මෙන්න තවත් තුන් තේරවිලි – Here again !

මෙතෙක් මේඝය සිනමාශාලාවේ තිරගත වූ රතු පසට නල ජලය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීමට පරිපාලනය තීරණය කරනවා.ඒ අලුත් නිර්මාණයකට අවස්ථාව දිය යුතු නිසාත්,සාමාන්‍ය පරිදි ප්‍රේක්ශක පිරිසක් අතරට රතු පසට නල ජලය ගොස් ඇති නිසාත් (මීට වඩා ප්‍රේක්ශක පිරිසක් අතරට එය නොයන බවට උපකල්පනය කරන නිසාත්) .රතු පසට නල ජලය අවශ්‍ය ම නම් නරඹන්න පුලුවන් හරියට සිනමාශාලාවක එක් දර්ශන වාරයක් පමණක් වෙනත් සිනමා පටයක් පෙන්වනවා වගේ.(චිත්‍රපට ශාලාවක සහ බ්ලොගයක පොඩි පොඩි සමාන කම් දැක්ක නිසයි මෙහෙම ලියුවේ.සමාන කම් වගේ ම ඒ දෙකේ වෙනස්කම් බහුලයි-මේ ගැන වෙනම ම පෝස්ට් එකක් ලියන්න හිතයි).

මෙන්න අද සිට තිරගත වන විනෝදාත්මක කෙටි නිර්මාණය,තුන් තේරවිලි කීපයක්.කලින් තරගත වූ තුන්තේරවිලි 1සහ2 හිම මීළඟ පියවරයි මේ.උත්සාහ කර බලන්න.විසඳීම සඳහා හැමෝටම සම අවස්ථාවක් දිය යුතු බැවින් අදත් ප්‍රතිචාර පල කිරීම තාවකාලිකව නතර කරණු ලබනවා.

1.සප්ත ස්ථාන

2.වෙරි පත්‍රය

3.අඳුන් පුස්ථක බාගය

4.ගව පත්‍ර

5.කුඹුරු ශාක ස්ථානය

6.වනස්පති බටහිර

7.කැලෑ පහණ

8.මත් පුණ්‍යය

9.කර්ණ පැලෑටිය

 

[අලුත් පොස්ටුවක් පල කර ඇති නමුත් තුන් තේරවිලි වල නිවැරදි විසඳුම් ඉක්මනින් පල කරන බව කරුණාවෙන් සලකන්න.කිසිවෙකු මෙතෙක් සියල්ල නිවැරදිව විසඳා නැත.]

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 17/08/2013, in තේරවිලි. Bookmark the permalink. 2 Comments.

  1. kathandarakaraya

    1. සප්ත ස්ථාන = හත් + පොල = පොත්හල
    2. වෙරි පත්‍රය = මත් + කොලේ = කොත්මලේ
    8. මත් පුණ්‍යය = වෙරි + පින් = පිරිවෙන්

  2. ජයශ්‍රී..පහක් නං ඔන්න හරි, ඉතිරියටත් ට්‍රයි එකක් දෙන්නංකො…

    2. වෙරි පත්‍රය – මත් කොලේ – කොත්මලේ
    6. වනස්පතී බටහිර – නුග අවර – අගනුවර
    7. කැළෑ පහන – වල් ගල – ගල්වල
    8. මත් පුණ්‍යය – වෙරි පින – පිරිවෙණ
    9. කර්ණ පැලෑටිය – සවන් පැලේ – පවන්සැලේ

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: