අහිවාතක පැතිරේ – ඝෝෂක මෙන් පලායමුද ? Escape is better ?

බුද්ධ කාලීන භාරතයේ වසංගතයක් ලෙස පැතිර ගිය “අහිවාතක“ නම් රෝගයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. මාරාන්තික මේ රෝගයෙන් මුලින් ම වැළදෙන්නේ නිවෙසක වෙසෙන මැසි මදුරු ආදී කුඩා සතුන්ටය. අනතුරුව සුනඛ, බිලාල ආදී තරමක් විශාල සතුන්, ගව-මහීෂාදී සතුන් ආදී වශයෙන් නිවසේ සහ ඒ ආශ්‍රිතව ජීවත් වන ජීවීන් පියවරෙන් පියවර මෙම රෝගයට ගොදුරුවීම එහි ස්වාභාවයයි. නිවසේ මිනිසුන් ඊට ගොදුරුවන්නේ අවසානයටය. කෙසේ වුව ද රෝගයේ අවසාන ප්‍රතිඵලය නියත වශයෙන් ම මරණයයි.

මෙම රෝගයෙන් ගැලවීමට ඇත්තේ එකම ක්‍රමයකි. එනම් නිවසේ බිත්තියක් කඩාගෙන පලාගොස් නිවෙසින් ඈත පලාතක ජීවත් වීමයි. (මෙය කෙම් ක්‍රමයක් විය යුතුය – මෙහි සත්‍ය අදහස නම් විෂබීජ සහිත නිවෙසින් ඈත්ව විසීම යයි සිතමි)

එකල එක්තරා සිටුගෙදරක් ද මෙම රෝගයට ගොදුරු වූ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ. අසූ කෙලක් ධනස්කන්ධයට උරුමකම් කීව ද රෝගයෙන් ගැලවීමක් නොලද  සිටු පවුල පත්ව සිටියේ මහත් අභාග්‍ය සම්පන්න ඉරණමකටය. නමුත් සිටු යුවල ගේ ළමා වයසේ සිටි පුත්‍රයා මේවනවිට රෝගයට ගොදුරුව නොසිටියේය. සිටු යුවල තම පුත්‍රයා ගේ හෝ ජීවිතය ආරක්ෂාකිරීමට සිතා ඔහුට නිවසේ බිත්තියක් කඩා පිටවීමට ඉඩ සලසා දුන්හ. ඊට පෙර, කවදා හෝ වසංගතය නිමා වූ හෝ දිනෙක පැමිණ සිටු පුත්‍රයාට ලබාගතහැකි වන සේ තමා සතු ධනය නිවෙසේ ම සගවා තැබීය.

නිවෙසින් පිටව ජීවිතය රැකගත් මේ සිටු පුත්‍රයා වැඩිවියපත්ව රැකියාව ලෙස තෝරාගත්තේ නගරයේ “ඝෝෂක“ තනතුරයි. ඒ රැකියාවේ වගකීම වන්නේ උදෑසන ශබ්ධ නගා නගරයේ ජනතාව අවධිකිරීමයි. (එකල අදමෙන් එලාර්ම් ඔරලොසු, ජංගම දුරකථන නොතිබූ වබ සැලකිය යුතුය). කෙසේ නමුදු මේ තරුණයා ශබ්ද නගන ආකාරය සවනත වැකුන ශබ්ධ විද්‍යාවේ කෙල පැමිණියෙකු ගේ මැදිහත් වීමෙන්,ඔහු තම ජන්මය පිලිඹද රහස රජුට හෙලිදරවු කොට තම මාපියන්ගේ ධනය නැවත උරුම කොටගෙන සිටු තනතුරක් ද ලැබූ බව සදහන්ය. “ඝෝෂක සිටු“ ලෙස පතල වූයේ මේ සිටුවරයාය.

 ශ්‍රීලාංකික සමාජය ද කලක සිට අහිවාතක වසංගතයකට ගොදුරු වෙමින් සිටී. එදා මැසි මදුරුවන් රෝගයට ගොදුරු වන විට වගේ වගක් නැතිව බලා සිටියාක් මෙන් අප සමාජය ද අනෙකා ව්‍යසනයට ගොදුරුවන විට නිහඩව බලාසිටී. නමුත් දැන් රෝගය ටිකෙන්ටික ව්‍යාප්ත වී ඇත. අපේ එලිපත්තට ම පැමිණ ඇත. නොබෝ දිනෙක දොරට ද තට්ටු කරනු නැතැයි කාට නම් කිව හැකි ද?

එදා මෙන් ම අද ද නිවෙසේ බිත්තියක් බිඳ පලාගොස් මේ ව්‍යසනයෙන් ගැලවිය හැකියයි මතයක් ඇත. ඇත්තවශයෙන් ම අපි එලෙස පලා යමින් සිටිමු. හැකියාව ඇත්තවුන් නිත්‍යාණුකූලව PR ලබා ද, අනෙක් ජනතාව සරණාගතයින් ලෙස දේශපාලන රැකවරණ ඉල්ලමින් ධීවර යාත්‍රා උපයෝගී කර සයුර තරණය කර ද, බටහිර රටවලට හෝ ඔස්ට්‍රේලියාවට යන්නේ මේ වසංගතයෙන් බේරීමටද? (ධීවර යාත්‍රා හැරුන විට වෙනත් විකල්ප ක්‍රම ද බිත්තිය බිඳීමට භාවිතාවේ – “මචං“  සිනමාපටය ගෙතී ඇත්තේ   මෙවන් අපූරු උපක්‍රමයක් වටාය).

කෙසේවුවද එදා ඝෝෂක පලාගියාක් මෙන් මෙන් අද පලායන ඝෝෂකලා තම උරුමය සොයා පෙරලා  පැමිණේ ද යන්න නම් සැක සහිතය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 21/12/2012, in කාලීන, මතවාද. Bookmark the permalink. 9 Comments.

  1. අහිවාතක රෝගය වර්තමානයට ගැලපීම අපූරු අදහසක්!

  2. ආපහු එන්න බෑ මං හිතන්නේ.මොකද “උරුමය උන්ගේ,කරුමය අපෙ උන්ගේ” නිසා.

  3. එන්නේ නෑ….. එන්න වෙන්නෙත් නෑ…. මොකෝ අපි උනත් කැමතිය සෝමාලියාවට යන්න…. මරු කතාව ……

  4. එහෙම ගිය එකෙක් ආපහු එන්න එක්කො ඒ යන රටේ අහිවාතක රෝගෙට එහා ගිය එකක් මතුවෙන්න ඕනි . නැත්නම් යන එකා මෝලේට හුලං බැහීම වගේ අමුතු රෝගයකින් පෙලෙන එකෙක් වෙන්න ඕනි !

    • එහෙමත් නැත්නම් අර සිත්මණ්ඩිය කිව්ව කරුමය මොකක් හරි ආශ්චර්යයකින් උරුමයක් බවට පත්වෙලා තියෙන්න ඕනි. අවාසනාව එහෙම වෙන ලකුණක්වත් නොපෙනීම.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: