නෑ නෑ දැන් එයා මෙහේ නෑ – Where is he?

දයාබර ප්‍රේක්ශක හිතවතුනි.“බොල් නද“ සජීවි සංවාදාත්මක වැඩසටහන හා එකතු වූ බුද්ධිමත් ඔබ සැම සාදරයෙන් පිලිගන්නව “ආයුබෝවන්” කියල.කවදත් සමාජයේ සුවිශේෂී චරිත ඔබ ආලින්දයට කැඳවාගෙන එන  අප අද ඔබ හමුවට ගෙන එන්නෙ අතීත චේතීය පරපුරේ අවමානවත් උදාර වත්මන් නියෝජනය ලෙස කටපුර බය නැතිව කිව හැකි දේශප්‍රේමි චරිතයක්.විල මැද බංගලාවේ තවත් කුජීතයෙක්.ඔබ සැම හොදින් ම හඳුනන එතුමා නමින් මරු කියෝන රාළලා ගේ මුවින්ඩික.හොඳයි අපි එතුමා අපේ දයාබර ප්‍රේක්ශකයන් වෙනුවෙන් “ආයුබෝවන්“ කියල සාදරයෙන් පිළිගන්නව අපේ මැදිරියට.
“ආයුබෝවන්”
“හොඳයි මුවින්ඩික මැතිතුමනි,කාල වේලා ගතවන නිස අපි කෙලින් ම කතා බහට ම එකතු වෙමු එහෙනම්.මම මුලින්ම කැමතියි ඔබ තුමා මේ දිනවල වඩාත් ම ජනඅප්පිරියතාවයට ලක් වූ හෙලිදරව් කිරීම ගෙන අහල මේ කතාබහ ආරම්භ කරන්න.ඇත්තටම ඔබතුමාට අතුරුදහන් වුන මාධ්‍ය වේදීන් ගැන තොරතුරු ලැබෙන්නෙ කොහොමද?”
“ඔය අතුරුදන් වෙච්ච උන් මාධ්‍යවේදියෝ නෙවේ මල්ලි”
“එහෙනං”
“ඔය ගොල්ල මාධ්‍යවේදියෝ නෙවෙයි.දැන් ඔය සුගීත් එකසේරුමඩ ගන්නකො,මිනිහ නිකම්ම නිකං කාර්ටූන් කාරයෙක්”
“හරි කාර්ටූන් කාරෙයෙක් කියමු,කාර්ටූන් කාරයෝ මාධ්‍යවේදියෝ නෙවේද?”
“නෑ නෙ”
“එතකොට කවුද මාධ්‍යවේදීන්ට අයිති වෙන්නෙ?”
“මාධ්‍යවේදීන් කියන්නෙ මල්ලි,හඩුගඳ සමරේ, යකඩ අදර්මන්, ඇහින්ද අසුන්දර වගේ අපේ ලොක්ක ගේ, එතකොට අපේ කුණු හෝදන, ඉගිලෙන මාලුවෝ බිම දාන, පීනන කුරුල්ලෝ ගොඩදාන දේශප්‍රේමීන්ට නේ”
“ඇහුවට මොකුත් හිතන්න එපා.මමත් මාධ්‍යවේදීයෙක් නේද?“
“මේ මගේ ඇඟේ තියෙන මඩ ටික හොදල දෙනවකෝ.තමුසෙටත් මාධ්‍යවේදීයෙක් වෙන්න පුලුවන්“
“හරි හරි, එතකොට ඔය අතුරුදන් වුණ සුගීත් කාර්ටූන් කාරය ඇත්තටම කොහෙද ඉන්නෙ?”
“ප්‍රන්ශේ සහ අල්ලපු රට බෙල්ජියමේ තම පොර ඉන්නෙ.ඔය හැම රටකම මගෙ යාලුයෝ ඉන්නව නෙ මට නිවුස් එනවා.”
“ඇත්තටම පොර ප්‍රන්ශෙ ඉඳන් මොනවද කරන්නෙ?”
“මම මේ මුල් වතාවටයි මාධ්‍යයට කියන්නෙ.මේක විශේෂ හෙලිදරව් කිරීමක්.පොර ප්‍රන්ශෙ ඉදන් ප්‍රන්ශ විප්ලවය බෙල්ජියම ට කොපිපේස්ට් කරල බෙල්ජියම් විප්ලවේ කරල ආණ්ඩුව පෙරලන්නයි ඔය අර අඳින්නෙ”

“මොනවා, බලන්න දායාබර හිතවතුනි “බොල් නද“ අද මේ කරන සුවිශේෂී හෙලිදරව්ව“

“ඉතින් ඔබතුමා මේ ගැන බෙල්ජියම් රජය දැනුවත් කලාද?”
“නෑ මල්ලි,අපිට මොකටද මල්ලි අනුන්ගෙ රටවල් වල දේවල්,අපි අපේ දෙයක් බලන් ඉම්මු”
“එහෙනම් ඔබතුමා අපේ  විල මැද බංගලාවේදී කිව්වෙ සුගීත් ගැන විස්තර?”
“මේකනෙ මල්ලි,සුගීත් කොහෙද කියල අහ අහ මගෙන් වදේ නේ හැමදාම.ඒකයි කියල දැම්මෙ”
“එහෙම නැතුව ඔතන ඉදන් විල මැද බංගලා වරප්‍රසාද වලට මුවා වෙලා ඔනි ඇත්තක් බය නැතුව කියන්න පුලුවන් නිසා හෙම නෙවේ?”
“පිස්සුද මල්ලි?අපි එහෙම ඇත්ත කියන්න බය වෙනවද? මම ඊයෙ පෙරේදා තරාදිය අතට ගත්තු නෝනා ගේ ගෙදරට ගිහින් ඕකම කිව්වෙ, කිසි බයක්  නැතුව”
“ටිකක් අප්සෙට් ව හිටපු ලොක්කිවත් එලවල දැම්ම නිසා බය දැන් වෙන්න ඕනිම නෑ නේද? අනික දැන් එතන ලොක්කත් සූගීත් ඉන්නන තැන දන්න කෙනෙක් වෙච්චි කොට නේද?”
“මොනවද මේ කතා.රාජ් කුමාරයා නොව්නට අපි එඩිතර ගමේ කොල්ලො.ඔය වගේ දෙයක් යූ එන් සමුලුවේ උනත් කියන්න අපි බය නෑ යකෝ”

“ඒ වුනාට ඔබතුමගෙ ඉස්කෝලේ යාලුව ශොට් ඇම්ප්ලිෆීයර් කිව්වලු  නේද සුගීත් ප්‍රන්ශෙ නෑ කියල.ඔබ තුමාට පට්ට නෝන්ඩියකුත් දාල තිබ්බේ”
“ඕක ඔහොමමයි,ඒකාලෙත් ඕක මට උගෙන් කොපි කරන්නවත් දුන්නෙ නෑ විභාග වලදි.මොකවත් නෙවේ මල්ලි,ඉරිසියාව.වතිකානුවට වඩා ලොකුයි ඕකුන්ගෙ ඉරිසියාව”
“ඒ උනාට දැන් ඔබතුමා එක්ක විල මැද බංගලාවේ ජොබ් එක කරන බුවෙක් පස්සේ මාට්ටු කරගත්ත නේද නේද ශාක්සියට”
“අන්න බලන්න මල්ලි,සැන්ඩ්ල්වූඩ්.පොර දැකල තියෙනව සුගීත් ව බෙල්ජියමෙදි.මූ පැරිස් ඉදල ඒසී බස් එක්ක තමයි බෙල්ජියමට ඇවිත් තියෙන්නෙ”
“බෙල්ජියමේ මොන නගරෙටද මන්ත්‍රී තුමා බුවා ඇවිත් තියෙන්නෙ?”
“ආ……….මේ නගරේ නේද………………………..ඒක ඒක …. උඹ අහගනින් සැන්ඩ්ල් ගෙන්ම”
“සැන්ඩ්ල්වූඩ් කිව්ව නේ එයා ඔබතුමාට එහෙම කතාවක් කිව්වෙ නෑ කියල.”
“බලහන් බන්,ඉස්කූලෙ යන කාලෙ වගේ දැන් ජොබ් එකක් කරද්දී එතනත් ඉරිසියා කාරයෝ.දැන් මම තව එකෙක් හොයා ගන්න එපැයි අරූ ඉන්න තැන කියන්න. ඊලඟ කැබිනට් සංශෝධනයේදී පුංචි ඇමතිකමක් වත් ගන්න මට නෑනේ කිසි සපෝර්ට් එකක්”
“එක රටේ පුරවැසියෙක් හැටියට මම ඔබතුමාට ඔත්තුවක් දෙන්නද සුගීත් ඉන්න තැන ගැන?”
“කියහන්කො බන්”
“හැබැයි මටත් පොඩි උඩව්වක් ඕනි”
“මොකක්ද ඕනි උදව්ව?”
“ඔය ලැප් ටොප් මට වැඩක් නෑ.ඔබතුමාට පුලුවන්ද මට පිටරටකට සිස්සත්තයක් අරන් දෙන්න.මම කියන්නන් සුගිත් ඉන්න තෙනෙ ටක්කෙටම”
“සිම්පල් වැඩක් නෙ සිස්සත්තෙ හෙටම හදල දෙන්නම් උඔට.කියහන් කොහෙද මිනිහ ඉන්නෙ?ඊලඟ දවසෙ උසාවියට කියන්න උඹේ නමත් එක්කම”
“පොර ඉන්නෙ ලොවි ගහේ”
“හැහ්…. කොහෙද?”
“ලොවි ගහේ හලෝ, ලොවි ගහේ”

ප.ලි.අන් මත ගරු කරමු! කථනයේ ප්‍රකාශනයේ අයිතිය සුරකිමු !

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 19/07/2013, in ප්‍රබන්ධ. Bookmark the permalink. 6 Comments.

  1. අපි බයත් නැහැ.ණයත් නැහැ.නැද්ද අතේ රෙන ඉන්දික?

  2. මට නම් ආරංචි ලොවි ගහෙත් නෑ කියලා..

  3. Kenji @ Japan

    මුවින්ඩික ගෙන් ඉල්ලන්න තිබුනෙ ඊලග සැරේ ප්‍රංශයේ යද්දී එයාගෙ මව් යුවතිය ලගට ඇරලවන්න කියල.
    ඒ යුවතිය ලග ඕන තරම් පාඨමාලා තියෙනව කොල්ලොන්ට.

  4. @අරූ, දෙවියන් පය තියන්න බය තැන්වල යක්ෂයා ඩෙඟා නටනවලු!
    @මාතලන්, ලොවි බංකුවෙත් නැල්ලු !
    @කෙන්ජි, ඔය වගේ ඉන්ෆෝමේෂන් එකක් ලැබෙන්නේ කෙන්ජිගෙන් ම තමයි !

  5. ප්‍රශ්නයක් නෑ, ප්‍රශ්නයක් කරගන්න එපා. එහේ නැත්නම් ලෝකෙ තව රටවල් තියෙනව. ඊළඟ පාර තව කොහෙන් හරි එළියට දානවා. එයා හිටියත් එකයි නැතත් එකයි, ඒ පානෙන් තව කීප දෙනෙක්ටම ගොඩයන්න පුළුවන්.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: