විජයග්‍රාහී රනිල්

 

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා යලිත් අසමසම විජයග්‍රහණයක් ලැබීය. එනම් වර්තමාණයේ තමා විසින් දරනු ලබන එක්සත් ජාතික පක්ෂ නායකත්ව ධූර කාලය වසර හයක් දක්වා දික්කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ අසමසම විධායක ජනපති ධූරයේ ධුරකාලය ද වසර හයකි. රටට විධායක ජනපති වරයාගේ ධූරය කෙසේ තීරණාත්මක ද එසේම  එ.ජා.ප නායක ධූරය එම පක්ෂයට එපමණකටම වැදගත්ය. රටට විධායක ජනපති වරයාගේ ධූරය කෙසේ බලසම්පන්න ද එසේම  එ.ජා.ප නායක ධූරය එම පක්ෂයට එපමණකටම බලසම්පන්නය. මෙය වික්‍රමසිංහ මහතා ලැබූ විජයග්‍රහනයක් බවට කිසිදු විවාදයක් නැත. ගැටලුව රටේ ජනතාව මෙයින් ලබනා ජය කුමක් ද යන්නයි.

එක් අතකට මෙහි ඇති වරදක් ද නැත. ඡන්දයෙන් පක්ෂයේ තනතුරු තෝරා ගැනීමට ගොස් පසුගිය දෙසැම්බර් මස පක්ෂයට සිදුවු අලකලංචිය අපි සැවොම දනිමු. එදා අලාබහානි කළ සිරිකොත වැට පවා තවම පිළිසකර කොට නැතිවා සේය. වසරක ඈවෑමෙන් තවත් ඡන්දයකට යෑමෙන් එදා මෙන්ම සිද්ධියක් සිදුනොවේ යයි සහතිකයක් දියහැක්කේ කාටද? අනෙක් අතට මෙලෙස වසරින් වසර පිල් බෙදී ඇණ කොටා ගැනීමෙන් පක්ෂ විනයට සිදුවන්නේ බරපතල හානියක් නොවේද? සෑම පක්ෂ අභ්‍යන්තර ඡන්දයකින් පසුවම පක්ෂයේ ශක්තිය ක්ෂය වීම ස්වාභාවයයි. ඒ අතෘප්ති කර (නැත්නම් පරාජිත) පාර්ශවයේ කළකිරීම නිසායි. දැන් පක්ෂයේ ලොකු කුඩා නායක – අනුගාමික සියල්ලෝ සිදුකල යුතුවන්නේ තෝරාගත් නායකයා හා එක්ව රජයට හා රජයේ ජනතා විරෝධි ක්‍රියාකලාපයට අභියෝගයක් වීම මිසක තම තමන් ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ඉදිරියට දමා සිහින මන්දිර සෑදීම නොවේ.

මෑත කාලීන එ.ජා.ප. පසුබෑමට හේතුව නායකත්වයේ දුර්වලතාව යයි සිතන අයට ද, කුමක් වුවත් පක්ෂයට නව නායකත්වයක් අවැසි යයි සිතන අයට ද, තම පටු අරමුණු වෙනුවෙන් නායකත්වයට පත්වීමට කොටි මං සෙවූ අයට ද මේ තීරණය නිසා සිදු වූයේ පිරිමැසිය නොහැකි පාඩුවක් බව සැබෑය. නමුත් පුරවැසියෙක් රටේ පොදු නීතීයට අවනත විය යුත්තේ යම් සේද එසේම සියලු පාක්ෂිකයන් පක්ෂ විනය නීතී වලට අවනතව රනිල් ගේ නායකත්වය හා එක්ව ක්‍රියාකිරීම මේ මොහොතේ අවශ්‍යතාව බව මෙයින් මතක් කරමු. මක්නිසා ද විනය නීති සම්පාදනය වන්නේ පක්ෂයක බහුතර කැමැත්ත මතම වන බැවිණි. රනිල් ගේ විජයග්‍රහනය පක්ෂයේ ද රටේ ද විජයග්‍රහණයක් බවට පත් කිරීමේ වගකීම ද හැකියාව ද ඇත්තේ පාක්ෂිකයා තුලමය. අඩුම තරමින් ආර්ථික, සමාජ, දේශපාලන වශයෙන් තැලී පොඩිවී මිරිකී සිටින ජනයාට මද අස්වැසිල්ලක් හෝ වීමට නම් බෙදීම් හා දෙකඩවීම් වලක්වාගත යුතුමය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 23/07/2012, in කාලීන. Bookmark the permalink. 5 Comments.

  1. රනිල්ගෙම නායකත්වය යටතේ උනත් මරා ගන්නේ නැතුව හිටියා නම් පක්ෂයට ගොඩ ඒමක් තිබුනා , දැන් නම් එහෙම කරන්න පරක්කු වැඩිදත් මන්ද , මොකද පහුගියේ ටිකේ බිම් මට්ටමේ පාක්ෂිකයින් අතර ජනප්‍රිය පුද්ගලයින් තමන්ගේ අනුගාමිකයින් අතර රනිල් ගැන මවල චිත්‍රය වෙනස් කරන්න ලේසි වෙන්නේ නැ

  2. මම නං හිතන්නෙ විධායක ජනාධිපතිට වඩා එජාප නායකත්වය බලවත්.(ඒ කිව්වෙ සිවිල් බලය ගැන නෙවේ ව්‍යයස්ථාපිත බලය ගැන). ඉතිං උන්නැහේ චිරාත් කාලයක් තනතුරේ වැජඹේවි. එකම ප්‍රතිඵලය තමයි ආණ්ඩුව එපාවුන මිනිස්සුන්ට යනඑන මං නැතිවීම.

  3. වික්‍රමසිංහ මහත්තයගෙ මොන දුර්වලකම් තිබුණත් ඔහු රාජතාන්ත්‍රික කටයුතුවලදි ගරුකටයුතු විදියට හැසිරෙනව. ලංකාවෙ ඉන්න අනික් දේශපාලකයොන්ට සාපේක්‍ෂව ඔහු හොඳ මහත්මයෙක් කියල කියන්නත් පුළුවන්. ලංකාවෙදි බිම්මට්ටමේ පාක්‍ෂිකයන් අතර ඔහුගෙ ප්‍රතිරූපය ඔහුගෙ පිලේ අයම විනාශ කරාට තවමත් ලෝකයා, විශේෂයෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල ලංකාවෙ ඉන්න දේශපාලකයින්ගෙන් වැඩිම සැලකීමක්, පිළිගැනීමක් තිබෙන්නෙ ඔහුට. ඒ අර්ථයෙන් රටේ ආර්ථිකය නැවත ක්‍රමිකව ගොඩනැගීමේ හැකියාව ඔහුට තිබෙනව. අනෙක අද යූ.එන්.පී. එකේ නායකත්වයට සුදුසු පුද්ගලයෙකුත් පක්‍ෂය තුළ නැහැ. දැනට දඟලන අයට තව කල් තිබෙනව. නොමේරු දරුවන් බිහිකරනවට වඩා පරිණත නායකයෙක් බිහිවන එක කෝකටත් හොඳයි. මට පෙනුන හැටියට ඔය නායකත්ව පොරය මහ මෝඩ විදියට රඟ දැක්වුනේ. ඉතිහාසය පුරාවටම අපි දැක්කෙ හැම පක්‍ෂයකම වගේ ඉන්න නායකයොන්ගෙ අවසාන කාලෙදි නායකත්වයට සුදුස්සෙක් අනිවාර්යෙන් ඉස්සරහට එනව. වික්‍රමසිංහ මහත්තයගෙ කාලෙ ඉවරවුනාම ඔහු යාවි. එතෙක් ඔහුගෙ පක්‍ෂයේ අයට නායකත්වය ගැන හිතනවට වැඩිය මේ ජනතා විරෝධී, ජනපීඩක ආණ්ඩුවට එරෙහිව කරන්න ගොඩක් දේවල් තියෙනව.

  4. @රාජ්,DDT, සම්පූර්ණයෙන් ම එකඟයි.

    දැන් කලයුත්තේ විපක්ෂයේ සියලු පක්ෂ එක්වී රජයේ ජනතා ද්‍රෝහී ක්‍රියාවන්ට එරෙහි වීම මිසක් කනි පක්ෂ තවතවත් කැඩී යාම නොවේ.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: