1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි

1977 වසර මෙරට සමාජ ආර්ථික හා දේශපාලනික හැරවුම් ලක්ෂයකි.ලක් රජය මෙතක් කල් අනුගමනය කළ සංවෘත ආර්ථික ක්‍රමය උඩුයටිකුරු කරමින් මෙරට ආර්ථිකයේ දොරගුලු මහා පරිමාණයෙන් ලෝකයට විවරකළ යුගය බිහි කළේ 1977 මහ මැතිවරණයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිණි.එදා සිට අද දක්වාම 1977 මහ මැතිවරණයෙන් එ.ජා.ප ය ලැබූ ජයග්‍රහණය දේශපාලන ක්ෂේත්‍රය තුල කතාබහට ලක්වන්නේ පාර්ලිමේන්තුව තුල හයෙන් පහක බලයක් ලැබූ සුවිශේෂී විජයග්‍රහණයක් ලෙසය.නමුත් ලේඛකයා මෙය දකින්නේ කේවල මැතිවරණ කොට්ඨාශ ක්‍රමය විසින් ජයග්‍රාහකයා ගේ ජයග්‍රහණය අස්වාභාවික ලෙස වැඩි කොට දැක්වූ අවස්ථාවක් ලෙසයි.

පහත වගුවේ දැක්වෙන්නේ 1977 වසරේ මහ මැතිවරණයේ සමස්ථ ප්‍රතිඵලය ජාතික මට්ටමෙනි.මේ මැතිවරණයට දේශපාල පක්ෂ 31ක් ඉදිරපත් වූ නමුත් සමස්ථ ඡන්ද වලින් 0.5% ට වඩා ඡන්ද ලැබූ පක්ෂ 11 පමණක් මෙහි පෙල ගස්වා ඇත.අලියා ලකුණින් එ.ජා.ප ය ද, අත ලකුණින් ශ්‍රී.ල.නි.ප ය ද තරග වැදුන අතර, හිරු ලකුණින් තරගවැදුනේ මේ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වූ ද්‍රවිඩ සංධානයයි.

මේ වගුව අනුව පැහැදිලිව පෙනීයන්නේ හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය සමස්ථ ඡන්ද වලින් හරි අඩක් පසු කොට ඇත්තේ ද යන්තමින් බවයි.එනම් වත්මන් ව්‍යවස්ථා අනුව මෙය ජනාධිපතිවරණයක් නම් දෙවන වර ඡන්ද ගණන් කිරීමෙන් ද ගැලවෙන්නේ යන්තමිනි.නමුත් ගැටලුව නම් මේ ප්‍රතිපලය එවකට පැවති කේවල ඡන්ද කොට්ඨාශ ක්‍රමය මගින් පාර්ලිමේන්තුව තුල හයෙන් පහක විශාල බහුතර බලයක් බවට පෙරැලීමයි.සත්‍ය වශයෙන්ම එජාපයට හිමිවිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුව තුල සරල බහුතරයක් පමණි.

වඩාත් ශෝචනීය කාරනය නම් මේ හයෙන් පහක බලය ඊට පෙර පැවති 1970-77 සමගිපෙරමුණු රජයට එරෙහි විශාල ජනතා අප්‍රසාදයක් ලෙස අර්ථදැක්වීමයි.ජනතාවගෙන් හයෙන් එකක්වත් සංවෘත ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි ප්‍රසාදය නොදක්වන බවක් ඉන් කියැවිණි.නමුත් ඉහත වගුව මේ මතය මුලු මනින්ම නිශ්ප්‍රභා කරයි. 

අනෙක් අතට 30% කට ආසන්න ඡන්ද පදනමක් පෙන්වූ ශ්‍රීලනිපය නොව 7% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පක්ෂය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීම ද ගැටලුවකි.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුල නිර්මාණය කරගත් මේ බහුතර බලය උපයෝගීකරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් මගින් සමානුපාතික නියෝජන ක්‍රමය ස්ථාපිනය කිරිම අප අගය කරමු.එසේ නොවන්නට දිගින් දිගටම මහ මැතිවරණ හරහා විකෘති ජනමතයක් පාර්ලිමේන්තුව තුල නියෝජනය වන්නට ඉඩ තිබිණි.

කේවල ක්‍රමය යටතේ අවසන් වරට පැවති 1977 මහ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කර මේ ලිපිය සම්පාදනය කල ද ඊට පෙර පැවති බොහෝ මැතිවරණ සම්බන්ධයෙක් මේ කතාව මෙසේ ම වන්නට ඉඩ ඇත.(ඒ පිළිඹද ගවේශණය පසුවට තබමු)

විශ්ලේෂණය සදහා අවැසි තොරතුරු උපුටාගත්තේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියෙණි. http://www.slelections.gov.lk/pastElection4.html

මේ සමානුපාතික නියෝජනයට පක්ෂව ඇමුණූ මුතු මාලයක තවත් එක් පබලුවකි.පහත යොමු ඔස්සේ අනෙක් ඒවා කියවන්න.

මනාප ක්‍රමය හා බැදුන මිත්‍යාවන්

සමානුපාතික නියෝජන ක්‍රමය දිගටම අවශ්‍ය ඇයි ?

කේවල කොට්ඨාශ මැතිවරණ ක්‍රමය නැවත ගේන්න එපා!

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 15/04/2012, in මතවාද, මැතිවරණ. Bookmark the permalink. 4 Comments.

  1. ඔබ කොතෙක් තර්ක කලද මේ මජර පාදඩ දේශපාලණ ක්‍රමය නැති කිරීමට නම් සමානුපාතික ක්‍රමය නැති කළ යුතුමය. එසේ නොමැති නම් නැවතත් යටත් විජිත යුගයක් ඇති විය යුතුය..

    • ක්‍රමය වෙනස් කළාට වැඩක් නෑ මිත්‍රයා.සමානුපාතික ක්‍රමය දිගටම තියාගන්න ඕනි හැබැයි ඒත් එක්කම 17 වෙනි සංශෝධනයට අදාල ස්වාධීන කොමිසම් (මැතිවරණ, පොලිස්,රාජ්‍ය සේවා……) ස්ථාපිත කරන්න ඔනි.මැතිවරණ නීතී රීති සාධනීය අන්දමින් නැවත සංශෝධනය කරන්න ඔනි.

  1. Pingback: නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට – ජනතා පරමාධිපත්‍යයට තර්ජනයක් (අනතුරු ඇගවීමකි) « මේඝය

  2. Pingback: 70-77 රජය, ජාතිය ගෙනගියේ ඉදිරියටයි! – It was a straight forward government | මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................