ගව ඝාතනයට එරෙහිව ප්‍රචන්ඩත්වය – Violence against the cattle saughter

ගව ඝාතනයට එරෙහි තවත් විගඩමක් පසු ගියදා කොටුව දුම්රියපල ඉදිරියේදී රඟ දක්වනු ලැබිණි.මහ මඟ අවහිර කරමින් දෙනෝදාහක් ජනතාව පෙලමින්,ආවේගශීලීව ප්‍රතිවාදීන්ට ගුටිබැට දමින් මේ චීවරධාරීන් කරනා රඟපෑම මෙරටට ද උතුම් වූ බුද්ධශාසනයට ද කරන්නාවූ හානිය සුලු පටු නොවේ.

ඔවුන් නියෝජනය කරන (එසේ යයි කියන)නිර්මල බුදු දහම යථාර්තවාදී,අවිහිංසාවාදී දර්ශනයකි.එය සත්ව ඝාතනය මුලු මනින් ම ප්‍රතික්ෂේප කරයි.ඒ ගැන විවාදයක් නැත.නමුත් “අපට ප්‍රයෝජනවත් සතුන් ඝාතනය නොකරන්න“,“අපට ප්‍රයෝජනයක් නැති සතුන් නම් ඝාතනය කළාට කම් නැත“ ආදී ආත්මාර්ථකාමී මිත්‍යා අදහස් ඒ තුල නැත.

කර්මය හෙවත් ක්‍රියාව පිලිබඳ බුදුන්වහන්සේ දීර්ඝ ලෙස දේශනා කොට ඇත.ඒ සෑම විටෙකම දක්වා ඇත්තේ තමා කරනා වූ ක්‍රියාවක ප්‍රතිපලය තමා ම බුක්ති විදිනා බවයි.යහපත් ක්‍රියා වල යහපත් ප්‍රතිපල ද අයහපත් ක්‍රියාවල අයහපත් ප්‍රතිපල ද ඇති බව උන්වහන්සේ මනාකොට දේශනා කලසේක.එසේ වුව ද කිසිදු විටෙක උන්වහන්සේ වැරදි කරන්නවුන් ඒවායින් මුදවීම සඳහා බලහත්කාරය,බිය වැද්දීම භාවිතා කළේ නැත.නොමඟ ගියවුන් සුමඟට ගැනීමට උන්වහන්සේ භාවිතා කළේ අවිහිංසාවයි.මුසාව සත්‍යයෙන්ද,වෛරය මෛත්‍රීයෙන් ද,මැඬලනවා මිසක ඇසට-ඇස,දතට-දත න්‍යායක් බුදුදහමේ කොතැනක හෝ නොඉගැන්වේ.අන්‍යයන් සෙවීම නොව වැදගත් වන්නේ තමන් ව සෙවීම බව බදුහිමයන් එදා භද්දවල්ලිය කුමාර වරුන් ට දේශනා කල සේක.ලෝකය ඇත්තේ බඹයක් පමණ වූ ශරීරය තුල බවත් බුදු දහමේ ඉගැන්වේ. 

වෛරය ඇග පුරා දවටාගෙන පාරට බැස ඇති ඒ චීවරධාරීන් ඉල්ලා සිටිනනේ කුමක්ද?සමහර විට ඒ ගව ඝාතනය ශ්‍රී ලංකාව තුල මුලුමනින් ම නවතා දමන ලෙස නීති පැනවීම විය හැක.මෙවැන්නක් කළ හොත් ගවඝාතනය සම්පූර්ණයෙන් නතරවනු ඇතැයි ඔවුන් කල්පනා කරනවා විය හැක.

මෙය මුලුමනින් ම මිත්‍යාවක් බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඔනෑම අයෙකුට ඉතා ම පැහැදිලිය.නීතියෙන් තහනම් අපරාධ ඕනෑ තරම් මේ රටේ දිනපතා සිදුවේ.ඒවායේ චූදිතයන් දිනපතා නීතිය හමුවට පැමිණවේ.දඬුවම් ලබයි.ඒත් ඒ වරද වල් කිසිවක් හෝ කවදාවත් මුලුමනින් ම නතර වී නැත.නතර වන්නේ ද නැත.

ගව ඝාතනය වැලැක්වීමේ අරමුණක් ඇත් නම් කළ යුතු වන්නේ ගව මස් කෑමෙන් සහ මස් පිණිස ගවයන් විකිණීමෙන් වැලකීමය.

රට තුල මස් පිණිස ගවයන් ඝාතනය වීමට වඩා භයානක අනතුරු ගණනාවකට අද වින විට මෙරට මිනිස් ප්‍රජාව මුහුණ දී සිටී.ඒ සම්බන්ධව වියයුතු සක්‍රීය මැදිහත්වීමක් දක්වනවා වෙනුවට මේ භික්ෂූන් වහන්සේ කරනුයේ සමාජයේ අවධානය නොවැදගත් දෙයකට යොමු කර සමාජය අගතියට යන වේගය තවත් වැඩි කිරීම නොවන්නේද?

මේ චීවරධාරීන් ගමන් කරන්නේ ලොව්තුරා බුදුහිමයන් දෙසූ මාරගයෙහි නොවේ.සුරියුත් මුගලන් ආදී ආර්ය මහා සංඝ රත්නයට නිගා දෙමින් ඔවුන් මේ ගමන් ගන්නේ බුදුහිමියන් දෙසූ මාර්ගයට ප්‍රතිවිරුද්ධමාරගයේය.ගව ඝාතනයට විරුද්ධව යයි කියමින් පාරට බැස ඇති මේ චීවරධාරීන් කරනුයේ උත්තරීතර බුදු දහම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම පමණකි.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 20/02/2014, in කාලීන, මතවාද. Bookmark the permalink. 6 Comments.

  1. kathandarakaraya

    ගව ඝාතනය මහ පාපෙකි ලොව තිබෙන
    එම කාරණය ඇසු සැන අප තෙත් තෙමිණ
    යුද භීෂණය මැද හොර රහසෙම කෙරුණ
    ජන ඝාතනය දැන ඉමු මුවඟින් නොබැණ

    පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
    පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
    සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
    මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම

    ගුවන් විදුලියේ හැම දිනයකම බණ
    නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
    මෙවන් පිනට බර දේසෙක හතර කොන
    රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ

    ගතේ දැවටුනද බණ පද නිරන්තර
    අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
    සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
    මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

  2. උඹ ඔය කියන දේ.. මේ පඩ ෂෝ බුද්ධාගම් කාරයන්ට තේරෙන්නේ නැති එකයි කරුමේ.. බුදු හාමුදුරුවෝ ආයේ වැඩියත්, උන්නාන්සෙට පිස්සු කියලා කියන තරම් බෞද්ධයෝ දැන් ඉන්නේ..

  3. මුෂ්තාපා ලෙබ්බෙ

    වෙන මුකක් වත් නෙමෙ අයියා.. මුන්ට ඉරිෂියාව… අපිලා හරක් මෂ් කනවා.. අයියලා වගේ අය ඉන්නකන් අපි බය නෑ. අපිලා ලංකාවම අල්ලලා අල්ලාට දෙනවා.. එදාට අයියලාටත් පුලුවං අපිලා එක්ක අරක් මෂ් කන්ඩ එල කිරි වගේ… දැං බලන්ඩ අපි ගෑනු 7ක් ගන්නවා.. ෂිංහල මිනියා ගන්නෙ එකයි.. ඕකටත් ලගදිම ඔය ඉරිෂියා කාරයාලා ටික ගේම අදිනවා.. අයියලා අපිලට ෂපෝට් නිෂා බය වෙන්ඩ දෙයක් නෑ.. අපිලා නැගෙනහිර පුරාවෂ්තු ටිකට කෙලලා ‍ඔය පැත්තටත් එන්නං.. අයියා අනිවා ෂපෝට් කරන්ඩ හොදේ.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: