ඇයි මීට කලින් මාව දැකල නැද්ද? – Haven’t you ever seen me before?

Malinga

ලසිත් මාලිංග වීරයකු කලේ ජනමාධ්‍යය යයි කීම, ජනමාධ්‍යයේ ස්වයං අධිතක්සේරුව පිලිබඳ කදිම නිදසුනකි. නලුවෙකු, ගායකයෙකු, හෝ සමහර විට දේශපාලකයෙකු, හෝ ජොතිර්වේදියෙකු සමාජයේ ඉහලට ඔසවා තැබීමේමී හැකියාවක් ජනමාධ්‍යය සතුව ඇතිමුත් ක්‍රීඩකයෙකු එලෙස ඉහලට එසවීමට ජනමාධ්‍යය සතු ශක්‍යතාව විවාදාපන්නය.මක්නිසාද  යත් ක්‍රිකට් හෝ මොනයම් ක්‍රීඩකයෙකු සමාජයේ ලබන ප්‍රතිරූපය තනිකරම පාහේ ඔහු ගේ කුසලතවය මත ගොඩනැගෙන්නක් බැවිනි. ලංකවේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රකට් ක්‍රීඩකයින් විශල පිරිසක් (මින් අදහස් කරනුයී පුහුණු සංචිතය ද ඇතුලුව ය) සිටින මුත් ජනතව අතර වීරයන් බවට පත්ව සැලකුම් ලබන්නෙ ඉන් අත්ලොස්සක් පමණි. සනත්, අර්ජුන, මුරලි, සංගක්කාර, මහේල, එවැනි වීරයන් කීප දෙනෙකි. මාලිංග ද අයත්වන්නෙ එම කුලකයටයි. ඔහුගේ වීරත්වය පිටුපස තනිකරම ඇත්තේ ඔහුගේ කුසලතාවයයි. උදාහරණයක් ලෙස ලෝක කුසලන තරගවලියකදී පිටපිට පන්දු 4ක දී කඩුලු 4 දවාලමින් ඔහු පෑ අසාමාන්‍ය දක්ශතාවය ප්‍රේක්ෂක දෑස් වලින් සැඟවීමේ හැකියාවක් කිසිදු ජනමාධ්‍යයක් සතුව නැත.

ලසිත් මාලිංග මාධ්‍යයයට බැන වැදුන විට “ඔයාව ඔතෙන්ට ගෙනවෙ අපි, දැන්  වට්ටන් නම් හිටපු තැනටම” කියමින් වහසි බස් දෙඩීම පල රහිත වන්නෙ එබැවිනි.එදින මාලිංග ගේ හැසිරීම ක්‍රීඩකයෙකුට හෝ කිසිදු මහත්මයෙකුට නොගැලපෙන්නක් බවට තර්කයක් නැත. නමුත් මෙහිදී මාධ්‍යයයේ යී සිත් රිදුනා කියා මාලිංගට පාඩුවක් වීද? නැත. ඔහු හොදින් ක්‍රීඩා කරන තාක් මාධ්‍යයට ඔහුට එරෙහිව කලහැකි කිසිවක් නොමැත. මෙහි  මාලිංග සිටින තැනට ඔහු වෙනුවට ගායකයෙකු ආදේශ කරන්න. මාධ්‍යය සමග ගැටුමක් ඇතිකරගන්නා ගායකයෙකුට ප්‍රතිචාර ලෙස මාධ්‍යය එකටෙක කිරීමක් වශයෙන් ඔහුගෙ ගීත වාරණය කලේ යයි මොහොතකට සිතන්න. මෙයින් එම ගයකයාට සිදුවන බලපෑම කෙබඳු ද? සමහරවිට ඒ ඔහු ගේ විනාශයම විය හැක.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ජනමාධ්‍යය අවශ්‍යවේ නම්  අවශ්‍ය වන්නෙ ඔහු ජාතික කණ්ඩයමෙන් පිටත සිටින විටෙක ජාතික කණ්ඩායමට ඇතුලත් වීම සදහා බලධාරින් ගේ දෑස් ඔහු වෙත යොමු කරවීමටය. මාලිංග ජාතික කණ්ඩායමේ ස්ථාවරව සිටින නිසා ඔහු මේ අවදිය පසු කොට ඇති බව පැහැදිලිය.අඩු කුසලතාව නිස කණ්ඩායමෙන් ඉවතට විසි වී සිටින කලෙක නැවත කණ්ඩායම තුලට ඇතුල් වීම සදහා නම් මාධ්‍යයට යම් තීරණාත්මක වැඩ කොටසක් කල හැකි නමුත්, බලධාරීන් ක්‍රියාකරන්නෙ මාධ්‍යයට හෝ ජනතාවට අවශ්‍ය පරිදි නොව වෙනයම් න්‍යාය පත්‍රයකට අනුව බව මෑත කාලීන උදාහරණ රැසකින් පෙන්විය හැක.මාධ්‍යය හා ක්‍රීඩකයන් අතර අනෙක් සම්බන්ධය නම් වෙලඳ ප්‍රචාරක දැන්වීම්ය. මෙය ද ක්‍රීඩකයාගේ කුසලතාව හ වෙලෙන්දාගේ මුදල් මත පවතින ගනුගෙනුවක් බැවින් මාධ්‍යයට කල හැකි බලපෑම ශුන්‍යය.

එසේ නම් මාලිංග (හෝ ඕනීම ක්‍රීඩකයෙකූ ) හොදින් ක්‍රීඩා කරන තාක් ඔහුගෙ ප්‍රතිරූපය බිද වැට්ටවීමට මාධ්‍යයයට කලහැකිදේ සීමිත බව පැහැලිය.

නමුත් මොන තරමී වීරයෙකු වුවද මාධ්‍යය සහ ජනතාව ඉදිරියේ හැසිරීමට නොදන්නේ නම් ඒ ඔහුගේ නොහැදියාව මිස අන් කිසිවක් නොවන බව ද සටහන් කලයුතුය. 

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 15/03/2013, in කාලීන. Bookmark the permalink. 5 Comments.

  1. මාලිංග සාමාන්‍ය ක්‍රිඩකයෙකුගෙන් එහා ගොස් තරුවක් බවට පත්වීමේ සම්පූර්ණ හැකියාව ඔහුම බව මාගේද විශ්වාසයයි . එහිදී දක්ෂතාව මෙන්ම සිය කොණඩ විලාසිතාව, ආවේණික පන්දු යැවීමේ ඉරියව්ව මෙන්ම . පිටය තුලදී සිනහ මුහුණින් තමන්ට එල්ල වන 6පහරවල් පවා දරා ගැනීම (අන් කිසිදු වේග පන්දු යවන්නෙක්ගෙන් මා මේ තත්වය දැක නැත ) ආදීයද ඇතුලත්ය . මාධ්‍ය වලට තමා ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටවත් දැන් මාලිංගව වට්ටනට හැකියාවක් නැත . ඔහු අයිපීල් බිග් බැශ් තුල තව වසර කිහිපයක් ක්‍රිඩා කලත් ඔහුගේ ආදායම් , ජනප්‍රියතාවය ආදීය හීන නොවී පවත්වාගත හැක

  2. මාලිංගගෙන උනේ තැකිය නොයුතු තරමේ දෙයක්. ඒක උනත් සිඳු නොවුනා නම් අගෙයි. එහෙත් ජඩ මාද්දිය වේදීන් නම් පෙන්නුවේ, උන්ගේ ජඩ කමයි. ජඩ මාද්දිය වේදියෝ ක්‍රිකට් වලට කරපු ලබ්බක් නෑ. ක්‍රිකට් කරන්නේ ක්‍රිකට් මාෆියා එකට ඕන විදියට. කාලෙන් කාලේට ලීඩර් ෂිප් එක වෙනස් වෙනවා. දැන් ඔය ජබ මාද්දිය වේදියෝ පෙන්නා දුන්න එක ක්‍රීඩකයෙක් වත් ටීම් එකට ගත්තද නෑ. අර්ජුන හදාපු මාෆියාව අද දක්වා යනවා. අද අර්ජුන බබා වෙන්න යනවා. ජඩ මද්දිය වේදියෝ තිලංගගෙයි, ධර්මදාසගෙයො බෝතල් වලට විචාර ලියනවා. ඇත්ත ඕකයි. අපි ඕවා ලිව්වම. ඔය වැදගත් මහත්තුරු. පට්ට කුණුහබ්බ කෙලිනවා. ඕන්න පට්ට ළිපියක් ලියලා තියෙනවා ටිරන් කුමාර බංගගමාආරච්චි, රාවයට. අදටත් බලන්න පත්තරයක් තියෙන්නෙ එච්චරයි.

  3. @බුවා, මාතලන්, ඔබත් සමග එකඟයි.

  4. අපේ රටේ ජනමාධ්‍ය හිතාන ඉන්නෙ ඒ අය තමයි පොරවල් කියලා.ඇත්තම කියනවනම් හැදියාවක් නැත්තෙ ජනමාධ්‍යටයි. පලමු වීඩියෝවේ සංගාගෙන වැරදි වචනයක් පිටකර ගන්න නොසැහෙන්න මහන්න්සි ගන්නවා. සංගට ගැලවෙන්න පුලුවන් කම තිබුනට මාලිංගට ඒ හැකියාව නෑ. ඔහු කොටු උනෙ ඒ නිසයි. ඒත් ඔහු කතා කල ආකාරය ඔහු ගේ පෞරුශත්වය්ට කැලලක්.
    …මෙතන මාලිංගගෙන් අහන ප්‍රශ්නයට නෙමෙයි ඔහු උත්තර දෙන්නේ . ඒකියන්නේ ජනමාධ්‍ය අපෙන් හන්ගන්නෙ අන්න ඒකයි ඒක හරියට සිරස ෆයිනල් කට් අන් එඩිටඩ් කරනවා වගේ .. හා හා හා

Leave a reply to ලොකුජොන් Cancel reply