බන්ධුල ගුණවර්ධන මහතා ගේ 2,500යේ කතාවේ ඇත්ත හා නැත්ත

අද දින (අප්‍රේල් පළමු වනදා) ආර්ථික විශේෂඥ බන්ධුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්චාවකින් තම කුප්‍රකට 7,500කින් මසක් ජීවත් විය හැකි යන කතාවේ සත්‍යතාව පැහැදිලි කර තිබිණී.

ඔහු පවසන පරිදි මේ රු පියල් 2,500 න් එක් පුද්ගලයෙකුට කළ හැක්කේ තම මාසික ආහර අවශ්‍යතාව සපුරාගැනීම පමණකි.අප රටේ ජනතාව තම ආදායමින් 40% (හෝ ඒ ආසන්න ප්‍රතිශතයක්) ආහාර සඳහා වැයකරන නිසා ඒ ඇසුරින් මේ අගය ඔහු ලබාගත් බවක් දක්වා තිබිණි.කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් ලබාගත්තා යයි කියන මේ 40% හේ කතාව කෙතෙක් දුරට සත්‍ය දැයි මම නොදනිමි.නමුත් මෙය සත්‍යය නම් පුද්ගලයෙකුට තම සියලු අවශ්‍යතා සපුරාගැනීමට නම් (රු 2,500/40% )  රු6,250 ක් ද, තිදෙනෙකු ගෙන් යුතු පවුලක් සඳහා රු6,250X3 = රු 18,750 ක් දඅවශ්‍ය බව පැහැදිලිය.එනම් සිව් දෙනෙකු ගෙන් යුතු පවුලකට රු25,000 කි.අද අප රටේ ගෘහ මූලිකයා පමණක් ආර්ථික කටයුත්තක යෙදෙන බව සලකා, බොහෝ පුද්ගලයන් ගේ මාසික චෙතනය ද මේ පරාසයේ හෝ ඊටත් පහල නිසා බොහෝ විට බන්ධුල ඇමතිතුමා ගේ කතාව බොරුවක් ම නොවේ යයි මට සිතේ.

ප.ලි – ඉහත සූත්‍රය අනුව පවුලක සාමාජිකයන් ගණන වැඩිවන විට වියදම ද සීග්‍රයෙන් ඉහල යන බව පෙනේ.උදාහරණ ලෙස සාමාජිකයින් ගණන 6ක් නම් මාසික වියදම 37,500 වේ.රු 37,500 ක වැටුපක් ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද?

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 01/04/2012, in කාලීන, කෙටිම සටහන්. Bookmark the permalink. 9 Comments.

  1. Kenji. Japan.

    Me manussaya April 01 kiyanna ona eka welapaha kiyala [da]?????????

  2. oka nikan poster print karanawa wage. minissu wadi venakota mila sapekshawa wadi venne tikayi. mata hithenne oba thumath valige pagagena kiyalaa.

    • හරි හරි.මම ඉතිං 6 දෙනාගෙන් එහාට ගියේ නෑනේ!මම කියන්න හදන්නේ ඇමති ගේ කතාව ඔහුගේ 40% කතාව අනුව නම් වැරදි නෑ කියලයි.මම අයෙත් කියන්නේ 40% නම් හරියි කියන්න අමාරුයි.

  3. ඔය 40% තියෙන්න ඇත්තේ 77 ටත් කලින් මගෙ හිතේ.දැන්නම් ඕක 80%ත් පැනලා ඇති.

    • මමත් හිතන්නේ එහෙම තමයි.දත්ත වල අවුලක් තියෙනවා.40% ගත්තයි කියන්නේ පාරිභෝගික මිල දර්ශකය භාවිතයෙන්.මේවායේ නිරවද්‍යතාවයි සොයන්න ඕනි.

  4. 2500 කින් එහෙම නෑත්තන් 83.33 කින් එක පුද්ගලයෙකුට දිනක අහාර අවශයතාවය සපුරා ගත හෑකිද,මටනම් පෙන්නේ මෙවගේ විකාර කතා කියෙන්නේ වර්තමානයේ පවතින ප්‍රශ්න යටගෑසීමටයි,මක්නිසාදයත් වර්තමානයේ සමාජයේ පවතින ප්‍රශ්න ගෑන කතා කරන්වා වෙනුවට මේවගේ පුහු කතාවක් විවේචනය කිරීමට සමාජය යොමුවන බෑවිනි…

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: