තුන් තේරවිලි දහයක් – Can you solve this ?

මා නිර්මාණය කළ තුන්තේරවිලි කීපයක් කලින් ලිපියක පල කළා.ඊට පාඨක සහෘදයන්ගෙන් හොද ප්‍රතිචාරයක් ලැබුණ නිසා එවැනිම කෙටි ලිපියක් යලි පල කරන්න හිතුවා.

මෙහි තේරවිලි සියල්ලමත්  මවිසින් ම නිර්මාණය කළ ඒවා.(වෙනත් තැනක මවිසින් දැක නෑ).

කලින් ලිපියේදී රවි සහෝදරයා යෝජනා කළ පරිදි, මෙවර පාඨක ප්‍රතිචාර පලකිරීම නතර කළා සියලු පාඨකයන්ට තේරවිලි විසඳන්න අවස්ථාව දීම සඳහා.

නිවැරදි විසඳුම් සහ ඔබේ ප්‍රතිචාර ඉක්මනින් ම පල කරනවා.

බලන්න ඔබටත් විසඳන්න හැකි ද කියා.

1.තියුණු පුෂ්ප යහන

2.සම් ඇඟ

3.ලතා උදුරා

4.වාත බට

5.කඳු රජිඳා

6.පුණ්‍ය කැමැත්ත

7.රූප දෙවියන්

8.වධක සීමාව

9.සප්ත ආලය

10.පිහාටු ශාලාව

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 22/07/2013, in තේරවිලි. Bookmark the permalink. 12 Comments.

  1. S.L.Maleyrala

    හොදට හිටපු මට ඔලුවේ කැක්කුම හැදෙව්වා …….. උත්තර ටික කෝ යකෝ (යකෝ කියන්නේ නරක වචනයක් නෙවි කියල මේ දැන් ටිකකට කලින් දැනගත්තේ බ්ලොග්කම තිබිලා )

    • කමෙන්ට් වලට ඉඩ දුන්නම රවි සහෝදරයා උත්තර කමෙන්ට් කරනවා.එතකොට අනික් පාඨයන්ට කරන්න දෙයක් නැතිව යනවා කියල විශාල චෝදනාවක් තියෙනවා.ඒක නිසා කලින් පෝස්ට් එකේදි කමෙන්ට් මොඩරේට් කරන්න කියල කිව්වේ රවි ම තමයි.ඒ නිසා ටික දවසක් ඉවසන්න මැලේ රාළ.

  2. මේ පාරනම් වැඩේ ලේසි නෑ ජයශ්‍රී..පහකට නම් හරි..ඉතුරු ටිකට තමයි මේ ** විකාගෙන දඟලන්නෙ 🙂

  3. මිත්‍රවරුනි, අද (ජූලි 22) රාත්‍රී 10.30 ට පමණ මම බ්ලොග් පරිපාලනයෙන් තාවකාලිකව ඉවත් වෙනවා.නැවත එන්නේ ජූලි 27 සෙනසුරාදා රෑ.එතෙක් කොමෙන්ට් කිසිවක් පබ්ලිෂ් නොවෙනු ඇත.

    • ආය කෙහෙම්මලක් කතා කරනව..ඒයි මේ යාලුවා..එව්ව ඔට්ටු නෑ හරිය?….තේරවිලි දැම්මනං අපි එව්ව විසඳල එවන කල් ගෙදරිං අඩියක් තියන්නෙ නෑ එළියට ..ඔන්න නොකිව්වයි කියන්ට එපා 😀

  4. මේ ගැන අවන්කවම මගේ අදහස කියනවනම් මේවට තුන් තේරවිලි කියන්න බැ. තුන් තෙරවිල්ලකදී මුලින් කියන පද අර්ථයෙන් හා ශබ්ද රසයෙන් යුතු වචන වෙන්න ඕන. මේ තේරවිලි පොඩි ළමයෙක් උනත් හදයි. වචන ටිකක් එහාට මෙහාට හරවපු පලියට තුන් තේරවිල්ලක් වෙන්නේ නැ.

    “සම් ඇඟ” බලන්න මේ වචන දෙකේ ශබ්දයෙන් වත් එකිනෙකට සම්බන්ද වෙන්නේ නැ. ඒ විතරක් නෙවෙයි මේ දෙක එකට තිබුනට කිසිම තේරුමක් ලැබෙන්නේ නැ. වචන පෙරලිල්ලක් විතරයි.
    ඉස්සරලම පැරණි තුන් තේරවිලි ගැන හොඳින් බලන්න. පැහැදිලිව තේරුම් අරගෙන අලුත් දෙයක් කරන්න.

    “පලයන් බස් එක පතහට” මේ අපේ පැරණි තුන් තේරවිල්ලක්. බලන්න මේ වචන පේලියේ ශබ්ද ගැලපීම සහ වාක්‍යක් විදිහට තියන අර්ථය.

    • නෑ මිත්‍රයා.ඔබ ඔය උදාහරණයකට දක්වපු තේරවිල්ල තමයි දුර්වල.
      ඒක විසඳන්නේ මෙහෙමනේ, පලයන් නම් පෝ – බස් එක නම් රිය – පතහට නම් වල , පෝරියවල වාරියපොල.
      ඒක විසඳන්න සිංහල දෙමළ භාෂා දෙකම කලවම් කරගන්න ඕනි.“රිය“ යන වචනය ඇත්තටම බස් එකට සමාන වචනයක් ද? නෑ සේරම වාහන වලට පොදුවේ කියන වචනයක් ඒක.“පතහට“ කියන වචනය නිවැරදිව පෙරලන්න ඔනි “වල“ කියල නෙවෙයි “වලට“ කියල.

      මම උත්සාහ කළේ සිංහල භාෂාව පමණක් භාවිතා කරල වචනවල නිවැරදිම අර්ථ යොදල තුන්තේරවිලි ගොඩනගන්න.මගේ උත්සාහය සාර්ථක ද කියල තීරණය කිරීම ඔබට භාරයි.

  5. දැං සෙනසුරාදා නේද එනවයි කිව්වෙ? 🙂

    හතක් නං හරි බොලේ තුනක් බැරි උනා 😦

    1. තියුණු පුෂ්ප යහන – උල්මල් සයන – සල්මල් උයන

    3. ලතා උදුරා – වැල් පැහැර – පැල් වැහැර

    4. වාත බට – වා නල – නාවල

    7. රූප දෙවියන් – රුව දෙව – දෙවරුව

    8. වධක සීමාව – ගහල ඉම- ඉහල ගම

    9. සප්ත ආලය – සත් පෙම – පෙත්සම

    10 . පිහාටු ශාලාව – පිල් සල – සල් පිල

    • පොඩි නිවාඩුවක් කලින් ම හම්බ උනා.7 හැර අනෙක්වා නිවැරදියි. සියලු නිවැරදි උත්තර ඉක්මනින් ම පල කරන්නම්.

  1. Pingback: තුන්තේරවිලි දහයේ විසඳුම් මෙන්න – Here the answers | මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: