“වාත වැඩේ” හෙලිවෙයි ! – it was revealed

වාත වැඩේ කුමක් ද යන්න රාජ් විසින් සාර්ථකව හෙලිදරව් කරනු ලැබුවා.මේ ඒ සියලු තුන් තේරවිලි වල විසඳුම්.

1.නොයෙක් පලතුරු = නොයෙක් නම් නන්, පලතුරු නම් පල

නන්පල ~ පන්නල

(කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කයේද මෙනමින් ගමක් ඇත)

2.දණ්ඩේ යන්න = දණ්ඩේ නම් පොල්ලෙ, යන්න නම් පල,

පොල්ලෙපල ~ පල්ලෙපොල

(මාලලේ දිස්ත්‍රික්කයේ  පිහිටි ගමකි)

3.පුෂ්ප පැතිරුණු රෙද්ද = පුෂ්ප නම් මල, පැතිරුණු නම් පතල, රෙද්ද නම් සලුව

මලපතලසලුව ~ සලපතලමලුව

(පැතලි ගල් අතුරා සකස් කරන ලද මලුව යන්නයි)

4.වාත වැඩේ = වාත නම් සුලං, වැඩේ නම් කාරිය,

සුලංකාරිය ~ කලංසූරිය

(ප්‍රවීන නලු අමරසිරි කලංසූරිය එහෙම දන්නවා නේ?)

5.කැලේ දිහාව = කැලේ නම් වල, දිහාව නම් පැත්ත, 

වලපැත්ත ~ පැලවත්ත

(අගනුවරට නුදුරු පැලවත්ත රාජ්‍ය ආයතන විශාල ගණනක් පිහිටි නගරයක්)

6.සුලං රඹ පුෂ්පය = සුලං නම් වා, රඹ නම් කෙහෙල්, පුෂ්පය නම් මල

වාකෙහෙල්මල ~ මාකෙහෙල්වල

(කඩුගන්නාවට නුදුරු ගමකි – පුද්ගල නාමයක් ද වෙයි)

7.ගව භාගය = ගව නම් ගොං, භාගය නම් අඩ

ගොංඅඩ ~ අංගොඩ

(කොළඹ ට නුදුරු අංගොඩ ප්‍රසිද්ධ වන්නේ මානසික රෝහල නිසයි)

8.ඔහු පුෂ්ප ඇස = ඔහු නම් ඌ, පුෂ්ප නම් මල්, ඇස නම් නයන

ඌමල් නයන ~ නාමල් උයන

(දඹුල්ල ආසන්නයේ පිහිටි නාමල් උයන දැන් රක්ෂිතයක්,ලොක උරුමයක්)

9.මලු හයිය ඇඳ = මලු නම් උර, හයිය නම් සවි, ඇඳ නම් සයන

උරසවිසයන ~ සරසවි උයන

(දුම්රියපොල පෙම්වතුන් ගෙ සරසවි උයන කියනවා නේ)

තවත් නැවුම් අත්දැකීමක් සමගින් හමුවෙමු!

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 06/12/2013, in තේරවිලි. Bookmark the permalink. 3 Comments.

  1. යන්තං එකක් හරි! 🙂

  2. ඉතාම වටිනා නිර්මාණයක්. ඉහලින්ම අගය කරනවා. අපි කුඩා කාලයේ විනෝදයට පාසලේදී කල මේ තුන් තේරවිලි නිසා භාෂා දැනුමත් දියුණු වුනා සාමාන්‍ය දැනුමත් දියුණු වුනා. නොකඩවාම මෙවැනි වටිනා හරවත් දේ ඉදිරිපත් කරනමෙන් කාරුණිකව ඉල්ලනවා.

  3. @රාජ්,සුභපැතුම් යාලුවා.
    @විචාරක,බොහොමත් ම ස්තුතියි මහත්මයා.මෙහි ‘තේරවිලි” කියන වර්ගීකරනය යටතේ තවත් තියෙනවා.වෙලාව ඇත් නම් බලන්න.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: