කැබිනට් මණ්ඩලයක් යනු? – What could be a cabinet

පූර්විකාව

“එහෙම දෙන්න ඇමතිකමක් නැත්නම් අලුතින් එකක් හදන්න කියල අපි බල කරනවා. මොකෝ අද මේ රටේ ඇමතිකම් හදන එක කජ්ජක් ද? ඕනි නම් රෙදි ඇපිල්ලිල්ලටත් ඇමතිකමක් හදන්න පුලුවන්.එහෙම එකක් හදල මට ඒකේ රෙදි සෝදන සංස්ථාවේ සභාපතිකම ගත්තත් ඇති………………………උඹලට තව ටිකදවසකින් ආරංචි වෙයි අපේ යාලුවා රෙදි ඇපිල්ලීම පිලිබඳ නව ඇමතිවරයා ලෙස ජනාධිපති උතුමාණන් ඉදිරියේ දිවුරුම් දුන්න බව.”

-ගුණදාස අමරසේකර ශූරීන්, ගල්පිළිමය සහ බොල් පිළිමය (ඇමතිගේ අස්වීම) P120-

අලුතින් පත්වන රජයක් තමන්ට ජනතා සේවයක් සිදුකිරීමේ හෝ අඩුවශයෙන් රටේ පරිපාලනය අවුලක් නැතිව කරගෙන යාමේ හෝ අවංක වුවමනාවක් නැති බව මුලින් ම ලොවට හඬගා කියන්නේ තම  අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙනි. එසේම රජය තම රාජ්‍ය කාලය තුල එය නැවත නැවත ජනතාවට මතක්කර දෙන්නේ වරින් වර කරණු ලබන “කැබිනට්  සංශෝධන“ මගිනි.  සෑම “කැබිනට්  සංශෝධන“ යකම අනිවාර්ය අවසන් සංසිද්ධිය වන්නේ ජනතාවට බඩ අල්ලන් සිනාසිය හැකි අමාත්‍යංශ කීපයක් එක්වී කැබිනෙට්ටුවේ ප්‍රමාණය විශාලවීමේ ප්‍රහසනයත්, ඒ වැඩිවන ඇමතිලාගේ කුදුමහත් ඕනෑ එපාකම් වල බරපැන ජනතාවට දරන්නට සිදුවීමේ දුඛාන්තයත් එකවර රඟදැක්වීම ම පමණෙකි.

අලුත් සීනී ඇමතිගේ වගකීම් මොනවා විය හැකිද? උක්වගා කිරීම, සීනි නිශ්පාදනය, සීනි ආනයනය, (දයා ගමගේ මහතාගේ බඩට ගසා රජයට පවරාගත්) සීනි කම්හල් පාලනය, එසේ නැත්නම් ජනතාවගේ රුධිරයේ සීනී මට්ටම ඉහලයාම වැලැක්වීම? (අනුන්ගේ/තමාගේ සීනී කිරීම?)

රටක තිබිය යුත්තේ තර්කාණුකූල පදනමකින් සකස් කළ නිශ්චිත කැබිනට් අමාත්‍යංශ ගනණක් බව අපගේ හැඟීමයි. නව රජයක් පත්වූ පසු එහි අගමැති අසවලාය යනුවෙන් කියන්නාක් මෙන්, නව රජයේ අසවල් අමාත්‍යධූරය දරනුයේ කවුරුන්ද යන පැනයට නිශ්චිත පිලිතුරක් තිබිය යුතුය. (උදාහරණයක් ලෙස අද “අප රටේ කෘශිකර්ම ඇමති කවුද?“ යන ප්‍රශ්නයට නිශ්චිත පිලිතුරක් නොමැත – “ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද?“ යන පැනයට පිලිතුරක් තිබේද?).

පාඨක ඔබේ අවධානය පහත සදහන් ලේඛණය වෙත යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලමි.

අධ්‍යාපන

සෞඛ්‍ය

බලශක්ති

රාජ්‍ය පරිපාලන

විදේශ කටයුතු

ආරක්ශක

මුදල් හා ක්‍රමසම්පාදන

ජනමාධ්‍ය හා සංනිවේදන හා සංස්කෘතිත කටයුතු

කාර්මික හා තාක්ෂණ

ප්‍රවාහන

කෘශිකර්ම

ධීවර

කම්කරු

නිවාස හා ඉදිකිරීම්

පරිසර හා ස්වාභාවික සම්පත්

ක්‍රීඩා

වාණිජ හා ආර්ථික කටයුතු

නිසි ලෙස රාජ්‍යය ආයතන බෙදා හැර ක්‍රමවත්ව සංවිධනය කළ ඉහත අමාත්‍යංශ 17 අප රටට හොදටම ප්‍රමාණවත් නොවේද? මේ අමාත්‍යංශ වලට අවශ්‍ය පරිදි අනු විශයයන්ට උප ඇමතිවරු ද පත් කළ හැක. උදාහරණ ලෙස අධ්‍යාපන ආමාත්‍යංශය යටතේ උසස් අධ්‍යාපන, පාසල් අධ්‍යාපන, කාර්මික අධ්‍යාපන ආදී උප අමාත්‍ය ධූර ඇති කළ හැකි නොවේද?

මේ අමාත්‍යංශ ලැයිස්තුව (මෙයම නොවිය හැක, ඒත් තර්කාණුකූලව සැකසූ වෙනත් ලැයිස්තුවක් හෝ) 19 වෙනි (නැතිනම් 20 වෙනි) සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කල නොහැකි ද?

ප.ලී. දුරුතු මහට සීතලට සිහින පෙනේ යයි මතයක් ඇත. දැන් නම් දුරුත්ත ගෙවී නවම් මහ ද ලබා ඇතිමුත් මට නම් තවම සිහින පෙනේ ! 

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 03/02/2013, in කාලීන, මතවාද. Bookmark the permalink. 2 Comments.

  1. ව්‍යවස්ථාපිත නොවුනත් ගොඩක් රටවල ඇමතිවරුන් පත්කරන්නේ ඔය විදිහට තමයි මම දන්න තරමින් , මොකද අමාත්‍යාංශ නිර්ණය කරලා ඒවාට අදාල වගකීම් සම්පත් ආදිය වෙන්කලාට පස්සෙ කාලෙන් කාලෙට එහාට මෙහාට කර කර දඟලනවට වඩා වැදගත් වැඩ තියනවනේ කරන්න (මං කියන්නේ ලොකේ අනික් මිනිස්සුන්ට ) , රජයක් මාරු වෙන කොට පුද්ගලය විතරයි මාරු වෙන්නේ , අලුතින් අමාත්‍යාංශයක් අවශ්‍ය ක්ශේත්‍රයක් මතු නොවුනොත්

    දයාගමගේට තාවකාලික පාඩුවක් වුනාත් දිගු කාලින පාඩුව මිනිස්සුන්ට සිද්ධ වුනේ , මම දන්න තරමින් දයා ගමගේ ඉන්දියාවෙ සිනි කොම්පැණියක් දාන්න ට්‍රයි එකක් තිබුනා . හරි ගියොත් මිනිහට පාඩුවක් නෑ .

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: