කොට අතෝරක් නැතිව හාස්‍ය උලුප්පා මඩ ගැසීම නොවේ. විශේෂයෙන් ම බ්ලොග් අවකාශයේ සිටින අඳ බාලයන් බොහොමයක් වර්ගපූර්ණිකාව කියැවීමෙන් පසු පෙලබෙන්නේ සිංහලයා ගේ අතීතය යනු නිනම්ම නිකං පුස්සක් යයි සිතීමට බව ඉතාම පැහැදිලිය. ජයරත්නට අවශ්‍ය ද මෙයද?  (ලේඛකයාට වහල් වී සුවච කීකරු වනවා මිසක විචාර බුද්ධියෙන් ලේඛණයක් විමසන පාඨකයන් කොපමණ ප්‍රතිශතයක් සයිබර් අවකාශයේ සිටී දැයි වර්ගපූර්ණිකාවේ ප්‍රතිචාර කියවා තේරුම් ගන්න).

වර්ගපූර්ණිකාවේ නිරන්තර ඉලක්ක බවට පත් වන අරිසෙන් අහුබුදුවන්, කුමාරතුංග මුනිදාසයන් ආදී හෙළ හවුලේ අතීත නයුවන් ගැන ද සටහනක් තැබිය යුතුමය. මේ උදවිය අප බස රැක නොගන්නට ඔබට-මට බ්ලොග් ලියන්නට ද  කියවන්නට ද සමහර විට සිදුවන්නේ ඉංග්‍රීසියෙනි. මඟුල් කෑම, හත්පණ, හීංසැරය, හෝ දොරට වැඩුම නොකියැවූ සිංහල ලේඛකයකු සිටිය හැකි ද? අහුබුදුවන් ලියූ “ප්‍රෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා”,  “කොම්මුලේ මගේ කොම්මුලේ” “සෙංකඩගල පුර දළදා බුදුරැස්”  ආදී ගීත රස නොවිඳි රසවතෙක් සිටිය හැකිද? අහුබුදුවන් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ගේ ද නොමද ගෞරවාදරයට පත් සිතුවම් ගුරුවරයා බව ඔබ දන්නවාද? ක්ෂ්‍රේත්‍ර ගනණාවක අණසක පැතිර වූ එතුමා නාට්‍යවේදියෙක් ද වේ (සක්විති රාවණ). මෙවන් වියතුන්ට මඩ ගැසීමෙන් ජයරත්න ලබන තෘප්තිය කුමක්ද? දින දසුනද ලග්න 12 ඇතුලු ජ්‍යෙතිශය ලොවට ගියේ හෙළයන් ගෙන් යයි එතුමා තර්කානුකූලව පවසනු ලේඛකයා ද අසා ඇත. ඒ තර්ක වැරදිනම් ඊට ප්‍රතිතර්ක ගොඩනගනු විනා, අහුබුදුවන් උපහාසයට ලක්කිරීමෙන් ලබන තෘප්තිය කුමක් දැයි මට නම් නොවැටහේ.

ප.ලි

දුවන්නන් වාලේ කෙට එළදෙන දුවන්නාක් මෙන් මේ ලේකඛයා ද කීපවරක්  වැල යන අතටම මැස්ස ගසාවර්ගපූර්ණිකාවේ ප්‍රතිචාර තබා ඇත (මේඝය යන නමින්). ජයරත්නයෙනි, පාඨකයෙනි ඒ ගැන මට සමාවන්න. ඒ සියලු අදහස් මම මෙයින් ඉල්ලා අස්කොට ගනිමි.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 29/07/2012, in මතවාද. Bookmark the permalink. 50 Comments.

  1. මට නම් ඉතිහාසය කියන්නේ ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි , ඉතිහාසයේ අරව තිබුනා මේවා තිබුනා කියන එක මහා ලොකු දේකුත් නෙවෙයි , අනික් අතට ඒ ඒ ශිෂ්ටාචාරයන්ගේ අවශ්‍ය තාවයන්ට අනුව නිර්මාණය වුනු දේවල් මත පදනම් වෙලා ශිෂ්ටාචාරයන් දෙකක් සංසන්දනය කරන එකත් වැරදියි , උදා – චීන මහා ප්‍රාකාරය හැදෙන්නේ චීනේ ආරක්ෂාව වෙනුවෙන් අනිකුත් ශිෂ්ටාචාර වල ඒ වගේ දෙයක් නොතිබෙන්නේ තාක්ෂණය නැති කමෙන්ම නොවී අවශ්‍යතාවයක් නොමැති නිසා වෙන්න පුලුවන් , අතීතය කබල් ගානවට වඩා වටින්නේ වර්ථමානය සහ අනාගතය . ඉතිහාසය කියන්නේ කොහොමටත් එක් එක් පුද්ගලයින්ගේ මතවාද මිසක් සම්පූර්න සත්‍ය නෙවෙයි ඒ නිසා වර්ග පූර්ණිකාව ගැන ඔය තරම් සිරියස් වෙන්න අවශ්‍ය වන්නේ නැ කියලයි මම හිතන්නේ

    • මමත් එකඟයි අපි කළ යුත්තේ වංසේ කබල් කබල් ගෑම නොවේ ඉදිරියට යාම කියන එක ගැන.නමුත් අප ඉදිරියට යා යුත්තේ අපේ අතීත උරුමය සමඟයි. නැතහොත් අනාථයින් පිරිසක් ලෙස නොවේ.අතීතයේදී අප නිකමුන් පිරිසකැයි සිතා උකටලී වීම හීනමානය මිසක් අන්කිසිවක් නොවේ.

      • තව ප්‍රශ්නයක් තියෙන්නේ අපි අපේ ඉතිහාසය ගැන ඉගෙන ගන්නේ නැතිව, නොසලකා ඉන්න අතර විවිධ පාර්ශ්ව හිතා මතා සාවද්‍ය ඉතිහාසය නිර්මාණය කරන එක. අන්තිමට අනාගතේදී අපේ ඉදිරි පරම්පරා වල එවුන්ට ඒ බොරු පිලි අරගෙන බොරු අයිතිකාරයන්ට යටත් වෙලා ඉන්න වෙනවා..

    • අතීතය කබල් ගානවට වඩා වර්තමානය හා අනාගතය ගොඩ නගන ඒක වටිනවා තමයි.ඒත් වර්තමානය හා අනාගතය කියන දේ රඳා පවතින්නේ අතීතය කියන පදනම මතයි.පදනමක් නැතුව ගෙයක් හදන්න බෑ.පදනම ශක්තිමත් නම් ගෙදර ශක්තිය ගැන කියන්න දෙයක් නෑ.ඉතිහාසය ඔච්චරම නොවැදගත් නම් ලොකු ඉතිහාසයක් නැති ඇමෙරිකාව පවා තමන්ගේම කියලා ඉතිහාසයක් ගොඩ නගන්න දත කන්නේ ඇයි? අතීතය කබල් ගගා ඉන්න එක වැඩක් නැති එක හරි.නමුත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙනයි වත්මන හා අනාගතය ගොඩ නැගිය යුත්තේ,එහෙම නැතුව මට නම් ඕක මහා ලොකු දෙයක් නෙමෙයි ඕක තිබුනත් ඒකයි නැතත් එකයි වගේ බක පණ්ඩිත ටෝක්ස් වලින් ලැබෙන්නේ පොඩි ස්වයං වින්දනයක් විතරයි.එහෙම ආකාස්මිකව ඕනා දෙයක් කරන්න පුළුවන් නම් මිනිස්සු මොනවා නොකරයි ද? කරන ඕනෑම දෙයක අතීත පදනමක් තියෙනවා.(පෙර බවයක සසර පුරුදු කියන්නෙත් ඉතිහාසය තමයි)

      • දුක්ගන්නාරාල

        ඇමෙරිකාව කොහෙද ඉතිහාසයක් අමුතුවෙන් ගොඩ නගන්න හදන්නේ? එහෙම කොහෙවත් ඒ මිනිස්සු කියල තියෙනවද?
        අපිට ඉතිහාසයක් නැහැ, අපි ඔක්කොම එකතුවෙලා ඉතිහාසයක් හදමු වගේ දෙයක් ඇමෙරිකන් කාරයෝ කිව්වද?
        ඇමෙරිකාවේ ඉතිහාසය කාලයත් සමග ඒ විදිහට මැවෙයි.

        ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක හොඳයි.
        ඒත් දැන් ඔය රාවණා පස්සේ යන යක්කු හදන්නේ රාවණාගේ වැරදි හොයල ඒවායෙන් ඉගෙන ගන්නද? නැහැ නේ?
        පාඩම් ඉගෙන්න ගන්න ඕනේ නම් මය අවුරුදු 2500 කට කලින් ඉතිහාසය මොනවට හොයනවද?
        අවුරුදු 10ක් ඇතුලත කරපු වැරදිවත් හදාගන්න ඕනේ කමක් තියෙනවද ඔය හෙළ යක්කුන්ට?
        අපි තමයි ලොක්කෝ, සුද්දොත් අපිට හරිනම් වඳින්න ඕනේ. ඔන්න ඔය වගේ ටෝක්ස් දාන්න සාක්කි හොයන එක නෙවෙයිද කරන්න හදන්නේ?
        නිකන් වැඩකට නැති වැඩ නොකර පාඩම් පොතක් බලාගනිල්ල. නිකන් උගන්නන්න මෙච්චර වියදම් කරන එකේ.
        ගෙවල් හදන්න අත්තිකාරම් ඕනේ වගේ, ජීවිතය හදාගන්න ඕනේ වෙන්නේ අධ්‍යාපන අත්තිවාරම.
        නැතුව අපේ අම්මල තාත්තල සීයල කිරිකිත්තල කරපු දේවල් හාර අවුස්සන එක නෙවෙයි.
        නිකන් බොරු උපමා දාල වචන හරඹ නොකර හිටු!

    • ඉතිහාසයක් නොමැති ඔබට අනාගතයක් නැත .මන්ද අනාගතය ගොඩනැගෙන්නේ ඉතිහාසය මතය .

  2. ඉතිහාසය ගැන මගේ අදහසත් බුවා කිව්ව අදහසමයි. අතීතයේ අපි අහවල් දියුණුව ලබල හිටිය කිව්වට වැඩක් නෑ. දැං නැත්තං.

    ජයශ්‍රී අහල තියනවද දන්නෙ නෑ මේ කතාව. මී ජයා ගැන මට කියන්න තියෙන්නෙ මේ කතාව තමයි.
    ඔන්න එක තරුණයෙක් ගියා සම්මුඛ පරීක්ෂණයකට. එක් අවස්තාවක, තමන් ඒ තනතුරට තෝරා ගතහොත් ලැබෙන්න ඕන මොනවද කියල අහනව. “රුපියල් තිස්දාහක වැටුපක් (මේක කාලෙකට කලින් එකක් 30000 ඒකාලෙ ලොකු ගානක්), කාර් එකක් …….” කියල කියාගෙන යනකොට පරීක්ෂකය එයාව නවත්තල මෙහෙම කියනව, “නෑ නෑ ඉලන්දාරියා, ඉල්ලනව රුපියල් 50000ක පඩියය්, යන්න එන්න කාර් එකයි, ෆෝන් එකයි, ඒකෙ බිලයි, ඉන්න ක්වාටස් එකයි….” මේක ඇහුව කොල්ල පුදුම වෙලා අහනව “සර් විහිළු කරනවද” කියල. ලොක්ක අහනව “දැං කවුද විහිළුව පටන් ගත්තෙ?”

    රාවනා ගැන එක එක්කෙනා එක එක තැන්වල ලියල (විශේෂයෙන්ම රන්දිව,මව්බිම වගේ පත්තරවල) විහිළුව පටන් ගත්තනේ. මී ජයා ඒක දැන් වඩා හොඳට කරගෙන යනව. 🙂

    • ප්‍රශ්නේ මේකයි මිත්‍රයා, මීජා (කවුරුන් හෝ) අතිශයෝක්තියට නැංවූ රාවණ ඉතිහාසය හාස්‍යයට ලක්කරන විට අපේ (අතිශය බුද්ධිමත්) පාඨකයා ඒක අදේශ කරන්නේ අපේ සමස්ථ ඉතිහාසයටමයි. ඉන් පසු අවසානයට එලබෙන නිගමනය කුමක් ද? “අතීත සිංහලයා නිකන් ම නිකමුන් පිරිසක් වේ” යන හීනමානී ආකල්පය නොවේද?
      එවැන්නකින් ඇති ප්‍රයෝජනය කුමක් ද?

      • @Raj : ඔබ කියන දේ නිවැරදියි.ඒත් මිත්‍යාවට පහර දෙන්න වැඩි දෙනෙකු නොදන්නා සැබෑව විහිළුවට යොදා ගැනීම හරි ද ? නොදන්නා මනුස්සයා අර සැබැවත් ප්‍රධාන විහිලුව වගේම විහිළුවෙන් ගන්නවා නේද ?

  3. ඔය ආශ්චරයමත් ගොඩනැගිලි තාක්ෂණය ගැන අහන මට ඇතිවූ ප්‍රශ්නයක්: රජ මාලිගාවල, පන්සල්/දේවාල වල නටඹුන් හැරුණු කොට නිකමටවත් සාමාන්‍ය මනුස්සයෙක් හිටපු ගෙදරක ගඩොලක්වත් දකින්නට නැත්තේ ඇයි?

    හේතුව ඒකාලේ දියුණු සමාජ ක්‍රමයක් තිබුනේ නැතිකම. සාමාන්‍ය මිනිසුන්ට ගෙදර හුණු පිරියම් කිරීමත් තහනම්. රොබට් නොක්ස් කියන පර සුද්දා ලියලා තියෙන්නේ එහෙමයි.

    • සමහරවිට වෙන්න පුලුවන් (නොවෙන්නත් පුලුවන්). ඒත් ඒකෙන් කීයටවත් ජේතවනාරාමයේ විශිෂ්ඨත්වය නිශේධනය වන්නේ නෑ නේද?

      • එවන් අපූරු නිර්මාණ තිබෙනවා. ඉතා දක්ෂ ගල් වඩුවන් නම් ඉන්න ඇති.

    • රංචාමඩම ප්‍රදේශයේ හමු වුනු ක්‍රි.පු. 1100 + කාලයට අයත් ජනාවාස නටබුන් අතර නුතන නිවෙස් වල කාමර සැලැස්මට සමානකම් දක්වන සමන්විත නිවෙස් වල නටබුන් ලැබිල තියෙනවා. පසුකාලීනව ඇති වුනු දුර්වල සමාජ ක්‍රමයට වඩා සාධනීය ලක්ෂණ දකින්නට ඇති පිරිසක් පුර්ව ඓතිහාසික යුගයේ පවා ජීවත් වෙලා තියෙනවා. පසුකාලීනව දැවයෙන් නිර්මිත දේවල් අපට බලා ගන්න ඉතුරු වුනේ නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් අමතක කරමු. ලෝවාමහාපායේ ගල් කණු විතරක් ඉතුරු ඇයි. ඉතිරි කොටස දිරාපත් වෙලා…

      ප.ලි. මේ රංචාමඩම කතාව පවා ජයරත්න විහිලුවට ගත්තා. ඒ ගැන ඔහුගෙන් ඇසීමෙන් පසුව කමෙන්ටුවක් හරහා නිවැරදි කතාව පිලි ගත්තත්, ප්‍රධාන ලිපිය වෙනස් කලේ නැහැ. විද්‍යානුකුලව තහවුරු වුනු ඉතිහාසය මිනිස්සුන්ට දැන ගන්න සලස්සනවා මිසක් විහිළුවට තැවරුමක් විදියට යොදා ගැනීම් වැරදියි..

  4. හනුමයි රාමයි පයිං ලංකාවට එද්දි රාවනා උඩින් ගියා. කතාව ඇත්ත. එහෙම උනා කියල අද අපේමයි කියල කියන්න පුළුවන් නිෂ්පාදනයක් තියනවද?

    අපි කරන්න ඕනෙ එදා එහෙමයි එදා මෙහෙමයි කියල කෑගහන එක නෙවෙයි ඒ දේවල් ආයෙම කරන එක.

    මට මතකයි මීට අවුරුදු 5කට6කට විතර කලින් ටීවී ඇඩ් එකක් ගියා “රාවනාගේ පරපුර දරුවෝ ලක්මව සනසයි නම්” කියල. ඒකෙ තිබුනෙ ලංකාවෙං ෂටල් එකක් වගේ මොකක් හරි යානයක් හදල යවන දර්ශනයක්. ඒක දැකල රාවනාට ඉන්න නලුව තෘප්තිමත් මුහුණත් මවාගෙන තමංගෙ යානය වගේ එකේ යනව. අපි යන්න ඕනෙ ඒ තැනට.

    ඔය වර්ගපූර්ණිකාව කරන්නෙ අපේ මොල කචල් කරන එක විතරයි. බලන්න යන MB ගානටත් බිල යන්නෙ අපෙන් නිසා නොයන තරමට අපිට හොඳයි.

    • ඇත්ත, අතීතය හිස්මුදුනේ තියාගෙන ඉදීම නෙවෙයි, අතීත සමෘද්ධිය මත අනාගතය වෙනුවෙන් වැඩ කිරීමයි කල යුතු.
      නමුත් අතීතය අසාධාරන ලෙස මුලුමනින්ම අවඥාවට ලක්කිරීමයි වරද

  5. @එවන් අපූරු නිර්මාණ තිබෙනවා. ඉතා දක්ෂ ගල් වඩුවන් නම් ඉන්න ඇති.
    ඔව් හිටියා, නමුත්ජේතවනාරාමය ගඩොල් නිර්මාණයක්.

  6. මචං මී ජයා කරන වැඩේ හොඳ පැත්තක් මටනං තියෙනව. ඒක නිකංම මඩ ගැහිල්ලක් නෙමේ. අනික ඒ වැඩේ මෙතෙක් යම් වගකීමකින් කලා කියලත් මම කියනවා. ඒ ලියන දේකින් ගහල තියෙන්නෙ ඉතිහාසයට නෙමේ. තමුන්ට ඕනෙ විදිහට ඉතිහාසය ලියන්න හදන (යම් අරමුණු ඇතිව) පිරිසක් ඒ වැඩේට යොදාගන්න අඳබාල ක්‍රමවේදයන්ට.

    දැන් ඔය රන්දිව වගේ බෝතල් පත්තරවල යන ආටිකල් කියවද්දි ඉස්සර හිනා නොගිය උන්ට දැන් හිනා යනවා. වෙන්ඩ ඕනෙ ඒක.

    මේක මහ පිස්සු හුටං වකවානුවක් වේගෙන ගියේ බං. උදාහරණෙකට ගනිං සී නිව්ස් එකේ අනාවැකි කියපු අර තාපසයද මොකාද එකා. පට්ට බොරුවක්නෙ බං. කී දෙනෙක් ඇඳගත්තද? දැන් ඒවට බඩු පැකට්නෙ. ඒක තමයි වෙන්න ඕනෙ.

    • නමුත් ප්‍රශ්නේ බං අපේ පාඨකයෝ බහුතරය මේක තේරුම්ගන්නේ කොහොමද කියන එක. මට හොදටම විස්වාශයි, බහුතරය මේක තේරුම්ගන්නනේ අපේ ඉතිහාසයට අසාධාරණයක් වන විදියට.

    • @Charmi Sam : මී ජයා ප්‍රධාන කටයුත්ත හරියට කලත් වගකීම් විරහිත විදියට සැබෑ තහවුරු වුනු ඉතිහාසයත් විසුළු ආකාරයෙන් ඊට පටලවා ගත්ත වෙලාවල් තියෙනවා. කියවලා හරි දේ තේරුම ගන්න පුළුවන් අයත් එක්ක ඒක එහෙමට ගැටළුවක් නෙවෙයි. එහෙම තේරුමක් නැති මී ජයාට විරුද්ධ නැති පිරිසක් මී ජයා පටලවපු සැබෑ ඉතිහාසයත් විහිළුවට ගන්නවා..

  7. කොහොමද බං මේකෙ කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කරන්නෙ??

    • සමාවෙන්න මිත්‍රයා, මගේ IT දැනුම නම් නිල් (ඒ කිව්වේ ඔය WEB,HTML සම්බන්ධයෙන්). ඔයා ඔය ප්‍රශ්නය අහපු නිසා දැන් මම දන්නවා comment subscribe dialog box එක එන්නේ නෑ කියල.

      මම ඉල්ලා සිටිනව IT හොදට දන්නකෙනෙක්ගෙන් මීට විසඳුමක්.

    • කොමෙන්ටුවක් කොටන්න ක්ලික් කරපන්.ඊට පස්සේ ඊට යටින් තියෙන
      Notify me of follow-up comments via email.
      කියන එකට හරිය දාපන් බං
      ඊට පස්සේ එන මේල් එක කියවලා ඒකේ විදියට වැඩ කරපන්. ඕ.කේ කරන්නද කොහෙද තියෙන්නේ..

      මම අයි.ටී. හොදට නොදන්නෙමි.දන්න තරමින්කිව්වෙමි

  8. මම දන්න විසඳුම කියන්නද? කැමතිනම් බ්ලොගර් වලට මාරුවෙන්න.

    • Blogger වල නම් පහසුකම් ගොඩක් තියෙනව නේද? ඒත් මොකක් දෝ හේතුවකට WordPress අතහැරල යන්න හිතෙන්නනේ නෑ.

      • මං හිතන්නේ බ්ලොගර් වලට යන එක හෙන යූසර් ෆ්‍රෙන්ඩ්ලි! ඔබටත් කියවන මටත්!

  9. He is a lunatic. There is no doubt about it. But he seems to be wasting considerable amount of time on all the graphic works and his stories. I have no idea about his motivations behind those false stories. Anyway one thing i can clearly say is that he is watching whole a lot of UFO and alien documentaries of Discovery channel and NETGEO . One such example is Ancient Aliens tv series. Anyway he seems to be making conspiracy theories/fake stories based on real incidents or true facts. Most of his lies are partially correct in one way. If you ever curious enough to search about the facts in those fake stories you might get to know that some those are partially correct. Specially his stories about HItler are based on true incidents. But HItler has nothing to do with Ravana. But this writing style make it harder to ignore these bullshit stories for a amateur mind. That is why we can see serious commenters in his blog everyday.

  10. මේ පැත්තේ ආවේ පළවෙනි වතාවට. ලියල තියන දේට සම්පුර්ණව් එකඟයි.

    ඉහතින් කමෙන්ට් කරලා තියෙන කීප දෙනෙක් කියනවා වගේ අතීතය කබල් ගාන්න ඕනි නැහැ. ජාතියක් හැටියට පරාදීන වෙලා කාලකන්නි වෙලා ඉන්න ගමන් ඉතිහාසය ගැන කතා කර කර හිටියටම වැඩක් නැහැ තමයි. ඒත් එහෙමයි කියලා අවජාතක ජාතියක් වෙන්න ඕනිද ? මම කියන්නේ වර්තමානය හා අනාගතය වෙනුවෙන් කිසිවක නොකර ඉතිහාසය පම්පෝරි ගසමින් ඉන්න කියන කතාවක් නෙවෙයි.

    ඉතිහාසය නොදන්නා කමට තමයි අපේ එවුන් හැම එකාටම වැඳගෙන දී ගෙන ඉන්නේ. බහුතරයකට ඉතිහාසය ගැන හරි වැටහීමක් තිබුනානම් ජාතියක් හැටියට ශක්තිමත් ජාතියක් හැටියට ඉන්න තිබුනා.. මට ජාතිවාදී වෙන්න ඕන කමක් නැහැ. ගොඩක් දෙනාට තේරෙන හැටියට මේ යන හැටියට ඉදිරි කාලයේදී සිංහලයා සුළුතරය වෙන එක නවත්තන්න බැහැ. අන්න එදාට අපේ උන් ජාතිය කෙසේ වුනත් නාමිකව හෝ ආගම රකින්න ගියොත් ප්‍රචණ්ඩ බහුතරය අතින් විනාශයට පත් වෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ.

    ජාතියක් හැටියට නොනැසී ඉන්න නම් අවදි වෙන්න වෙනවා කවදා හරි. “අපි තමයි මේ රටේ අයිතිකරුවන්, “උරුමක්කාරයින්”” කියලා අද සුළුතරය හෙට බහුතරය වී කියන එක වලක්වා ගන්නවා මෙන්ම, එසේ කියන විට කියන දවසට අපේ එවුන්ට ඉතිහාසය මතක් වෙනවා. උන් වෙනුවෙන් හැකි තරම් නිවැරදි (පරිපුර්ණ නිවැරදි ඉතිහාසයක් ගොඩ නැගිය නොහැකි බව ඇත්ත) ඉතිහාසය සොයා රැක ගනිමින් ඊ ළඟ පරම්පරාවට දීම කබල් ගෑමක් නොවේ.

    ජයරත්න ගේ ඉලක්කය රාවණා ගැන මිත්‍යා පතුරුවන එවුන්ම නම් (වෙනත් සැඟවුණු අරමුණු නැතිනම්) ඔහු කරන්නේ කල යුත්තක්. නමුත් එහෙම වුනත් නැතත්, ඔහු සමහර විට තමන්ගේ සීමාවෙන් පිට යන බව (අප ඔහුට සීමා පනවන්නට බැරි බව ඇත්ත.., මම සීමාව කියන එකෙන් අදහස් කරන්නේ විය යුතු නිවැරදි දේ) පැහැදිලියි.

    ඒ ජයරත්න රාවණ මිත්‍යා උපහාසයට ලක් කිරීමට, සැබෑ තහවුරු වුනු ඉතිහාසය විසුළුවට ලක් කර යොදා ගැනීම හා සාවද්‍ය ලෙස යොදා ගැනීම

    ඔහුගේ උපහාසාත්මක ලිවීම සැබෑවක් ලෙස හිතන තරමට අඩු වැටහීමක් ඇති පිරිසක් සිටිනවා මෙන්ම එවැනිම බුද්ධි මට්ටමක සහිතව ඔහුගේ ලිවීමෙන් ආතල් ගන්නා පිරිසකුත් සිටිනවා. අන්න ඔවුන්ට ඉතිහාසය විහිළුවක්ම වෙනවා.

    ඊ ලඟට මිත්‍යාවෙන් තොරව ඉතිහාසය ගැන උනන්දු වන, ඒ ගැන ලියන්නට කෙනෙක් ඉන්නවානම් ඔවුන් මේ ඉතිහාස විහිලුවට ලක් කිරීම නිසාම ඉන් ඈත් වෙනවා.

    එතනදී සිදු වන්නේ මිරැන්ඩෝලාගේ, කාංචනලාගේ විහිළු මදිවාට, ජයරතනලාගේ විහිළුත් විහිළු ලෙසම හෝ සමාජගත වීම. ජයරත්නගේ ප්‍රොජෙක්ට් එක කවදා හරි අවසන් වුනාට ට්‍රෙන්ඩ් එක එතනින් නතර වෙන්නේ නැහැ.

    ————————————————————————–
    රාවණා හිටියා හෝ නැති වෙන්න පුළුවන්. ඒත් මේ වෙන කොට පුර්ව ඓතිහාසික යුගයේ ලංකාවේ වසර දහස්‌ ගණනකට පෙරත් සාපේක්ෂව දියුණු ජනාවාස තිබුණු බව පැහැදිලියි. ආසන්නතම සොයා ගැනීම් රංචාමඩම හා හල්දුම්මුල්ල ප්‍රදේශ (මේ කියන්නේ බලන්ගොඩ මානවයා ගැන නෙවෙයි, නියම හෝමෝ සේපියන්ලා ගැන) වලින්. අනුරාධපුර පොළවේ අඩි 20ක් පමණ යටින් හමු වනපුර්ව-ඓතිහාසික නාගරික නටබුන් තවත් උදාහරණයක්.

    ඉතින් ඔළු 10ක් තිබුණු අමනුස්සයෙක් නොසිටියා වුනත්, රාවණා නම ඇති මනුෂ්‍යයෙක් එවකට පාලනය කලා වෙන්නට පුළුවන්. ඒක එහෙමම කියලා කියන්න බෑ තවම. ජයරත්න කියනවා වගේ ඒක එහෙම නෙවෙයි කියලත් කියන්න බැහැනේ…

    මිත්‍යා දෘෂ්ටිකයින්, මානසික රෝගීන් වෙනම සිටියදී රාවණා ගැන ඇත්ත හොයන්නට, කතා කරන්න කැමති පිරිසක් ඉන්නවානම් ඒ අයට, ජයරත්නගේ ව්‍යාපෘතිය නිසා මෙන්ම ඒ නිසා ඇති වෙන ට්‍රෙන්ඩ් එකක් ඇත්නම් එයත් නිශේධනාත්මක සාධකයක් වෙනවා.

    ඉන් සිදු වන්නේ හෙළි නොවුණු සත්‍යයක් වේ නම්, එය යට යාමයි.

    ————————————————————————-
    රාවණා දෙමළ බවත්, ලංකාවේ පැවතුනේ දෙමළ රාජ්‍යයක් බවත් කියාගෙන දෙමළ නිජභූමි සංකල්පය තහවුරු කර ගන්න හදන පිරිසක් ඉන්නවා කියන එක, සමහරු දන්නවා ඇති.

    ඉතින් රාවණා ඇත්තටම සිටියානම්, එය ඉදිරියේදී තහවුරු වුනොත් (මා කියන්නේ රාමායනයෙන් හෝ විජ්ජා වලින් තොරව, කාලය හා දියුණු වන තාක්ෂණයත් සමග), ඒ වන විට අපේ අය රාවණා නොසලකා අමතක කරලා තිබුනොත් (පරම්පරා ගණනකට පසුව), එයින් වාසි ගන්නේ කවුද ? පාඩු ලබන්නේ කවුද ?

    රාවණා හිටියේ නැතිනම්, ඒත් ඔහුගෙන් තොර ඉතිහාසය තිබෙනවා. එය විහිලුවට ලක් කිරීම හෝ විහිළුවක් කොටසක් කර ගැනීම මොන තරම් නිවැරදිද?
    ————————————————————————

    ජයරත්නගේ මුලික ඉලක්කයට මමත් එකඟයි. අනිවාර්යයෙන් ඔහු දක්ෂයෙක්. ඔහුගේ සැබෑ මතවාදය මොකක්ද කියන එක හරියටම පැහැදිලි නැහැ. පුද්ගලිකව මම කැමති ජයරත්න ඉතිහාස භක්ෂකයෙකු නොවී ඔහුගේ වටිනා කාර්යය කරනවානම්. ඒ වෙනුවෙන් ඔහුට ඇති තරම් ප්‍රබන්ධ ගොඩ නගා යොදා ගන්නට පුළුවන්. ඔහු ඇත්තටම ඊට දක්ෂයෙක්. ඔහුගේ ඇතැම් විහිළු වලට මාත් එකතු වුනා. ඒ වුනත් ඉතිහාස භක්ෂණය කරන අවස්ථා වලදී හිතට එකඟව ඔහු ඒ කරන දේ අනුමත කරන්න බැහැ. ප්‍රතිභාපුර්ණ ජයරත්න ඉලක්කයට පමණක් පහර දෙනවා නම් හොඳයි.

    ගොඩක් ලියවුනා.

  11. මී වන පලානේ ජයරත්ත්න කරන ශාස්ත්‍රීය කර්තව්‍ය මේවගේ අගෞරවයට සහ උපහාසයට ලක් කිරීම ඔබේ නොදැනුවත්කම නිසා කරන්නක් නම් අනෙක් මී.ප.ජ. Fans ලා ඔබට සමාව දෙනු ඇත.

  12. ආන්න… දාන්ට එපායැ මේ වගේ අපේ ඉතිහාසය ගැන කියවන්ට ආස හිතෙන ලිපි!

    රාවණා කතා කියවන එක නතර කළා….මොකද කාලය සීමිතයි….වැදගත් ප්‍රයෝජනවත් දේකට කාලය වැය කරන හැම අතින්ම හොඳයි….

  13. මී. ජයා ගැන කියනවනම්…
    ඌ අපෙන් ආතල් ගන්නවා….
    මම උගෙන් ආතල් ගන්නවා…

    ඒ කියවලා විතරයි.. නිකමටවත් ඌ වෙනුවෙන් යුනිකෝඩ් නාස්ති කරන්නේ නෑ මං..
    හැබැයි මම ජයාගේ රචනා ශෛලියට ආසයි..

  14. Buwa, රාජ් සහ Charmi sam සමඟ එකහෙලා එකඟ වෙමි,

    ජය ශ්‍රී මෙතන ජයරත්න උපහාසයට ලක් කරන්නෙ ඉතිහාසය නෙවෙයි. ඉතිහාසය කියල ඉතිහාසඥයො නොවන නැත්නම් අතන මෙතන පොඩ්ඩක් ඉතිහාසය අතපත ගාපු දෙතුන් දෙනෙක් තම හිතළු මත පමණක් පදනම් වෙලා ගොඩ නගන මනෝ ලෝකයකට. ඒක ඉතිහාසය කියල පටලව ගන්න එපා.

    මේ අරිසෙන් අහුබුදු ගැන කාලෙකට ඉස්සෙල්ල පැරකුම් ලියාපු සටහනක්……..

    • විදින්නේ පඳුරට නමුත්, වදින්නේ හාවාට

      • නැහැ ජයශ්‍රී, කොහෙත්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ…දැන් ඔය රාවණ සංකල්පය ගැන කල්පනා කලොත් මිනිස්සු ඉන්න පුලුවන් තුන් කොටසයිනෙ.

        1. රාවණ සංකල්පය දැඩිව විශ්වාස කරන කට්ටිය.

        2. එය ප්‍රලාපයක් ලෙස සලකා බැහැර කරන අය

        3. මේ ගැන ස්ථිර අදහසක් නැති අය.

        දැන් ජයරත්නගෙ ලිපි නිසා මම හිතන්නෙ නැහැ පළමු කොටසට කිසිම බලපෑමක් උනාය කියල. රාවණ සංකල්පය දඩිව අදහන කෙනෙක් මෙහෙම අඥාත බ්ලොග් රචකයෙක් උපහාසාත්මකව ලියූ සටහන් කිහිපයක් නිසා තමන්ගෙ විශ්වාසය බැහැර කරයි කියල ජයශ්‍රී හිතනවද?…කීයටවත් නැහැ.

        එතකොට දෙවෙනි කොටසට අයත් අය ගැන කතා කරන්න අවශ්‍ය නැහැනෙ. තුන් වන කොටසට අයත් අය සමහර විට ඔය ජයරත්න කියන මූලාශ්‍ර එහෙම කියවල ( රාවණ සංකල්පය ගැන පර්යේෂණ කලායැයි සැළකෙන විද්වතුන්ගෙ ලිපි ගැන මම මේ කියන්නෙ ) රාවණ සංකල්පය අදහන්නත් පෙළඹෙන්න පුළුවන් 🙂 🙂

        අතීත කාමය කියන්නෙ නරක දෙයක් නෙවෙයි ජයශ්‍රී,ඒත් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලත් තියනවනෙ,

        බුදු හාමුදුරුවො ඉතා නිවැරදිව කිව්වෙ ඔන්න ඔය ටික තමයි. කාමය නරකයි කියල එතුමා කිව්වෙ නෑ. එතුමා කිව්වෙ කාමයේ වරදවා හැසිරීම නරකයි කියලයි.ඒ වගේම තමයි අතීත කාමයේ වරදවා හැසිරීමත් ඉතාම නරකයි. බුදු හාමුදුරුවො අද උන්න නම් අනිවාර්යයෙන් හයවන ශික්ෂා පදයක් එකතු කරනව මෙන්න මෙහෙම,

        ” අතීත කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි ”

        අතීත කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිමි. 😀

  15. අනිත් කාරණය, මී ජයා මේක කරන්නෙ ඉතා පරෙස්සමින්. වර්ගපූර්ණිකාවෙ සමනල කන්ද පෝස්ටුවට මම දැම්ම කොමෙන්ටුවට ජයාගෙ උත්තරේ මෙන්න,

    //රාජ්July 17, 2012 12:49 PM

    හරියට හරි. නියමෙට පැහැදිලි කරල තියනව. මේ විදියට නිර්මාණය කල නිසා වෙන්න ඇති බුදුහාමුදුරුවො ශ්‍රීපතුල තියන්නත් මෙතනම තෝරාගත්තෙ.
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ආචාර්ය මීවනපළානේ ජයරත්නJuly 17, 2012 8:23 PM

    මෙහි කිසිදු ආගමකට/ධර්මයකට අදාල දෙයක් කතා කිරීමෙන් වැළකී සිටීමට බලාපොරොත්තු නොවන නිසා ඒ ගැන කිසිවක් නොකියමි.//

    ඒ නිසා කලබල වෙන්න අවශ්‍යතාවයක් නෑ.
    ගහනවනං ගහන්න ඕන ජයශ්‍රී නියම තැනට.

  16. ප්‍රතිචාර දැක්වූ සියල්ලන්ට ස්තුතියි. කාර්ය බහුල බව නිසා වෙන වෙනම උත්තර බඳින්න බැරි වීම ගැන කණගාටුයි.

    මුල්වරට ප්‍රතිචාර දැක්වූ අයගේ ප්‍රතිචාර මොඩරේට් වී පැවතුණේ බ්ලොගයට පිවිසීමට පවා වේලාවක් නොලැබූ නිසා.ඒ ගැන සමාවන්න.(ජයශ්‍රී දුර පලාතක රැකියාවේ නියුත්තෙක්නේ, අන්තර්ජාල සම්බන්ධතාව තියා 230 විදුලිය වත් එකදිගට නොමැති)

  17. මටනම් ඉතිහාසය හුඟක් වටින දෙයක්. ජේ. ආර්. වීරයෙක් කර ගත්තු බොහෝ අයට ඉතිහාසය වැඩැක් නැති දෙයක් වීම අරුමයක් නෙමෙයි. අපිට වර්තමානය විතරක් නෙමේ අනාගතය පවා හැඩ ගස්වා ගැනීමට ඉතිහාසය උවමනා බවයි මගෙ හැඟීම. අනික මී. ජයරත්න රාවණාට කරන්නෙ පුදුම අසාධාරණයක්.

  18. ඉන්ද්‍රජිත්

    රවී අන්තිමට කියපු කතාව සහතික ඇත්ත. රාවනා රාජ්‍යය හෝ ඉපැරණි හෙළ තාක්ෂනය ගැන අවධානයක් නැතිව හිටපු කෙනෙක් මේවා කියවලා ඒ දෙසට යොමුවෙන්න පුළුවන් කමකුත් තියෙනවා. එකට ජයශ්‍රී අකමැති වෙන්න විදියක් නැහැ. හොඳම උදාහරණය, මේ ලියන මම කවදාවත් ගොඩවෙලා නොතිබුන වර්ගපූර්නිකාවට අද ගොඩවෙලා බැලුවේ ඔයාගේ පොස්ට් එක හන්ද.

    ජයශ්‍රී මෙහෙම කියනවා. “මෙරට කෙසේ පැවතියේ දැයි තවම පුරාවිද්‍යාත්මක සාක්ශි මත හොදින් තහවුරු වී නැත. එනමුත් ආචාර්ය සූරිය ගුනසේකර බදු ඉතිහාසඥයින් ද, අරිසෙන් අහුබුදු, කුමාරතුංග මුණිදාස බඳු භාෂා ප්‍රේමී ද මේ පිළිබඳ පර්යේෂන කර ඇත. ..”

    මේ කියන මූලාශ්‍ර මමත් කියවලා තියෙනවා. මොනවද තියෙන්නේ? “..මේ අනුව අපට අනුමාන කලහැක්කේ.., රාවන කතා නම් පුස්කොල පොතේ ඇති පරිදි.., සුද්දන් විසින් සාක්ෂි විනාශ කොට ඇතත් ….” ආදී අශාස්ත්‍රීය වගාඩම්බර කතා මිස්සක මිරන්ඩෝලගේ ආචාර්ය කමට ගැලපෙන ශාස්ත්‍රීය සාක්ෂි සහිත විග්‍රහයක් කවදාවත් ඔයා දැකලා තියෙනවද? මට නම් ඇහැගැහිලා නැහැ. මේවා සම කල හැක්කේ, සමහර පුවත්පත් මෝඩ පාඨකයින් අද්දවාගනීමට ගෙඩිපිටින් පලකරන ‘කොණ්ඩදෙනියේ හාස්කම්, විශ්ව ශක්ති වෙදුන්ගේ හාස්කම්,’ වැනි බහුබූත හැටියට මිස අන් ලෙසකට නොවේ. කුමාරතුංගයන් (හා අහුබුදුවන්) භාෂා විෂයේදී ප්‍රාමානිකයකු වුවද, ප්‍රාග් ඉතිහාසය ගැන කතා කරන්නට පටන් ගත් තැනේදී හුදෙක් අප ඔවුන් ‘කියන නිසාම පිලිගන්නවා නම්’ මිස කිසිදු සාක්ෂි එලවීමකින් තොරව අතීතකාමය දෙසන්නන් මිස විදුදරුවන් නම් නොවේ. ඊට සාපේක්ෂව මීවනපලානේ ජයා විශිෂ්ටයි කියා හිතෙනවා, ඔහු තම මතවාදය වෙනුවෙන් ගන්න මහන්සියට.

    අන්ත දේශීයෝත්තම වාදයේ නරක පැත්ත තමයි, මේක උගත් නූගත් වෙනසකින් තොරව මිනිසුන්ට හෙරොයින් වගේ එකක් වීම. තම මුළු ජීවිතයම බටහිරට බනිමින් සිට, අන්තිමේදී ‘සම්‍යක් දෘෂ්ටික දෙවිවරු’ යන වදන් පවා විහිළුවක් කරවා පැන්ෂන් ගිය මහැදුරා පමණක් නොව, න්‍යෂ්ටික භෞතික විද්‍යාවේ නූතන යෙදවුම් සමග රැකියාව කරන මා හඳුනන කෙනෙක් ඉන්නවා අපේ අනුරාධපුරේ චෛත්‍ය සහ ඊජිප්තුවේ පිරමිඩ අභ්‍යවකාශය සමග සම්බන්ධ වන දොරටු කියා පිළිගන්න..!

  19. ජයරත්න කරන විකාරය වර්ග පූර්නිකාව තුලදීම පෙන්වා ඇත. ඊට කත් අදින බත් බැලයන් සිටින තුරු රාවනයන් ඉදිරියට දමා හෙලය කෙලෙසීම ජයා කරගෙන යාවි. සියලුදේ දත් මහාචාර්ය ලෙසට කමෙන්ටු වලට පිලිතුරැ දෙන ජයා විකටයෙක් ලෙස හැසිරෙයි. මෙම හැසිරීම මගින් ද ඔහුට අවශ්‍ය වී ඇත්තේ හෙලය විහිලුවට ලේ කිරීමටයි.
    වර්ගපූර්නිකාව යනුත් සංස්කෘත පදයකි . රාවන කල මොන සංස්කෘත ද? එකල සෙල්ලිපි වලට ප්‍රාකෘත යොදා ගෙන ඇත.
    එකල සිටිය උන්ට වඩා රාවනාට දැනුම තිබූ නිසා ඔහු විශේෂ උනි. තිබුනු දැනුම සැමට බෙදා දුන්නා නම් අදටත් සිංහල ජාතිය මීට වඩා හොද තැනකය.
    ලංකාවේ සිටි පාහර රජවරු හොද සිතුවමක් ඇන්ද සිතුවම් ශිල්පියෙක් සිටියානම් ඔහුගේ ඇස් අද කර ඇත. ඊට හේතුව එවන් සිතුවමක් වෙනත් තැනක බිහිවීම වැලැක් වීමටය.
    සිංහලයේ ඔය කියන වැදගත් රජවරු සියලුම අලුත් දේ නිර්මානය කල උන්ට කලේ ඔය ටිකය.
    ඒවායේ විපාක අද අප විදී.
    හෙලයේ යම් යම් අවස්ථාවල ඉස්මතුවූ සමහර දේවල් ද මේ ජයා ලා වැනි උන් විකෘති කර දමයි.

  20. හොඳ ආරම්භයක් !
    (ආරම්භයද මංදා)

  21. මී ජයා රාවණා ට නෙලන්නේ නැත. ඔහුට ඒ සදහා උවමනාවක්ද නැත. ඔහු නෙලන්නේ රාවණා නම විකුණමින් පට්ට කෙබර ඇද බාන බඩගෝස්තරවාදීන්ටය. තම පැවතම සදහා රාවණා රජු වේශ්‍යාවක් කළ ඊනියා රාවණාවාදින්ටය.

    මේ හේතුවෙන් ගත් කළ, සැබෑ රාවණාවාදීන් සත්‍ය වශයෙන්ම මී ජයාට ණය ගැතිය.

    මේකත් බලන්න.

  22. මී ජයා අදත් පුසෙක් පටලවා කුණුහරුපයක් දමා ඇත. දිනක ඇත්ත ලෙසත් තව දිනක විහිලුවක් බවටත් රාවන ඉතිහාසය පත් කරයි.
    හෙල බ්ලොග් ගල් කරැවන් යයි කියාගත් කාලකන්නි රැලක් ද ඊට එක්වීඇත.
    ඉතිහාසය විකෘති කර කරන විකාරය නින්දිතය. මිට පිලිතුරු සැපයීමට දැන් කාලයයි.

  23. ආඬි වෘෂභවර්ධන

    මී ජයා හෙවත් එම නමින් ලියන රංග විජේවර්ධනයා කවදාවත් විජයගෙන් පෙර ඉතිහාසය පිලිගත්තෙකු නොවේ. ඔහු දිගින් දිගටම කලේත් දැනට කරමින් සිටින්නේත් පෙර විජය ඉතිහාසයට හා එම ඉතිහාසය සොයා යන්නන් සමච්චලයට ලක්කිරීමයි.
    අරියසෙන් අහුබුදු, ජයරත්න පතිර ආරච්චි , රාවන සොයුරන් , මීවනපලානේ හිමියන් ඇතුළු බොහොමයක් මොහුගේ මෝඩ ගැරහීමට ලක්වී ඇත. විජේවර්ධන ඔහුගේ මෙම අන්වර්ථ නාමය යොදාගෙන ඇත්තේද මීවනපලානේ හිමිට හා ජයරත්න පතිර ආරච්චි මහත් වරුන්ට අපහාස වනපරිධිය. අත්තෙන්ම ඔහුගේ පසුබිම සොයාගෙන ගියහොත් ඊට හේතුව පැහැදිලිවේ.
    එනම් ඔහු ආඬි සම්භවයක් ඇත්තෙකි. එවනි සම්භවයක් ඇත්තන් බොහෝවිට කලේ පිරිසිදු සිංහලයින්ට හා ඔවුන්ගේ ඉතිහාසයට අපහාස වනලෙස හැසිරීමයි. ඔබ ඔහුගේ ලිපි හොඳ සිහියෙන් කියෙව්වානම් ඔහුගේ යටි අරමුණ මනාව පැහැදිලිවේ.

    • ඉන්ද්‍රජිත්

      මීවනපලානේ හිමිගේ තියරිය ගැන බෞද්ධ ප්‍රාමාණික විද්වතකුගේ අදහස් දැනගැනීමට කැමතිනම් පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින් රචිත ‘මූලධර්මවාදී බෞද්ධ සංවිධාන හෙවත් සංස්කෘතික ඝාතන කල්ලි’ කෘතිය කියවන්න. සංඥාපනය කියෙව්වත් ප්‍රමාණවත්ය.

      අරීසෙන් අහුබුදු විහිළුවක් වී තිබීමත් අලුත් දෙයක් නොවේ. (මට මතක හැටියට) නවසිය පනස් ගණන්වල ලියවුන කේ . ජයතිලක මහතාගේ ‘පුනරුත්පත්තිය’ කෙටිකතා පොතෙහි එන ‘අහුමුලුව’ නම් කතාව ඔය වර්ගයේ අය ගැන කදිම උත්ප්‍රාසයකි.

      ශුද්ධ ජනවර්ගයක් ගැන ඔබ දරන අදහස් සමාජ විද්‍යාත්මකවත් ජීව විද්‍යාත්මකවත් විහිලු පමණි. ලෝකයේ අමිශ්‍රව පවතිනවායයි කියන එකම ජනකොට්ඨාශය (ළඟාවීමට අසීරු කඳුකර පෙදෙසක ජීවත්වීම නිසා වෙනත් ජනකොටස්වල ජාන සමග මුසු නොවීමෙන්) ප්‍රවේනිගත රෝග රැසකින් දුක්විඳින අතර ලොව විරූපීම ජන වර්ගය ලෙසද නම්දරා ඇත.

    • මම මේ කමෙන්ට් එක අනික් blog වලත් දානව. එතකොට වත් මීජයා කෙප්ප කෙලින එක නවත්වයිද බලමු.

  24. 2012/0811 අද දින වර්ග පූර්ණිකාවේ පල කෙරැණු ලිපිය ගැන යමක් කියමි

    මේ=මේ, එල්=එල්ලෙනව. “මේ එල්ලෙනව”
    පිරිමි බව පෙන්වන්න එල්ලෙන එක ගැන කියනවනම් ඉතාම නොදියුනු අවදියකි.
    වෙනස්ව තිබෙන අවයවය පමනක් පිරිමියකු තුල දැකීමට තරම් නොදියුණු යුගයක සිටි කාලයකි.

    “රව ඉම සපෂ ගර මහ පහ ශශප”
    මෙම වචන වල ඇති විලාශය බැලූ කල පෙනෙන්නේ නොදියුනූ භාශාවක ස්වරූපයකි.
    මෙවන් භාෂාවක් පැවති යුගයක දියුනුව ගැන කුමන කතා ද?

    වර්ග පූර්ණිකා බ්ලොගයේ ඉහත ලිපියක පල කල පූසන් මැතිරීම වැනි කුණුහරප විහිලු නිසා වර්ග පූර්ණිකාවේ අද ලිපියේ ද අන්තර්ගතයේ ඇති කරුණු පවා විස්වාස කල නොහැක.

    සිගිරියේ කුරුටු ගී වැනි දේ ගූ-ගල් වල සටහන් කර තබා ඇත. වෙනත් කිසිවක් ගූ-ගල් වල සටහන් කර නැද්ද?

    ජයා පැහැදිලිවම කියා ඇති දෙයක් නම් [[ගූ=කක්කා=ජී වන නිසා පසුව එය “ජී මේඑල්”]] මෙවැනි පද නිරුක්ති සිංහලයේ කොතැනකින් වත් අසා ඇත් ද? මෙවැනි දේ මගින් හෙල ඉතිහාසය පමනක් නොවේ හෙල බසද විනාෂවේ.

    වර්ග පූර්ණිකා බ්ලොගය විහිලුවක් බව දනිමු. නමුත් එහි ද සීමාවක් තිබිය යුතුය.

    • ඉන්ද්‍රජිත්

      සිහිබුද්ධිය ඇති අයෙක් හෙළ ඉතිහාසය හා සිංහල භාෂාව හැදෑරීමට , උපහාසය පිණිස පවත්වාගෙන යන බ්ලොග් එකක් මූලාශ්‍රය කරගන්නවා යයි ඔබට සිතේද? මෙතන තියෙන ප්‍රශ්නය ඔබ වැනි ජාතිමාමක අවංක පාඨකයින් සමහරෙකුට උපහාසයත් අපහාසයත් අතර වෙනස නොතේරීමයි. මට නම් සිංහලයකු හැටියට වැඩියෙන් කේන්ති යන්නේ අපේ ඉතිහාසය මිරන්ඩෝලා වගේ පිස්සන් කීප දෙනෙකුට කැමති පරිදි හිතළු වලින් පිරවීමට ඉඩදී ඇති පත්තර මහත්හොරුන් ගැනය.

      • හෙහ්, හෙහ්, ඕකෙ වැඩේ මේක නෙව ඉන්ද්‍රජිත්..අපේ මිනිස්සුංගෙ ආවේණික රෝගයක් ඕක…ඇටුවං බැහැල තියෙන්නෙ….ලේසි වෙන්නෙ නෑ හොඳ කරන්ට…මම මේ කියන්නෙ බඩ අල්ලගෙන හිනාවෙලා ලේ පිරිසිදු කරගෙන අමතක කරල දාන්න ඕන විහිළු ෆුල් සීරියස් ගන්නව…එහෙම විතරක් නම් මදැයි එව්ව විහිළු කියල දන්න එව්ව විහිළු කියල සලකල හිනා වෙන මිනිස්සුන්ව මරාගෙන කන්ට යනව…:(

        ඔය රාවණා ගවේෂකයො ඔක්කොම අන්න ඒ වගෙ විහිළු කාරයො…ගවේෂණය කියන වචනෙ හැදුනු හැටි දන්නවද…ගවයන් සොයා යාම…වැඩේ වෙලා තියෙන්නෙ අද ගවේෂණය කියන එක අංජබජල් වෙලා තියෙන්නෙ…ගවයො හම්බුනාද ගවයො හොයන්න යන්නෙ කවුද ඒ කිසිම දෙයක් පැහැදිලි නැහැ…:) 🙂

  25. Anonymous One orig

    තමුන්නැහේගෙ කතාවට මම වර්ගපූර්ණිකාවෙ ගොඩක් ලිව්ව. තමන්ට ජීවිතය ලැබුන හැටිවත් නොදැන ලෝකායන බුද්ධිය පවසන අය බොහෝය. කිසි දෙයක් කීමට පෙර කලයුත්තේ සිංහල යන වදනේ අරුත දැන ගැනීමයි. එය දන්නේ නම් අතීතය නොව අනාගතයෙන්ද අඩක් දනී. මීවනයන් ඔබ සිතනවාට වඩා වෙනස්ය. ඔහු කියන දේ ප්‍රතික්ෂේප නොකර, කාටවත් ගැති නොවී සිතීමට පුරුදු වන්න. ඉංග්‍රීසි චින්තනය තුල රැදී ඉංග්‍රීසි විදියට සිංහල ඉතිහාසය සෙවීම බංකොලොත් බවේ ලකුණකි. කියූ දේ අනුව මෙතන සිටින කිසිවකු ආදි සිහල ඉතිහාසය ගොඩ නගා නැත. බත් කෑ පමණින් ඔබ ගොවියකු හෝ ගොයම් පඳුරක වී ඇට හැදෙන ආශ්චර්යමත් ක්‍රියාවලිය දන්නෙකු නොවේ. සිංහල බස පමණක් දත් නිසා සිංහලයකු යයි සිතීම විගඩමකි.

    අපේ ජීවිතයෙ එක කොටසක් නොකඩවා පවතින අතර සිරුර එක් උපතකින් අනෙකට නොයන කොටසකි. එය දෙමාපියන්ගේ සිරුරු අනුව උපදින පරිසරයට සරිලන ලෙස නැවත නැවත සැකසේ. නොකඩවා පවතින කොටස අවතාරය යයි සිංහලයන් නම් කර ඇත. එය සිතීම පමණක් නොව නොයෙකුත් තොරතුරු රැකෙන ආකරයකි. ඒ තුල තම අතීතයේ රැකුණු දෑ ඇත. සිංහල විදියට ඉතිහාසය දැනීමට සිංහලයකු ලෙස උරුමයක් තිබිය යුතුය. සිංහල රටට සංක්‍රමණය වී සිංහල නම් ගත් අයට උරුමයක් නැත.

    සිංහල යයි ජාතිය බිහිකල අය සැබෑ ඉතිහාසය හෙවත් එතැන් සිට අද තෙක් වූ දෑ හදාරා අවශ්‍ය පියවර ගෙන ජාතිය රකිනු ඇත. පැවතෙන තොරතුරු අනුව ඇත්තේ සුළු කලකි. උරුමයක් තිබී නම් පසු ගිය දසක කිහිපය තුල පසුගිය වසර හැට දහසක ඉතිහාසය පුනරාවරණය වූ බව දත යුතුය. ජාතියට ගිය කල සිතීමට වඩා දෙමාපියන්ට පසු දරුවන්ට යන කල හැදැරීම ඔබ සැමට පහසු බව කිව යුතුය. වැඩි විස්තර සඳහා වර්ගපූර්ණිකාවේදි හමුවන්න. ඔබ කරන වරද ඔබ සිංහල යයි සිතා මුලසුන ගෙන සිංහලයන්ගෙ ඉතිහාසය සෙවීමය. ඔබට එවිට හමුවන්නේ ඔබේ ඉතිහාසය මිස සිංහලයන්ගෙ ඉතිහාසය නොවේ.

    • ස්තුතියි, අවංකවම කියන්න ඔනි මට ඔබ කියන දේ 100%ක්ම තේරුණේ නෑ. මොනව උනත් මම නම් කොතැනක වත් මුලසුන ගත්තේ නෑ.
      ඔබ කිව් පරිදිම හමුවෙමු!

ඔබේ අදහස් දහස් වටී ....................