Category Archives: සමාජීය
පස්චාත් යුධ මෙහෙයුමක් අවශ්‍යව ඇත
මීට වසර දෙකකට පෙර LTTE සංවිධානය යුධමය වශයෙන් මුලුමනින්ම පරාජය කර එහි නායකයා ද මෙලොවින් තුරන් කරදමා අපේ රටට සාමය උදාකරදීමට වීරෝධාර ත්‍රවිධ හමුදාව සමගින් රටේ දේශපාලන නායකත්වයට හැකිවූ බව සත්‍යයකි.නමුත් එය අප රට මුහුණ පා සිටි දැවැන්ත අර්බුදය මුලුමනින්ම නිමා කිරීමක් නොවෙන බව ලේඛකයාගේ හැගීමයි. වෙසෙසින්ම එක රටක් තුල වෙනස් භාෂා කතාකරන, වෙනස් ආගම් අදහන, වෙනස් සංස්කෘතීන්ට අයත් ජාතීන් ජීවත් වන විට ගැටුම් ඇතිවීම ස්වාභාවයයි. අපරටේ ද ඇතිවූ එවන් අනවබෝදයක් (විවධ හේතූන් නිසා) ආයුධ සන්නද්ධ අරගලයක් බවට පත්වූ අතර, මීට වසර දෙකකට පෙර සිදුවූයේ ජාති-ආගම් භේදයකින් තොරව මුලු රටම පෙලූ එම මිලේච්ච අරගලය නිමා වීමය.ජාතියක් වශයෙන් දැන් අප හමුවේ ඇත්තේ පෙරකී බදු ගැටුම් යලි ඇති නොවන ආකාරයට කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ අදාල විවිධ විශය ක්ෂේත්‍ර තුල සිදුකරගැනීමේ අභියෝගයයි.
අත්අඩංගුවට පත් LTTE සාමාජිකයින් පුනරුත්තාපයනය කොට සාමාජගත කිරීම මෙහි මූලික පියවරක් වියයුතුය.එමෙන්ම අවතැන් ජනතාව තම මුල් පදිංචි ස්ථාන වලම නැවත පදිංචි කිරීම ද ඉක්මනින් කළ යුතුය.නමුත් මේ ප්‍රදේශ තුල පවතින බිම් බෝම්බ ඒ සදහා භාදාවක් ව පවතින බව අපි දනිමු.මේ සමිබන්ධව රජය විවේචනය කරන පාර්ශව බිම් බෝම්බ පිලිබදව ද අවධානය යොමු කළ යුතු බවඅපගේ හැගීමයි.එබදු අනාරක්ෂිත ස්ථාන වල ජනයා පදිංචිකිරීම සිදු කළ නොහැකි බැවින් ඒ කාර්යයන් නිමවන තුරු රජයට කාළය දීමට අප ඉවසිලිවන්ත වියයුතුය.අනෙක් අතට පුනරුත්තාපනය වී සමාජගතවන ජනතාව සහ නැවත පදිංචිවන ජනතාව පිලිබදව පුවත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කීරීමට රජය වගබලා ගතයුතුය.වෙසෙසින්ම ජාත්‍යන්තර ප්‍රජාව අප රටට අත පෙවීමට දඩමීමා කරගන්නේ මෙවන් කාරනා බැවින් අප ප්‍රවේසම් විය යුතුය. එ.ජා.සංවිධාවය දරුස්මාන් කමිටු වාර්තාව හරහා අප වෙත එල්ල කරන චෝදනා අතර මෙය ද වන බැවින් ව මේ පිලිබද වාර්තා අප දිනපතා ප්‍රචාරය කිරීම පමණක් නොව පුනරුත්තාපන ක්‍රියාවලිය සදහා නිරීක්ෂණ මටිටමින් හෝ එවන් සංවිධාන නියෝජිතයන සහභාගී කරගැනීමට වගබලාගත යුතුය.(අඩුතරමින් නිරීක්ෂක මට්ටමින් වත්)
මෙහි තවත් මූලික කාර්යයක් විය යුද්ධ කාලය තුල අතුරුන් වූවන් සම්බන්ධව ක්‍රියා කිරීමයි.ලේඛකයාට මෙම ලිපිය සදහා නිමිත්ත සැපයුවේ අපි ශ්‍රීලාංකිකයෝ නම් සංවිධානයක් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක ඡායාරූපයකි.කුඩා දෙමළ දැරියක් අතුරුදන් වූ තම පියා සොයා දෙන ලෙස මහින්ද මාමා (ගරු ජනපතිතුමා) ගෙන් ඉල්ලමින් පොස්ටරයක් ඔසවාගෙව සිටියාය.සමහර වට ඇයගේ පියා රජයට එරෙහි සටනේ දී මිය යන්නට ඇත.යම් අවාසනාවන්ත හේතුවකට හෝ නැතිනම් කොටි සංවිධානයේ බල කිරීම නිසා හෝ සමහර විට ස්ව කැමැත්තෙන්ම හෝ ඔහු රාජ්‍ය විරෝධියෙකු වූවා වන්නට පිලිවන.නමුත් ඒ සියල්ල දැන් අවසන්ය.රටට ද්‍රෝහියෙකු වූවාට ඇයට ඔහු ඇගේ ආදරණීය පියාමය.අපගේ ප්‍රයයන් ගෙන් වෙන් වීමේදී අප සැමට දැනෙන වේදනාව ඇයට ද දැනේ.ඇයට පමණක් නොව තම ඥාතීන් සොයා දෙන්නැයි ඉල්ලන තවත් දහස් ගණනක ජනතාවට එම වේදනාව දැනෙනවා ඇත.එනිසා පස්චාත් යුධ මෙහෙයුමේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුතේ මෙම ජනතාවට සහන සැලසීමයි.අතුරුදන් ජනතාව අත්අඩංගුවේ සිටීනම් ඔවුන් හමුවීමට ඥාතීන් ට අවස්ථාව ලබාදීම ද මිය ගොස් ඇති අය පිලිබද ව සොයා බලා ඔවුන් වෙනුවෙන් මරණ සහතික ලබාදී වන්දි මුදලක් පිරිනැමී ද කළ යුතුව ඇත.නැති නම් තවත් කලකට පසු රජයට විරුද්ධව අවි අතට ගන්නේ මේකුඩා දරුවන් වියහැක.
එසේම ඉතාම වැදගත් කාර්යය වන්නේ මෙවන් ගැටුම් යලි ඇති නොවීම සදහා තැබිය යුතු පියවරයන් තැබීමය.ඒ දේශපාලන හා සමාජීය යන දෙයාකාරයටමය.සමහරවිට ඒ 13 වන ආණ්ඩු ක්‍රම සංශෝධනය හරහා දේශපාලන බලය විමධ්‍යගත කීරීම විය හැක.නමුත් මෙවැනි යෝජනා කඩිමුඩියේ ජනතාව මත පැටවීම (පුද්ගලික අංශ විශ්‍රාම වැටුප මෙන්) නොව සමාජය තුල කතිකාවක් නිර්මාණය කොට අති විශාල බහුතරයක ජනතාවකගේ කැමැත්ත මතම පමණක් ක්‍රියාත්මක කළ යුතුය.(උදාහරණ ලෙස පලාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල දීමට ලේඛකයා ද විරුද්ධය).
එසේම දෙමළ සිංහල ජනතාව තුල එකිනෙකා කෙරෙහි ඇති සැක, බිය වැනි හැගීම් ඉවත් කිරීම සදහා ද සමාජීය වශයෙන් ක්‍රියා කළයුතුව ඇත.සන්නිවේදන භාදකය ජාතීන් අතර සමගියට ප්‍රභල අභියෝගයක් ව පවතින බැවින් එය බිද හෙලීම සදහා අප සැම කැපවීමෙන් ක්‍රියා කළ යුතුව ඇත.මේ සදහා සිංහල ජනයාට දෙමළ බස ද දෙමළ ජනයාට සිංහල බස ද ඉගෙන ගැනීමට සැලැස්විය යුතුව ඇත.මෙ ඇරඹිය යුතු වන්නේ පාසල් වලිනි. අප රටේ ජාතික භාෂා 3 වන සිංහල, දෙමළ හා ඉංග්‍රීසී සෑම පාසල් සිසුවෙකුටම ඉගෙනීම අනිවාර්ය කළ යුතුය.
මෙවන් පස්චාත් යුධ මෙහෙයුමක් මගින් රටතුල ස්තීරසාර සාමයක් ස්ථාපනය නොකළහොත් ඉන් වාසි ලබන්නේ සැමවිටම කුඩා රටවල අභ්‍යන්තර ගැටුම් වලට ආක්‍රමණකාරී ලෙස මැදිහත්වන බලවත් රටවල් බව අප අමතක නොකළ යුතුය.හබන් කුකුලන්ට රජ මගුල් කෑමට අප ඉඩ ලබාදිය යුතුනැත.
මොහාන් සමරනායක මහතා වෙත ලිපියක්
පළමුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් වීම පිලිබදව ඔබතුමාට හදවතින් ම සුභ පතමු.
ඇත්තෙන්ම මෙවන් ලිපියක් ඔබතුමා වෙත ලිවීමට අප පෙළබවූ කාරණය ද එයමය.ඔබ ලංකාවේ බහුතර ප්‍රේක්ශක පිරිසකගේ දෑස් සහ දෙසවන වෙත ලගාවිය හැකි ප්‍රභල ජනමාධ්‍යයක නියමුවා වීම ඇත්තවශයෙන්ම ප්‍රේක්ශකයන් වන අප ලැබූ භාග්‍යයක් ලෙස සලකමු.ජනමාධ්‍යය තුලින් ම අප හදුනාගෙන ඇති පරිදි ඔබ අර්ථීක විද්‍යාව මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ද ප්‍රාමාණික බුද්ධිමතෙකි.මධ්‍යස්ථ විචාරකයෙකි.රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයන් හි අත් දැකීම් බහුල වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මාධ්‍ය වේදියෙකි.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ඒකකය භාරව කටයුතු කළ ජාත්‍යන්ර වශයෙන් ද නිපුන මාධ්‍යයවේදියෙකු වන ඔබතුමාට රූපවාහිනී සභාපතිවරයා ලෙස ක්‍රියා කළ යුතු ආකාරය ගැන කියා දීමට අපි කිසිසේත් ම තරම් නොවෙමු.
නමුත් හුදීජන ප්‍රේක්ශකයන් ලෙස ජාතික රූපවාහිනියෙන් බලාපොරොත්තුවන්නේ කුමක් දැයි සටහන් කිරීම වරදක් නොවේයයි හගින බැවින් මෙවන් ලිපියක් ලියමු.
ජනමාධ්‍යයක වැදගත්ම ලක්ෂණය වියයුත්තේ මධ්‍යස්ථ බව එසේත් නැත්නම් සමබරබව යයි සිතමු.අපගේ ජාතික රූපවාහියේ නැත්තේ ද එයයි.කිසිදු රටක රජයට හෝ පුද්ගලික අංශයට අයත් කිසිදු ජනමාධ්‍යයක් 100% ක් අපක්ෂපාතීව මධ්‍යස්ථව කටයුතු නොකරන බව සැබෑය.නමුත් ජනතාවගේ බදු මුදලින් නඩත්තුවන රජයට අයත් ජනමාධ්‍යයක් වත් යම් දුරකට හෝ අපක්ෂපාතීව තම මාධ්‍යය හැසිර විය යුතු නොවේද? රූපවාහිනිය රජයේ (හෝ පාලක පක්ෂයේ) ප්‍රවෘත්ති වලට, ක්‍රියාකාරකම් වලට ප්‍රමුඛතාව දුන්නට කමක් නැත්.නමුත් විපක්ෂයේ අනෙක් පක්ෂවලට ද සාධාරණ ඉඩක් වෙන් කිරීමට වග බලා නොගෙන මාධ්‍යය කටයුතු කිරීම නිසා සිදුවන්නේ ප්‍රේක්ෂකයා මාධ්‍ය තුලින් ඈත් වීම ම පමණකි.අනෙක් අතට පාලුගෙයි වලං බිදින්නාක් මෙන් පිලිතුරු දීමට අවස්ථාව අවුරා විපක්ෂය විවේචනය කිරීම සාධාරණ නොවන අතරම ප්‍රේක්ෂකයා තුල පිලිකුල මෙන්ම අප්‍රසාදය දනවන බව සිහිතබාගතයුතුය.රූපවාහිනිය තුලදීම විදෙස් විත්ති විචාරයේ දී ඔබතුමා දැක්වූ මධ්‍යස්ථ භාවය සමස්ථ රූපවාහිනිය තුලට ද ගෙන ඒමට හැකිවේ වා යයි අපි බලා පොරොත්තු වෙමු.
ජපානයෙන් තිළිණයක් ලෙස මෙරටට ලැබුණ රූපවාහිනිය අධ්‍යාපන වැඩසටහන් වලට වැඩිපුර නැබුරු වන ලෙස මුල් කාළයේ ක්‍රියා කළ බව අපට මතකය.නමුත් අද වන විට පුද්ගලික නාලිකා එම කාර්යයට අතගසා ඇත්තේ ජාතික රූපවාහිනිය තමාගේ එම ජාතික යුතුකම පැහර හරින නිසා දැයි අපට සැකයක් මතුව තිබේ.(පුද්ගලික මාධ්‍ය අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වරදක් ඇතැයි මින් කිසිසේත් ම අදහස් නොකෙරේ).විධීමත් මෙන්ම නොවිධීමත් අධ්‍යාපනික වැඩසටහන් හරහා සිසු ප්‍රජාව ඇමතීම ජාතික රූපවාහිනියේ පරම යුතුකමකි.අතීතයේ වාර්තාමය වැඩසටහන් (Documentary programs) හරහා පොදුජන බුද්ධීයේ නිම් වළලු පුලුල් කළ රූපවාහිනිය වත්මනේහි ද ඒසදහා උත්සුක වියයුතුමය.
අතීතයේ අප දුටු “ගණු දෙණූ” වැනි රසවත් හරවත් අධ්‍යාපනික වැඩසටහන්, තොටවත්තයන්ගේ “සිප්යුරු රසාර” වැනි වැඩසටහන් අද කෝ?පාසල් නිවාඩු සමයේ විකාශය වූ අධ්‍යාපන විකාශයට වූයේ කුමක්ද?
විශේෂයෙන් ළමා ආකල්ප වර්ධනයට රූපවාහිනියට කළහැකි කාර්යය විශාලය.උදාහරණයක් ලෙස ලේඛකයා ළමාවියේ රූපවාහිනියෙන් දුටු “මොනවද මුත්තේ මොකද කරන්නේ? ” වැනි ගීත අද දින ප්‍රචාරය වනු දක්කනට නොලැබෙන්නේ මන්ද යන්න විශාල ගැටලුවකි.
අතීතයේ මෙන්ම අද ද ජාතික රූපවාහිනිය දක්ෂ නිර්මාණ ශීල්පීන්ගේ තෝතැන්නක් බවට පත්විය යුතුයයි හගිමු.විදෙස් නාලිකාවල හෝ පුද්ගලික නාලිකා වල විකාශය වූ වැඩසටහන් එලෙසම අනුකරණය කොට ඉදිරිපත් කිරීමක් නොව නැවුම් නිර්මාණ ජාතික රූපවාහිනිය තුලින් බිහි වේයයි අපි බලාපොරොත්තු වෙමු.ප්‍රේමකීර්ති ද අල්විස්, ටයිටස් තොටවත්තයන්, ලූෂන් බුලත්සිංහල, සෝමවීර සේනානායක, නලීන් කරුණාරත්න, රොස්මන්ඩ් සේනාරත්න, ජයන්ත චන්ද්‍රසිරි, (තවත් බොහෝයි) වැනි කළාකරුවන්ට ද ඔවුන් ගේ නිර්මාණ වලට ද අවකාශය රූපවාහිනිය තුල ලැබිය යුතුය.අනෙකුත් නාලිකා වලට පරදමාදර්ශ සපයන මුල් ගුරු බවට පත්වියයුතු වන්නේ ද ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාධ්‍යයයේ ප්‍රමිතීන් බිහිකළ යුත්තේ ද ජාතික රූපවාහිනිය බව අපගේ විස්වාශයයි.
රටේ අතිමහත් බහුතර ප්‍රේක්ෂකයන්ගේ අහිංසක පැතුම මෙය බව අපගේ හැගීමයි.මෙම උත්තරීතර කාර්යය ඔබතුමාට සිදුකළ හැකි බවට අපට හොද විශ්වාසයක් ඇත.එය යථාර්තයක් කිරීමට ඔබතුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා!