ඉබ්බා

ඉබ්බා ගැන ලියන්න සිත් වූයේ මාතලන් මීයා ගැන ලියූ පසුවය.ඔහුට ප්‍රණාමය

ඉබ්බා උපතින් ම නිවසක් හිමි සතුන් අතලොස්ස අතරින් එකෙකි.එනිසා ඌ ගම්උදාව, ජනඋදාන, නිවාස දශ ලක්ශය, පසලොස් ලක්ශය ආදියෙන්  නිදහස්ය.(කෙසේ වෙතත් සමහර නිවාස වැඩසටහන් නම් තවමත් ඉබි ගමනේය).ඉබ්බාට ම වෙන්වූ ගම ඉබ්බාගමුවයි.මෝදර ඉබ්බගෙ වත්ත ඌටම හිමි වත්තකි.දඹුල්ලේ අන්තර්ජාතික ක්‍රිකට් ගැසූ කාලයේ ලෝකයම රූප පෙට්ටියෙන් දුටු ඉබ්බන්කටුව වැව තවමත් ඉබ්බාගේ ජල අවශ්‍යතා පිරිමහයි.

මේ සියල්ලටම වඩා බොහෝ දෙනා දන්නේ, ඉබ්බන් කලක් ඉබ්බන්වල හන්දියේ ජීවත් වූ බවයි.නියං සමයක මේ වලේ ජීවත් වූ ඉබ්බෙක් වෙනත් විලක් සොයා කොක්කු දෙදෙනෙකු ගේ සහ රිටක ආධාරයෙන් ගුවනින් ගොස් සිදුකරගත් විනාශය පුංචි ළමෝ පවා දනිති.මේ කතාවේ අලුත් අලුත් සංස්කරණයන් ද පසුව නිකුත් විය.ඒ අනුව කලින් වතාවේ මිය ගිය ඉබ්බාගේ මළයා ද අයියා ගිය පරිදිම ගුවනින් ගිය අතර කට නිසා අයියාට වූ විපත දන්නා ඌ දැඩි අධිශ්ඨානයකින් කට වසාගෙන සිටියේලූ. නමුත් මෙවර “මූ නම් පුදුම ඉබ්බෙක්” යයි කීමට කොකෙක් මුව විවර කළ නිසා පද්ධතියේ සමබරතාව ගිලිහීයාමෙන් ඇදවැටී ඌට ද ජීවිතය අහිමි වූයේ ලු.

ධාවන ශූර “හිච්චි පිච්චි හාවා” සමග තරගයට දිවූ ඉබ්බා ද පෙරපාසල් වියේ සිට අපි හඳුනමු.නමුත් ඌ ලබා දුන් “සතුරා අවතක්සේරු නොකරනු” යන ආදර්ශය පිළිපදිනවා ද යන්න සැකය.

හෙමින් ගමන් ඇතිමුත් ඉබ්බා දිගුකල් ජීවත් වන සත්වයෙකි.අවුරුදු 250 ක් වුවද ජීවත්වන ඉබ්බන් සිටින බැව් කියනු ලැබේ.(හෙමින් යන විට ගොඩක් දුර යා හැක-“ඉක්මන් කොටයි” කියා ද කියති).

අනතුරක් ඉව වැටුණ විට ඉබ්බා කටුව තුලට රිංගා ආත්මාරක්ෂාව සලසා ගනී.මේ පිලිවෙත අනුකරණය කරන්නෝ අප අතරද සිටිති.සමහරවිට ඒ ණය හිමියන් දුටු විට කරුවන් වියහැක.නමුත් බොහෝ විට මෙය සිදුවන්නේ පුද්ගලික බස්රථ තුලදී කොන්දොස්තරගෙන් ගැලවීමටය.මෙය විස්තර කිරීමට “ඉබ්බා ගැසීම” යන පාරිභාෂික වචනය භාවිතා කෙරේ.ඉබ්බා ගොඩ බිම පමණක් ජීවත් වුව ද ඉබ්බා වැනිම බාහිර පෙනුමකු ඇති කැස්බෑවා දිය ගොඩ දෙකේම ජීවත් වේ.ඒ අර්ථයෙන් කැස්බෑවා ඉබ්බාට වඩා ගොඩක් දියුණු සතෙකි.පුද්ගලික බස්වල ද මෙවන් කැස්බෑවන් හමුවේ.ඒ බස් ගාස්තු නොගෙවා ගෙවු පරිදි ඉතිරි මුදල් ලබාගන්නා අයයි.මේ ගැන ඇන්ටිසියඔලා කතාවක් චාර්මි ගේ පැති දොරටුවේ දී සිතිවිලි මණ්ඩිය කියා තිබිණි. විශේෂයෙන් මගීන් බහුල නාගරික සේවා පුද්ගලික බස්වලදී මෙලෙස කොන්දොස්තරගේ කනින් රිංගායාම පහසුය.(ටිකෙට් නොදෙන නිසා වඩාත් පහසුය). අවම බස්ගාස්තුව රු 9 ද වී ඇති අද බස්රථ වල ඉබ්බන් බහුල වී ඇතුවාට සැක නැත.

ඩීසල් මිල වැඩිවූ විට ඉන්ධන සහනාධාරයක් වෙනුවට බස්ගාස්තු වැඩි කිරීමට අවරස දුන්විට පුද්ගලික බස් හිමියන්ගේ සංගමය හැසිරැනේ “ඉබ්බා දියට දාන විට ඇන්නෑවේ” කී ඉබ්බා මෙනි.නමුත් බස් කොන්දොස්තරගෙන් ඉතුරු සල්ලි ලබාගැනීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලා ගන්නවාටත් වඩා අමාරුය.වඩාත් ම දුක මේ සම්බන්ධව අදාල බලධාරීන් ගේ කටට ඉබ්බන් වැටී තිබීමය.

“ආර” යන්නෙහි තේරුම ක්‍රමය හෝ පුරුද්ද යන්නයි.(ආරෙට යනවා, පිහිනීමේදී සමණල ආර – ලයආර ආදී වශයෙනි).එසේ නම් “කිරිඉබ්බන් ආර” යනු කිරි ඉබ්බන්ගේ ක්‍රමවේදයයි.කිරි ඉබ්බා යනු ශරීර ප්‍රමාණයෙන් කුඩා ඉබි විශේෂයකි.

මහනුවර ශ්‍රී දළදා මාළිඟාව වැඳ පුදාගැනීමට වරක් විදේශීය ප්‍රභූ පිරිසක් පැමිණියේ ලු.මාළිගය ඉදිරිපිට දිය අගලේ සිටි ඉබ්බන් දුටු ඔවුන් ඒ කුමක් දැයි ඇසුවේලු.මෙහි දී පිළිතුරු දුන් අපේ ප්‍රභුවරයෙක්  “That is padlock” කියා කීවේලු.

වරක් දේශ සංචාරය අතරතුර දී ඉබ්බෙකු දුටු රජතුමා පසුදා රාජ සභාවේ දී මෙසේ ඇසුවේ ලු.

“දාර කෙයි එක නම මුල්කර    තැනුවා

පාර තිහක් ගැසුවට බියකුත්    නැතිවා

කණු හතරයි මුලු හතරයි ගෙට ඇතුවා

තෝරාපන් ඊයේ මගදී               දුටුවා”

රජතුමාට පොඩි හින්ට් පාරක් ද ගසමින් අන්දරේ මෙය විසදුවේ මෙසේ ලු.

“දාරදෙකක් එක මැද එක        ගැවසීය

පාර කිහක් ගැසුවක් බියකුත්    නැතිය

වටපිට යන කලට කනු හතරෙන් යාය

මට හිතෙනා ලෙසට මහරජ    ඉබ්බාය”

ඒ රජතුමා ඉහත කාර්ටූනයේ ඉන්නා ඉබ්බා බඳු ඉබ්බෙක් ද?

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 24/02/2012, in Uncategorized. Bookmark the permalink. 10 Comments.

  1. ගල් ඉබ්බෝ කියා ඉබ්බන් පිරිසක් දියවන්නාව මැද පිහිටි දූපතක වෙසෙයි.. තාරකා ඉබ්බා ඉන්නේ කොල්ලුපිටියේය. ආන්ඩුවේ කාර්යාලවලද ඉබ්බෝ බොහෝය. ඉබ්බන් කෑම නීතියෙන් තහනම් කර තිබෙන්නේ ගල් ඉබ්බන් නිසා විය හැක. ජාතික කොඩියේ සිංහයා ඉවත් කර ඉබ්බා දැමුවේනම් ලංකාවේ සැබෑ රූපය ලෝකයට දැක ගත හැකිය. ඉබ්බා පඩ ඇරියාම ගඳය. මේ දවස්වල ගල් ඉබ්බේක් ඇමරිකාව දෙසට පුක හරවා පඩිනවාය. ගන්දස්කාරේ බැරිය. ඇමරිකාව ඉරානයේ මිසයිල වලටත් වඩා ඉබ්බාගේ පඩේට බය වෙලාය.

  2. කොල්ලන් කණ්ඩායමක් ඉබ්බෙක් අල්ලාගෙන පුච්චන්නට තැත් කරමින් සිටියහ.නමුත් ඔවුන් ගිණි ගොඩට ඉබ්බා කටුව යට අතට හිටින සේ දමා සිටි බැවින් ඉබ්බා තව දුරටත් යහතින් සිටියේය.ඉබිමස් කෑමට ලොල් ගමේ හොර උපාසකයෙක් මෙතනින් යමින් ගමන මෙය දැක මෙසේ කීවේලු.

    “ඉබ්බන් නම් පුච්චන්නේ අනික් අත
    අපිට මොකද අපි දසසිල් උපාසක.”

  3. පාඨක මිතුරනී,
    උකුල මතය (Lap top) රෝගී වී නේවාසික ප්‍රතිකාර ලබයි.එනිසා ඉබි කතා (තවත් ඇති මුත්) කීමට ඉඩක් නැත.ළඟදීම ඉබ්බා2 න් කියවමු.

  4. ```Outsider```

    රු. 9 කොලාට පස්සෙ ඉබ්බට තැනක් නෑ. කොන්ද ඇස් දුසිමකින් විතර නගින එවුන් දිහා බලන් ඉන්නව. එපා වෙනව ඕයි.

  5. පළවෙනි කොටස කියෙව්වා මේ ලිපියේ ඉබ්බා යන නම වාර කීයක්‌ සදහන් වී ඇද්ද යන්නත් සොයා බැලිය යුතුය 🙂

  1. Pingback: ඉබ්බා (2කොටස) « මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: