Z score අර්බුදය – මැදහත්ව බලමු.

විශය නිර්දේශ දෙකක් හැදෑරූ සිසුන් දෙකොට්ඨාශයක් අතරින් සරසවි වලට සිසුන් තෝරා ගැනීම කළ හැක්කේ කෙසේදැයි ලේඛකයා පුද්ගලිකව කල අධය්‍යයනයක් පාඨකයන් සමග බෙදා ගැනීමටයි මේ සූදානම. 2012 ජනවාරි 28 දින මුල්වරට දින පලවූ මෙය සංශෝධන සහිතව යලි පලවන්නේ කාලෝචිත බව නිසාය.

මෙහිදී  උදාහරණයක් ලෙස (කල්පිත) සිසුන් 40ක පිරිසකගෙන් 10 දෙනෙක් සඳහා පමණක් සරසවි වල පුරප්පාඩු ඇතැයි සිතමු.පැරණි නිර්දේශය යටතේ 16ක් ද නව නිර්දේශය යටතේ 24 ක් ලෙස සිසුන් විභාගයට මුහුණදුන්නේ යයි සිතමු. තේරුම්ගැනීමේ පහසුව තකා සියලු සිසුන් විශය නිර්දේශ දෙක යටතේ එක් විශයයකට පමණක් මුහුණදුන්නේ යයි ගනිමු.

මෙහිදී අපේක්ෂකයන්ගේ නම් ඉංග්‍රීසි අකුරු වලින් දක්වා ඇති අතර අකුරට ඉදිරියෙන් ඇති ඉලක්කමෙන් පැරණි නිර්දේශය යටතේ ද නව නිර්දේශය යටතේ ද යන්න දැක්වේ. එනම් 1G යනු පැරණි විශය නිර්දේශය යටතේ විභාගයට ඉදිරිපත් වූ සිසුවෙක් වන අතර,  2AE යනු නව වශය නිර්දේශය යටතේ විභාගයට ඉදිරිපත් වූ සිසුවෙකි. මෙලෙස නම් කළේ සිසුන් ඛාණ්ඩ දෙකම එකට යොදා ගෙන ද Z score අනුව පෙල ගස්වා සරසවි වරම් ලැබීම සොයන බැවින් පහසුවෙන් හදුනාගැනීම සදහාය.

Z අගය ගණනය කරනු ලබන්නේ , අදාල විශය සදහා වූ සාමාන්‍යය ලකුණෙන් එක් එක් අපේක්ෂකයා ගේ පුද්ගලික ලකුණ අඩු කොට අදාල විශයයේ සම්මත අපගමනයෙන් බෙදීමෙනි. සංඛ්‍යාන විද්‍යාත්මක සූත්‍රයක් මිස මෙය ජ්‍යාමිතික සූත්‍රයක් නොවේ. අ.පො.ස උසස් පෙල විභාගයේ දී සිදුවන්නේ විශය 3හි  Zලකුණු වෙන වෙන ම ගණනය කොට අවසානයේ 3න් බෙදා තනි අගයක් ලබාගැනීමයි. දිස්ත්‍රික්/ජාතික කුසලතා සැකසීම සරසවි/උසස් අධ්‍යාපන ආයතන ප්‍රවේශ ආදී සියල්ලට අපේක්ෂකයන් සලකාබැලීම සිදුවන්නේ මේ අගය පදනම් කරගෙනය.

ක්‍රමය 1

මෙහිදි විශය නිර්දේශය අනුව සිසු කණ්ඩායම් 2හි වෙන වෙනම මධ්‍යන්‍යය, සම්මත අපගමනය හා ලකුණු සොයා සිසුන් ගණනට සමානුපාතික සලාකයට (පැරණ-4 යි නව-6යි වශයෙන්) ඉහලම ප්‍රතිඵල ලබන සිසුන් Zලකුණ අනුව සරසවි සඳහා තොරා ගනිමු.මෙලෙස තොරාගත් අයුරු 1හි දැක්වේ. මෙය සමාන කල හැක්කේ උසාවි නියෝගයට පසු විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ ප්‍රතිපල ලේඛණයටයි. (Yයනුවෙන් දැක්වෙන්නේ සරසවි වරම් ලබයි යන්නයි)

Table 1 (Method 1)
Old syllabus New syllabus
Candidate Marks Z score Select Candidate Marks Z score Select
1G 91 1.812433 Y 2AE 91 1.283363 Y
1H 85 1.547199 Y 2U 90 1.239236 Y
1D 76 1.149348 Y 2S 88 1.150982 Y
1K 74 1.060936 Y 2AH 86 1.062727 Y
1J 63 0.574674 2AI 85 1.0186 Y
1C 60 0.442057 2V 83 0.930346 Y
1I 48 -0.08841 2Y 82 0.886219
1O 47 -0.13262 2AD 81 0.842092
1E 46 -0.17682 2AL 80 0.797965
1N 43 -0.30944 2W 78 0.709711
1A 35 -0.66309 2AJ 71 0.400821
1L 34 -0.70729 2AM 67 0.224313
1F 32 -0.7957 2AC 57 -0.21696
1B 25 -1.10514 2AG 56 -0.26109
1M 21 -1.28196 2AB 54 -0.34934
1N 20 -1.32617 2T 52 -0.43759
2AN 52 -0.43759
2AF 42 -0.87886
2Q 40 -0.96712
2P 38 -1.05537
2AK 38 -1.05537
2AA 30 -1.40839
2X 25 -1.62902
2Z 20 -1.84966
No of Students 16 24
Mean 50 61.92
SD 22.62 22.66
Quota 4 6

මෙහිදී 1G, 1H, 1D, 1K යන සිසුන් පැරණි නිර්දේශය යටතේ ද 2AE, 2U, 2S, 2AH, 2AI, 2Vයන සිසුන් නව නිර්දේශය යටතේ ද සරසවි වරම් ලබන බව පෙනේ.

ක්‍රමය 2

මෙහිදී විශය නිර්දේශය අනුය සිසුන් වෙන් නොකොට සියලු දෙනාම (40) එනම කණ්ඩායමක් ලෙස සලකා පෙර පරිදි ම  මධ්‍යන්‍යය, සම්මත අපගමනය හා Zලකුණු සොයා ඉහලම කුසලතාවය දක්වන 10 දෙනා සරසවි සඳහා තෝරාගනිමු.මෙය සමාන කළ හැක්කේ විභාග දෙපාර්තමේන්තුව මුලින් ම ඉදිරිපත් කළ ප්‍රතිපල ලේඛණයටයි. ප්‍රතිඵල පහත වගුවෙහි දැක්වේ.මෙහිදී 1G, 2AE, 2U, 2S, 2AH, 1H, 2AI, 2V, 2Y, 2AD යන සිසුන් 10 දෙනා සරසවි වරම් ලබන බව පෙනේ.

වගු දෙක සැසඳීමේදී ක්‍රමය1 යටතේ සරසවි වරම් නොලබන දෙදෙනකු ක්‍රමය2 යටතේ සරසවි වරම් ලබන බව ද එයම අනෙක් අතට ද සිදුවන බව පැහැදිලිය.

එසේම ක්‍රමය 1 යටතේ සුදුසුකම් ලැබූ නමුත් ක්‍රමය2 යටතේ නොලබන සිසුන් දෙදෙනා සරසවි වරම් දීමට නම් බඳවාගන්නා සිසුන් ගනණ  (Intake)14 දක්වා වැඩි කල යුතු බවද මෙයින් පෙනේ. දැන් රජයට යෝජනා කර ඇත්තේ මේ විකල්පයයි. නමුත් මෙලෙස බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය (Intake) වැඩිකිරීමට ප්‍රමාණවත් පහසුකම් සරසවි වල පවතී ද? යන්න ප්‍රශ්නයකි. සිත්ගන්නාසුලු කාරනය මෙලෙස 10ක් වෙනුවට 14ක් බඳවාගන්නේ නම් පැරණි ක්‍රමය හෝ නව ක්‍රමය යටතේ සුදුසුනම් නොලබන 2AL, 2W යන දෙදෙනා ද සරසවි වරම් ලබන බවයි. සත්‍යවශයෙන් ම ප්‍රායෝගිකව ද මෙවැන්නක් සිදුවිය හැක.

මගේ නිගමනය නම් සරසවි වලට සිසුන් බඳවාගැනීමට සර්වසාධාරණ ක්‍රමයක් ඇති කල නොහැකි බවයි.උදාහරණයක් ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙවනුව ඉදිරිපත් කළ ප්‍රතිපල ලේඛණය මුලින් ම ඉදිරිපත් කළේ නම් ද, යම් පාර්ශවයකට ඊට එරෙහිව අධිකරණය වෙත යාමට හොදටම ඉඩ ද සාධාරණ හේතු ඇත. නමුත් දැන් ඉතිරිව ඇති සර්වසාධාරණ හොදම විකල්පය නම් ප්‍රතිපල ලේඛණ දෙක මගින්ම සුදුසුකම් ලැබූ සියලු සිසුන් සරසවි සදහා බඳවාගැනීමයි.

නමුත් ගැටලුව මෙයින් නොවිසඳේ. මීළඟ වසරේ ද නිර්දේශ දෙකක් යටතේ සිසුන් දෙපිරිසක් උසස් පෙල විභාගයට ඉදිරිපත් වන බැවින් යලිත් මේ ගැටලුව පැනනගිනු ඇත.

Table 2 (Method 2) Select as per Method 1
Candidate Marks Z score Select
1G 91 1.463951 Y Y
2AE 91 1.463951 Y Y
2U 90 1.420703 Y Y
2S 88 1.334206 Y Y
2AH 86 1.24771 Y Y
1H 85 1.204462 Y Y
2AI 85 1.204462 Y Y
2V 83 1.117965 Y Y
2Y 82 1.074717 Y
2AD 81 1.031469 Y
2AL 80 0.988221
2W 78 0.901725
1D 76 0.815228 Y
1K 74 0.728732 Y
2AJ 71 0.598987
2AM 67 0.425995
1J 63 0.253002
1C 60 0.123257
2AC 57 -0.00649
2AG 56 -0.04974
2AB 54 -0.13623
2T 52 -0.22273
2AN 52 -0.22273
1I 48 -0.39572
1O 47 -0.43897
1E 46 -0.48222
1N 43 -0.61196
2AF 42 -0.65521
2Q 40 -0.74171
2P 38 -0.8282
2AK 38 -0.8282
1A 35 -0.95795
1L 34 -1.0012
1F 32 -1.08769
2AA 30 -1.17419
1B 25 -1.39043
2X 25 -1.39043
1M 21 -1.56342
1N 20 -1.60667
2Z 20 -1.60667
No of Students 40
Mean 57.15
SD 23.12

මේ සටහනේ  පරිපූර්ණතාවය උදෙසා (පහත ප්‍රතිචාර වල ඇති) දිවයින පුවත්පතෙන් “මගේ කතාව” උපුටා දැක් වූ ආකාර ගනනයක් මම ද සිදු කලෙමි. ඒ අනුව අවස්ථා දෙකේ එක් එක් විශය ඛාණ්ඩ වල සිසුන් සරසවියට සමත් වීම එකිනෙකට වෙනස් ප්‍රතිශත ගන්නා බව පෙනේ. එමෙන්ම දැන් යෝජනාවී ඇති සියලු දෙනාම ඇතුලු කරගැනීමේ  යෝජනාව (මාගේ උදාහරණයේ 10ක් වෙනුවට 14ක් ගැනීමේදී) ද මුල් අවස්ථාවට සමාන බෙදීයාමක් දක්නට නොලැබේ (මෙහි Alternative යනුවෙන් පෙන්වා ඇති). මේවා ප්‍රශ්න පත්‍රවල ස්වාභාවය, සිසුන් ඊට මුහුණ දුන් ආකාරය, සිසුන්ගේ පරිණත බව ආදී විචල්‍ය රාශියක් මත තීරණය වන්නකි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 26/07/2012, in කාලීන. Bookmark the permalink. 6 Comments.

  1. මගේ කතාව

    මෙයට උසාවි යාමෙන් කර ඇත්තේ පෙරට වඩා ඇති මහත් අසාධාරණයක් බව පෙනේ.
    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=57347

    • ස්තුතියි මිත්‍රයා, ඔබ දැක්වූ පුවත්පත් වාර්තාව අනුව බැලූ විට නම් මමත් ඔබේ අදහස සමග එකඟයි.

  2. මගේ කතාව

    එත් සමහර කට්ටිය නම් වෙච්ච වැඩේට දැන් congratulations කියන්නේ/කියා ගන්නේ වෙච්ච දේ ගැන අවබෝධයක් තියන්ද? නැතුවද ?(බ්ලොග් දිහා බැලුවම හිතෙන දේවල්.)

  3. මගේ කතාව

    මම මෙහි නීතිමය පැත්ත ගැන සොයා බැලුවා. ඒ විස්තර වලට අනුව මුලින් දුන් z අගය ලැයිස්තුව බල රහිත කර තිබෙනවා (null & void).
    ඒ කියන්නේ එහෙම ලැයිස්තුවක් දැන් නැහැ. ඒ ලැයිස්තුව කිසිම තීරණ ගැනීමේ කටයුත්තකට යොදාගන්න බෑ.එයට අනුව සිසුන් ගැනීමම අධිකරණයට අපහාස කිරීමක් විදිහට සලකන්න පුළුවන්.
    කල හැකි එකම දෙය තීන්දුව දුන් තැනින්ම වෙනස් කර ගැනීම.

    • නීතීමය තත්වය පැහැදිලි කිරීම ගැන ස්තුතියි. අපේ බලධාරීන් සුපුරුදු පරිදි ඇත්ත සගවමින් ගැලරිය පිනවමින් සිටින බවක් නේ ද පෙනෙන්නේ?

  4. මගේ කතාව

    දේශපාලකයන්ට නම් තාම වෙච්ච දේ පැහැදිලිද දන්නේ නෑ. නැත්නම් දැනන් ඔහේ සුපුරුදු පරිදි කියවනවද දන්නෙත් නෑ. සමහර අය තමන් කැපී පේන්න කොච්චර කරන්න බැරි දේ උනත් කරන්නම කියනවනේ.
    මේක ක්‍රියාත්මක කරන නිලධාරීන් මෙය දන්නවා. සමහර විට ඔවුන් මෙය කියන්න අවසර නැතුව ඇති. ඔවුන් මේ ප්‍රශ්නෙදි හිර වෙලා.
    මේ ප්‍රශ්නේ ආණ්ඩුව හංගන්න හදන එකේ පුදුමයක් නෑ. මොකද මෙය දැන ගත්තොත් මොන තරම් කැලබීමක් ඇති වෙයි ද? අනිත් එක මේකට විසඳුමක් ගත හැක්කේ මම කලින් කිව තැනින්ම තමා.(මොකද කැබිනට් එකෙන් තීන්දු අරන් ක්‍රියාත්මක කලාට උසාවියට අපහාස කල කියල වග උත්තර කියන්න වෙන්නේ ඒ තීරණ ක්‍රියාත්මක කරන නිලධාරින්ටනේ)
    අනිත් එක මේ නඩුව දාලා මේ ප්‍රශ්නේ මෙතරම් දුර දිග යැවු අය තාමත් වරද පටවන්නේ ආණ්ඩුවටමනේ.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: