විකෘති කර විකිණීම – Selling after contorting

Show

දුරගමන් බස් රථය ගමන් ඇරඹීමටත් පෙර සිටම ශබ්ධවාහිනිය ගමන් අරඹා තිබිණි.බස් රථය ඉදිරියේම වහලයේ සවිකොට තිබූ පැතලි තිර මොනිටරයේ දර්ශන ප්‍රචාරය වෙමින් පැවතිණි.අතට මයික්‍රෆෝනය ගත් ගායකයා ජනප්‍රිය පැරණි ගීත මරමින් රංගනයේ යෙදෙයි.ගීතයේ සමහර වචන ඔහු ශබ්ධ නොකරයි.සමහර තැන් අනවශ්‍ය ලෙද අදී.හිටිගමන් වචන අමතක ද වේ.බොහෝ විට ශ්‍රැතියක් ඇත්තේ ම නැත.ගීතය අතර මැද නරඹන්න් ගෙන් අත් උස්සන ලෙස ඉල්ලයි.ගීතයේ නැති වාක්‍ය කියයි.සමහර විට සංගීතය  මේ වාදනයක් ම පමණකැයි සිතෙන තරමට ම ගායකයාගේ හඩ අභිබවා යයි.ඔක්ටපැඩ් ශිල්පියා හා ඩ්‍රම්ස් වාදකයා තම වාදක භාණ්ඩ වලට තඩිබාන්නේ ආවේශ වූ කපුවන් මෙනි.බැනියමක් වැනි උඩුකය ඇඳුමක් ඇඳ සිටින වාදක ශිල්පීන් අනවශ්‍ය තැන් වලදී ද ගීතයට අත්වැල් අල්ලයි.අතරමැදි සංගීත ඛන්ඩ දීර්ඝ ලෙස අදී.

ගීතයක් හෝ ශිල්පියෙකු ගේ ගීත පෙලක් අවසානයේ වේදිකාව වෙත නිවේදකයෙකු ගේ ආගමනය සිදුවේ.කට හඩ මධුර වුව ද මේ ශිල්පියා බස හසුරැවන්නට නොදනී.වාක්‍යයක් අරඹන්නේ දුනුගමුවෙනි.කතාව අවසන් කරන්නේ සබරගමුවෙනි.(මැද කිතලගමුවයි හෝ මීගමුවයි).පැහැදිලි අර්ථයක් ප්‍රකාශ නොවේ.ප්‍රසංගය සංවිධානය කළ දේශපාලකයෙකු ඇතුලු ව්‍යාපාරිකයන් කීපදෙනෙකුගේ නම් ගම් නිතරම දොඩයි.වෙළද දැන්වීම් ද කියයි.ඔහු ද අත්පුඩි ඉල්ලයි.කේජු කැබැල්ලට ගිජුකමින් කපුටා ගේ ගැයුම වැනූ නරියා මෙන් මීලඟ ගායකයා ව වර්ණනා කරයි.

ගායකයා,නිවේදකයා,සංගීත කණ්ඩායමේ නායකයා වරින් වර එකිනෙකා ගේ පිටකසා ගනී.

සමහර ගීත වලට නර්තන කණ්ඩායම් ද එකතු වේ.උදරය අඟල් හයක් පමන නිරාවරණය කරගෙන නටන සුරඟනන් බඳු මේ ශිල්පිනියන්ගේ නර්තනය නම් ශෘංගාරත්මකය.

Show3

මේ එළිමහන් සංගීත ප්‍රසංග වල ස්වාභාවයයි.මේ පිළිබදව අපට ගැටලුවක් නැත.මේවා නැරඹීමට එන ප්‍රේක්ශකයන් ද එන්නේ දැහැනකට සමවැද සුභාවිත ගීත රසවිඳීමට නොවේ. ප්‍රසංගයේම කොටසක් බවට පත්වී සජීවි අත්දැකීම උපරිමයෙන් ම (දෙසවනින් ද දෙපා වලින් ද) රසවිඳ ගෙදරට යාමටය.

ලේඛකයා ගේ ආරෝව නම් මේ ප්‍රසංග DVDතැටි වලට නගා අලෙවි කිරීමයි.මෙය වත්මන් ශ්‍රී ලාකීය සංගීත ක්ෂේත්‍රය පිලිබඳ තවත් එක් ඛේදවාචකයකි.

ගීතයක් බිහිකරන ශිල්පීන් ඒ සඳහා මනා කැපකිරීමක් කරන බැව් අපි දනිමු.බාහිර භාදාකිරීම් වලින් තොරව ශබ්ධාගාරයක් තුල පහසුකම් යටතේ,දක්ෂ වාදන ශිල්පීන් ද,තාක්ෂණ ශිල්පීන් ද එක්ව  උසස් තත්වයෙන් පටිගත කර තැටි වලට නගා රසිකයන් අතට පත් කරනු ලබයි.වරදින ගීත කොටස් නැවත නැවත ගයමින් වයමින් හොදම නිශ්පාදනයක් බිහිකිරීමට ඔවුහු වෙහෙසෙති.ගුණාත්මක බවින් වැඩි නිසා මේවායේ නිශ්පාදන පිරිවැය වැඩිය.එනිසා ම නිශ්පාදනය අලෙවි කරන මිල ගණන් ද ඉහලය.රසිකයන් උසස් නිර්මාණයක් වෙනුවෙන් මේ මිල ගෙවීමට සූදානම් ව සිටිය යුතු බව ලේඛකයා ගේ අදහසයි.එසේ ගෙවන රසිකයන් ඕනෑතරම් සිටින බව ද අපි දනිමු.

නමුත් එකම ගීතයම අල්ප වශයෙන් මුල් ගායකයා ම ද,බහුල වශයෙන් වෙනත් සුපිරි තරුවක් විසින් ද අඩු ප්‍රමිතියකින් ඝෝෂාකාරී පරිසරයක නැවත ගායනා කොට බාල තැටියක ගබඩා කොට රුපියල් සියයකට අලෙවි කිරීම තවත් කූට ව්‍යාපාරයක් නොවන්නනේද?මෙයින් සංගීත ප්‍රසංග වලදී අදාල ගීත වල නිර්මාපකයන්ට කොතරම් මූල්‍යමය ප්‍රතිලාභයක් ලැබෙන්නේදැයි මම නොදනිමි.(බොහෝ විට ඔවුනට සතයක් වත් නොලැබේ).නමුත් වේදිකාව මත සිට බෙරිහන් දුන් ගායකයාට නම් යම් මුදලක් ලැබෙනු ඇත.පැහැදිලි සත්‍යය නම් මේ ප්‍රසංගය පටිගත කොට අලෙවි කරන කූට ව්‍යාපාරිකයා නම් හොද ලාභයක් ලබන බවයි.විකාශය අතරතුර වරින් වර ඒ ව්‍යාපාරයේ හිමිකම් ගැන ප්‍රකාශ අකුරු පේලී ගමන් කරවනුයේ එබැවිණි.හාස්‍යජනක කාරනය නම් මේ අකුරු පේලී හරහා අදාල ව්‍යාපාරයෙන් මිලදී නොගත් DVDතැටි “හොර බඩු” යනුවෙන් ඔවුන් ප්‍රේක්ශකයන්ට අවවාද දිමයි.

වඩාත් ම ශෝචනීය කාරනය නම් ඉහල ප්‍රමිතියෙන් යුත් ගීතය මිලදී ගෙන රසවිඳිනවා වෙනුවට මේ බොල් ගීත රසවිඳීමට රසිකයන් ද සැදී පැහැදී සිටීමය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 01/09/2013, in මතවාද, සාහිත්‍යය/කළා. Bookmark the permalink. 4 Comments.

  1. හොරකම් කරපුව විකුණනව හොරකම් කරන්න එපා කියල. අනේ පවු. මාත් කියන්නෙ මේවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එලිමහනේ සිංදු කිව්වට අවුලක් නෑ. ඒත් විකුණනව කියන්නෙ හොරකමක් තමයි.

  2. අනේ ජයශ්‍රී මේවා ගැනනම් කියන්න වචන නැහැ.කවදා හැදෙයිද?

  3. ඕක මොකක්ද බං බල්ලන්ට ගිය රටේ… ලාබෙට දෙනවනම් කක්කා උනත් කන ජාතියක්නේ…

  4. @රාජ්,හොරුන්ගෙත් හොරු කම්බා හොරු වෙනවනෙ !
    @අරූ,හදන්න පුලුවන් ඕනි කමක් නෑ.
    @මාතලන්,මම දැක්ක පත්තරේක ටී.එම් ජයරත්න කියල තිබ්බ දැන් අලුත් නිර්මාණ නොකරන්නේ ඔය නිසා කියල.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: