කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරිකන් විරෝධය

අතීත කතාව

සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය.

,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?”

රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය

“අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි මේ හකුරු සරි කරන්නනේ.”

තව තවත් ප්‍රීතියට පත් රජු ගමරාළට තුතු පඬුරු ද දී පිටත් කර හැරියේය.

දිනක් දේශ සංචාරයේ නිරතවන අතර රජතුමා, හකුරු සපයන ගමරාළ ගේ නිවස ඇති ඉසව්වට ද අහම්බෙන් සේන්දු විය. පරිවාර ඇමතියන්ගෙන් ඒ බැව් දැනගත් එතුමා ගමරාළ ගේ නිවෙස සොයා ගෙන ඒ දෙසට පානගන්නට විය.

විස්මයකි!

ගමරාල ඒ මොහොතේ ද සිටියේ පැණි උණුකර හකුරු සාදමින්ය. නමුත් උඩට උඩුවියන්, පයට පාවඩ, සුදු පිරුවට ඒ කිසිත් අහලක නොවීය. ලිප අසල බොහෝ වේලාවක් තැම්බි තැම්බී සිටීම නිසාදෝ ගමරාළ ද ගම මහගේ ද සිටියේ දාඩියෙත් තෙත්වූ දැලි කුණ පෙරාගත් සිරුරිනි.

රජතුමා අසූ හාරදහසට උදහස් විය.

“ඈ  බොල  තෝ මට හකුරු සරිකරනවයි කීවේ මේ විදියටද?”

“පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි !”

ගමරාළ පිලිවදන් දිනි.

වත්මන් කතාව

ඇමරිකාව අපට එරෙහිව (???) ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී යෝජනාවක් සම්මත කරගන්නා බව දැනගත් විමල් ඇමතිතුමා එරටට එරෙහිව වේදිකා පෙරලමින් කෑගසන්නට පටන් ගත්තේය.

“අම්මේ තාත්තේ අපි ඇමරිකන් සන්නාම වර්ජනය කරමු.ගූගල් වලින අයින් වෙමු.මමත් හෙට ඉදන්න අයින් වෙනවා.අමැරිකාවට පාඩමක් උගන්වමු”

ඊයේ පෙරේදා රජය (ජිනීවා වල සම්මත වූ යෝජනාවට අදාලව වියයුතුය) මානව හිමිකම් රැකීමේ ක්‍රම වේදය ගැන ක්‍රියාකාරී සැලැස්මක් හිලරි ක්ලින්ටන් මහත්මියට භාරදුන්නාය.

ඇමරිකාවේ සතුරු රාජ්‍යයක් වන ඉරානයෙන් ඛණිජ තෙල් ආනයනය කරන බැවින් , ඇමරිකාව ශ්‍රී ලංකාවට ද සම්භාදක පනවන්නට සූදානම්ව සිටියේය. නමුත් ඇමරිකාවට කීකරුව ඉරාණයෙන් ඛණිජ තෙල් ආනයන සීමා කිරීමට රජය එකඟ වූ බැවින් සම්භාදක නොපනවන බව ඇමරිකාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

විමල් ඇමතිතුමා මීක් නැත.

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි!

 

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 16/06/2012, in කාලීන. Bookmark the permalink. 13 Comments.

  1. හරියට හරි ජයශ්‍රී! දැන් ඔය සිදුවනදේ තමයි ඇත්ත තත්වය. ඇමරිකාව කියනදේට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් තත්වයක් අපිට නෑ. එක් අතකට ඒක ලැජ්ජාවෙන්න දේකුත් නෙවේ. බොරුවට සිංහපාට් දාන උදවියගෙ වැඩ ගැන කනගාටුයි. ඒ වගේම ඒගොල්ල උඩදාන කට්ටියත්.
    -රාජ්

  2. අපේ දේශපාලකයො එදා ඉඳන් කරේ රෙද්ද පල්ලෙන් බේරෙන පම්පෝරි කතා. ඇමති විමල් ඇමරිකන් සන්නාම වර්ජනය කරන්න කතා කරද්දි ඔය තව කට්ටිය උඩින් පාත් වෙච්චි ගානට ලොකුකම් දෙඩෙව්වෙ. ඉතින් ඒව ඇත්තටම කරන්න පුළුවන්නම් මොන උලව්වකට ද අර විදේශ ඇමති ඇමරිකාවෙ දෙපා මුලට යැව්වෙ පරගැති ලියවිල්ලකුත් දීල. මේ මිනිස්සු එදා ඉඳලම කරේ රටට එකක් කියල ජාත්‍යන්තරයට එකක් කියන එක. තමන් විසින් වපුරපු බොරුවට එයාලම කොයිතරම් වර්‍ශවෙලා හිටියද කිව්වොත් ඔය මහගෙල හිතන් උන්නෙ ලංකාවෙ එවුන් වගේ අනික් රටවල එවුවොත් එයාලගෙ බෝලෙ ගිලල ඉන්නෙ කියල. උන් මේ මෝඩ චූන් බලන් ඉඳල ඉඳල අනිත් පැත්තට උත්තර දෙන්න ගත්ත විතරයි දැන් සරෙන්ඩර්. ඔය විගඩන් නැටිල්ල තියෙද්දි කළ යුත්ත නිසිපරිදි කළානම් ඔය එක රටකටවත් අපේ රටට ඇඟිලි ගහන්න හම්බවෙන්නෙ නෑ. ජිනීවා යෝජනා සම්මත කරන්න හම්බවෙන්නෙ නෑ.
    තෙල් ගැන කියනව නම් මුන්ගෙ පරිපාලන, කලමණාකරන දුර්වලකම්වලට විසඳුම් නැතිව ඉතින් තව්තිසා දිව්‍ය ලෝකෙන් තෙල් ගෙනාවත් වැඩක් නෑ. මෙහේ තෙල් මිල අඩු වෙන්නෙ නෑ. වැඩි වෙනව මිසක්. රටේ මිනිස්සු ජීවත්වෙන්න විඳින දුක තේරෙන්නෙ නැති කාලකණ්ණි.

  3. අහිංසක ම්නිස්සු තමා අන්තිමට එක එකාගේ කීමවල් අහලා මංමුලා වෙන්නේ.

  4. @රාජ්, ඩීඩීටී,නිශාන්, ප්‍රතිචාර වලට ස්තුතියි.ඇත්තටම බොරු සෝබන, පොර ටෝක්ස් නැතිව රාජතාන්ත්‍රිකව ගැටලු වලට සිසඳුම් සෙව්වා නම්, ජනතාවට සැබෑ තත්වය පෙන්නුව නම් කිසි ප්‍රශ්නයක් නෑ නේ.

  5. උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ

  6. කටින් ආණ්ඩුකරන්න හදන අයනේ ඉන්නේ ඒකනිසා තමා රටට මේ හේනේ ….

  7. ඉන්ද්‍රජිත්

    බැලූ බැල්මට හිතෙනවා මුන් මෝඩ කතා කියන්නේ ඇත්තටම මෝඩකමට කියලා. එත් මුන්ට අනික් සමකාලීන දේශපාලන සගයින්ට වඩා රටේ ඉන්න චන්දදායක මෝල්ලුන්ගේ රසිකත්වය ගැන අවබෝධයක් තියෙන නිසා තමයි අරවගේ මෝඩ ගැලරි කතා මාධ්‍ය වලට කියන්නේ. මේ රටේ ලොකු පොඩි භේදයක් නැතිව ඔය වගේ කතා වලට ඉල්ලුමක් තියෙනවා. අද වෙනකොට හැම TV චැනල් එකකම වගේ ප්‍රධාන පුවත් විකාශයේ ලොකු තැනක් වෙන් කරලා තියෙන්නේ එක එක දේශපාලන බූරුවන්ගේ ඔය වර්ගයේ “කියන කතා” වලට. අපි බැන්නට ඒවා නියමෙට වැඩ කරනවා. අපේ එක යාලුවෙකුගේ වැඩිමල් දරු දෙදෙනාටම පහුගිය වතාවේ මුල් වරට චන්දය දීමේ අවස්තාව ලැබුනා. අපි ඇහුවා ‘කාටද චන්දෙ දෙන්න හිතා ඉන්නේ?’ කියලා. දෙන්නම කියාපි “මුතුහෙට්ටිගමට!” කියලා… අපි පුදුම වෙලා හේතුව ඇහුවා. බලපුවාම, TV එකේ යන කතා කැලි අහලා චූන් වෙලා….
    මා මේ සඳහන් කලේ, මට හමුවුන එක නිදසුනක් පමණයි. තම කුළුඳුල් චන්දය මේ වගේ ගොබිලන්ට පුදන්න තව කී දෙනෙක් ඉදිරියේදී තීරණය කරාවිද? අපි මහා ලොකුවට පාරම්බාන සාක්ෂරතාවය කොහෙද තියෙන්නේ? පාලක පක්ෂයෙන් (හෝ විපක්ෂයෙන් වේවා) මොනතරම් ආචාර්ය ප්‍රාචාර්යවරු චන්දෙට ආවත් වැඩිම මනාප ගන්නේ විමල්, රත්තරන්, මුතුහෙට්ටිගම, ඔය වගේ ‘කියනකතා’ ගැන්සියම තමා.ඒ අර්ථයෙන් මේ වගේ ප්‍රකාශ අතිශයින්ම දේශපාලනිකයි…

    • ඇත්තටම ඇයි ‍අපේ මිනිස්සු ජනමාධ්‍ය වලට ඇන්දෙන්නේ?

      • ඉන්ද්‍රජිත්

        මම නම් හිතන්නේ ඔවුන්ට අරටුවක් නැති නිසා…..
        ඉස්සර අපට උගන්වපු ගුරුතුමන් අපට කලයුතු නොකළයුතු දේ ගැන පොතෙන් පිට දැනුමක් ලබා දුන්නා. දෙමවුපියෝ අපට තීරණයක් ගැනීමේදී සැලකිල්ලට ගතයුතු දේවල් ගැන අවබෝධයක් දෙන්න මැදිහත් වුනා. මේ විදියේ හැඩගැස්මක් මටනම් හිතෙන හැටියට දැන් කවුරුවත් කාටවත් ලබාදෙන්නේ නැහැ. (මම මේ කියන්නේ සුවිශේෂය ගැන නොව සාමාන්‍යය ගැන.) ගුරු දෙගුරු දෙගොල්ලම දශක ගණනක් මුළුල්ලේ ‘අති දක්ෂ’ දරුවන් තැනීමට දහදිය මුගුරු දාගෙන කාලය වැය කරත්දී ‘හිතන්න පුළුවන්’ දරුවෝ පරිනාමිකව වඳ වෙලා ගිහින්. අපි දැන් මේ වළඳන්නේ ඒ වැපිරූ අස්වැන්නයි. අවිවේකී දවසක අවසානයේ තමන්ව ‘චූන්’ කරන්න රොමැන්ටික් කතාවක් ලබාදෙන දේශපාලකයා මොවුන්ට වටිනවා දහනායක, කොල්වින්, පොන්නම්බලම් හෝ බණ්ඩාරනායක වගේ රිදී සීනු වලට වඩා. අනෙක් එක, පහුගිය කාලේ අපි විශ්වාසය තැබූ ‘රත්තරන්’ දේශපාලන ප්‍රතිරූප කවුරුත් වගේ ‘පිත්තල’ වෙලා යද්දී අලුත් පරපුරට කොහොමද ඔවුන්ව අලෙවි කරන්නේ..?

  8. kathandarakaraya

    සුදු හකුරු ගේ කියලා වාසගමක් ඉස්සර තිබුණා, දැන් නැතුව ඇති!

ඔබේ අදහස් දහස් වටී ....................