Monthly Archives: August 2016
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා මහජන යෝජනා ලබාගැනීම – වර්ශ 2016
ගරු සභාපතිතුමනි,
ව්‍යවස්ථා සංශෝධනය සඳහා මගේ යෝජනාව නම්, මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර සමානුපාතික නියෝජන ක්‍රමය දිගට ම පවත්වාගෙන යන ලෙස ඉල්ලීමයි.
ඊට හේතුව නම් පැවති කේවල මැතිවරණ කොට්ඨාශ ක්‍රමය , ප්‍රකාශිත මහජන මතය විකෘති කරන සාවද්‍ය මැතිවරණ ක්‍රමයක් වීමයි. එය වන්නේ කෙසේදැයි පෙන්වීම සඳහා ඉහත සඳහන් වගුව දෙස ඔබතුමා ගේ කාරුණික අවධානය යොමු කරමි. එහි 1947 සිට 2015 දක්වා මෙරට පැවති මහ මැතිවරණ වල අවසාන ප්‍රතිඵල සාරාංශගත කොට දක්වා ඇත. පැහැදිලි බව උදෙසා මෙහිදී ප්‍රධාන පක්ෂ දෙකෙහි ප්‍රතිපල පමණක් දක්වා ඇති අතර එය මාගේ තර්කය ගොඩනැංවීමට භාදාවක් නොවේ. 1947 දී පැවති පළමු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරඟ නොකළ බැවින් මෙහිදී එම මැතිවරණය නොසළකා ඇත. ප්‍රධාන පක්ෂ දෙක වෙනත් පක්ෂ සමඟ සංධානගතව මැතිවරණ වලට ඉදිරිපත් වූ අවස්ථා වලදී ද ප්‍රධාන පක්ෂයේ නම යටතේ ප්‍රතිපලය දක්වා ඇත.
(වගු අංක 1)
මෙම කාලය තුල මෙරට පැවති මහ මැතිවරණ 15 අතරින් පළමු 8 කේවල කොට්ඨාශ ක්‍රමය යටතේ ද අවසාන 7 සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ද පවත්වා ඇත. මේ වගුව තුලින් ඉදිරිපත් වන කරුණු පිලිබඳ පැහැදිලි නිරීක්ෂණයන් පහත පරිදිවේ.
- 9 සිට 15 දක්වා මැතිවරණ වලදී එක් එක් දේශපාලන පක්ෂය ජාතික වශයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය හා ඔවුන් ගේ පාර්ලිමේන්තු නියෝජනය සමානය ; නොගැලපීමක් නැත .
- 2 සිට 8 දක්වා මැතිවරණ වල වලදී එක් එක් පක්ෂය ජාතික වශයෙන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය හා ඔවුන් ගේ පාර්ලිමේන්තු නියෝජනය අසමානය ; කිසිදු ගැලපීමක් නැත .
උදා : 1956 දී 40% ක් ඡන්ද ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 54% ක් වේ : නමුත් 28% ඡන්ද ලැබූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 8% කට සීමාවේ . එමෙන්ම
1977 දී 51% ක් ඡන්ද ලැබූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 83% වේ : නමුත් 30% ඡන්ද ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය 5% කට සීමාවේ .
- අංක 5 යටෙත් ඇති 1960 ජූලි මහ මැතිවරණය දෙස අවධානය යොමු කරන්න. එහි ජයග්‍රහණය හිමිව ඇත්තේ දිවයිනේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් (37% ක්) ලැබූ එක්සත් ජාතික පක්ෂය නොව අඩු ඡන්ද ප්‍රතිශතයක් (33% ක්) පමණක් ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. මෙය මහජන මතය බරපතල ලෙස විකෘති වී උඩු යටිකුරු වී යාමකි.
- අංක 7 යටෙත් ඇති 1970 මහ මැතිවරණය දෙස අවධානය යොමු කරන්න. එහිදී ද ජයග්‍රහණය හිමිව ඇත්තේ දිවයිනේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් (38% ක්) ලැබූ එක්සත් ජාතික පක්ෂය නොව අඩු ඡන්ද ප්‍රතිශතයක් (37% ක්) ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. මෙය ද මහජන මතය බරපතල ලෙස විකෘති වී උඩු යටිකුරු වී යාමකි.
මෙවන් විකෘති සහගත ප්‍රතිපල ලැබීම වැලැක්වීමට නම් සිදු කළ යුත්තේ සියලුම මැතිවරණ (පාර්ලිමේන්තු, පලාත් සභා, පලාත් පාලන ආයතන) වර්තමාන සමානුපාතික නියෝජන ක්‍රමය යටතේම පැවැත්වීමට කටයුතු යෙදීම විනා මැතිවරණ ක්‍රමය සංශෝධනය කර පැරණි කේවල කොට්ඨාශ ක්‍රමය ගෙන ඒම නොවේ.
ඉහත මැතිවරණ ප්‍රතිපල වල ම සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් පහත වගුවේ දක්වා ඇත.