උදාවන්නේ ගෙම්බන් ගේ යුගය ද? – Frog’s era, is it ?

 

Forecast 2015 GE

2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණය මහ මැතිවරණයක් වූයේ නම් එහි ප්‍රතිපලය ඉහත ආකාරවේ. අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ප්‍රතිපල ද මෙසේ හෝ මීට ආසන්න එකක් වීමට හොදටම ඉඩ ඇත. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙකට ම බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල හිමි නොවීමට ඇති ඉඩ කඩ වැඩිය. රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවක් ගැන නිතර පවසන්නේ මේ ගැන ඔහු ද හොදින් දන්නා නිසාය. මේ ප්‍රතිපලය තුලින් ආණ්ඩුවක් පිහිටුවීමට නම් බහුතරයට ඇති මදිපාඩුව කෙසේ හෝ පිරිමසා ගත යුතුය. එයට ඇති හොඳ ම විකල්පය ප්‍රධාන විපක්ෂයෙන් මංත්‍රී වරු කීපදෙනෙක් බිලිබාගැනීමය. ජාතික ආණුඩුවක් සෑදීමට දායක වූවා යන උදාන වාක්‍යය කියමින් ගෙම්බන් රැලක් කැබිනට් ඇමති/ කැබිනට් නොවන ඇමති/ ව්‍යාපෘති ඇමති/ රාජ්‍යය ඇමති/නියෝජ්‍ය ඇමති නැතහොත් පසුගිය පාර්ලිමේනුත්වේ මෙන් ජ්‍යේෂ්ඨ ඇමති ධූර ලබා ආණ්ඩු පක්ෂයේ වාඩි වනු ඇත. (මැතිවරණ ප්‍රතිපලය කුමක් වුව ද අනිවාර්යයෙන්ම අනෙක් පක්ෂය ද මෙයම කිරීමට යත්න දරනු ඇත.)
යහ පාලනයක් උදෙසා කළ යුතුව තිබුණේ, 20 වන සංශෝධනය හරහා කේවල කොට්ඨාස ක්‍රමය නැවත ගෙනවිත් තම නියෝජිතයන් තෝරා ගැනීමට ඇති නිදහස සීමා කිරීම නොව පත්වන මංත්‍රීවරුනට තම ඡන්දදායකයන් පාවාදී පැති මාරු කිරීමට ඇති ඉඩ නැතිකිරීමය. පක්ෂ මාරු කරන්නේ නම් මංත්‍රීධූරය අහිමි වන අන්දමට නව නීති සම්පාදනය කිරීමය. මුදල් කුට්ටි වෙනුවෙන් ආත්මය පාවාදී  හා ඡන්දදායකයන් වෙන්දේසි කිරීමේ නිර්ලජ්ජිත සම්ප්‍රදාය අවසන් කිරීමය.
අගෝස්තු 18 වනදායින් පසුව මෙරට ඡන්ද දායකයන්ට සර්කස් ද බලිටි ද හිටි පිනුම් ද බඩ පිනුම් ද දක්නට නොලැබේ යයි ඉත සිතින් ම ප්‍රාර්ථන‍ා කරමු. තමන් නියෝජනය කරන මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමට තරම් ශක්තිමත් කෂේරුවක් ඇති නියෝජිතයන් පාර්ලිමේනුතුවට තෝරා යැවීමට ඡන්නදායකයන්ට ශක්කිය ධෛර්ය ලැබේවා!

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 31/07/2015, in කාලීන, මැතිවරණ. Bookmark the permalink. 3 Comments.

  1. ඔබේ මැතිවරණ විග්‍රහයේ වැරදි 1) ත්රිමලයේ EPDP ආසන ලබාගත නොහෙක 2) එක එක දිස්ත්‍රික් වල මන්ත්‍රී ගණන වරදිය් .( යාපනය 7 , වන්නි 6 , අනුරපුර 9 , කුරුනෙගල 15 ) 3) TNA එහි උපරිමය වූ 2004 දීත් ලබාගත්තේ ආසන 21 කි . ජාතික ලැයිස්තුවෙන් ආසන 4 ගැනීමට නම ඔවුන්ට 10% කට වැඩ චන්ද ලැබිය යුතුය් . මෙය දෝෂ සහිතය් .

  1. Pingback: උදාවන්නේ ගෙම්බන් ගේ යුගය ද? – Frog’s era, is it ? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: