විස්කෝතු කෑ දරුවා ගේ මරණය – Untimely death of a child

[ලේඛකයා  Holiday blogger කෙනෙක් බවට බවට පත්ව සිටින නිසා කල් ඉකුත් වූ මාර්තෘකාවක්  ගැන ලිවීම පිලිබඳව  පාඨකයෝ සමාවෙත්වා.]

මුලින් ම කිව යුත්තේ ලේඛකයා උපන්දා සිට අත්දැක තිබූ බිහිසුණු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ද, වේලුපිල්ලේ පිරබාහිරන් නමැති හිත්පිත් නැති ඝාතකයා විනාශ කිරීමට ද ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් දියත් කළ මානුශික මෙහෙයුම සහ එහි ජයග්‍රාහී අවසානය ද කිසිදු දෙගිඩියාවකින් තොරව ජාතියක් ලෙස අප ලැබූ විජයග්‍රහණයක් යයි සලකණ බහුතර ශ්‍රී ලාංකිකයන් අතර ජයශ්‍රී ද සිටින බවයි. ඒ සම්බන්ධව අදාල පාර්ශවයන්ට කෘතඥතාව පල කිරීමට ද නොපැකිල ඉදිරිපත් වෙමි.

නමුත් ඊයේ පෙරේදා කරලියට ආ පිරබාහිරන් ගේ බාල පුතු ගේ යයි කියන ඡායාරූප කීපය ලේඛකයා ගේ සිත ද බලවත් සේ කම්පනයට පත් කළ බැව් නොකියා ම බැරිය.

නමුත් මේ ඡායාරූප දැකීමෙන් සිතේ හටගත් කුකුස මෙසේ සටහන් කොට තබමි. මේ සේයාරූ වල සිටින්නේ බාලචන්ද්‍රන් හෝ වෙනයම් දරුවෙක් හෝ වේවා මිය ගොස් සිටින්නේ වෙඩි වැදීමෙන් බොහෝ දුරට ස්තිරය. නමුත් වෙඩි වැදී මියයාමට පෙර ඔහුට කෑමට යමක් ද බීමට යමක් ද දී ඇති බැව් අනෙක් ඡායාරූප වල දැක්වේ. ඝාතනය කිරීමට නියමිත අයෙකුට ඝාතකයාගෙන් ආගන්තුක සත්කාර කීරීමක් බලාපොරොත්තු විය හැකිද? මේ පරස්පරය පැහැදිලි කළ හැක්කේ කෙසේද?

ඒ දරුවා බිලිගත්තේ බහුතර මතයට පිරින් ගිය එක් ද්‍රෝහී තුවක්කුකරුවෙකු විසින් විය නොහැකි ද? ඔහුට ආහාර වලින් සංග්‍රහ කළේ ද, වෙනත් අවස්ථාවක පිරබාහිරන් ගේ දෙමාපියන් කරේ තබාගෙන ගෙනවිත් උපස්ථාන කළේ ද මේ බහුතර මතවාදයයි. (මේ මහලු යුවල පසු කළෙක ස්වාභාවිකව මියයන තුරුම මෙරට දිවි ගෙවීය). එසේම ඒ යුද සමයේ දයා මාස්ටර් බඳු දස දහස් ගනනක් සාමාන්‍ය ජනතාව (මහල්ලන් මෙන්ම කුඩා දරුවන්) අතින් අල්ලාගෙන රජයේ පාලන ප්‍රෙද්හ වෙත ගෙන ගොස් රැක ගත්තේ මේ බහුතර මතවාදදයි.

(බහුතර භාරතීයන් ගේ අසහාය වීරයෙක් වූ මහත්මා ගාන්ධිතුමා ගේ ජීවිතය, ඔහුට එරෙහි එක් සීක් ජාතිකයෙකු විසින් විනාශ කරන ලද බව පාඨක ඔබට මතක් කරදීමට අවසර දෙන්න.)

අනෙක් අතට මේ දරුවා සිටින්නේ කොටි කඳවුරකය, ඔහු ඝාතනයට ලක් කරන්නේ කොටි සංවිධානය විසින්ය යන මතය ද කිසිසේත් ම බැහැර කල නොහැක්කකි.

කලකට ඉහත මෙලෙස ම අහිංසක දරුවන් ගේ, මෙන්ම නිරායුධ වැඩිහිටියන්ගේ ද රුධිරයෙන් මේපොලව තෙත් වූ වාරගණන් අපමණය. ඒ පිරබාහිරන් නම් අලුගෝසුවා ගේ අණින් ක්‍රියාත්මක වූ ආත්මඝාතක මිනිස් බෝම්බ මගිනි. එලෙස මියගිය සිංහලයන් ගැන කටේ කෙල බිඳක් නොහෙලූ සමහරුන් අද මේ දරුවා සහ ඔහුගේ මරණය ගැන කිබුල් කඳුලු හෙලීම වටහාගත නොහැකි තවත් උහතෝකෝටිකයකි.

යුද්ධය, මිනිසුන් දෙපිරිසක් අතර ඇති ගැටලුවක් විසඳා ගැනීමට ඇති නරක ම මෙන්ම අවසාන විකල්පයයි. උතුරේ එල්ටීටීය හා තිබූ ගැටලුව විසඳීම සඳහා ශ්‍රීලංකා රජයට යුද්ධයට යොමුවන්නට සිදුවූයේ කිහිපවිටක් ම ත්‍රස්තවාදීන් විසින් රවටනු ලැබ වෙන විකල්පයක් නොමැතිව බිත්තියටම හේත්තු කොට සිටි මොහොතකය. ඒ යුද්ධය ජයග්‍රාහීව අවසන් කළ නිසා අද අපි සියලු දෙනා සැනසීමෙන් ජීවත් වෙමු. (මෙහි අපි යනු මෙහි වසන සියලු ජාතීන්ට අයත් ජනතාවය – පිරබාහිරන් ගේ උන්ඩයට/බෝම්බයට බිලි වූයේ සිංහලයන් පමණක් නොවන බවට උදාහරණ ගණනාවක් ගෙනහැර දැක්වීම අනවශ්‍යයයි සිතමි). මේ එල්ටීටීය එදා විනාශ නොකලා නම්, අද වනවිට කොතෙක් නම් අහිංසක ජීවිත රටට අහිමිවන්නට තිබුණාද?

මේ ලිපිය අවසන් කළ යුතු ආකාරයක් ලේඛකයාට නොපෙනේ. එක් දෙයක් පමණක් අවධාරනය කරමි. බුදුරජානණ්වහන්සේ දේශනා කළ පරිදි සියල්ලෝම තම ජීවිතයට ආදරය කරයි, එසේ නම් මේ බිමමත උපදින කිසිවෙකුට අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදු නොවේවා !

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 24/02/2013, in කාලීන. Bookmark the permalink. 7 Comments.

  1. ආගම්වල නැති උනාට ළෝක නීතියෙන් කාන්තවන්ට හා දරුවන්ට විශේෂ සැලකීමක් තියෙනවා ඕනම අවස්ථාවක. විශේෂයෙන් යුද්ධයකදි. මට කීමට ඇත්තෙ එපමණයි. අනෙක් අදහස් ඔබ දක්නට ඇතයි විශ්වාස කරමි. තව දුරටත් ලිවිමෙන් මාගේ ජෙන්ඩර් පිළිබඳ කතා කිරීමට ඉඩ ඇති නිසා, නවතිමි.

    • අනෙක් ආගම් ගැන නොදනිමි. මා අදහන බුදුදහමේ කාණතාවන්ට, ළමුන්ට, වැඩිහිටියන්ට, මෙන්ම සියලුසතුන්ට ද මෛත්‍රී කිරීමට උගන්වා ඇත.

      (ඔබ හරි සිංහල බ්ලොග් අවකාශයේ මේ සම්බන්ධ සියලුම ලිපි පාහේ කියවා ඇත්තෙමි.ඒවාට අදහස් දැක්වීමට කොහැකි වූයේ කාර්යබහුල ව සිටීම නිසායි.)

      • බුද්ධාගමට අනුව නම් යුද්ධය වැරැද්දක් , ඒ නිසා අගමයි දේශපාලනයයි පටලවා ගන්නේ නැතුව ඉමු . කන්න දීල මරණ පරස්පරයට තියන උත්තරය ඉහලින් ආපු ඕඩරයක් වෙන්න පුලුවන් . යුද්ධය දිහා උදාසීනව බලපු කෙනෙක් වුනත් ප්‍රභාකරන්ගේ මරණය ගැන මම අවංකවම සතුටුයි . බාලනචන්ද්‍රන් කථා වස්තුව සත්‍යක් නම් කිසිසේත් අනුමත කරන්නේ නෑ

  2. kathandarakaraya

    යුධ පිටියේදී මිනිස්කම යටයි ඕඩර්ස්වලට!
    1. http://sammathayenobbata.blogspot.com/2013/02/boo-you-barbarians.html

    2. http://akurublog.blogspot.com/2013/02/73.html

    .

  3. ඔව් ඔව් පරස්පරයි තමයි… සමහර විට මරලා කන්න දුන්නා වෙන්න බැරිද? එහෙම නෙමෙයි නම් අනිවාර්යයෙන් හමුදාවේ ඉන්න ලෝන් ගන්මන් කෙනෙක් හොරෙන් දීපු වැඩක්ම තමයි.. නැත්නම් ඉතින් පිරපාහරන්ගෙයි අපි වගේ දේශ ප්‍රේමීන්ගෙයි වෙනසක් නැති වෙනවනේ… එහෙම වෙන්න විදියක් නෑනේ.. අපි බුදු සරණ ගිය උදවියනේ….!!!

  4. එක එක අයට එක එක කතා කියන්න පුළුවන් එත් අපි හරියටම ඇත්ත දන්නේ නැහැ මොකක්ද වුනේ කියලා.ඉතින් මේ සිද්දිය අන්තිමට මොනවා වෙයිද කියලා බලන් ඉන්න තමා තියෙන්නේ.

  5. ඔබගේ ලිපිය අද කියවීමට කාලය මදි. මා ටික දිනකට (2-3) කට සිග්නල් නැති කලාපයකට සේවයට යනාවා. නැවත පැමිණෙන්නම්.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: