තුන් තේරවිලි වල විසඳුම මෙන්න – See the answers

මෙයට පෙර පල කළ තුන් තේරවිලි නවයේ නිවැරදි විසදුම් මෙන්න.මින් හතරක් රාජ් ද තුනක් කතන්දර කාරයා ද නිවැරදිව විසඳා තිබුණා.

1.සප්ත ස්ථාන = සප්ත නම් හත්, ස්ථාන නම් පොල

හත් පොල ~ පොත් හල

2.වෙරි පත්‍රය = වෙරි නම් මත්, පත්‍රය නම් කොළේ

මත්කොලේ ~ කොත්මලේ

(ගැමුණු කුමාරයා කලක් ජීවත් වූ ඓතිහාසික කොත්මලේ පුරවරය කවුරුත් දන්නවා නේ)

3.අඳුන් පුස්ථක බාගය = අඳුන් නම් කලු, පුස්ථක නම් පොත, බාගය නම් අඩ

කලුපොතඅඩ ~ අලුපොතකඩ

(මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගරයට 3-4 Km  දුරින් පිහිටි ගමකි)

4.ගව පත්‍ර = ගව නම් වහු, පත්‍ර නම් කොළ

වහුකොල ~ කොහුවල

(කොලඹ ට නුදුරුව පිහිටි කොහුවල දන්නවානේ)

5.කුඹුරු ශාක ස්ථානය = කුඹුරු නම් වෙල්, ශාක නම් ගහ, ස්ථානය නම් පොල

වෙල්ගහපොල ~ පොල්ගහවෙල

(ප්‍රධාන දුම්රිය මාර්ගය හා උතුරු දුම්රිය මාර්ගය බෙදෙන සන්ධිය කුරුනෑගල දිස්ත්‍රික්කයේ පිහිටි පොල්ගහවෙල නේ)

6.වනස්පති බටහිර = වනස්පති නම් නුග, බටහිර නම් අවර

නුගඅවර ~ අගනුවර

7.කැලෑ පහණ = කැලෑ නම් වල්, පහන නම් ගල

වල්ගල ~ ගල්වල

(මෙනමින් ගමක් කොළඹ ද ඇත, වෙනත් බොහෝ ප්‍රදේශ වල ද ඇත)

8.මත් පුණ්‍යය = මත් නම් වෙරි, පුණ්‍යය නම් පින

වෙරිපින ~ පිරිවෙණ

9.කර්ණ පැලෑටිය =කර්ණ නම් කන්, පැලෑටිය නම් පැලය

කන්පැලය ~ පැන්කලය

ප.ලි.දැන් විවේකයට තුන්තේරවිලි විසඳුවා ඇති වගේද?වෙනත් අලුත් ඉසව්වකට යමුද?

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 23/08/2013, in තේරවිලි. Bookmark the permalink. 1 Comment.

  1. කසුන්

    මේකේපිලිතුර කුමක්ද……
    කට්ටෙන් කට්ට දිරන්නැති කට්ට

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: