වෙස්සන්තර ජාතකය, බෝසතුනට කළ අපහාසයක් නොවන්නේද? – It is an insult !
බුදුරජාණන්වහන්සේ ගේ පූර්ව උප්පත්තීන්න් හීදී බෝසතුන් මතු බුදු බව පතා දස පාරමිතාවන් පිරූ අයුරු පිලිබඳ ලියැවී ඇති සාහිත්‍යය කෘතී ජාතකකථා නම් වෙයි.පන්සිය පනස් ජාතකකතා පොතේ ජාතකකථා අතර බොහොමයක් අද සමාජයට මනාව ගැලපෙන පාඨකයාට ජීවිතාවබෝධය ලද හැකි සර්වකාලීන වටිනාකමකින් යුතු නිර්මාණයන් බවට කිසිදු විවාදයක් නැත.නමුත් මේ කෘතියේ කථා අතර අවසාන කොටසේ දක්වා ඇති වෙස්සන්තර ජාතකය නම් බෝධිසත්වයන් ගේ ශ්‍රී නාමයට කැලැල් වන පරිදි කිසිවෙකු හෝ ගොතන ලද්දක් හෝ අධික ශ්‍රද්ධාව නිසා නොමග ගොස් කළ ප්‍රබන්ධයක් බවට සැකයක් මාතුල ඇත.(වෙස්සන්තර ජාතකය,ගම්පොළ යුගයේ ලියැවුණ පන්සිය පනස් ජාතකකථා පොතට පසුකාලීනව එක්කරන ලද්දක් බවට මතයක් ඇතත් මූලාශ්‍ර සොයාගත නොහැකි විය)
දස පාරමිතාවන්ගෙන් මුල් ම පාරමිතාව වන දාන පාරමිතාව ඉස්මතු වන ලෙස ගොතා ඇති මේ කතාන්දරයේ මුල් කොටසේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජතුමා තම රජකම දන්දීම හෝ ,තමා සතු මඟුල් ඇතු හෝ අනෙක් වස්තු සම්භාරය දන්දීම උසස් දානපාරමිතා පිරීමක් බවට ගැටලුවක් නැත.(අවිචාරවත් ලෙස දුගීන්ට දන් දීමෙන් අලසයන් බෝවනවා මිසක දුප්පත්කම නැති නොවන බව සත්‍යයකි.නමුත් දානය පිරිනමන පුද්ගලයා ගේ චේතනාවේ පාරිශුද්ධත්වය සලකා අපි මොහොතකට එය අමතක කරමු).නමුත් ලේඛකයා ගේ ගැටලුව නම් වෙස්සන්තර රජු තම ආදරණීය දරු දෙදෙනා (ජාලිය හා ක්‍රිශ්ණජිනා)මහලු ජූජකයාට දන්දීමෙන් පිරීමට බලාපොරොත්තු වන පාරමිතාව කුමක්ද?යන්නයි.
වයසට නොගැලපෙන විවාහයක් කරගෙන සිටින ජූජකයා මේ දරුවන් රැගෙන යන්නේ මෙහෙකාරකමට බව මුලින් ම පැහැදිලිය.“පුත්ථා වත්ථු මනුස්සානං -දරුවන් මිනිසුන්ට වස්තූන් වේ“යනුවෙන් බුදුදහමේ ඉගැන්වේ.වෙස්සන්තර රජු තමාගේ ඒ වටිනා සම්පත ජූජකයාට දන් දෙන්නේ ජූජකයාට දරු සම්පත් ලබාදීම උදෙසා නොවේ.ඔහු දරුවන් රැගෙන යන්නේ හදේ උපන් දාරක ස්නේහයක් මුල්කොට ගෙන දරුවන් ලෙස හදාවඩා ගැනීමට නොවේ,මෙහෙකාරකමටය.මේ දරු දෙදෙනාට උපතින් ම උරුමව තිබූ රාජ සම්පත් අහිමි කොට ඔවුන් දුෂ්කර වනගත දිවියකට යොමුකිරීම ද වෙස්සන්තර රජු ඒ දරුවන්ට කළ අසාධාරණයක් බව මාගේ හැඟීමයි.නමුත් එය ද ඉවසා සිටිය හැක්කේ රජමාළිගයෙන් පිටමං වී නමුදු තවදුරටත් ඒ දරු දෙදෙනා මාපිය රැකවරණයේ ම සිටින බැවිණි.දරුවනට දෙමාපිය රැකවරණය රාජසම්පත් වලට වඩා වටින්නේය.නමුත් ඒ අසරණයන්ට එය ද අහිමි කොට මහලු බමුණෙකුට සහ ඔහුගේ යොවුන් බිරිඳට අත්පා මෙහෙ කිරීම උදෙසා (ඒ බැව් දැන දැනම)යැවීම කිසිලෙසකට හෝ බෝධිසත්ව චරිතයක් විසින් සිදු කරනු ලබන්නක් යයි කිව හැකිද?මගේ මතය නම් එය එසේ සිදුවිය නොහැකි බවයි.
වෙස්සන්තර රජු මෙය කළේ මතු බුදු බව පතා යයි කෙනෙකු මෙහිදී තර්කයක් නගනු ඇත.නමුත් තමාගේ ම දරුවන් විපතට පත් කර තමන්ට විමුක්තිය ලබාගත හැකි යයි බෝධිසත්වන් වහන්සේ සිතීයයි කීම කිසිසේත් ම පිලිගත නොහැක්කි.තම දෑස් ඉදිරිපිටම දෑත් වලින් ලේ ගලද්දී ජූජකයා දරුවන් වැල්පටවලින් බැඳ ගෙන යන බව වෙස්සන්තර ජාතකකථාවේ දක්කවා තිබේ.මෙය පැහැදිලි ලෙසම බෝධිසත්වයනට කල අපහාසයක් බව කිවයුතුය.
අසවලා ගෙන් ඇසුවා කියා හෝ අසවල් පොතේ තිබුණා කියා හෝ පරම්පරාවෙන් ඇසුවා කියා හෝ යමක් පිලි නොගන්නා ලෙස ද,තම තර්කඥානයට ගැලපේ නම් ම පමණක් යමක් පිලිගන්නා ලෙස ද බුදුන්වහණ්සේ දේශනා කොට ඇත(කාලාම සූත්‍රය?).මට නම් වැටහෙන්නේ වෙස්සන්තර ජාතකය බෝධිසත්ව චරිතයට දැන හෝ නොදැන එල්ල කළ මඩ පැල්ලමක් බවයි.
Posted on 20/10/2013, in මතවාද. Bookmark the permalink. 15 Comments.
+1
My wife was asking me the same question recently… We used to learn those without questioning in school days but this is not what it should be…
Exactly Dilly.Thanks for the comment.
මම බෞද්ධ සාහිත්‍යයේ එන කතා පිලිබඳ ලොකු දැණුමක් නැහැ. මට සමහර වෙලාවට හිතෙනවා සාහිත්‍යමය රසය උලුප්පන්න ගිහිල්ලා බෞද්ධ දර්ශණය විහිළුවකට ලක් කරලාද කියලා.
I’m not sure if 550-Jataka is included in the original buddhist canon(where tripitaka+atuwa is in) or whether it is just literature..? Can anybody please figure this for me..?
/ දස පාරමිතාවන්ගෙන් දාන පාරමිතාව ඉස්මතු වන ලෙස ගොතා ඇති මේ කතාන්දරයේ මුල් කොටසේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජතුමා තම රජකම දන්දීම හෝ ,තමා සතු මඟුල් ඇතු හෝ අනෙක් වස්තු සම්භාරය දන්දීම උසස් දානපාරමිතා පිරීමක් බවට ගැටලුවක් නැත /
කොහොමද ජයශ්‍රී ගැටළුවක් නැත්ති වෙන්නෙ? ඔය දන් දුන්නු වස්තුව වෙස්සන්තර රජ්ජුරුවො දාඩිය මහන්සියෙන් හම්බ කරපුව නෙවෙයිනෙ. කාලාන්තරයක් තිස්සෙ රාජ භාණ්ඩාගාරයෙ රැස්වෙලා තිබ්බ වස්තුව. වැඩිපුරම අයබදු වලින්. එතකොට ඒ වස්තුවට රටේ හැමෝටම සමාන අයිතියක් තියනව.මොකද හැමෝගෙන්ම මොන ක්‍රමයකින් හරි බදු අයවෙන නිසා. එතකොට ඒ වස්තුව අතක් පයක් හොල්ලන්නෙ නැතුව ඉන්න කම්මැලියන්ට හිතූ මනාපෙ බෙදල දුන්නම හරිද?
ඒ වගේම රාජ භාණ්ඩාගාරයෙ වස්තුවෙන් තමයි යුද භටයින්ට යුද්ධයක් වෙලාවෙදි වටුප් ගෙවන්නෙ. වැව් අමුණු වගෙ පොදු වැඩ වලට වියදම් කරන්නෙ…ඒ වස්තුව තමන්ගෙ හිතූමනාපෙට බෙදල දෙනව කියන්නෙ අන්තිම අඥාණ වැඩක්.අනිවාර්යයෙන් ගම්පොල යුගයෙ ක්‍රියාත්මක වෙලා තියනව බෝධිසත්වයන්ට සාපරාධී අපහාසාත්මක කතන්දර ගෙතීමේ ඇන්.ජී.ඕ. කුමන්ත්‍රණයක්…
ඔය ජාතක කතා බහුතරයක් ඔය වගෙ එව්ව තමයි. අහිංසක ගැමියන්ගෙ ශ්‍රද්ධාව අකනිටා බ්‍රහ්ම ලෝකෙ දක්වා ඉහළ නංවලා උපාසකයින්ගෙ සාදුකාර නාදය සහ උපාසිකාවන් ඉකි ගසා වැළපෙනු දකිනු බලාපොරොත්තුවෙන් ගොතපුව.ඔව්ව ඒ හැටි ගනං ගන්ට එපා..අහල ඇතිනෙ අර මුස්ලිම් මුදලාලි කියපු කතාව..
” යේක මත්‍රි බිසව්ට තුක තමයි. යේ නිෂා යෙයා අඬනව..ඒක පෝම ෂරි..ඒත් මේ ****** මොක්කට අඬනවද? අනේ යප්පා..යේක මට තේරෙන්නෙ නෑ. “
හ්ම්ම්.. මටත් තිබුනු ප්‍රශ්නයක් ඕක. දරුවන්ගේ ජීවිතයට හානියක් වෙන බව දැන දැනම එලෙස දන් දීම නම් මෝධ්සත්ව චරිතයකට ගැලපෙන් නෑ. අනික පසුව සක්‍ර දෙවියන් ඇවිත් තමා දරුවන්ගේ ජීවිතේ බේරන්නේ එහෙම නොවුනා නම් ඔවුන් මිය යන්නත් තිබුනා. අනික රටේ හිටපු මගුල් ඇතා හෙම දන් දීම එවකට රටේ ආරක්ශාවට ලොකු බලපෑමක්, රටේ සියලු දෙනාගේම ජීව්ත අනතුරට දැමීමක්. ඔතන තියෙන ලොකුම ගැටලුව, සිරසගබෝ කතාවේදී බෝධ්හිසත්වයෝ තපස අත් හැරලා තමන්ගේ හිස දන් දෙනවා රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ශා කරන්න. නමුත් මෙතන්දී රටේ මිනිස්සුන්ගේ ජීවිත වල ආරක්ශාව අත් හරිනවා තපස් රැකීම උදෙසා. ලොකු පරස්පරයක්. මෙතන වැරදි තැන් තියෙන්න පලුවන් ගොඩ දේවල් මතක නෑ…
සියල්ලන්ටම ම ස්තුතියි!
@අරූ,ඒක තමයි වෙලා තියෙන්නේ, පැහැදිලිවම
@LNKN,I’m also waiting till somebody respond to you.we will see.
@රවි,ඔව් ඔබ කියන දේත් ඇත්ත.රජකම ලැබුණ පලියට මාළිගය සතු දේ දාඩිය මහන්සියෙන් හම්බකළා වාගේ දන්දෙන එක හරියි කියන්න බෑ.
ඔය බණ කතාව කිව්වේ මුස්ලිම් හාමුදුරු කෙනෙක් නේද?මාතලන් බ්ලොගයේ තිබ්බ මතකයි.
@සමීර,ඇත්තටම වෙස්සන්තර නෙවෙයි සිරිසඟබෝ චරිතය තුලින් තමයි සැබෑ බෝධිසත්ව ගුණ පෙන්වන්නේ.
ඒ පාර ඔහේත් පටන් ගත්තාද බුද්ධාගමට අපහාස කරන්න?
දරුවන් දන් දීම ළමා අපයොජනයක් නම්, ගෑණිව දීම් පිම්පිකමක් නොවේද?
බෝසත් වෙස්සන්තරකාරයා පිම්පියෙක් ද? කියා හැකිනම් ඊළඟ ලිපිය ලියන්න.
“දන්දීමේදී සියල්ල සිතින් අතහැර දිය යුතුයි“ ඒක මෙකෙන් පෙන්නුවා. වෙනත් පාරමිතාවන් ගැන වෙන වෙනම තියනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා කියන්නෙ ඒකනේ. ඒත් එක් එක භවයේදී පතාගෙන පැමිණි අයුරින් සිදුවන දෙයක් වලක්වන්න හෝ බැහැනෙ.
ජයග්‍රී හිගන්නෙක්ට රුපියල් 5ක් දුන්නොත් ඔයා ගිහින් හොයලා බලනවද ඒ මිනිහා එකතු වුන සල්ලි වලින් බොනවාද, පවුලට, දරුවන්ට ගෙනිහින් දෙනවාද කියලා?
ගඟෙන් ගොඩ වෙන්න ගිය හාමුදුරු දෙනමට උන දේ තමයි මෙතනත් වෙලා තියෙන්නෙ. ගැහැණිය ඔසවාගෙන ගඟෙන් එතෙර කල හාමුදුරුවන් ගැහැණිය ගගේ එගොඩට කර පංසලට වැඩියා. එත් පංසලට වැඩියත් එසේ නොකල හාමුදුරුවෝ ඒ ගැහැණිය කරපින්නාගෙන පංසලටම වැඩලා. ජයශ්‍රීටත් යමක් වැරදිලා ද මෙතන?
සමහර අය (උඩ කුණුහරුප ලියා ඇති අසික්කිත/ නොහික්මුනු පුද්ගලයන් මෙන්) ප්‍රසිද්දිය තකා කරන ප්‍රකාශ වලට උත්තර බදින්න යන්න එපා. ඒක ඔයාටම කරගන්නා අවැඩක්,
ජාතක කතා මොකටද… බුදු වෙන්න ගියෙත් තමන්ගේ තරුණ බිරිඳ, බිළිඳු දරුවා දාලනේ… මට තර්ක කරන්න පුළුවන්, කොච්චර රජ සැප තිබ්බත් වැඩක් තියනවද කියලා ළමයෙකුට තාත්තගේ සෙනෙහස නැතුව.
ජයශ්‍රී පටලවාගෙන මට හිතෙන්නේ… මේ කතා කරන්නේ බුදු වරයෙක් ගැන නෙමෙයිනේ… බුදු වෙන්න පෙරුම්පුරන කෙනෙක් ගැන. එයා කරපු හැම වැඩක්ම නිවැරදි දේවල් වෙන්න අවශ්‍ය නැහැ. එක ආත්මෙක හොරෙක් වෙලා ඉඳලා තවත් පන්සීයක් එක්ක දූපතකට පිටුවහල් කලා කියලත් තියෙන්නේ….
ජයශ්‍රී මේ වගේ අවුල් මටත් කල්පනා වෙලා තියනව. ඒ වගේම නිශ්චිත උත්තරයක් හොයාගන්න බැරි ප්‍රශ්න මේ.
වෙලාවකට මෙහෙම හිතන්න පුළුවන්, ඒ කාලෙ සිදුවීම් දෙස අපි බලන්න ඕන ඒ කාලෙ තිබුන සමාජ පරිසරයත් එක්ක. අද කාලෙ “ළමයා” කියන්නෙ කාටවත් දන් දෙන්න පුළුවන් කෙනෙක් නෙවේ. ස්වාධීන කෙනෙක්. නමුත් ඒ කාලෙ (මේක නං මෑතක් වෙනකල් තිබුන) එහෙම නෙවේ. උඩින් රවී මතුකරල තියන ප්‍රශ්නය ගැන උනත් කියන්න තියෙන්නෙ එහෙමයි, රජාට ඕනම දෙයක් කරන්න පුළුවන් කාලයක් වෙච්ච ඒ කාලෙ භාණ්ඩාගාරයෙන් දන්දීම දකින්න ඕනත් ඒ විදියට.
මේව මේ විදියට දකින්න ඉස්සෙල්ලම ජාතක කතා වල සුජාත භාවය තහවුරු කරගන්නත් වෙනව. මේක මහා වියවුලක්.
ඔතන වෙලා තියෙන දෙය තේරුම් ගන්න අපි ඔය පොත ලියවිලා තියෙන පසුබිම තේරුම් ගන්න් ඕන.පන්සිය පනස් ජාතක පොත කියන්නේ සාහිත්‍ය පොතක්.බෞද්ධ ඉගැන්වීම් පොතක් නෙවෙයි.ඒක ලියවිලා තියෙන්නේ බමුණු මතවාද මුල් කරගෙන.බමුණු මතවාදවල තමයි අන්තවාදී විදිහට වෘත රැකීමක් ගැන තියෙන්නේ.මෙතන පාරමිතාව වෘතයක් විදිහට රැකීමක් තමයි තියෙන්නේ.
මම නං සෑර් එච්චර ඔව්වා ගැන දැන උගත් පොරක් නෙවෙයි.
මං අහලා තියෙන විදියට ඔහොම දන් දෙන්ඩ, ඒ කියන්නෙ අතාරින්න පුලුහං සම්පූර්ණයෙන්ම සක්කාය දිට්ටිය නැති කල කෙනෙක්ට ඉතරයි. මම, මගේ කියන ගන්න එක මුලාවක් කියලා නෙව බුදු බනේ තියෙන්නෙ. ඉතිං ආයුබෝවන්ඩ මම, මගේ කියන ආත්ම සංඥාව සහසුද්දෙන් හරි ඒ කිට්ටුවට හරි ප්‍රහීණ කල කෙනෙකුට මගේ දරුවා, මගේ බිරිඳ කියන ඒවා මුලාවල් විදියට නෙව පේන්නේ. ඕක සෑර් පිලොසොපිකල් ඩිස්කෝර්ස් එකක් නෙව සෑර්. ඒක ඒ වගේ පසුබිමකයි සාකච්චාවට ගන්ඩ ඕනෑ.
වෙස්සන්තර ජාතකේ නෙමෙයි. බුද්ධාගමත්, ඩෙවල් කරලා තියෙන්නේ කස්ටිය.
@කතන්දර, 🙂 මම උත්සාහ කරන්නේ අපහාස කලවුන් සොයන්න.
@වනවදුල, නෑ මිත්‍රයා මම දෙන රු.5 න් කුඩු ගහන බව මට හොදටම පෙනෙනව නම් තත්වය වෙනස් නේද?සසදන්න පියා ඉදිරිපිටම දරුවන්ගේ දෑත් ලේ එන ලෙස වැල්පටකින් බැඳ දැමීම සමඟ.
@තිසර,සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මුන අවස්ථාව වරදක් ලෙස දකින්න බෑ වෙස්සන්තර රජු දරු පවුල සමඟ දුෂ්කර වනදිවියට පිවිසුණා ට වඩා එය වෙනස්.
@රාජ්,ඇත්තටම මම හිතුවාට වඩා මෙය මහා වියවුලක්.
@මගේ නම,ඔව් ඔබ කියන දේ නිවැරදියි.
@සූස්ති,මට පේන්නේ සේරටම වඩා “දැන උගත් පොර“ ඔබ කියායි.ඔබ කියන දේත් සත්‍යයි.මමත්වය දුරු කල කෙනෙකුට තමන් ගේ කියා දෙයක් නැති නිසා දරුවා උනත් අතහරින්න පුලුවන්.නමුත් කතාවේ අවසානයට සක් දෙවිඳු මැදිහත් වීමෙන් ඔහු නැවත තම සම්පත් භාර ගන්නවා.මේක මහ උහතෝකෝටිකයක්!
@මාතලන්,ගම්පොළ යුගයේ ඩෙවල් කරපු විදිය තමයි වෙස්සන්තර ජාතක කථාව.
ලිපියට ලැබුණ ප්‍රතිචාර අනුව පැහැදිලි වන්නේ මේ ප්‍රස්තුතය මතුපිටින් පෙනෙනවාට වඩා ව්‍යාකූල,අතිශයින් සංකීර්ණ එකක් බවයි.
සියල්ලන්ටම නැවතත් ස්තුතියි!