විදුලි අර්බුදය, වෙනස් කියැවීමක් – Take a look by a different angle

විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගත නොහැක. ඒ ගැන වාදයක් නැත. වැඩි කල ආකාරය ජුගුප්සාජනකය (එකවර වැඩි නොකර ජනතා අදහස් විමසුවේ මොන ඇන්නෑවකටද?) නමුත් විදුලි මිල පිලිබඳව පුද්ගලිකව මවිසින් කල විස්තරාත්මක නොවන ලඝු විමර්ශනයකට අනුව පැහැදිලිවන්නේ විදුලි බිල වැඩිවීම රටේ සමස්ථ ආර්ථික අර්බුදයේ ම කොටසක් බවයි.සැබැවින් ම මාසික පරිභෝජනය ඒකක 90 ට අඩු පාර්භෝගිකයන් ගේ විදුලි ගාස්තුව විදුලි නිශ්පාදන පිරිවැයට සාපේක්ෂව එතරම් අසාධරණ ගාස්තුවක් නොවේ. අප රටේ සැබෑ අර්බුදය නම් එවන් සාධාරන මිලක් ගෙවීමට තරම් වත් ආර්ථික වශයෙන් සවිබල තත්වයක රටේ බහුතර ජනතාව නොසිටීමයි.

පහත වගුව දෙක දෙස අවධානය යොමු කරන්න. මෙහි සංශෝධිත විදුලි ගාස්තුව විදුලි පරිභෝජනය ඒකක 10 න් 10ට ගණනය කොට ඇත්තේ, ස්ථාවර ගාස්තුව හා ඉන්ධන ගැලපුම් ගාස්තුව ද එකතු කොටය.

 ElE per unit

දෙවන වගුවෙන් දැක්වෙන්නේ පර්භෝජන ඒකක ගනන අනුව පාරිභෝගිකයා ඒකකයකට ගෙවිය යුතු ගාස්තුව වෙනස් වන අන්දමය.

ElE per unit2

තෙවන වගුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් මිලට ගන්නා මිල ගනන් දැක්වේ. එය ඒකකයකට රු 17 පමණ සිට 25 දක්වා පරාසයක විහිදේ.

ELE pay

සිව්වන වගුවෙන් විදුලි ඒකකයක නිපැයුම් පිරිවැය (යොදාගන්නා ක්‍රමය අනුව) දක්වා ඇත.ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රු130 ලෙස ගෙන මේ වගුවේ අවසාන කොලම සකසා ඇත. ඒ අනුව විදුලි ඒකකයක නිපැයුම් පිරිවැය රු9 ත් 20ත් අතර වන බව පැහැදිලිය.(අධික පිරිවැයක් ඇති එනම් රු 31ක් දරන සූර්ය ශකිත්ය අමතක කොට දමමු). මේ නිපැයුම් පිරිවැයට වෙනත් උඩිස් වියදම් හා ලාභය ද එකතු විය යුතුය. වගු අංක 2 නැවත බලන්න. තවමත් අප රටේ ඒකක 90 ට අඩු මාසික පරිභෝජනයක් ඇති පාරිභෝගිකයන්ට විදුලිය ලබා දෙන්නේ නිපැයුම් පිරිවැයටත් වඩා අඩු මුදලකටය. එනම් පාඩුවටය. 

ElE per unit3

මූලාශ්‍රය, http://www.eia.gov/forecasts/aeo/electricity_generation.cfm

විදුලි බලය නිපදවන මිලට සාපේක්ෂ මිලකට එය මිලදී ගැනීමට නොහැකි ජනතාවක් වීම පිලිබඳව අප ද, අප එවන් තත්වයකට පත් කිරීම ගැන මෙහි පාලකයන් ද ලජ්ජා විය යුතුය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 21/04/2013, in කාලීන, මතවාද. Bookmark the permalink. 8 Comments.

  1. අප මුලින්ම ලජ්ජා විය යුත්තේ විදුලි ජනනය පිළිඹඳ දීර්ග කාලීන දැක්මක් නොමැති කමින් මෙතරම් මුදලක් එක විදුලි ඒකකයක් නිපදවීම සඳහා වැය කිරීමට සිදුවීම ගැනය.

    යම් ක්‍රමයකින් අපට අඩු වියදම් විදුලි සැපයුමක් තිබුනානම් අපගේ ආර්ථිකය මීට වැඩ ශක්තිමත් වීමට ඉඩ තිබුණි. කිමද සෑම ව්‍යාපාරයකම වියදම එමගින් අඩු වන නිසාය. එමෙන්ම අපගේ මුදල්ද අප රටේ ඉතිරි වේ. උදාහරණයක් ලෙස ඉවුම් පිඋම් කටුතු සඳහා gas භාවිතය ගැන සිතන්න. හරිනම් අප ඒ සඳහා විදුලිය යොදාගත යුතුය (ආනයනය කරන gas වලට අඩු වියදමකින් විදුලිය දේශීයව නිපදවීම මගින් ).

    අපගේ දීර්ග කාලීන ඉලක්කය විය යුත්තේ විදුලි නිෂ්පාදන වියදම හැකි තරම් අඩු කරගෙන (දේශීයව නිපදවන විදුලිය අනයනිත ඉන්දන වලට වැඩ ලබදායක විය යුතුය ). ආනයනය කරන ලද ඉන්දන භාවිතය හැකි තරම් අඩුකර ඒ වෙනුවට විදුලිය භාවිත කිරීමය. රථවාහන සඳහා අපට තව දීර්ග කාලයකට අනයනිත ඉන්දන අවශ්‍ය උවද. ඉවුම් පිඋම් සහ කර්මාන්ත සඳහා ප්‍රදාන ඉන්දනය ලෙස දේශීයව නිෂ්පාදනය කරනලද විදුලිය භාවිතය මගින් අපගේ ආර්ථිකය ශක්තිමත් කරගත යුතුය.

    විදුලි අර්බුදයට මුල අපගේ දුර්වල ආර්ථික තත්වය නොව, අපගේ දුර්වල ආර්ථික තත්වයටඑක හේතුවක් වන්නේ මේ විදුලි අර්බුදයි. කෙසේවෙතත් අප එය නම් කල යුතෙහෙ විදුලි අර්බුධය ලෙස නොව, බල ශක්ති අර්බුධය ලෙසිනි. කිමද ගැටලුව වන්නේ අපගේ පැවත්ම හා දියුණුව සඳහා අවශ්‍ය බල ශක්තිය සඳහා අපට දරාගත නොහැකි වියදමක් දැරීමට සිදුවී තිබේ.

    • ප්‍රතිචාරයට ස්තුතියි රඛිත.
      හේතුව පලය වේ – පලය හේතුව වේ.මේක විෂම චක්‍රයක්.කොතැනින් හො බිඳිය යුතුයි.

  2. ජලය මගින් විදිලිය නිපදවීමේ අවස්ථා තව දුරටත් නොමැති බවක් තමයි ක්ෂේත්‍රයේ නිපුනයන් කියන්නේ. ඒත් ඒක මට නම් පිළිගන්න බෑ. කෙසේ වෙතත් අඩු වියදම් විදුලි බල උත්පාදන ක්‍රම වල සීඝ්‍ර සංවර්ධනයක් නොකලොත් අර්බුදය තවත් උග්‍රවේවී. මම බුකියේ දැක්කා ලංකාවේ ඉංජෙක් සුලං බලෙන් යන කාර් එකක් හදලා තියෙනවා. හරි රටක් නම් රටේ ප්‍රධානම නිව්ස් එක වෙන්න ඕන ඒකයි. ඒත් අපේ රටේ ළෝකේ අනෙක් රටවල්වලට වඩා වෙනස්නේ. කරුමෙ තියෙන්නේ එතනයි.

  3. විදුලි බිල වැඩිවෙන්න හේතුව නිෂ්පාදන පිරිවැය ඉහල යාම නිසා කියලයි ආණ්ඩුව කියන්නෙ. ඒත් ජේවීපීය කියන්න වගේ බිල වැඩිවීමට හේතුව වෙන එකක් කියල පිලිගන්න පුළුවන්. විදුලිබල මණ්ඩලයේ සමහර අංශ විගණනයට පවා ලක් වෙන්නෙ නැත්නම් බිල ගැන කතා කිරීම තේරුමක් නැති වැඩක්.

    • දූෂණය ප්‍රශ්නයේ කොටසකි .

      උදාහරණයකට ගතහොත් විදුලි බල මණ්ඩලය රජයේ ආයතනයක්ව තිබියදී විදුලි හිඟය පිරිමැසීම සඳහා පොඋද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීම දිගුකාලීන දූශයට ඇත වැනීමකි. කිමද එමගින් රටේ විදුලි අර්බුදයෙන්වාසි ලබන ව්‍යාපාරික ප්‍රජාවක් බිහිවන බැවිනි. ඔව්න්ගේ පැවැත්ම සඳහා විදුලි අර්බුදය අවශ්‍ය වේ. විදුලි බල මණ්ඩලය පොඋද්ගලික ආයතනයක් උනානම් ප්‍රතිපලය වෙනස් වීමට ඉඩ තිබුණි.

  4. යකෝ ‍තෝ මහින්දට පුක දී පං

  5. විදුලි බල මණ්ඩලය පාඩු නොවී පවත්වාගෙනයාම සඳහා අනිවාර්යයෙන් විදුලි බිල වැඩි කිරීම හැර වෙන විකල්පයක් නොමැත. විදුලි බල මණ්ඩලය පාඩු පිට තබා ජනතාවගේ බදු මුදලින් පාඩු පියවීම අනික් විකල්පයයි. මෙසේ භාණ්ඩාගාරය පාඩු පියවන මතුවන ගැටලුව නම් අයි එම එෆ් ලෝක බැංකු වැනි අපි අය වැය හිගය පියවගන්න නය ගන්නා ආයතන නය දීමට යාමේදී මේ ගැන ඇසීමයි. ඇයි පාඩු ලබන ආයතන වලට මුදල් දාල අයවැය හිගය මේ තරම් වැඩි කරගන්නේ ඕව පුද්ගලිකකරණය කරන්න යනුවෙන් ඔවුන් කොන්දේසි පනවයි.
    මහින්ද රාජපක්ෂ රජය බලයට පත්කරන ලද ප්‍රධාන ධාරාව පුද්ගලිකකරණයට විරුද්ධ මත දරන මිනිසුන්ය.
    එනයින් මෙතැනදී රජය පොදු බහුතර මහජන මතයට අවනතව ඇත. මේවා පුද්ගලිකකරණය වීම වැලක්වීමට ගත හැකි ප්‍රථම ක්‍රියාව මිල වැඩි කිරීමයි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: