X නගරයේ පොල් වෙළඳාම ~ 2වන කොටස – Competition that makes the consumer a king ~ Part 2

පළමු කොටස සඳහා මෙතනින් පිවිසෙන්න

මා මිත්‍ර බුවා කලින් ලිපියේ දී මතක් කල පරිදි “වෙළඳ ඒකාධිකාරය Monopoly” නම් තවත් සංකල්පයක් පිලිබඳව අවධානය යොමුකිරීම වැදගත්ය. මදකට සිතන්න Xනගරයේ පොල් වෙළදාම සඳහා සිටින්නේ පියදාස මුදලාලි පමණක්ම කියා.ඔහුට පොල් ගෙඩියක මිල නියම කිරීමට අසීමිත නිදහසක් ඇත.මක්නිසා ද යත් මිල කීයක්වුව ද අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බැවින් පාරිභෝගිකයාට  පියදාසගෙන් ම පොල් මිලදී ගැනීමට සිදුවීමයි. (ආහාර පිසීම සඳහා පොල් වෙනුවට වෙනත් විකල්ප සදහා යාමට ඇති ඉඩකඩ සීමිතය -නමුත් පාරිභෝගිකයා පොල් ටොෆි සෑදීම වැනි අමතර වැඩ සදහා යොමු නොවී සිටීම අපේක්ෂා කල හැක) .

දැන් නැවත් අප කලින් කියූ තරඟකාරී පොල් වෙළඳපල දෙස හැරෙමු. එකිනෙකා හා තරඟයට පොල් මිල රු50, රු45, රු40 ලෙස අඩු කරමින් තම ලාභය අඩු කරගන්නවාට වඩා වෙනත් දෙයක් පියදාසට හා සිරිසේනට කල නොහැක්ද? තම ආරක්ශාව වෙනුවෙන් මේ දෙදෙනාට සම්මුතියකට එලඹිය හැක. “නගරයේ පොල් ව්‍යාපාරිකයන් ගේ ඒකාබද්ධ සංවිධානය” වැනි ලේබලයක් යටතේ පියදාසට හා සිරිසේනට එක කොඩියක් යටට ගොනු වී පොල් සඳහා අවම මිලක් නියම කළ හැක. නගරවාසීන් ගේ වාසනාව මත සමහර විට මේ මිල සැබැවින් ම සාධාරන මිලක් හෝ, නොඑසේ නම් මුලින් ම තිබූ රු 50 ද ඉක්මවා යන කලු කඩ මිලක් ද විය හැක. පුද්ගලික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගෙන් සමන්විත තරගකාරී  නගරයේ පොල් වෙළදපල දැන් ව්‍යාපාරිකයන් දෙදෙනා ගේ සම්මුතිය නිසා යලිත් ඒකාධිකාරක් බවට පත්වී නැද්ද?(සමාන වෙළඳාමක නිරතවන ව්‍යාපාරිකයන් සංවිධානගතවීම වරදක් යයි මෙයින් කිසිසේත් ම අදහස් නොකෙරේ)

මාගේ නිරීක්ශනයට අනුව නම් ප්‍රයෝගිකව අප රට තුල සිදුවන්නේ මෙයයි. ලංකාවේ LPගෑස් ඒකාධිකාරය හිමිකරගෙන ඇති ෆෙල් හා ලාෆ් යන සමාගම් අප බලාපොරොත්තු වූ පරිදි ගෑස් සිලින්ඩරයක මිල තරගාරීව අඩු කිරීම වෙනුවට රජයට ද බලපෑම් කර රජය සමඟද එකඟතාවයකට පැමිණ මිල සූත්‍රය නම් ක්‍රියාවලියක් හරහා සමඟිව මාස 3 කට වරක් ගෑස් මිල වැඩි කරයි.

අපගේ අවධානය යොමු වන අනෙක් ඉසව්ව නම් අද රටේ දැවෙන ප්‍රශ්නය වන විදුලි ගාස්තුව තරඟකාරී වෙළඳපලක් තුල කෙසේ පවතී ද යන්නය.

මෙහිදී මුලින් ම අප විස්න් අවබෝධ කරගතු යුතුව ඇත්තේ විදුලි බලය, ජංගම දුරකථන සේවා හෝ පොල් වලට වඩා වෙනස් භාණ්ඩයක් බවයි. ජල විදුලිය නම් ජංගම දුරකථන සේවා සහ පොල් වලට සන්සන්දානාත්මක වුවද (විශාල ආර්මභක පිරිවැයක්[initial cost]මිස එදිනෙදා ධාවන පිරිවැය[running cost] විශාල නොවීම). මේ වන විට විශාල ලෙස භාවිත වන ඛණිජතෙල් මගින් නිපද වන විදුලිය කිසිසේත් ම  කිසිසේත් ම ජංගම දුරකථන සේවා හෝ පොල් වලට සංසන්දනාත්මක නොවේ. එනම් ඛණිජතෙල් නිතර මිල වෙනස් වන මුලුමනින් ම ආනයනය කරන භාණ්ඩයක් බැවින් විදුලිය නිපදවිමට විශාල පිරිවැයක් දරන්නට සිදුවීම අනිවාර්යය.(විදුලියේ නිශ්පාදන පිරිවැය ගැන දත්ත මෙතන තියෙනවා). එනම් කුමන සමාගමකට වුව ද තම නිශ්පාදන පිරිවැය පියවාගෙන සාධාරන ලාභයක් ද ලබා තරඟකාරී අඩු මිලකට විදුලිබලය වෙලඳපලට නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව පැහැදිලිය.  අ‍නෙක් අතට අඩු මිලට – වැඩි වෙළඳාම යන සංකල්පය යටතේ වැඩි විදුලි පරිභෝජනයකට (ජංගම දුරකථන සමාගම් කරන්නාක් මෙන්) ජනතාව පොළඹවා ලාභය වැඩි කිරීමට ද නොහැක්කේ විදුලිය ස්වාභාවයෙන් ම සීමිත සම්පතක් වන බැවින් සහ ලොවම අගයන බලශක්ති සංරක්ශණය යන සංකල්පය  අප රටේ ජනතාව තුලද පැලපදියම් වී ඇති බැවිණි. කතාකරනවාට කෙටි පණිවිඩ යවනවාට අමතරව අන්තර්ජාල සේවා, ලොතරැයි ප්‍රතිපල, නිඩුස් ඇලර්ට්ස්, ප්‍රශ්න විචාරක, සුපිරිතරු තේරීම වැනි නිර්මාණාත්මක ක්‍රියාවන් හරහා තම අලෙවිය වැඩිකරගැනීමට ජංගම දුරකථන සේවාවන් සතු ශක්‍යතාව විදුලිය අලෙවි කරන ව්‍යාපාරිකයෙකුට නැත.

නමුත් රජයේ ඒකාධිකාරයෙන් විදුලි වෙළඳාම ඉවත් කලොත් අපට එක් දෙයක් නම් බලාපොරොත්තු විය හැක.එනම් ෂෙල් හා ලාෆ් සමාගම් වල රංගනය විදුලිය හරහා ද අත්දැකීමට ලැබීමය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 28/04/2013, in මතවාද. Bookmark the permalink. 6 Comments.

  1. //කතාකරනවාට කෙටි පණිවිඩ යවනවාට අමතරව අන්තර්ජාල සේවා, ලොතරැයි ප්‍රතිපල, නිඩුස් ඇලර්ට්ස්, ප්‍රශ්න විචාරක, සුපිරිතරු තේරීම වැනි නිර්මාණාත්මක ක්‍රියාවන් හරහා තම අලෙවිය වැඩිකරගැනීමට ජංගම දුරකථන සේවාවන් සතු ශක්‍යතාව විදුලිය අලෙවි කරන ව්‍යාපාරිකයෙකුට නැත.//

    විදුලි ව්‍යාපාරිකයෙකුට කල හැකිදෑ වලට උදාහරණ:
    1. විදුලි රැහැන් හරහා අන්තර්ජාල පහසුකම් සැපයීම.
    2. පොලොව යටින් විදුලි කේබල් ඇද ඇතිනම් ඒ සමග ෆයිබර් ඔප්ටික් කේබල් ඇද ඒවා දුරකථන සමාගම් වලට කුළියට දීම.
    3. ඉවතලන කඩදාසි/කසල ආදියෙන් විදුලිය නිපදවීම.
    4. තමන්ගේ නිශ්පාදන පිරිවැය අවම කරගැනීමෙන් ලාභයක් උපදවීම.

  2. නෑනේ.. එහෙම වෙන්නේ නෑ. විදුලිය වැඩි කළාම. කවුරු කවුරුත් විදුලිය භාවිතා කරන එක අඩු කරනවා. නැත්නම් නවත්තලා දානවා. මතක තියාගන්න විදුලි පරිභෝජනය කරන පාරිභෝකයින්ගෙන් 80% අවම වොට්ස් ගානක් පරිභෝජනය කරන අය. එතකොට ලංකාව අඳුරේ ඉඳගෙන ආසියාවේ ආශ්චර්ය වෙනවා. එතකොට ලයිට් දෙන්න වෙන්නේ කළාමැදිරියන්ට. ඉල්ලුමක් නැති උනාම. එකාධිකාරයට අඩුවට විදුලිය දෙන්න වෙනවා. එහෙම නැත්නම් වයර් ඇදලා චීනෙටම විදුලිය දෙන්න වෙනවා. අපි පට්ට කළුවරේ ආසියාවේ ආශ්චර්ය විඳිනවා.

  3. @රැඩිකල් – අදහසට ස්තුතියි, නරකම නෑ
    @මාතලන් – මොනව උනත් විදුලි මිල අඩුවෙයි කියල නම් හිතන්න අමාරුයි. විදුලිබලමණඩලයක් කෑලි කරල හරි හිතවතුන්ට දෙන්න නම් ඉඩ තියෙනව පාඩුයි කියල.

  4. රාජ්

    විද්ලිය ගැන කතාකරල වැඩක් නෑ. සමහර අංශ විගණනයට පවා ලක්වෙන්නෙ නැහැල්ලුනෙ.
    ජයශ්‍රී කලින් කියල තියන පොල් කතාව ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. තරගය තුලින් පොල් මිල අඩුවේගෙන යනකොට ආණ්ඩුවෙන් ගහනව පොල් ගෙඩියට බද්දක්. ව්‍යාපාරිකයත් ඉවරයි පාරිභෝගිකයත් ඉවරයි.

  5. මේ කතා කරන්නේ විදුලිය ගැන නම් පුද්ගලික අංශයට පමණක් විසදිය හැකි ප්‍රශ්නයක් නෙමේ එය. බෙදා හැරීම නම් පුළුවන් වෙයි. නමුත් නව බලාගාර සැදීම පුද්ගලික අංශයට පමණක් කල නොහැකියි. එසේම ලංකාවේ පුද්ගලික අංශය මහා පරිමාණ මෙන්ම දිගු කාලීන සංකීර්ණ ව්‍යපෘති වලට අත ගහනවා අඩුයි.

    ආර්ථික විද්‍යාවේ පොතේ තිබෙන තියරි ක්‍රියාත්මක කිරීමේදී ප්‍රයෝගික ගැටළු මතු වීමත් සිදු වන දෙයක්.

  6. මම මෙහිදී බලශක්තිය ගැන නොකියා විදුලිය ගැනම කතා කරන්නම්. මෙහි කතා වන පුද්ගලික විදුලි බලාගාර හා ඒවාට ඇති ගිවිසුම් ගැන බොහෝ දෙනෙක් හා අපේ ජනමාධ්‍ය කතා කරන්නේ මහා කුමන්ත්‍රණ ලෙස.

    නමුත් ප්‍රශ්නය මේ පුද්ගලික බලාගාර නොමැති නම් රටේ රටේ සැහෙන කොටසක් අඳුරේ. ඒ නිසා මොන ගාන දීල හරි ඔවුන්ගෙන් විදුලිය ගන්න වෙලා තිබෙනවා.
    වෙනත් වචන වලින් කියනවා නම් ඒ වලින් ගන්නවා හැර වෙන විසඳුමක් නෑ.

    ඒ වගේම බොහෝ දෙනෙක් දරන මතය විදුලි බිල අඩු කල යුතු බව. නැත්නම් එය රජය දැරිය යුතු බව.(මහජනතාවට බර නොදී රජය පාඩු දරා ගන්නවා කියන්නේ මොන තරම් තේරුමක් නැති කතාවක්ද කියල ආර්ථික විද්‍යාව ගැන උනන්දුව ඇති අය දන්නවා).

    විදුලි බිල ගැන නම් කියන්න තිබෙන්නේ ලිපේ සිටින කකුළුවාට වුනු දේ. මේ අර්බුධය හිටි ගමන් ඇති වූ දෙයක් නෙමේ. මෙහි ආරම්භය උනේ අනුව දශකයේ ගල් අඟුරු බලාගාර පමා වෙන්නට ගත් මොහොතේ සිට.ගල් අඟුරු නැති වුනොත් අර්බුධයක් ඇති වෙනවා කියල ඒ කාලෙම අනතුරු ඇගවීම් කළා. නමුත් ඒ සියල්ලම වෙද්දී කටක් නොඇර සිටි අපේ ජනතාවට විදුලිය මතක් උනේ බිල වැඩි උනාම. නමුත් “රජය විදුලි බිල අඩු කල යුතුයි/ විදුලි බිල නොගෙවමු” වගේ තේරුමක් නැති කතා මිස වැඩක් ඇති දෙයක් කතා වෙනවා අඩුයි. උදාහරණයක් ලෙස 2016 වෙද්දී මෙගා වොට් 500 ගල් අඟුරු බලාගාරයක් (නොරෝචෝලේට අමතරව) නොතිබුනොත් තවත් විදුලි අර්බුධයක් ඇති වෙනවා කියලා දැනටමත් ආචාර්ය සියඹලාපිටිය අනතුරු හඟවල තිබෙනවා. නමුත් අද වනතුරු මේ ගැන වචනයක් කව්රුත් කතා බහ කරනවත් මම දැකල නෑ.

    ඒ වගේම න්‍යෂ්ටික බලය ගැන චම්පික රණවක දක්වන උනන්දුව ගැන රටේ නැති කතා කියන එකක් මිසක් වෙන දෙයක් කෙරෙන්නේත් නෑ. සමහරවිට තව දශක දෙක තුනකින් විදුලි බිල තව හතර පස් (අඩුම ගානේ) වැඩි උනමවත් එකත් හොදයි කියල හිතේවි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: