ඉබ්බා (2කොටස)

බඩගිණි වූ නරියෙක් දිනක් පණ පිටින් ඉබ්බෙක් අල්ලාගත්තේය.තම ඉරණම නරියා අතින් විසඳීමට යන බව දුටු ඌ නරියා රැවටීමට උපායක් යෙදීය. ඌ “යාලුවේ ඔහේට මාව දැන්ම ම කන්න බෑ.මේ අව්වේ සැරට මගේ ඇඟ හොදටම වේලිලා.බොරුනම් බලන්න අල්ලලා” යනුවෙන් කීවේ ලු. ඉබ්බා ගේ පිට අතගා බැලූ නරියාට අසු වුනේ උගේ සවිමත් පිටකටුවයි. “මූ කියන්නේ ඇත්ත ඒත් අල්ල ගත්තු ගොදුර අතහරින්නත් බෑනේ” යනුවෙන් නරියා කල්පනාවට වැටිණි.

මෙවිට නරියාට පිහිටට ආවේ ඉබ්බා මය.

” මං කියන්නං උපායක්.ඔයා මාව අර පේන ගඟට දාල පොඟවල ගන්න.ටික වේලාවක් මගේ පිට උඩින් කලුල තියාගෙන මාව වතුරේ ඔබාගෙන හිටියම මාව පෙගිප මෙලෙක් වෙනව.ඊට පස්සේ කිසි කරදරයක් නැතිව කන්න පුලුවන්”

. ඉබ්බා ගේ උපදෙස් පිලිගත් නරියා ඉබ්බා ගේ පිටකටුව පයින් පාගාගෙන ඌව ගඟට ඔබාගෙන සිටියේය.

“දැන් පෙඟිල ඇත් ද ඉබිරා‍ළේ”

පැයකට පමණ පසු නරියා ඇසීය.

“අනේ නරිරාළේ දැන් නම් මුලු ඇඟම වගේ හොදටම පෙඟිල.හැබැයි ඔයා කකුලෙන් පාගගෙන ඉන්න හරිය තමයි තාම පෙඟිල මදි.පොඩ්ඩක් කකුල බුරුල් කරන්න”

. නරියා කකුල බුරුල් කළ අවසරයෙන් ඉබ්බා ජලය තුලට කිමිදී ගොස් ජීවිතය බේරා ගත්තේලු.

එම සිද්ධියෙන් පසුව, ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ කිව්වලු යන පිරුල සිංහල ජනවහරට එක්විය. එය කපටි නරියා ද උගත් පාඩමකි. ඩීසල් මිල වැඩිවූ පසු සහනාධාරයක් වෙනුවට බස්ගාස්තු වැඩි කිරීමට රජය ඉඩ දුන් විට පුද්ගලික බස් රථ හිමියයෝ ද හැසිරුනේ ඉබ්බා දියේ දාන විට ඇන්නෑවේ(=ඔන්න ඔහේ ඕනි එකක්) කී ඉබ්බා මෙනි.

කාලයක් තිස්සේ අප රටේ ආර්ථිකය ඉබිගමනේ යන බව කියති.(සමහරු කියන්නේ කක්කුටු ගමනේ යනබවයි).සුද්දා ඉදිකළ උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියේ සිට ඉහලට තවමත් අප යන්නේ සුද්දා ගියාට ද වඩා අඩු ඉබි ගමනකිනි.

ඉබිමස් කෑවාම අපේ සම ශක්තිමත් වන්නේ යයි කියනු ලැබේ.නික්ශේපන කටු පවා කැඩේලු.ඉබි මස් කෑම නීතියෙන් තහනම් ය.මාතලන් නම් කියන්නේ ඒ එක්තරා දූපතක වසන ගල් ඉබ්බන්ගේ ජීවිතාරක්ෂාවට ගත් පියවරක් ලු.

සමහර සත්ව හිංසකයින් ඉබ්බෙක් දුටුවිට දැල්වූ ඉටිපන්දමක් උගේ කටුවේ සවිකරන්නේ හුදු විනෝදයට ලූ.ඉටිපන්දම එසේම තිබිය දී ඉබ්බා ඉබිගමනින් යන්නේලු.ඉටිපන්දම දැල්වි අවසාන මොහොතේ ඒ අසරණ සතාට දැනෙන වේදනාව යන්තම් හෝ ගින්දරට නිරාවරනය වී ඇති මිනිසෙක්ට තේරිය යුතුය.

ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට නම් හොර උපාසක කතාවස්තුව සිත්මණ්ඩිය විසින් මතක් කර දී තිබිණි.

ඉබ්බා වැනිම පෙනුමක් ඇති මුහුදේ වසන කැස්බෑවා ගැන පෙර ලිපියේ ද සදහන් කළෙමි.මිනිසත් බව ලැබීම කන කැස්බෑවා විය සිදුරෙන් සඳ දකින්නාක් මෙන් දුලබ සිද්ධියක් යයි බුදුදහමේ කියැවේ. එලෙස සඳ බැලූ දිනක් අමාවක දිනයක් වීම නිසා අපේක්ෂා භංගත්වයටපත් වූ වෙකු ගැන ප්‍රවීන සංගීතවේදී වික්ටර් රත්නායකයන් ගීයක් ගයා ඇත.

“කන කැසබෑ නෙත බලා ඉන්නවා

අහස දකින්නට විය සිදුරෙන්

පෙරුම් පුරාගෙන අහස බැලූ දා

සඳ නැත අහසේ අමාවකයි”

කිකිළිය පැයගානක් කෙකරගගා ඉද එක බිත්තරයක් දමන නමුත්, කැස්බෑවී නිහඬව වෙරළට විත් බිත්තර 1500 ක් පමණ දමන්නේ යයි කියනු ලැබේ.නමුත් අසීරු ම කාරනය මේ බිත්තර රැකගැනීමයි.මෙයින් බිත්තර පුපුරා කැස්බෑ පැටවුන් කීපදෙනෙක් පමණක් මුහුදට යාමට වාසනාවන්ත වනබව කියනු ලැබේ.වෙරළේ මේ බිත්තර රැකීමට අභිජනන මධ්යඩස්ථාන පිහිටුවා ඇත්තේ එබැවිණි.වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවා ලක්මවගේ වටිනා ජෛව සම්පතකි.

කැස්බෑවාගේ පිට කටුව විවිධ නිර්මාණ සඳහා යොදාගැනේ.ඉංග්‍රීසි අකුරේ හැඩයට ඇති කැස්බෑ ලෙලි පනාව පාවිච්චි කරනුයේ කොණ්ඩය පීරීමට නම් නොවේ.තම නිළය බලය අන් අයට පෙන්වීමටය.(මා මේ කියන්නේ සුදු අධිරාජ්‍යවාදී යුගයේ සිටි ස්වදේශික මුලාදෑනීන් ගැනය).කොටින් ම මුවන් පැලැස්සේ කොරලේ මහත්තයා ද මෙය පැළදියේ ලු.අපේ රටේ සිටි එක්තරා නායකයෙක් නැමි පනාවක් හිසට ගැසී තම පියා ගේ පිළිරුවක් ඉදිකළේලු.(නමුත් සත්‍ය වශයෙන් ම ඔහුගේ පියා එවන් ප්‍රභූවරයෙකු නොවුණේ ලු).

 පිළියන්දල කැස්බෑව නම් කැසබෑවන් වසන පෙදෙසක් වීමට බැරිය.එය මුහුදුබඩ ප්‍රදේශයක් නොවේ.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 03/03/2012, in Uncategorized. Bookmark the permalink. 6 Comments.

  1. කැස්බෑවන් ලංකාව අවට මූදේ යම් ස්තානවල බිත්තර දමන මුත්ඒවා දේශීය සංචාරකයින ්අතර එතරම් ජනප්‍රිය නැතුවා වගේය..

    • ඔව්.මගේ මතකය නිවැරදි නම් ලෝකයේ ජීවත්වන කැස්බෑ විශේෂ 9න් 7ක් ම ලංකාවේ වෙරළේ බිත්තර දමනවා.

  2. පොඩි කාලේ අපේ පන්තියේ හිටිය කොල්ලෙක්ගේ නම ගාමිණී.අපි ඒ කාලේ ගාමිණීට විහිලු කරලා දුවන්නේ මෙහෙමයි.
    ගාමිණි ගාමිණි ගල් ඉබ්බා
    ගල උඩ තියලා වෙඩි තිබ්බා.

    • විල මැද බංගලාවේ ඉන්න ගල් ඉබ්බෙක් නෙවෙයි මං හිතන්නේ?

      ප්‍රතිචාරයට ස්තුතියි

  3. දෙවෙනි ලිපියත් ඔන්න කියෙව්වා ලිපි දෙකෙන්ම උඩින් උඩින් ගත් කළ පේන්නේ ඉබි කතාවල් නොව ඊට යටින් යම් යම් දෑ ගැබ් වෙලා තියෙනවා කියලා පේනවා.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: