උතුරේ ප්‍රතිපලය කියවා බලමු – How could be the Northern Provincial Council ?

2013 NPCE
ද්‍රවිඩ ජාතික සංධානය මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළේ තමන් තරඟකළ උතුරු පලාත්සභාව වෙනුවෙනි.නමුත් ඒ අනුහසින් අනික් පලාත්සභාවල ඡන්ද වැටුණේ එක්සත් ජනතා නිදහස් සංධානයට සහ (ෆොන්සේකා මහතාගේ) ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ය .ඒ මැතිවරණ ප්‍රකාශයේ තිබුණේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,පොලිස් හා ඉඩම් බලතල ලබාගැනීම,බඳු දකුණේ සිංහල ජනතාවගේ බොක්ක රත්වෙන ආකාරයේ කාරුණුය.මැතිවරණ ප්‍රකාශයකට නීතිය ඉදිරියේ කුමන ආකාරයේ පිලිගැනීමක් ලැබෙනවද කියන එක හරියට ම පැහැදිලි නැතත් මේ ලියවිල්ලට එරෙහිව දකුණේ යම් යම් සංවිධාන නීතීමය පියවර ගන්නා බවට ප්‍රවෘත්ති පලවිය.රාවණා බලය නම් සංවිධානය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව මැතිවරණ කොමසාරිස් තුමාට ත් පැමිණිලි කර තිබුණි.එම පැමිණිල්ල නීතිපතිවරයාට යොමු කළ එබ එතුමා මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ කලේය.(පක්ෂයක් මැතිවරණයක් ඉලකක්ක කර ජනතාවට ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශයකට හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයකට එරෙහිව උසාවි යත හැකි නම්, මීට වසර කීපයකට පෙර රජය මැතිවරණයේදී ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉටු නොකළ පොරොන්දු සම්බන්ධයෙන් කිසිවකු හෝ උසාවි නොයන්නේ මන්දැයි නම් ඇත්තේ ගැටලුවකි.)

කෙසේ වුව ද මේ ද්‍රවිඩ සංධාන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය නිළ ලියැවිල්ලක් වේවා හෝ නොවේවා ඒ හරහා පිලිබිඹු වන්නේ උතුරේ ජනතා නායකයන් ගේ අභිලාශයන් නම් සහ ඊට වලංගු ඡන්ද වලින් 80% කට ආසන්න ප්‍රතිශතයක් හිමිවීමෙන් පෙන්නුම් කරන්නේ මෙ සඳහා උතුරේ සාමාන්‍ය ජනතාවගේ ඇති කැමැත්ත නම් එය එතරම් සුභදායක දෙයක් නොවන බව කිවයුතුය.ද්‍රවිඩ ජාතික සංධානය හෙවත් ඉලංගෙයි තමිල් අරසු කච්චි යනු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කීපයක එකතුවක් බව අපි දනිමු.මේ පක්ෂ කීපය එකට සංධානගතව මැතිවරණ සදහා ඉදිරිපත් වන්නේ එල්ටීටී සංවිධනයේ අවශ්‍යතාව නිසා බව ද අපි දනිමු.(ඔවුන් මෙලෙස සංධානගත වූයේ යුධමය වශයෙන් පරාජය වීමට ප්‍රථමය).උතුරේ ඡන්ද වලින් 80%ට කිට්ටු ප්‍රතිශතයක් ලැබීමට මෙය ද හේතු වන්නට ඇත.උතුරේ ද්‍රවිඩ සමාජය 8:2 අනුපාතයට බෙදී ඡන්දය ප්‍රකාශ කර ඇත.මෙය දකුණේ සමාජයේ දේපාලනමය බෙදීමට වඩා වෙනස් ස්වාභාවයකි.

එක්සත් ජාතික පක්ෂය උතුරේ ලද පරාජය ද සැලකිල්ලට ලක්විය යුතුය.ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ කෙරෙහි උතුරේ ජනතාව ගේ ආක්ර්ශනය හීනවී යාම ඛේදජනකය. (මීට පෙර මහේෂ්වරන් බඳු පාර්ලිමේන්තු මන්ත්‍රී වරු එ.ජා.ප ය හරහා උතුරින් බිහිවිය).

ඊලාම්වාදීන් මෙම ඡන්ද ප්‍රතිපලය බෙදී වෙන්වීමට ඇති ද්‍රවිඩ ජනතාවගේ ඇති කැමැත්ත ලෙස දේශීය ව මෙන්ම අන්තර්ජාතිකව ද අර්ථදක්වනු ඇත.සමහරවිට මෙය ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් තැබූ තවත් පියවරක් ලෙස ද සලකන්නට ඉඩ ඇත.මෙය භයානක තත්වයකි.එදා මහත් කැපකිරීමක ප්‍රතිපලයක් ලෙස නන්දිකඩාල් කලපුවේදී පරාජය කළ මතවාදය යලි හිස එසවීමකි.අප ඊට ඉඩ නොතැබිය යුතුය.කෙසේ වුව ද දැන් උතුරේ ජනතාව(යුද්ධය නිමවී සිව් වසරකට පසුව)තමන් විසින් පත්කරගත් නියෝජිතයන් ගෙන් සැදුම් ලත් පලාත් සභාවක් අභිමුව සිටී.අප (පොදුවේ සියලු රට වැසියන් ද රජය ද)ඒ ජනමතයට හිස නැමිය යුතුය.ඒ ගැන තුටු විය යුත්තෙමු.එමෙන්ම රටේ ඒකීය භාවය ද අනතුරේ නොහෙලිය යුතුය.උතුරු පලාත් සභාව හරහා පරිපාලය බලය බෙදා ගෙන එකම ශ්‍රී ලංකාවක් තුල සමගිව කටයුතු කිරීමට සියලු පාර්ශවයන් උත්සුක වියයුතුය.

දකුණ ද හඳුනන විග්නේශ්වරන් මහතා ගේ නායකත්වයෙන් පත්වන් උතුරු පලාත් සභාව, ස්ථාවර සාමකාමී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තැබූ යෝධ පියවරක් වේවා යයි ඉතසිතින් පතමු.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 22/09/2013, in කාලීන, මැතිවරණ. Bookmark the permalink. 3 Comments.

  1. විග්නේශ්වරන්ලා ඔය කියන ඒවට යන්නේ නෑ. එහෙම ගියෝත් ලොක්කාගෙන කන්න වෙනවා කියලත් හොඳටම දන්නවා.. දැන් උන්ට තියෙන්නේ ආන්ඩවට හෙමීට හේත්තු වෙන එක. කොහොමත් වෙන්නේ ඒකයි. බොරුවට කෑ ගහයි. නමුත් සිරා යන්නේ නෑ. උන්ට ඕන කාලා බීලා ලොක්කෝ වගේ ඉන්න එච්චරයි. ඕකුන් උතුරෙ ජනතාවට කරන රෙද්දක් නෑ. ඒ අතින් බැලුවම වතු දෙමළ නායකයෝ ග්‍රේට්.. අපි පොඩි කාලේ ඒ මිනිස්සුන්ගේ තත්වයෙයි. අද ඔවුන්ගේ තත්වයෙයි කොච්චරනම් වෙන්සක් තියෙනවද…?

  2. //(පක්ෂයක් මැතිවරණයක් ඉලකක්ක කර ජනතාවට ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රකාශයකට හෝ ප්‍රතිපත්ති ප්‍රකාශයකට එරෙහිව උසාවි යත හැකි නම්, මීට වසර කීපයකට පෙර රජය මැතිවරණයේදී ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉටු නොකළ පොරොන්දු සම්බන්ධයෙන් කිසිවකු හෝ උසාවි නොයන්නේ මන්දැයි නම් ඇත්තේ ගැටලුවකි.)//

    ජයශ්‍රී…….මේකනම් කනගාටුදායක තත්වයක් තමයි.

  3. @මාතලන්,ඒත් දකුණෙ ගොයියන්ට වගේ නෙවෙයි.විග්නේශ්වරන් පිටිපස්සේ ජයලලිතා,එම්.ඩී.ආර්,නෙදුමරන්,වයිකෝ……………………….තව ගොඩක් බලගත්තු ඉන්නවනේ.
    @අරූ,ඒ වගේ දේවල් වලට කාලය නාස්ති කරන එක බොරු වැඩක් කියල හිතනවා ඇති.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: