Blog Archives
සිංහල බ්ලොග් සහ සිංහල සිනමාව – Blogs & the Cinema
බ්ලොගයක් හරියට සිනමාශාලාවක් වගේය.සිනමාශාලාවක චිත්‍රපට පෙන්වයි.බ්ලොගයක පෝස්ට් පලකෙරෙයි.සිනමා ශාලාවකට ප්‍රේක්ශකයෝ පැමිණේ.බ්ලොග් කියවන්නට පාඨකයෝ පැමිණේ.ප්‍රේක්ශක ආගමනය හීනවූ විට ශාලාවකින් චිත්‍රපටය ගැලවේ.අලුත් එකකට ඉඩදේ.බ්ලොගයක ද එසේමය.පෝස්ටුවක හිට්ස් අඩුවී යන විට අලුත් පෝසටුවක් දමයි.(එසේ නොවී නොකඩවා ප්‍රේක්ෂකයන් පැමිණෙමින් සිටියදී ද අලුත් පෝස්ට් එක් වන අවස්ථා ඇත,එසේ වන්නේ අවශ්‍යතාවය මතය බ්ලොග්කරු ගේ තීරණය මතය.නමත් චිත්‍රපට ශාලාවලින් චිත්‍රපට ගැලවීම සම්බක්ධව නම් සමහර විට නිශ්පාදක හා ශාලාහිමියා අතර ගැටුම් ද ඇති වනු අප දැක ඇත).ප්‍රේක්ශකයන් ගෙන් තොරව චිත්‍රපට ශාලාවකට පැවැත්මක් නැත.පාඨකයන් නැත්නම් බ්ලොගයකට ද වැඩක් නැත.සමහර ජනප්‍රිය චිත්‍රපට දින සියය ද ඉක්මවා එකම සිනමාශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන අවස්ථා ඇත.නමුත් බ්ලොග් පෝස්ට් එපමණ කලක් රැඳීම අතිශයින් දුලබය.බ්ලොග් වල පාඨකයන්ට ඕනෑ නම් පරණ පෝස්ට් කියැවිය හැක.සිනමා ශාලාවල ද විරල වශයෙන් පැරණි චිත්‍රපට පෙන්වන අතර රූපවාහිනී මාධ්‍යය තුල බහුල ලෙස පැරණි චිත්‍රපට පෙන්වයි.රසිකයන් උදෙසා චිත්‍රපට DVDවලට ද නගා අලෙවි කරයි.කලකට පෙර ප්‍රවීන බ්ලොග්ගරු ටැබූ ගේ පෝස්ට් පාඨකයෙක් විසින් එලෙස CDවලට නගා බෙදාහැරිය බවට මතකයක් ඇත.
සිනමාවේ මෙන්ම බ්ලොග් වල ද වීරයෝ සිටී.දුෂ්ඨයෝ ද සිටිත්.ජෝකර් ලා ද සිටී.පෙම්වතුන් ද සිටින්නට ඕනේය.(පච්ච සිරා ලා කොච්චි ඇලා ලා මෙන්ම අලි වංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ස් ලා ද සිටී).වීරයෝ දුෂටයෝ වී යන අවස්ථා ද නැත්තේ නොවේ.සිනමාශාලාවකට ප්‍රේක්ශකයන් කැඳවාගැනීමට ප්‍රචාරක කටයුතු කළ යුතුය.බ්ලොග් වල ද දුබල වශයෙන් වුව ද ප්‍රචාරක කටයුතු කෙරෙනු අප දැක ඇත.ශාලාවක චිත්‍රපටයක් ප්‍රදර්ශනය වනවිට වෙනත් සිනමා නිර්මාණයක් ගැන දැන්වීම් පලවේ.බ්ලොග් වල ද එසේ කරන අවස්ථා ඇත.
සින්ඩිකේටර් ප්‍රදර්ශක මණ්ඩල වාගේය.බ්ලොග් සින්ඩිකේටර් තුල ලියාපදිංච් කළ යුතු පරිදි චිත්‍රපට ද ප්‍රදර්ශක මණ්ඩල වලට ඇතුලත් විය යුතුය. කලකට පෙර චිත්‍රපටයක ප්‍රදර්ශක මණ්ඩලය චිත්‍රපටයේ ස්වාභාවය අනුව තීරණය වුවද (උදා,සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලය)අද එවැන්නක් දක්නට නොලැබේ.
බ්ලොගයක් බොහෝ විට තනි පුද්ගලයෙකු ගේ උත්සාහයක් වන නමුදු චිත්‍රපටයක් සෑම විටෙක ම සාමුහීක ප්‍රයත්නයක් වන්නේය.බ්ලොගයක රචකයා චිත්‍රපටයක අධක්ෂකට/තිරරචකයාට සමාන කිරීම තරමක් අසීරුය.චිත්‍රපටයක අධ්‍යක්ෂ/තිර රචකයා සිනමාශාලාවේ අයිතිකරු ද වන්නේ නම් ඒදෙක සමාන කළ හැක.බ්ලොගයක සහ පෝස්ටුවක අන්තර්ගතය රචකයාගේ ආකල්ප ද,චිත්‍රපටයක අන්තර්ගතය අධ්‍යක්ෂක/තිර රචක ගේ අදහස් ද නිරූපනය කරයි.
ච්තුපටයක් සාහිත්‍ය,සංගීතය,නර්තනය,රංගනය,සිනමාව(රූපරචනය,වීඩියෝකරණය,සංස්කරණය,…)ආදී කළාඅංග රැසක එකතුවක් වන නමුදු බ්ලොග් හුදු ලේඛණයක් ම පමණකි.නමුත් කාර්ටුන්,ඡායාරූප,වීඩියෝ ආදියෙන් බ්ලොග් කරන්නෝ ඒවායින් ද බ්ලොග් අලංකාර කරන්නෝ ද සිටිති.
චිත්‍රපටයක මුදල් ආයෝජනය කරන නිශ්පාදකයෙක් නම් භූමිකාවක් ද සිටින නමුත් බ්ලොගයක් වෙනුවෙන් තම ධනය වැය කරන්නේ එහි නිර්මාපකයාමය.නිශ්පාදකයා චිත්‍රපටයක් නිපදවීමෙන් ලාභ උපයන නමුදු බ්ලොග් රචකයා නම් බ්ලොගයෙන් මූල්‍යමය ලාභයක් නොලබයි.නමුත් ඔහු එයින් විශාල ආත්මතෘප්තියක් නම් ලබයි.
බ්ලොගයකට එකෙනෙහිම රසික ප්‍රතිචාර ලබාදිය හැකි අතර ඒවා ද සමහරවිට පාඨක ප්‍රතිචාර පොස්ටුවක ඌණ පූර්ණයක් ලෙස ක්‍රියා කරනු අප දැක ඇත.අත්පොලසන් හෝ විසිල් මගින් චිත්‍රපට වලට ක්ෂණික ප්‍රතිචාර ලැබෙන මුත් චිත්‍රපට විචාරයක් පුවත්පතක හෝ වෙනයම් මාධ්‍යයක පලවීමට යම් කාලයක් ගතවේ.ප්‍රේක්ශකයන් හෝ විචාරකයන් අතින් චිත්‍රපට ද, පාඨකයන් අතින් බ්ලොග්කරුවන් ද නිර්ධය ලෙස විවේචනයට හා විචාරයට බදුන් වනු අපි දැක ඇත්තෙමු.මතවාදයන් සමාජගත කිරීමට මාධ්‍යයක් ලෙස මේ දෙකම භාවිතාවන අතර,සංවාදශීලීත්වය අතින් බ්ලොග් වඩා ඉදිරියෙන් සිටී.
චිත්‍රපට අගයකිරීම සඳහා සිනමා සම්මා උළෙල පවත්වනු ලබන අතර බිලොග් අගැයීම සදහා ද එලෙසම බ්ලොග් සම්මාන උළෙල පවත්වනු ලැබේ.සිනමා නිර්මාණ ජාත්‍යන්තර වශයෙන් ද සම්මාන උලෙල වලදී අගැයුමට පාත්‍රවනමුත් සිංහල බ්ලොග් එසේ සම්මාන ලැබීමක් නම් දැක නැත්තෙමු.
චිත්‍රපට වාරණය කිරීමේ යාන්ත්‍රනයක් පවතින නමුත් බ්ලොග්ස් නම් තාමත් හොද නිදහසක් බුක්තිවිදියි.(නමුත් බ්ලොග් තුල පාඨක අදහස් වලට යම් යම් වැට කඩොලු බැද ඇත.-ලේඛකයා එහි වරදක් නොදකියි).නමුත් ටැබූ,බියෝන් ද ෆ්‍රේම්,ඇටමැස්සා බඳු බ්ලොග් නිර්මාපකයින් බ්ලොග් අවකාශය තුල දක්නට නොමැති වීමෙන් පෙනී යන්නේ මෙහි ද යම් වාරණයක් තිබෙන බව ද?