ජිනීවා පරාජය පිලිබඳ තවත් කියැවීමක්

බලවතා විසින් දුබලයා යටත් කොට ගැනීම නම් කැලෑ නීතිය ලෙස හැදින්වේ.මිහිමත ජීවය බිහි වූයේ යම් දිනකද එදා සිට අද දක්වාම වනාන්තරය කුල ක්‍රියාත්මක ස්වාභාවික නීතිය නම් මෙයයි.උදාහරණ ලෙස මාංශභක්ෂක සිංහයන්,දිවියන්, හමුවේ ශාක භක්ෂක සාවුන් හා මුවන් භීතියට පත්ව අසරණවය පලායයි.එකම සත්ව වර්ගය තුල ද භූමිය,ආහාර හෝ සහකරුවා වෙනුවෙන් සටන් වදින්නන් අතුරින් ජයලබන්නේ බාහු බලයෙන් පරිණත සත්වයාය.විටෙක උචිතෝන්නතිය ලෙස හැදින්වෙන්නේ ද මේ සිද්ධාන්තයයි.ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතුරින් වඩාත් බලවතා ඉතිරිවී දුබලයා (අනුචිතයා) වියෝජනය වී යාම මෙමගින් විස්තර කෙරේ.(සමහර විට දුබලයා බලවතාට යටත්ව ජීවත් වීම ද සිදුවිය හැක)

ශිෂ්ඨාචාරගත වීමට පෙරාතුව වනජීවියෙක් ම වූ මිනිසා ගේ සමාජ නීතිය ද ඉහත කැලෑ නීතිය ම වීය.නමුත් මවසින් උසස් වූ මිනිසා ශිෂ්ඨසම්පන්න වූ පසු මේ තත්වය වෙනස් විය.දුබලයා ගේ පිහිටට ආගම සහ නීතිය නම් මිනිස් නිපැයුම් ඉදිරිපත් විය.නමුත් ඒ සෛද්ධාන්තිකව පමණී.දුබලයා ගේ ආරක්ෂාව වෙනුවෙන් නිපදවූ නීතිය අද ක්‍රියාත්මක වන්නේ දුබලයා ගේ නොව බලවතා ගේ ආරක්ෂාවටමය.එදා මෙන්ම අදත් යුත්තිය ද නීතිය ද බලවතා ගේ කැමැත්ත ම වෙයි.(බලවතා යනු ආර්ථික ශක්තියෙන් යුධ ශක්තියෙන් හෝ ජනබලයෙන් වැඩි පාර්ශවය විය හැක)

ඉහත පූර්විකා සැප‍යූයේ පසුගිය මාර්තු 22දා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව ලද පරාජයේ බසුබිම තේරුම් ගැනීමටයි.

ලෝක බලවතා වන එක්සත් ජනපදයේ යෝජනාවක් සම්මත වීම එසේ ස්වාභාවික ක්‍රියාවලියක් ලෙස නිරීක්ෂනය කළ හැකි වන්නා සේම ලේකඛයාගේ වැඩි අවධානය යොමු වන්නේ සම් අර්බුදය හමුවේ අසල්වැසි ඉන්දියාවේ හැසිරීම කෙරෙහිය.

මේ සියල්ලේම ආරම්භය නම් ලංකාව තුල ජීවත් වන ජාතීන් දෙක අතර ඇතැයි කියන අර්බුදය යි.දෙමළ ජාතියේ නිජබිම ද, වත්මනෙහි වැඩිම දෙමළ ජනගහණයක් ජීවත් වන්නේ ද තමිල්ණාඩුවේය.එහි දෙමළ ජනගහණය ලංකාවේ සිංහල ජනගහණය මෙන් අටගුණයක් පමණ වේ.එබැවින් ලංකාවේ දෙමළ ජාතිකයන් සම්බන්ධ කාරණයක දී තමිල්ණාඩු දේශපාලකයන්ට කළ හැකි කාර්යභාරය විශාලය.(ඇත්තෙන් ම මෙවර සිදු වූයේ ද එයයි).ලංකාවේ වෙසෙන සිංහලයන් ගැන මන් මෝහන් සිං අගමැතිවරයාට කතා කිරීමට එහි කිසිවෙක් නැත.ප්‍රබල දෙමළ ජාතිකයා විසින් දුබල සිංහලයා වෙත බලපෑම් කිරීම ලෙස ලේකඛයා අර්ථදක්වන්නේ මේ කාරනයයි.ඉන්දීය රජයට බලපෑම් කිරීමට තමිල්ණාඩුව ද, බටහිර ලෝකයට බලපෑම් කිරීමට ඩයස්පෝරාව ද සිටින මුත් අප වෙනුවෙන් කතාකිරීමට ප්‍රාණවත් තානාපති සේවාවක් වත් අපට නැතැයි සිතේ.

කෙසේ වුවද උතුරේ මානුශීය මෙහෙයුම තදින් පැවතිය සමයේ එය නතරකර දමන ලෙස ඉහත පාර්ශවය විසින් ම ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කළ මුත් ඒවා සාර්ථක නොවීම අපගේ භාග්‍යයක් බව මෙහිලා සඳහන් කෙරුම වටී.

කෙසේ වුවද ඇමරිකාව ඉදිරිපත් කළ යෝජානාව සම්බන්ධයෙන් අප මුල සිටම රටක් ලෙස උචිත ප්‍රතිචාරයන් නොදැක් වූ බව ලේඛකයාගේ අදහසයි.ගලිවරයක් රැසක් අබිමුව ලිලිපුට්ටකු වන අප ඇමරිකාවට දක්වන විරෝධය කුමක්ද?එහි ඇති ප්‍රයෝජනය කුමක්ද? භාණ්ඩ හෝ සන්නාම වර්ජනය කළා කියා ඔවුන්ට දැනෙන්නේ වත් නැත.(නමුත් එහි විලෝමය – ඔවුන් අප භාණ්ඩ වර්ජනය කිරීම නම් අප ආර්ථිකයට මරු පහරකි).කොළඹ (හෝ කහටගස්දිගිලියේ) බැනර් ඔසවා කෑගැසීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නැත.මේ සම්බන්ධයෙන් සිදුවිය යුතුව තිබුණේ කැත්තට පොල්ල මෙන් සිට මුලුමනින්ම ගැටලුව අර්බුදයක් බවට පත් නොකර සජකච්චාවෙන් සම්මුතියෙන් විසඳාගැනීමය.

එක්සත් ජනපදය සම්මතකරගත් යෝජනා ත්‍රිත්වයේ පදනම අන්කිසිවක් නොව අප විසින් ම පැනවූ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ නිර්දේශයන්මය.ඒවා ක්‍රියාත්මක කිරීමට තවෙකෙකුට ඇගිල්ලෙන් ඇනීමට ඉඩ දුන්නේ අපගේම මන්දගාමී ක්‍රියාකලාපයයි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 23/03/2012, in කාලීන. Bookmark the permalink. 7 Comments.

  1. ඇත්තටම තුන්වෙනි යෝජනාව තමයි ටිකක් අවුල් , ඒක නිශ්චිත යෝජනාවක් නොවන නිසා හානිදායක වෙන්න පුලුවන් කමක් තියෙයි . බොරුවට උඩ පනින එකේ ජපානය හෝ ඉන්දියාව වගේ බටහිරට් හිතවත් රාජ්‍යක් අතරමැදි කරගෙන තුන්වන යෝජනාව ඉවත් කරගන්න කටයුතු කලා නම් කාටත් වින්-වින් තත්වයක් ඇති කරගන්න තිබුනා !

  2. සජීව ධනුද්ධර

    බොහොම සමබර ලිපියක්..
    ( ප.ලි. -නමුත් බොහොමයක් දේශපාලන බ්ලොග් වල ඔබගේ කොමෙන්ටු දැක මා සිතා සිටියේ ඔබ එක් අන්තයක සිටින්නෙක් කියා. මෙම ලිපිය කියවීමෙන් පසුව එය යම්තාක් දුරකට හෝ නිවැරදි කරගැනීමට හැකි විය.)

    • ස්තුතියි සජීව,ඔබ මේ ගීතය අහල තියෙනවද?
      “දුටු පමණින් විරූපි යයි අහක නොබලලා – ඇසුරින් ඇය (ඔහු) හඳුනා ගනු කවුරුද කියලා , එපා එපා රැවටෙනු – රූපෙට එපා රැවටෙණු”

  3. මෝය කටෙන් පොල් ලෙලි ගියාට ගානක් නෑලූ.
    අපේ විදේශ ප්‍රතිපත්තිය අමු බූරූ ප්‍රතිපත්තියක්, දයාන් ජයතිලක, බර්නාඩ් ගුණතිලක, වගේ මිනිස්සු පැත්තකට දාල එතනට ජී එල් වගේ බූරුවෙක් දැමීමේ පල විපාක මේ. වියදම අධික උනත් බෝගොල්ලාගම විශාල සේවයක් කලා. ඒ යකා හිටියනම් මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ.

    • ඥාති සංග්‍රහයේ පලවිපාක කියලත් කියනවනෙ!

      • ජී එල් ගේ නෙවෙයි වරද , ජි එල්ට කරන්න නොදෙන එකෙයි , ඒ මනුස්සයගේ හිතේ තිබිලා තියෙන්නේ හිලරි නෝනව මුණගැහිලා වැඩේ ශේප් කරගන්නය කියලනේ කියන්නේ . කදිර ගාමර් මහත්තය නැති වුනායින් පස්සේ කාටවත් එ වගේ ලස්සනට වැඩේ කරන්න බැරි වුනා , මංගල උන්නැහේ නම් නරකම නැහෑ

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: