Category Archives: කෙටිම සටහන්

නව අවුරුදු සුභපැතුම් – New year wishes !

2013 - sinhala NY2

අවිවේකය බ්ලොග් ලිවීමට දිගින් දිගටම භාදා කරයි. කාලීන මාර්තෘකා වලට සිතෙන් කටුගෑ ලිපි කීපයක් ම කල් ඉකුත් වී හමස් පෙට්ටියේ ය. කෙසේ වුවද බ්ලොග් ලිවීම කිසිසේත් ම අත් නොහරිමි. ඉක්මනින් ම අලුත් මාර්තෘකාවකින් මුණගැසෙමු. එතෙක් පිළිගන්න මේ පැතුම් !

2013 නව වසරට සුභපැතුම් – New year wishes

Wishes 2013

මේඝය පිවිසුම් දස දහස පසුකරයි! (උණහපුලුවට උගේ පැටියා මැණිකක් ලු !)

මේඝය තම සංවත්සරයක් සමරන්නේ පළමු වතාවටය. සිංහල බ්ලොග් අවකාශයේ හිට්ස් හෙවත් පිවිසුම් දස දහස පසුකිරීම “මහ ලොකු“ දෙයක් නම් නොවේ. වෙසෙසින්ම කතන්දර (නොබෝදා හිට්ස් මිලියනය ද පසු කළේය ) W3 Lanka (මසකට හිට්ස් විසිදසහ පසුකරයි), බඳු මෙන්ම නම් සදහන් නොකල තව බොහෝ තෝරු මෝරු බඳු බ්ලොග්කරුවන් අතර හාල්මැස්සෙකු බඳු ජයශ්‍රී, තම බලොගය හිට්ස් දසදහස පසුකරයාම “මහමෙරක්“ සේ දැකීම පාඨක ජනයා උපේක්ෂාවෙන් ඉවසනු ඇතැයි උදක් ම බලාපොරොත්තු වෙමි. උණහපුලුවාට උගේ පැටවා මැණිකි. (එක් කරුණක් කිවයුතුය WordPress hit count කරන ක්‍රමය අනුව, ලේඛකයා ගේ පිවිසීම් හෝ අන් පාඨකයන් ද පිටුව නැවත ලෝඩ් කිරීම හිට්ස් ගණනට එකතුවීමක් සිදු නොවේ.)

මේ හිට්ස් (පිවිසීම්) පසුපස ඇත්තේ අන් කිසිවෙක් නොව දයාබර පාඨක ඔබ ම යයි මා අමුතුවෙන් කිවයුතු නැත. ලේඛකයාගේ සිතේ ඉපිද එහිම මියයාමට සිටි අදහස් උදහස් බෙදාහදාගැනීමට පැමිණි (පැමිණෙන) දයාබර පාඨක ඔබට නොවක් තුති. ඉදිරියටත් මේඝය කාලීන (සමහරවිට කාලීන නොවන) මාර්තෘකා පිළිඹද තම අදහස් සයිබර් අවකාශයේ මෙලෙසම පලකරනු ඇත.

එමෙන්ම මේඝයට පාඨකයන් සපයා දීමට ද පාඨකයන් වෙත මේඝය ගෙනයාමට ද දායක වන අඹගහයට, සිංහල බ්ලොග් කියවනය, එකතුව, නිම්නය, අපි අපිට, ලාංකීය සිතුවිලි, බ්ලොග් ප්‍රමෝ බඳු සිංඩිකේටර් වලට ස්තුති කිරීමට ද, හිතමිතුරු බ්ලොග්කරුවන් වන කතන්දර, බුවා, මාතලන්, චාර්මි, ජෝතිශලංකා, ඇටමැස්සා, දයල්බතී, රැඩිකල් අදහස්, රාජ්, හුරුල්ලා, රාමචන්ද්‍ර, මාරයා, ඉස්තෝප්පුව, අභීත, මේඝවර්ණ, අලුත්ම මිතුරා මීජය ඇතුලු බ්ලොග් ලොව මිතුරන් සිහිකිරීමට ද මේ අවස්ථාව කරගමි.(නම් සදහන් කිරීමට අමතක වූ මිතුරන් උදහස් නොවේවා, නම් ලියා ඇති පිලිවෙල මුලුමනින්ම අහඹු පිලිවෙලක් බව ද සලකන්න). මේඝය ෆලෝවර්ලාට ද බොහොමත් ම ස්තුතියි!

ප.ලි

බහුතර බ්ලොග්කරුවන් පරිදි ම ජයශ්‍රී ද රැකියාවක නියැලෙන (එය ද නගරයෙන් බැහැර දුෂ්කර පෙදෙසක – අන්තර්ජාලය ද වෝල්ට් 230 විදුලිය ද  හොදින් නැති) අතර  ලේඛණයේ යෙදෙන බැවින් ද, රැකියාවේ කාර්යබහුලතාව විවේකයට බලපාන බැවින් ද, පසුගිය මසක පමණ කාලයක් නව ලිපියක් පල නොකිරීම ගැන ද, කලින් ලිපියට ලැබුණ ප්‍රතිචාර  පල කිරීමට පමාවීම ගැන ද සමාවන්න.

ෆොන්සේකා නිදහස් – වීම ගැන අදහස්

ලේඛකයා මෙන්ම මුලු රටම කලක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් නොබෝදා සැබෑ විය.ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිපිරිගෙයින් නිදහස් වීමයි.

ඒත් මේ නිදහස ගැන පැනයන් කීපයක් පුහුදුන් මනස තුල ඇති විය.පහත පෙල ගස්වා ඇත්තේ ඒවාය.

1.ෆොන්සේකා මහතා තම සිරකාලය නිමවා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේලු.එනිසා ඔහුට ලක්ෂ 10 ක ඇප නියම විය.එසේ නම් ඇත්තටම (ඇප අනුමත කිරීමට) නිදහස ලැබුවේ විනිසුරුවරයා ද?

2.ඔහු නිදහස් කළේ නිදොස් කොට ද එසේ නොවේද?

3.සුදු කොඩි නඩුව හා තවත් නඩුවකට (සමාවන්න අමතක වීම ගැන) තමා විසින් ඉදිරිපත් කළ අභියාචනා ඔහුගේ නීතිඥයන් විසින් ඉල්ලාඅස්කර ගත්තේය.එසේ නම් අනෙක් නඩු වලට වන්නේ කුමක්ද?

4.ඔහුට හිමි ව තිබූ පසුව අහිමි කළ ජෙනරාල් පදවිය හා විශ්‍රාම වැටුප යලි හිමිවේද නොවේද?

5.එතුමාට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදිය හැකිද?

6.මේවාට පිළිතුරු ජනමාධ්‍ය වල හෝ පල නොවන්නේ ඇයි.

ආලෝකෝ උදපාදී

 

තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් වු තෙමඟුල සමරන මේ වෙසක් පුන් පෝදා,

බුදුන් දෙසූ ආර්ය අශ්ඨාංගික මාර්ගයේ යමින් කෙලෙස් ගනඳුර දුරලා සසර කතරින් එතෙර වීමට

අදිටන් කරගනිමු. 

සේයාරුව උපුටාගත්තේ මූණුපොතෙනි.අයිතිකරු එහිම දක්වා ඇත.

 

අලුත් අවුරුදු සුභපැතුම්

බන්ධුල ගුණවර්ධන මහතා ගේ 2,500යේ කතාවේ ඇත්ත හා නැත්ත

අද දින (අප්‍රේල් පළමු වනදා) ආර්ථික විශේෂඥ බන්ධුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්චාවකින් තම කුප්‍රකට 7,500කින් මසක් ජීවත් විය හැකි යන කතාවේ සත්‍යතාව පැහැදිලි කර තිබිණී.

ඔහු පවසන පරිදි මේ රු පියල් 2,500 න් එක් පුද්ගලයෙකුට කළ හැක්කේ තම මාසික ආහර අවශ්‍යතාව සපුරාගැනීම පමණකි.අප රටේ ජනතාව තම ආදායමින් 40% (හෝ ඒ ආසන්න ප්‍රතිශතයක්) ආහාර සඳහා වැයකරන නිසා ඒ ඇසුරින් මේ අගය ඔහු ලබාගත් බවක් දක්වා තිබිණි.කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් ලබාගත්තා යයි කියන මේ 40% හේ කතාව කෙතෙක් දුරට සත්‍ය දැයි මම නොදනිමි.නමුත් මෙය සත්‍යය නම් පුද්ගලයෙකුට තම සියලු අවශ්‍යතා සපුරාගැනීමට නම් (රු 2,500/40% )  රු6,250 ක් ද, තිදෙනෙකු ගෙන් යුතු පවුලක් සඳහා රු6,250X3 = රු 18,750 ක් දඅවශ්‍ය බව පැහැදිලිය.එනම් සිව් දෙනෙකු ගෙන් යුතු පවුලකට රු25,000 කි.අද අප රටේ ගෘහ මූලිකයා පමණක් ආර්ථික කටයුත්තක යෙදෙන බව සලකා, බොහෝ පුද්ගලයන් ගේ මාසික චෙතනය ද මේ පරාසයේ හෝ ඊටත් පහල නිසා බොහෝ විට බන්ධුල ඇමතිතුමා ගේ කතාව බොරුවක් ම නොවේ යයි මට සිතේ.

ප.ලි – ඉහත සූත්‍රය අනුව පවුලක සාමාජිකයන් ගණන වැඩිවන විට වියදම ද සීග්‍රයෙන් ඉහල යන බව පෙනේ.උදාහරණ ලෙස සාමාජිකයින් ගණන 6ක් නම් මාසික වියදම 37,500 වේ.රු 37,500 ක වැටුපක් ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද?

2012 නව වසරට සුභ පැතුම් !

හද තුල තෙරපි හැම යහපත් සිතුම්                     පැතුම්

ඉටුවන දිනක් නම් එදිනේ  සැවොම                   දිනුම්

එවන් දවස් පමණක් ඇති වසර                         නැවුම්

වේවා ඔබට යන්නයි මා පතන                          පැතුම්

 

——————මේ නව අවුරුදු සුභ පැතුම් ජයශ්‍රී ගෙන්——————

වරදට දඬුවම!

දෙන්නෙමි ගිනස් පොතෙහි නුබෙ නම                            ලියවා

කියමින් අපේ මැතිඳා රට                                        රැවටෙව්වා

වරදට පසුව ඉහලම දඬුවම                                           ලැබුවා

උපදෙස් කමක් දී ඉහලක                                       වැජබෙව්වා

වෙසක් පැතුම

තිලෝගුරු සම්මාසම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් වූ තෙමගුල සිහිකරණ මේ වෙසක් සමයේදී, උන්වහන්සේ දෙසූ මග යමින් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී මෝහාන්ධකාරය දුරු කොට සසර කතරින් එතෙරවීමට අදිටන් කරගනිමු.

“සබ්බපාපස්ස අකරනං – කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන සාසනං”

“පවින් වැලකීමද, කුසලයෙහි යෙදීම ද, ඉදුරන් දමනය කරගැනීම ද බුදුන්වහණ්සේ ගේ අනුශාසනාව වේ”

ජනපති මහින්ද සය වන තැන

කොටි ත්‍රස්තවාදීන් සමග කළ 26 වසරක යුද්ධය ජයග්‍රාහීව නිමා කරමින් (ඊට අවැසි අභීත දේශපාලන නායකත්වය ලබාදී) ලක්වැසි ජනතාවට දෙවන වරටත් නිදහස උදාකරදී (එනිසාම) එක්සත් ජනපදයේ, යුරෝපීය සංගමයේ, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අස්ථාන යුධ අපරාධ චෝදනා වලට ලක්ව, එම අභයෝග වලට ද රුසියාව,චීනය, සහ ඉන්දියාවේ සහය ද ඇතිව සාර්ථකව මුහුණ දෙමින් 2011 වසරේ ලොවට වැඩිම බලපෑමක් කළ හැකි පුද්ගලයන් අතර 6 වැනියා ලෙස (මෙම සටහන තබන මොහොතේ) සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අපගේ උණුසුම් සුභ පැතුම් !

වැඩි විස්තර මෙතැනින් 

මේ නව වසරෙ සැමටම කිරි ඉතිරේවා !

සතුටු සිනා මල් දස අත සුපිපේවා

දුක් සෝ සුසුම් නොපෙනෙන දුර පාවේවා

සිත රැදි යහ පැතුම් දින දින ඉටුවේවා

මේ නව වසරෙ සැමටම කිරි ඉතිරේවා


 


– මේ නව අවුරුදු සුභ පැතුම් ජයශ්‍රී ගෙන්