සිංහල බ්ලොග් අවකාශයේ ධවල රථ සැරිසරයිද? – ඇටමැස්සා කෝ?

ඇට මැස්සා යන නාමය මා මුල්වරට ඇසුවේ පාසල් සිසුවෙක් ව සිටියදීය.ඒ සුගතපාල ද සිල්වා මහතා සිංහලට පරිවර්තනය කළ The Gadfly නම් කෘතිය නිසාය. ඉන් කලකට පසු මුල්වරට සිංහල බ්ලොගයක් කියැවූ දිනක එහිදී හමුවූ යොමුවක් ඔස්සේ ඇටමැස්සා ගේ අඩවිය නම් බ්ලොගය වෙත මුල් වරට පිවිසුණෙමි.ඒ අදට වසරකටත් මාස හතරකට පහකට පමණ පෙරාතුවදීය.එදා සිට පසුගිය සතිය වනතුරුම මම ඇටමැස්සා ගේ යාවජීව පාඨකයෙක්ව සිටියෙමි.මතක හැටියට මුල්වරට මා කියැවූයේ ඔහු දිවයින පත්‍රය හා එහි කතුතුමා විවේචනයට ලක්කර සම්පාදනය කර තිබූ ලිපියකි.ලිපයේ අන්තර්ගතය හා එකඟනොවූ බැවින් මගේ නිශේධනාත්මක ප්‍රතිචාරය එකෙනෙහිම පළ කල අතර තවත් පාඨකයන් කීප දෙනෙක් සමග වාදයකට ද එළැඹුනා මතකය.එතැන් සිට ගෙවී ගිය වසරකට අධික කාළය තුල ඉහත සංසිද්ධිය ඒ ආකාරයෙන්ම වරින් වර පුනරාවර්තනය විය.ඇමැස්සා සහ මාගේ මතයන් 100%ක් සම්පාත වූ අවස්ථා ද විරල නොවන බැව් මෙහිලා සටහන් කෙරුම වටී.එවන් අවස්ථාවක දී ඔහු ඒ සම්බන්ධව තම ස්තුතිය ද පළකිරීමට නොමසුරු වූ බව මතකය.(සමහර විට ඒ අදට වඩා හොද හෙටක් යන එකම බලාපොරොත්තුව අප දෙදෙනාගේ ම සිත් තුලු තිබූ නිසා වන්නට ඇත).

ඇටමැස්සා ගේ මාධ්‍ය භාවිතය ගැන විචාරපූර්ණ සමාලෝචනයක යෙදීමට තරම් මම ජනමාධ්‍යය පිළිඹද හසල දැනුමැත්තෙක් නොවෙමි.නමුත් එක් දෙයක් ඉඳුරාම පැවසිය හැක.ඒ එහු තමන් විශ්වාස කළ මතවාදයක් වෙනුවෙන් නිර්භයව තම පන්හිද මෙහෙය වූ අභීත මාධවේදියෙකු බවයි.රාජ්‍යතන්ත්‍ර යේ ඉහලම තැන් පවා ඔහුගේ නිර්දය විවේචනයට ලක්වූ වාර අපමණය.විවිධ වූ කඩතුරාවන්ගෙන් තම සැබෑ ස්වරූපය වසාගෙන ජනතාව රවටන දේශපාලඥයන් ගේ සලුපිලි ඇදදැමීමට ඔහු තම පන්හිද මනාව මෙහෙයවීය.වෙසෙසින්ම අනෙකුත් ජනමාධ්‍ය කෙරෙහි බලපවත්නා විවිධාකාර වූ සීමාමායිම් බ්ලොග් කළාවට අදාල නොවීම බොහෝ බ්ලොග්කරුවන් මෙන්ම ඇටමැස්සා ද ලද ආශිර්වාදයක් විය.කෙටියෙන් ම කිවහොත් ඔහුගේ පෑනට තිරිංග නම් නොතිබිණි.

කෙසේ වුවද පසුගිය සතියක පමණ කාලයක සිට ඇටමැස්සා ආගිය අතක් නැත.මේආකාරයට බ්ලොගයක් අතුරුදන් වීම අප අත්දැක්කේ මීට වසරකට පමණ පෙර ටැබූ සබ්ජෙක්ට් බ්ලොගය අතුරුදන් වීමෙනි.(ටැබූ නැතිවීෙමන් අැතිවූ රික්තකය පිරවීමට අැටමැස්සා දායක වූ බව ෙබාෙහා්ෙදනා පිළිගන්නවා අැත) නමුත් එහිදී බ්ලොග්කරුවා අතුරුදන් වීමකට ලක් නොවූ අතර බ්ලොග් අවකාශය පුරාම මේ සිද්ධිය විවිධකාරයෙක් කතාබහට ලක්වූ අවස්ථාවල ටැබූ (එනම් ටැබූ සබ්ජෙක්ට් හි ලේඛකයා) ද ඒහා මැදිහත් වනු දක්නට ලැබිණි.තම බ්ලොගය යම් කඩාකප්පල්කාරී පුදුගලයෙකු හෝ පිරිසක් විසින් හැක් කර ඇති බව ඔහු මෙවන් තැන්වලදී කියා සිටියේය.(මෙය ද විවාදාපන්න වූ අතර ෙනාෙයක් අකාර මත හා නිගමන මේ සම්බන්ධව දිගහැරෙනු නිරීක්ෂණය කල හැකි විය)

නමුත් ඇටමැස්සා ගේ බ්ලොගය අතුරුදන් වීමෙන් පසු එවැන්නක් දක්නට නොලැබීම කුහුල දනවන්නකි.(රැඩිකල් අදහස්  ෙම්ගැන සාකච්චාවක් ද ක ෙල්ය – ඊට ද අැටමැස්සාෙගන් ප්‍රතිචාරක් ෙනාතිබිණි) ඇටමැස්සා ගේ අඩවිය නිහඩ මරනයකට (silent death) ගොදුරු වූයේ ඇයි?

සිංහල බ්ලොග් අවකාශය තුල වූ කියවන්නට යමක් තිබූ, (සැබැවින් ම ගැටීමට හා වාද කිරීමට ද යමක් තිබූ) බ්ලොගයක් හිටි අඩියේ නතර වීම පාඨකයන් හට නම් පිරිමැසිය නොහැකි පාඩුවකි.එනිසා ඇටමැස්සා නැවත කුමන හෝ ස්වරූපයකින් දක්නට ලැබීම අපගේ අපේක්ෂාවයි.

ඇටමැස්සා පමණක් නොව ටැබූ, බියෝන්ඩ් ද ෆ්‍රේම්, පෙරමුණේ රාළ, මිගාර වැනි වැනි හරවත් යමක් බ්ලොග් අවකාශය තුල සිදුකර දැන් නිහඩව සිටින සියලු බ්ලොග්කරුවන් යලි සජීව ලෙස දක්නට ලැබෙන්‍ෙන් නම් අපි උදක්ම ඒ ගැන තුටු ෙවමු.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 04/05/2012, in කාලීන and tagged . Bookmark the permalink. 30 Comments.

  1. කියවන්න තිබුන බ්ලොග් අඩවියක් මේ විදිහට ඉවත් වීම කණගාටුවට කරුණක් , ඇටමැස්සාගෙ පෞද්ගලිකත්වය හෙලිවන දෙයක් සිදුවෙලා ආරක්ෂාව වෙනුවෙන් ගත්ත තීරණයක් වෙන්නත් පුලුවන් !

    විරුද්ධ මතවාදයක ඉන්න ජයශ්‍රි ඇටමැස්සා වෙනුවෙන් ලියු මේ සටහන පිලිබඳ මගේ ආචාරය

    • @“ඇටමැස්සාගෙ පෞද්ගලිකත්වය හෙලිවන දෙයක් සිදුවෙලා ආරක්ෂාව වෙනුවෙන් ගත්ත තීරණයක් වෙන්නත් පුලුවන්!”
      බොහෝ විට වෙන්න පුලුවන් බුවා

  2. ඉතා ඕනැ කමින් කියෙව්වෙ. අපරාදෙ. නමුත් වෙන විදියකට ආයෙත් ලියාවි කියා හිතනවා.

  3. විරුද්ධ මතවාදයක ඉන්න ජයශ්‍රි ඇටමැස්සා වෙනුවෙන් ලියු මේ සටහන පිලිබඳ මගේත් ආචාරය

  4. බුවාගේ මුළු කතාවටම එකඟයි….

    අදහස් වලට එකඟ වීම කෙසේ වෙතත් ඇට මැස්සා කියවීම පුරුද්දක් වුනා…. නැවත් බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින්….

  5. ඇටමැස්සාගේ ලිපි අපිත් නිතර කියවනවා.ටැබූ,බියොන්ඩ් ද ප්‍රේම් ගේ බ්ලොග් අඩවි වලට පසු පසු ඉතා කෙටි කාලයක් තුල වැඩිම පේක්‍ෂක අවධානයක් යොමු වූ අඩවියක්.ඇටමැස්සාගේ අනන්‍යතාවක් එළිදරවු වේ යැයි ඔහුටම ඇතිවූ සැකයක් නිසා ඔහුම අඩවිය වසා දැමුවා විය හැකියි.

  6. @සියල්ලන් – ප්‍රතිචාර වලට ස්තුතියි
    @කවිකාරී – මගේ අපේක්ෂාව ඇටමැස්සා නැවත කියැවීමයි
    @රැඩිකල් අදහස් – ඇත්තටම මුලුමනින්ම ඇටමැස්සාට විරැද්ධ මතයක මා නැහැ.ඔහු සමග එකග අවස්ථා බොහෝයි
    @අභීත – අන්මත ඉවසීම , සදාචාරවත් සමාජයක ලක්ෂණයකි
    @ජෝතිශ ලංකා – සමහරවිට වෙන්න පුලුවන් මිත්‍රයා

  7. රාජ්

    සාමාන්‍යයෙන් ජයශ්‍රී සහ ඇටමැස්ස දෙපැත්තක හිටියත් ඇටමැස්සගෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන ජයශ්‍රී පෙනී සිටීම නං ලොකු දෙයක්. තමන්ගෙ මතයට ප්‍රතිවිරුද්ධ එකා (භෞතිකව) මරණ කාලයක්නෙ මේක. ඇටමැස්සවත් හේතුව කිව්වනම් තමයි හොද.

  8. ඉන්ද්‍රජිත්

    ඇටමස්සාගේ අන්තිම සංවත්සරය වෙලාවේ මා ලියූ දෙයක් මතකින් යලි ලියන්නම්.
    ” රාවය කතුවරයා අද කඩේ යන හැටි දුටුවිට, මේ රෙජීමය යටතේ අභීත මාද්යවෙදියකුට අත්විය හැකි ඉරණම අතපය කැඩීමට හෝ මරාදැමීමට එහා ගිය බිහිසුණු එකක් බව පෙනේ. එවන් ඉරණමක් ඔබට අත් නොවේවා..”
    මා ඇටමැස්සාගේ අඩවියට කමෙන්ට් දමන්න පටන් ගත්තේ සැහෙන කාලයක් නිහඬව පාඨකයකු හැටියට සිටීමෙන් පසුවයි. අප මුලින් ගොඩවදින විට එහි තිබුන තත්වය මෑත මාස කීපය තුල සීග්‍ර වෙනසකට භාජනය වුන බව ඔබට නොපෙනේද? අන්තිම කාලයේ මැස්සා මහින්දට ගහන්න ඕන වූ විට, ඩෙස්මන්ඩ් මොරිස් ‘මනුසත් උයනේ’ පෙන්වා ඇති , කෑමට සුදුසු දෙයක් නැත්නම් මොකක් හෝ හපන්න පනින දඩෝරියකුගේ තත්වයට පත්වුනා. අධිවේගී පාර වැඩක් නැති එකක් හැටියට අසද්ද බොරුවක් පවා පලකරන තැනට ඔහු පත්වුනා.
    අන්තිමට පලකල ජාතිවාදී චෝදනා ඇතුලත් පොස්ට් එකට කණියා, ඔබ, මා සහ coz පලකල මත වලට මැස්සාගෙන් ලැබුන වියරු ප්‍රතිචාරය ඔබට මතක ඇති. ඔහු එවෙලේ හැසිරුනේ මේ රටේ සිටින වහාම විනාශ කල යුතු ජාතිවාදී ද්‍රෝහීන් වනාහි තම බ්ලොග් එකේ නිරන්තර පාඨකයින් වන අප සිවුදෙනා ලෙසයි. එවෙලේ මට සිහිවුනේ මා පාසල් සිසුවකු කාලයේ, ධර්මසිරි ගමගේ, දයාසේන ගුණසිංහ, කිත්සිරි නිමල්ශාන්ත යන මහා මාධ්‍ය ප්‍රධානීන් සමග අවස්ථා තුනකදී මතවාදීව ගැටුන අයුරුයි. ඒ ජාතික මට්ටමේ මහා පුරුෂයින් ළදරු මගේ මතයට අවස්තාව දුන්නට අමතරව, එය බැරෑරුම් දෙයක් හැටියට සලකමින් පිළිතුරක් ගොනු කිරීමට පවා නිහතමානි වුනා. මැස්සා අපට රටේ වහාම පිටුදැකිය යුතු සතුරන් හැටියට බැණ අඬගාණ විට මට සිතුනේ ‘අපේ පරපුර අපට කලින් පරපුරට වඩා කොතරම් පුංචිද..’ යන්නයි. එසේ වීමට හේතුව, ලංකාව පරදවා පකිස්තානය දිනූ විට ( ඉන්දියාව හෝ එංගලන්තය පරදවා දිනූ විට නොකරන අයුරින්) ලංකාවේ මුසල්මානුවන් රතිඥා දල්වන බව මා සඳහන් කිරීමයි. මේක ඇත්ත බව නොදන්නා ලාන්කිකයෙක් සිටිනවා කීමත්, ඔහු රටවැසියන් දැනුවත් කරන්න බ්ලොග් එකක් කරනවා කීමත් ගැන ඔබට මොකක්ද හිතෙන්නේ.. ඇත්තටම ජයශ්‍රී, මා ඔබ තරම්වත් ජාතිවාදී නැහැ. ඔබ සමගත් මා වරක් මෙවැනි දෙකට පැටලුනා මතකයි. එත් එදා අපි පටන්ගත් කතාවට ඔබත් මාත් කණියා වැනි අයත් එක් කල අදහස් නිකම්ම බොරු හැටියට ඉවත දැමිය හැකි කෙනෙක් කොහොමද රටේ ප්‍රශ්න ගැන මැදහත්ව බලන්නේ..
    මොනවා හරි පිස්සුවක් දොඩවලා අන්තිමට එදා වේලට මොකක් හරි මහින්ද විරෝධයක් පෙන්වන තවත් එක ද්වේශ වෙබ් එකක් වෙනවාට වඩා නම් බ්ලොග් අවකාශයෙන් ගෞරවාන්විතව සමුගැනීම නම්බුයි. නැත්නම් අපිව සටන් මගකට ගොනුකරවන්න කියාගෙන ඇවිත්, ” ඔස්ට්‍රේලියාව මැදිහත් වුනේ නැත්නම් මගේ පනකෙන්ද ඉවරෝ..” කියාගෙන පලාගිය වීරයාට වගේ අනාත වීමක් වුනොත් නම් පස්සෙන් ගිය අපටත් ඇඩ්රස් නැහැ.

    • ඇත්ත ඉන්ද්‍රජිත්, ඇටමැස්සා ඔබ කියූ පරිදිම තමාට විරුද්ධ මතයක් දරණ පාඨකයන්ට අභූත චෝදනා නගා හෙලා දැක්කා.මධ්‍යස්ථ වීම වෙනුවට ඔහු අන්තවාදී ලෙස ධ්‍රැවීකරනය වුණා.මං විශ්වාස කරන්නේ බ්ලොග්කරුවෙක් එසේ වියයුතු නෑ කියායි.නමුත් එය එහුගේ කැමැත්ත නම්……?

      • ඉන්ද්‍රජිත්

        ඇත්ත. එයාගේ බ්ලොග් එක එයාගේ කැමැත්ත පරිදි විය යුතුයි. ඒ ගැන වාදයක් නැහැ. කොහොම වුනත් සුගතපාල ද සිල්වා මහතාගේ ‘ඇටමැස්සා’ පොතේ එක තැනක මර්තිනී මෙහෙම කියනවා… “ඔය විදියට හැම එකටම හැම කෙනෙකුටම අවිනීතව බුරන එක එක මට පේන්න බැහැ..” ( පිටුව 135, 1991 ගොඩගේ මුද්‍රණය) මෙහෙම කියන මර්තිනීව ඇටමැස්සා තමාගේ හතුරෙක් කියා සැලකුවේ නැහැ. ඔවුන් මීටත් වඩා ප්‍රතිරෝධ දරාගෙනයි පොදු අරමුණක් වෙනුවෙන් එකට වැඩ කලේ. තමන් කියන දේට එහෙයි කියන අය හැර අනෙක් සේරම නොකවුට් කරලා දාල මොවුන් හදන්න යන අලුත් ලෝකයත් මහින්ද මහත්තයා හදන්න යන ලෝකයට වඩා වෙනසක් වෙන්නේ කොහොමද කියලයි මට තේරෙන්නේ නැත්තේ.
        දඹුල්ලේ සිද්ධියට වගකිව යුත්තේ උඹයි මමයි වගේ උන් කියලා අපි ආසාවෙන් බලාපු බ්ලොග් එකක නමත් එක්ක පලවුනාම මාර සතුටුයි නේද…? ඉතාලියේ හිටපු ඇට මැස්සත් එහෙම කළා නම් එදා ඉතාලිය ‘එක්සත් කිරීමේ’ ව්‍යාපාරයට මොකද වෙන්නේ? සේරටම කලින් මිනිස්සු තමාගේ අරමුණට වගකිව යුතුයි. පොඩ්ඩක් මලපනිනකොට ඒක අමතක වෙනවා නම් පැවැත්මක් නැහැ. “අන්ධ ද්වේශය සියල්ල විනාශ කරයි, එහෙත් කිසිවක් නිර්මාණය නොකරයි..”

    • මහතයෝ ඔයා වලන් බිදින්න පටන් අරන් තියෙන්නේ ගේ වහල සති එකහා මරකට විතර පස්සේ නේද? ඔබ ඔය කියන සංවාදයට සහභාගී වුවෙක් හැටියට මැස්ස ‘වියරු ප්‍රතිචාර” දකුවා මතක නැත. නමුත් ඔබ සංවාදය අතරමැද නහයෙන් අඩා ඉවත් උවා මතකය. ප්‍රදාන ගැටලුව පසක තබා මැස්ස සමග තිබු පරණ ඇරියස් දැන් පියවා ගැනීම ගුජුප්සජනකය.

      • ඉන්ද්‍රජිත්

        වහලා බව දන්නේ සති ගණනකට පස්සේ. මොකද හිතට එන මොනවාහරි ලියන බ්ලොග් එකක රේට්ස් වැඩිකරන්න ගොඩවෙන එක එපාවෙලා අයින් වෙලා හිටියේ. අන්තිම කාලේ එතන සංවාදයක් වෙනුවට ‘අපේ මතයට අභියෝග කරන්න තොපි කවුද..?’ වර්ගයේ ආඥාදායකත්වයක් මැස්සයි එයාගේ අගසවු තැනට පත් වුන ඔයයි ගොඩනගන්න හදපු නිසා. ඔයාලගේ භාවිතාවත් ITN එකේ තැනක් ලැබුන මහින්ද අබේසුන්දරගේ භාවිතාවත් මට නම් එකක් මිස දෙකක් නොවේ.

    • “ඇත්තටම ජයශ්‍රී, මා ඔබ තරම්වත් ජාතිවාදී නැහැ” මේක නම් හරි අපුරු ප්‍රකශේ. මැස්ස ඔයාට කිවුවේත් ඔයටිකම තමා!

      ” පස්සෙන් ගිය අපටත් ඇඩ්රස් නැහැ” අයි ඔයා බ්ලොග් වල පස්සෙන් යන්නේ? බ්ලොග් කරන අය පෙරගමන් කරුවන්ද?

      • ඉන්ද්‍රජිත්

        අනෙක් බොහෝ මිනිසුන්ට වගේම මැස්සාටත් විනයක් වෙලා තිබුනේ ” එහෙයි හාමුදුරුවනේ…” කියමින් අන්තගාමී ඉසවු වලට දක්කාගෙන ගිය ඔබ වැනි හිතයිශීන් මිස අප වැනි විවේචකයින් නොවේ.

  9. මැස්සාගේ සදාතනික විවචකයා වූ ඔබ මැස්සාගැන තැබූ සටහන අපුරුය!ස්තුතිය!

  10. kathandarakaraya

    ටැබූ යනු අඥාතයෙක් වුවද ඔහු මා වැනි බ්ලොග්කරුවන් සමග ඊ-මේල් හුවමාරු කර ගත්තේය. එයින් හැඟෙන්නේ ඔහුට පුද්ගලිකත්වයක්ද තිබුණු බවයි.

    ඈට මැස්සා මා දන්නා පරිදි මුළුමනින්ම සැඟවුණු චරිතයක් විය. අපට ඔහු සොයාගත නොහැක්කේ එනිසාය.

    බලා ඉන්නවා ඇරෙන්නට අපට කළ හැකි දෙයක් නැත?

  11. @ඉන්ද්‍රජිත් – එකඟයි මිත්‍රයා.
    @කතන්දර – ඔව්.කතන්දර බ්ලොගයේ හැර වෙනත් කිසිම තැනක මම ඔහුගේ කොමෙන්ටුවක් වත් දැකල නැහැ.
    @හේරත් – ඔබටත් ස්තුතියි

  12. මගේ නමත් ඇදී ඇති නිසා මේ ටිකත් කිව යුතුය …..එදා ඔහුගේ පොස්ටුවෙන් (මට මතක හැටියට වතු කම්කරුවෙකුත් ආරක්සක අංශ සමජිකයෙකුත් අතර ඇති වූ ගැටුම) හුදකලා සිද්දියකට ඊට වැඩ වටිනාකමක් අරුඩ කර මහලොකු ප්‍රශ්නයක් කරගන්න උත්සහකල වෙලාවේ අප කිහිප දෙනෙක් පැහැදිලි කල විදිහට එය හුදෙක් හුදෙකලා සිද්දියක් බව ඔහුටද පසුව වැටහී යන්නට ඇතය් සිතමි …. නමුත් එයට එකග වෙනවා වෙනුවට ඔහු කලේ මෙන්න මට මුන් බනිනවොය් තවත් පොස්ටුවක් දැමීමය … මීට සමාන දේවල් ටැබූ බ්ලොග් එක කරන කාලයේත් අත්වින්දෙමි … ලියන රටාව කෙසේ වෙතත් ඇටමැස්ස යනුවෙන් ලියු කෙනා ටැබූ බ්ලොග් අඩවියටද කුමන ආකාරයකින් හෝ සම්බන්දවුවෙකු බවට සැකයක් ඇතිවුයේ මේ නිසය්

    • වතුකරයේ සිද්ධිය ගැන ඇටමැස්සා ගේ ස්ථාවරයත්, හැම දෙයක්ම විදෙස් කුමණ්ත්‍රණ යයි කියන අයත් අතර වෙසක් නෑ .
      මටත් තිබුණ සැකයක් තමයි ටැබූ යනු සාමූහික ප්‍රයත්නයක් කියන එක.

  13. ජයශ්‍රී මොකද මේ moderation දාල?

    • මේඝයේ මුල්වරට පාඨකයෙක් දක්වන ප්‍රතිචාර moderation වෙනවා.මේ settings වෙනස් කළ හැකි බව දැනගත්තේ මෑතක.
      අහඹු ලෙස සමහර ප්‍රතිචාර moderate වෙනවා.ඒකට හේතුව නම් මටත් හිතාගන්න බෑ

  14. To ඉන්ද්‍රජිත්,

    අපි blog වලට යන්නේ බෝග brake එකකට ( බෝග දමනවා = පේරාදෙණියේදී, අධ්‍යන කටුතක නිරතවෙනවා) හෝ hobbyයකට හෝ fun එකකකට නොව අලුත් යමක් ඉගන ගැනීම සදහා වේ ( සිංහල බ්ලොග් අවකාශය තුල අලුතින් ඉගනගැනීමට ඇති අවස්ථාව ඉතා විරල අතර සමාජ ගලනයන්, පන්ති හැසිරීම්, ප්‍රග්ධනයේ වියප්තියන් හා මානසික රෝග අධ්‍යනයට යොදාගත හැක). ඉතින් අපට අනෙකාගේ blog වල rate ගැන හෝ comments ගැන හෝ අදාලත්වයක් නැත. එසේ අනෙකාගේ rate වැඩි වේයැයි බියෙන් බ්ලොග් නොබලන ප්‍රථමයා හා අන්තිමයා ද ඔබවිය හැක. ප්‍රධානව අපට අනුව සංවාද කිරීම යනු ඔබ දරන කවර හෝ මැටි මෝල් අදහසක් “එකත් හරි” වර්ගයේ defend කිරීම නොව හිරි කෙලින් වැටෙන්න පහරදීමය ( මතවාදීව). මැස්ස කලෙත් ඒටිකමය. එය ආඥාදායකත්වයක් නොවේ, එයද සංවාද කිරීමේ ප්‍රවේශයකි. එසේම ඔබකියන ධර්මසිරි ගමගේ, දයාසේන ගුණසිංහ, කිත්සිරි නිමල්ශාන්ත(name dropping කරලා පිම්බෙන්න හදපු තවත් කවුදෝ මහත්තයෙක් හිටිය.) ආකාරයට කලාසේ ” ළදරු මගේ මතයට අවස්තාව දුන්නට අමතරව, එය බැරෑරුම් දෙයක් හැටියට සලකමින් පිළිතුරක් ගොනු කිරීම” වැනි පොඩිඋන් නලවන වැඩනම් මැස්ස කලා මතක නැත. Transliterate රයෙන් දමාගෙන අකුරු කොටා පිටුගණන් comments දමන ඔබ වන්නන්ට කුමන හෝ සිනි බෝලොයක් දී නලාවන්ට තිහුනය. ඔබේ මේ කන්කෙදිරිය ඒ නිසායයි සිතේ කෙසේවෙතත් මගේ තර්කය උයේ ප්‍රධාන සංවාදයෙන් අතරමග පැන ගොස් හන්දිවල චණ්ඩිපාට් දැමීම තකතීරු වැඩක් යන්නය. ඔබ ඊට පිළිතුරු දෙනවා වෙනුවට මහින්ද අබේසුන්දර මට අබිමුඛ කර තිබේ. මහින්ද අබේසුන්දරගේ හැසිරීම ඉහට සංවාදය සමග විග්‍රහ කර ගැනුමට දත්ත මදිය. එනිසා එම විග්‍රහයත් ඔබම කරනවානම් වටිනවාය . අපි මිනිසුන් සලකන්නේ බුද්ධියක් ඇති ජීවින් ලෙස මිස දක්කාගෙන යා හැකි හරකුන් ලෙස නොව.අන්තිම වශයෙන් අපි බ්ලොග් වලින් දේශපාලනය නොකරන අතර, අපි දශපලනය කරන්නේ මහපරේය කොම්පුටරේ වහල පාරට එන්න අපි සංවාද කරමු. ( අපි යනු මා ලෙස සිතන එක්ව වැඩකරන අනෙකුත් සහුර්දයින් වේ)

    • ඉන්ද්‍රජිත්

      ඒ ජාතියේ දිනුමක් නම් මට එපා . ඒක ඔබම තියාගන්න. කොහොම වුනත් ක්‍රම විරෝධීන්ගේ කඳවුරේ ඉන්න සැර මුරබල්ලන් නිසා කිට්ටුවෙන්නත් බය හිතෙනවානේ. ඔබට මේ දවස්වල දැනෙනවා ඇත්තේ බුදුන් පිරිනිවී කල ආනන්ද හිමිට දැනුන මානසිකත්වයයි. දිනුමත් අරන් ගිහින් ඔය අපට නොතේරෙන දේශපාලනය ඔහොම කරගෙන යන්නකෝ… ප්‍රශ්නයක් වුනොත් ඔස්ට්‍රේලියාව වත් ගෙන්න ගනීවි කියලා ෂුවර්නේ…
      කොහොම වුනත් මා ලියූ ‘කරුණු’ වලටත් පිළිතුරක් දී තිබුනා නම් මගෙත් මොලේ මලකඩ කැඩිලා යන්න තිබුනා. වචන වලට නොව කරුණු වලට පිළිතුරු දෙන්නකු එක්ක ගැටෙන්න තිබුනා නම් තමයි ඒක සංවාදයක් වෙන්නේ

      • ඇටමැස්සා/හේරත් ගෙන් ප්‍රකට වෙන්නේ පැහැදිලිවම මේ රටේ මාක්ස්වාදී/JVP (යැය් කියාගන්නා) අයවලුන්ගේ බංකොලොත් බාවයය්, ප්‍රශ්නයක් අහපුවම කෙලින් උත්තර නොදෙන, අපගේ දේශපාලන දැනුම ගැන පෙරලා ප්‍රශ්න කරන (ප්‍රශ්නක්රනවා විනා කවදාවත් ප්‍රශ්නයකට උත්තර හෝ දැනුමට යම්කිසිවක් එකතුකිරීම හෝ මොවුන් නොකරය්) මනොබාවයය් (අපි දශපලනය කරන්නේ මහපරේය කොම්පුටරේ වහල පාරට එන්න අපි සංවාද කරමු- දැන් කැනඩාවේ ඉඳල පලයන්කෝ මුගෙන් ප්‍රශ්නෙට උත්තරයක් ගන්න), ජනමාද්‍ය නිදහස වෙනුවෙන් පෙනීසිටින මොවුන් තමන්ගේ බ්ලොගයට ගොඩවෙන අගන්තුකයට චන්ඩි පාර්ට් දමය්, ප්‍රතිවිරුද්ද මතදාරීන්ට දමන මේ මේ කොමෙන්ට් වලින් සමහර විට මානව නිදහස මානව හිතවාදය දොරෙගලා යය් (උදා සිංහල නට්සිවාදය ලියන කණ්ඩුල, ඇටමැස්සා සමහර විට, ටැබූ- ඉස්සර) මේ නිසා මොවුන්ට තීරණාත්මක දේශපාලන බලයක් ලැබුණු විට කෙසේ හැසිරෙය්දැයි සාදාරන සැකයක් ඇතිවේ

  15. @මොවුන්ට තීරණාත්මක දේශපාලන බලයක් ලැබුණු විට කෙසේ හැසිරෙය්දැයි…….
    පැහැදිලිවම, මේ සම්බන්ධ අත්දැකීම් ද අපට නැතුවා නොවේ

    • ඉන්ද්‍රජිත්

      ජයශ්‍රී ඒගැන බය වෙන්න එපා. ඒක අපේ වත් අපේ දරුවන්ගේ වත් කාලය තුල සිද්ධවෙන දෙයක් නොවේ. මොවුන්ගේ පමණ ඉක්මවා ගිය දේශපාලන පඩත්තල කම නිසා මොවුන්ට මගහැරීගිය එක වැදගත් කරුණක් නම්, මිනිසුන් නැතුව දේශපාලනයක් කල නොහැකි බවය. මිනිසුන්ට මමත්වයක් කියා එකක් ඇත. තමා සමග සංවාදයට එන එකාට මතවාදීව හෝ ‘කෙලින් වැටෙන්න ගහන’ උන් එක්ක මිනිසුන් එන්නේ නැත. ( මේ මතවාදී ගැහිල්ල ඉක්මනින්ම සීමාව පැන කායිකව ගසා රෝහල් ගතවීම මොවුන්ගේ විශ්වවිද්‍යාල වල නිතර සිදුවේ.) අනෙක් පැත්තෙන්, “ගැලුමක් පිත වමනය කලත් නොඑන තරම් මීමැස්සන් මීපැණි බිංදුවකට එති” කියූ ලින්කන්ගේ බස සැබෑ කරමින් සම්ප්‍රදායික දේශපාලකයෝ මිනිසුන් මිහිරි කතාවෙන් අන්දවා සැමදාම උන්ගේ පිටේ කවුන්සල් ගොස් වැජඹෙද්දී, එකිනෙකාට විලිස්සමින් ගොරවන බලු රැලක් සේ මොවුන් අපේ මීළඟ පරපුරත් මහලු වනතෙක් සහුර්දයන්ට පවා වැටෙන්න ගහමින් මහපාරේය. අර coz කියන්නසේ ඉන්න තැනක් කියන්නෙත් නැති බැවින් පාරේ කොතනදී සංවාදයට එන්නයි නොතේරේ.
      අනෙක, මොවුන්ගේ මහප්පරාන දේශපාලන තර්කනය අනුව මිනිහෙකුගේ අදහස් වල පහරදිය යුතු දේවල් නම්,. ඔහුගේ මතය එලියට ආවේ සති කීයක් ප්‍රමාද වෙලාද? කමෙන්ට් එක කොතරම් දිගද? එය කොටා ඇත්තේ ට්‍රාන්ස්ලිස්ටරේට් කරලා හෝ එසේ නොවේද? වැදගත් මිනිසුන්ගේ ඇසුර කුඩාකල හෝ ලබා තිබීම වරදක්ද? (මට නම් ඒ අගනා මිනිසුන් ගෙන් ලද ලියුම් කැබැල්ල පවා පේරාදෙනි ගිය එකට වඩා ආඩම්බරයකි. මොවුන්ට එවැනි ඇසුරක් දුරින් හෝ ලැබුනා නම් මෙතරම් පහත් උඩඟු කමක් ඇති නොවන්නට තිබුනා..) මොවුන්ගේ වැටෙන්න ගැහීමේ තියරියත් ඇටමැස්සා මොට්ට කතා කියනවිට ක්‍රියාත්මක නොවීය. මා අර ජාතිවාදී සංවාදයෙන් බැහැර වූයේ මොට්ට ඇනොලා ටිකක් එක්ක දිගින් දිගට පැටලීම තකතීරු වැඩක් නිසා මගේ කාලය ඊට වඩා වැදගත් බැවින් ඒ හේතුවත් අන්තිම කමෙන්ටුවෙන් කියලාය. එය සංවාදයෙන් පැනයාමක් නම්, බියගුළු කමක් නම්, තම බ්ලොග් එකත් උන්හිටි හැටියේ ඩිලීට් කර දමා අනෙක් බ්ලොගර්ලාවත් තම අගසවු වත් දැනුවත් නොකර වැනිෂ් වූ මැස්සා වීරයෙක් වුනේ කෙසේද? ඇයි සටන අවසන් කර ඇති නිසාද එහෙම අයින් වුනේ…
      මොවුන්ට අවසන් වශයෙන් කියන්ට ඇත්තේ, මැස්සා කළාක් මෙන්ම තම ජීවිතයට හෝ ගෙනයන පැවැත්මට තර්ජනයක් ඉව වැටුන ඇසිල්ලේ ඔබ සැම ආත්මාරක්ෂාව පතා වැනිෂ් වන බවයි. අර කියපු සහුර්දයන්ට මහපාර දිගටම උරුමවනු ඇත. මේ රට චන්දයෙන් ආණ්ඩු තෝරන රටකි. පාලකයින් එක්ක අපට බේරාගැනීමට කොතෙක් අවුල් පැවතියද, 71 හෝ 89 මෙන් රට මිනී කනත්තක් කරන්නට සැරසුනොත් හතරහන්දී කඩා පාරේ බාවන්නේ පොලීසිය හෝ ආමිඑක නොව ජනතාව බව දැනගත යුතුය. ජනතාව හොඳයි කියා මා කියන්නේ නැහැ. එත් වෙන්න තියෙන දේ ඒකයි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: