පිංගුත්තර ගේ ගැටලුව ඌණ සේවානියුක්තිය ද? – The issue is the under employment
උම්මග්ග ජාතකයේ එන (සමහර විටෙක වෙනම ම ජාතක කථාවක් ලෙස ද දැක්වෙන)සිරි කාළකණ්නි කථාව පිලිබඳ විග්‍රහයක් කරන ප්‍රවීන බ්ලොග් රචක කතන්දර පවසන්නේ එහි එන පිංගුත්තරයා,කතුන් ප්‍රිය නොකරන සමරිසියෙකු බවයි.නමුත් මා සිතන්නේ මේ කතාව පසුපස ඇත්තේ ඇත්තේ ජීව විද්‍යාත්මක ගැටලුවක් නොව වත්මනෙහි ජාතියක් වශයෙන් අප ද පීඩා විඳින ආර්ථික හා දේශපාලනමය ගැටලුවක් බවයි.ඒ ගැටලුව නම් විරැකියාව හෝ ඌණ සේවා නියුක්තිය යි.
ඒ බැව් හෙලිවන්නේ සිරි කාලක්ණ්ණි කථාවේ අපර කොටසිනි.දිනක් වෙදේහ රජු ගේ බිසවක් බවට පත්ව සිටින උදුම්බරා දේවිය (පිංගුත්තර විසින් ප්‍රතික්ෂේපිත බිරිඳ),උයන් කෙළිය නිමවා රජු සමඟ පෙරලා මාළිගයට එන විට පිංගුත්තර මුණගැසේ.ඒ මාර්ගය පිලිසකර කරන කම්කරුවෙකු ලෙසය.සූසැට ශිල්පය උගෙන තක්සලාවේ හොදම ශිෂ්‍යයා ලෙස අධ්‍යාපනය නිමා කළ පිංගුත්තරට රැකියාව ලෙස ලැබෙන්නේ මහපාර සුද්ද කිරීමය.මෙය ඔහු ගේ උගත්කම හා කිසිසේත් ම නොගැලපෙන්නක් බව පැහැදිලිය.එසේ වූයේ ඇයි?
භාරත සමාජය කුල සතරකට බෙදී පැවතින.ඒ බ්‍රාහ්මණ,ක්ශත්‍රීය,වෛශ්‍ය හා ක්ශුද්‍ර වශයෙනි.පුද්ගලයකු ගේ ජීවන වෘත්තිය තීරණය වූයේ ඔහු උපතින් ම අයත් වන කුලය අනුවය.සමාජයේ ඉහලම කුලය වූ බ්‍රාහ්මන කුලයට අයත් වූවෝ රාජඋපදේශකයන් හෝ ආගමික පූජකවරයන් ලෙස ඉහලම ජීවන තත්වයක් ලදහ.මීලඟට සිටි ක්ශත්‍රීයන් නම් රට පාලනය කළ රජවරුන් හා වෙනත් පාලක පැලැන්තියට අයත් වූවන් සහ වෙළඳාමෙන් ධනය රැස් කළ සිටුවරුන්ය.වෛශ්‍යන් යනු කෘශිකර්මය බඳු වෘත්තීන් හි නියැලෙමින් ජීවිකාව සරි කළ සාමාන්‍ය ජනතාවය.පහත් ම කුලය හෙවත් ක්ශුද්‍රයන් නම් කසලශෝධනය බඳු රැකියාවල නියැලෙමින් සිටි කුල හීන ජනතාවය.
අද මෙන් එදවස ද මත රජයේ රැකියා ලැබුණේ සුදුසුකම් වලට නොවන බවට උම්මග්ග ජාතකය කදිම නිදසුන් සපයයි.වේදේහ රජතුමා ගේ උපදේශකයන් සිව් දෙනා වන සේනක,පුක්කුස්ස,කාවින්ද හා දේවින්ද යනපඬිවරු ඔවුන් දැරූ උපදේශක තනතුරු සඳහා අවම සුදුසුකම් පවා සපුරා නොතිබුණු බැව් එම කෘතියේ එන සිද්ධි වලින් ගම්‍ය වේ .ප්‍රඥාසම්පන්නභාවය පිළිබදව පතල කීර්තියක් තිබූ නමුත් ගොවි පවුලක සාමාජිකයෙක් වූ මහෞෂධ පඬිතුමා ද රාජසේවයට එක්වීමට එරෙහිව ඒ පඬිවරු සිව් දෙනා ක්‍රියා කළ අයුරු උම්මග්ග ජාතකයේ විස්තර කෙරේ.(රජතුමා ගේ පැහැදීම මත රජවාසල සේවයට පැමිණි පසුද ඔවුන් සෑම විටෙකම මහෞෂධ පඬිතුමා අමතන්නේ “ගොවියා පුතු“යන අවඥා සහගත යෙදුමිනි).
මෙවන් පරිසරයක් තුල පිංගුත්තර තරුණයාට තම උගත්කමට සරිලන රැකියාවක් සොයාගත නොහැකිවීම විස්මයක් නොවේ.ඔහු ගේ දෙමාපියන් වෙහෙසවී උපයාගත් ධනයෙන් ඔහු ට තක්සලාවේ අධ්‍යාපනය ලබාදුන්නා විය හැක.හොදම ශිෂ්‍යා ලෙස අධ්‍යාපනය නිමා කළ ද (බ්‍රාහ්මණ කුලයක නූපන් බැවින්)ඔහුට දෙමාපියන් ගේ පැතුම් ඉටු කිරීමට සුදුසු රැකියාවක් නොලැබෙන බැව් ඔහු දැන සිටියේද?ඒ අතර විවාහ දිවියට ඇතුලු වී බිරිඳකට යුතුකම් ඉටුකිරීමට ද සිදුවීම ඔහුට තවත් මරාලයක් වීද?ලැබුණ පලමු අවස්ථාවෙන් ම ඔහු උදුම්බරාගෙන් ගැලවුණේ එනිසාද ?පාර සුද්ධ කිරීම බඳු රැකියාවකින් ජීවිතය රැකගැනීමට ඔහුට සිදු වුණේ එදා සමාජය ද අද මෙන්ම විරැකියාවෙන් හා ඌණ සේවා නියුක්තියෙන් පීඩා විඳි නිසාද?
[නිවාඩු දින බ්ලොග් කරුවෙකු බවට පත්ව සිටින බැවින්,මෙයට නිමිත්ත සැපයූ කතන්දර ගේ පෝස්ටුවට කියවීමට ලැබුණේ තවත් අලුත් පෝස්ට් දෙකක් ම කතන්දර බ්ලොගයේ පලවූ පසුවය.එනිසා එකී ලිපියට ප්‍රතිචාරයක් ලෙස ගැලපූ ඉහත ලේඛණය (පසුව දිනක ආ සුභපැතුමක් වීම වැලැක්වීම සදහා)වෙනම පෝස්ටුවක් ලෙස මෙහි පල කරන්නට සිදුවිය. ]
Posted on 13/10/2013, in මතවාද. Bookmark the permalink. 7 Comments.
balagena giyama edai adai kiyala wenasak ne. lokaye hamadama ayukthiyata thamai thana labila thiyenne.
මට එකඟ වෙන්න බැහැ මෙහි එන කරුණු කීපයකටම.
1. පිංගුත්තර බැච් ටොප් කළ නිසා දුව දුන්නාය කිය උම්මග්ග ජාතකයේ නෑ. එහි දැක්වෙන පරිදි පිංගුත්තර දිසාපාමොක් ගේ එකම ගෝලයා වගේ. දිසාපාමොක් යන්න පුද්ගල නාමයක් නොව ගුරුතුමා යන්නට පොදු වචනයක් යැයි ගත් කල මේ ගුරුවරයා වේලෙන ටියුෂන්කාරයෙක් වෙන්න ඉඩ තියෙනවා.
2. අනික ඉගෙන ගන්න යන හැමෝම රජ, ඇමති, සිටු පවුල්වල අය නොවෙයි. මනමේ ධනුද්ධර ලා වගේ පාස් අවුට්වෙලා ආපු ගමං දා ගන්න ඔටුන්නක් නෑ. වැඩවසම් ක්‍රමය අනුව තාත්තා ගේ රස්සාවයි පීාටත් කරන්න වෙන්නේ.
3. ඒ නිසාම තමයි සේනාකාදී බමුණන් පරම්පරාවෙන් ම වගේ උපදේශක තනතුරුවලට පත්වෙන්නේ.
4. පිය පුතු ටේරන්ඩ් එක වෙනස් කරලා උපදේශක පොස්ට් එකකට පැන ගන්න ලැබෙන්නේ මහෝෂධට විතරයි.
5. පිංගුත්තර තව දුරටක් ගොවියා ගේ පුතු විදියට ඉන්නවා. ඔහු මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවෙක් නොවෙයි. නමුත් එදා ඔහු පාර හදන්නේ රජ අණ නිසායි. මෙන්න ඔබ කියවා නැතැයි සිනෙ ඒ උම්මග්ගයේ කොටස.
“9. ඉක්බිත්තෙන් එක් දවසක් රජ්ජුරුවෝ උයන් කෙළියට යන පිණිසැ වාසල් කඩ ගම් වැස්සන් ලවා මාර්ගය ඉදි කැරැවු හ.පිංගුත්තරයා ද රාජ සම්මතයෙන් මෙහෙවර කරන්නේ කැසපට කවාගෙනැ, උදැල්ලෙකින් මග සසින්නට වන.මාර්ගය සරහා නො නිමන තුරු රජ්ජුරුවෝ උදුම්බරා දේවින් හා සමඟ උතුම් රථයකට නැඟි උයන් කෙළියට මහ පෙරහරින් නික්මුණා හ. උදුම්බරා දේවී, මඟ සසිමින් සිටි ඒ කාලකණ්ණි යා දැකැ, මෙබදු සම්පත්තියක් ධරා ගත නුහුණුයේ මේ යැ’යි ඌ දිසාව බලමින් සිනා සුණා හ.”
මේ ආකාරයට එදා ඇඟ බද්ද නියම කර ටොරින්ටන් (?) ආණ්ඩුකාරයා නුවර පාර හදන්නට නියම කළ වෙලේ ශත පනහක් නොගෙවා මගේ සීයා ගේ ලොකු අයියාත් පාරේ වැඩට ගිහින් තියෙනවා යැයි සීයා තාත්තා එක්ක කියලා තාත්තා මා සමග කිව්වා.
අනික අප නොදන්නා කරුණ නම් පිංගුත්තර දිසාපාමොක්ගෙන් උගත්තේ මොනවාද යන්නයි.
ඔහු ඇග්‍රිකල්චර් උපාධියක් ගත්තා විය හැකියි.
සිවිල් ඉංජිනේරු උපාධියක් ගත්තා විය හැකියි.
මනමේ ලා වගේ රාජ කුමාරවරු නම් කඩු ශිල්ප සහ දුනු ශිල්ප තමයි ඉගෙන ගෙන තියෙන්නේ.
ඔබගේ අදහසේ යම් සිතිය යුතු ප්‍රෙව්ශයක් මතුකර ඇත. නමුත් හරි වැරැද්ද සොයා ගැනීමට මා අසමත් වෙමි.
බෙල්ල උලුක්වෙන විග්‍රහයක්නේ කකා!!!!!!!!!!!!!
KAKKAGE PUKA ULUK WELALU
@මධූර,ඇත්ත මිත්‍රයා
@කතන්දර,“1.රාජ සම්මතයෙන් මෙහෙවර කරන්නේ “ යන්න ඔබ කියන පරිදි ඇඟ බද්ද නොගෙවා වැඩ කිරීම බඳු දෙයක් යයි ඇත්තටම මට සිතුනේ නෑ.මා අර්ථ දැක්වූයේ රාජ නියමය යනු රැකියාව කියායි.
2.සියලුම ශීෂ්‍යයන්, ශිල්ප ශ්‍රාස්ත්‍ර දෙකම උගත්තා නේද?
@නිම්මි,තවත් සිතා බලන්න
@අරූ,කකා කොහොමත් එහෙම නේ බං
@කැපිටල් ඇනෝ අන්කල්,ඔහේ කොහොමෙයි දන්නේ?