මේඝය පිවිසුම් දස දහස පසුකරයි! (උණහපුලුවට උගේ පැටියා මැණිකක් ලු !)

මේඝය තම සංවත්සරයක් සමරන්නේ පළමු වතාවටය. සිංහල බ්ලොග් අවකාශයේ හිට්ස් හෙවත් පිවිසුම් දස දහස පසුකිරීම “මහ ලොකු“ දෙයක් නම් නොවේ. වෙසෙසින්ම කතන්දර (නොබෝදා හිට්ස් මිලියනය ද පසු කළේය ) W3 Lanka (මසකට හිට්ස් විසිදසහ පසුකරයි), බඳු මෙන්ම නම් සදහන් නොකල තව බොහෝ තෝරු මෝරු බඳු බ්ලොග්කරුවන් අතර හාල්මැස්සෙකු බඳු ජයශ්‍රී, තම බලොගය හිට්ස් දසදහස පසුකරයාම “මහමෙරක්“ සේ දැකීම පාඨක ජනයා උපේක්ෂාවෙන් ඉවසනු ඇතැයි උදක් ම බලාපොරොත්තු වෙමි. උණහපුලුවාට උගේ පැටවා මැණිකි. (එක් කරුණක් කිවයුතුය WordPress hit count කරන ක්‍රමය අනුව, ලේඛකයා ගේ පිවිසීම් හෝ අන් පාඨකයන් ද පිටුව නැවත ලෝඩ් කිරීම හිට්ස් ගණනට එකතුවීමක් සිදු නොවේ.)

මේ හිට්ස් (පිවිසීම්) පසුපස ඇත්තේ අන් කිසිවෙක් නොව දයාබර පාඨක ඔබ ම යයි මා අමුතුවෙන් කිවයුතු නැත. ලේඛකයාගේ සිතේ ඉපිද එහිම මියයාමට සිටි අදහස් උදහස් බෙදාහදාගැනීමට පැමිණි (පැමිණෙන) දයාබර පාඨක ඔබට නොවක් තුති. ඉදිරියටත් මේඝය කාලීන (සමහරවිට කාලීන නොවන) මාර්තෘකා පිළිඹද තම අදහස් සයිබර් අවකාශයේ මෙලෙසම පලකරනු ඇත.

එමෙන්ම මේඝයට පාඨකයන් සපයා දීමට ද පාඨකයන් වෙත මේඝය ගෙනයාමට ද දායක වන අඹගහයට, සිංහල බ්ලොග් කියවනය, එකතුව, නිම්නය, අපි අපිට, ලාංකීය සිතුවිලි, බ්ලොග් ප්‍රමෝ බඳු සිංඩිකේටර් වලට ස්තුති කිරීමට ද, හිතමිතුරු බ්ලොග්කරුවන් වන කතන්දර, බුවා, මාතලන්, චාර්මි, ජෝතිශලංකා, ඇටමැස්සා, දයල්බතී, රැඩිකල් අදහස්, රාජ්, හුරුල්ලා, රාමචන්ද්‍ර, මාරයා, ඉස්තෝප්පුව, අභීත, මේඝවර්ණ, අලුත්ම මිතුරා මීජය ඇතුලු බ්ලොග් ලොව මිතුරන් සිහිකිරීමට ද මේ අවස්ථාව කරගමි.(නම් සදහන් කිරීමට අමතක වූ මිතුරන් උදහස් නොවේවා, නම් ලියා ඇති පිලිවෙල මුලුමනින්ම අහඹු පිලිවෙලක් බව ද සලකන්න). මේඝය ෆලෝවර්ලාට ද බොහොමත් ම ස්තුතියි!

ප.ලි

බහුතර බ්ලොග්කරුවන් පරිදි ම ජයශ්‍රී ද රැකියාවක නියැලෙන (එය ද නගරයෙන් බැහැර දුෂ්කර පෙදෙසක – අන්තර්ජාලය ද වෝල්ට් 230 විදුලිය ද  හොදින් නැති) අතර  ලේඛණයේ යෙදෙන බැවින් ද, රැකියාවේ කාර්යබහුලතාව විවේකයට බලපාන බැවින් ද, පසුගිය මසක පමණ කාලයක් නව ලිපියක් පල නොකිරීම ගැන ද, කලින් ලිපියට ලැබුණ ප්‍රතිචාර  පල කිරීමට පමාවීම ගැන ද සමාවන්න.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 25/08/2012, in කෙටිම සටහන්. Bookmark the permalink. 10 Comments.

  1. සුභ පැතුම් මිත්‍රයා..

  2. සුබ පැතුම් ….ජය ශ්‍රී….:) 🙂

  3. සුබ පැතුම් …!!!

  4. ```Outsider```

    තව තවත් ලියන්න. යා යුතු දුර බොහොයි.

  5. ඉන්ද්‍රජිත්

    සුබ පැතුම් ජයශ්‍රී..! ඔහොම යං..

  6. සුබපැතුම් මචං…. ඔහොම යමු. දුෂ්කරතා කියන්නෙ බ්ලොග්කරණයේ අමුද්‍රව්‍ය…. ලියහංකො ඔය දුෂ්කර පලාත ගැනත් අහන දකින යමක්………

  7. සුභ පැතුම්… දිගටම ලියන්නට ආසිරි!

  8. Ravi,රොබින්,Outsider,ඉන්ද්‍රජිත්,චාර්මි,රැඩිකල් අදහස්,අනූෂ:- සියල්ලන්ටම ස්තුතියි!

    චාර්මිට විශේෂයෙන්, මම නෙවෙයි බන් ඇත්තටම උබ වගේ කෙනෙක් තමයි මේ පලාතේ ඉන්න ඕනි.ලියන්න අමුද්‍රව්‍ය බොහෝයි.මම එක උදාහරණයක් කියන්නම්, මේ මෑත මේ ප්‍රදේශයේ මම දුටු මරණ 5කින් එකක් පමණයි ස්වාභාවික මරණ.
    අනෙක් සියල්ල අකල් මරණ.අවු 16ක තරැණියක් වසබීවේ පෙම් සබදතාව පියාට එලිවෙලා.අවු 40 ක කාණ්තාවක් ගෙලවැලලා මියගියා සැමියා සමග ආරවුලක් නිසා.වල් අලි පහර දීල කාණ්තාවන් දෙදෙනෙක් එකවර මියගියා.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: