ඡන්ද ක්‍රමය සංශෝධනය ට පෙර……….

VOTE

මැතිවරණයට වියදම් කළ රුපියල් ලක්ෂ 40 ක මුදලක් සෙවීම සඳහා සොරකමේ යෙදුන පරාජිත අපේක්ෂක‍යෙකු ගැන w3Lanka  වාර්තාකර තිබිණි. දේශපාලනය අද ව්‍යාපාරයකි.නැත ජාවාරමකි.දේශපාලනය ජාවාරමක්ය යන අවමානයෙන් ගලාවාගැනීමට යෝජනා කීපයක් මෙන්න.(මෙයින් බොහොමයක් අද ද නීතිපොතේ ඇතිමුත් වරද ඒවා ක්‍රියාත්මක නොවීමයි.)

1.සියලුම අපේක්ෂකයන් තමන් ගේ හා පවුලේ අන් අයගේ ද වත්කම් ප්‍රකාශන  මැතිවරණ කොමසාරිස් වරයාට ඉදිරිපත් කළ යුතු අතර ඒවා විගණනයට භාජනය කිරීමෙන් සත්‍යතාව කහවුරු කරගැනීමෙන් පසු මැතිවරණයට පෙරාතුව ප්‍රසිද්ධ කල යුතුය.

2.ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමත් සමගම සෑම අපේක්ෂකයෙකුම තම මැතිවරණ ව්‍යාපාරය පිළිඔඳ ගිණුම් තැබීම අනිවාර්ය කළ යුතුය.(අනවශ්‍ය අනුග්‍රාහකයන් මෙමගින් අධෛර්යවත් කෙරේ)

3.සියලුම අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර වල ගිණුම් වාර්තා මැතිවරණය අවසානයේ විගණනයට භාජනය කල යුතුය.

4.සියලුම විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යය ආයතන වල මැතිවරණයට අදාල ප්‍රචාරක දැන්වීම් වලට අදාල විස්තර (මුදල් හා මුදල් වැය කරන්නන්) මැතිවරණ කොමසාරිස් වරයාට එලිදරව් කළ යුතුය.පසුව ඒවා ප්‍රසිද්ධ කල යුතුය.(මෙහි අරමුණ cross check කිරීමයි)

5.සියලුම මුද්‍රණාල වල මැතිවරණ සම්බන්ධ ප්‍රචාරක කටයුතු වල විස්තර මැතිවරණ කොමසාරිස්ට එළිදරව් කළ යුතු අතර ඔහු ඒවා ප්‍රසිද්ධ කළ යුතුය.(මෙයද cross check කිරීමකි)

6.අපේක්ෂකයන් හිටි අඩියේ සිදුකරන ඇස්කන්නාඩි බෙදීම්, ක්‍රීඩා සමාජ වලට උපකරන පරිත්‍යාග කිරීම් ආදිය පිළිඔදව ද සැබෑ තොරතුරු මැතිවරන කොමසාරිස් වරයාට එලිදරව් කරගත හැකි ලෙස ප්‍රතිපාදන සැකසිය යුතුය.(මෙය ද cross check කිරීමකි)

7.සියලු ජයග්‍රාහී අපේක්ෂකයින් තම ධූර කාලය අවසානයේ දී ද නැවත තම හා තම පවුලේ අයගේ වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු අතර, මැතිවරණයට පෙර ඉදිරිපත් කළ වාර්තා සමග විශාල වෙනසක් ඇත් නම් ඊට නිදහසට කරුනු ඉදිරිපත් කීරීමට හා වංචා දූෂණ පිළිඔද ව අදාල ආයතන මගින් ඔහුව පරීක්ෂණයට ලක් කළ යුතුය.

ඉහත යෝජනා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් යම්තරමකට හෝ දුෂිත දේශපාලකයන්ගේ ගමන අඩාල කළ හැකි වනු ඇත.

 

Advertisements

Posted on 22/02/2012, in මතවාද, මැතිවරණ. Bookmark the permalink. 2 Comments.

  1. ඕවා නෙමෙයි රට හදන්න නම් වෙන්න ඕන මේවා

    පරණ ආසන ක්‍රමයට මාරූ වීම

    කුඩුකාරයන්ට, බඩුකාරයන්ට, කසිප්පුකාරයන්ට, පාතාලයන්ට අපේක්ෂකත්වය නොදීම.

    උගත් බුද්ධිමත් ප්‍රභූ සමාජයට අයත් ජනප්‍රිය පුද්ගලයන්ට අපේක්ෂකත්වය පිරිනැමීම

    පැන්සොන්, සැප කාර්, දීමනා සියල්ල නවතා දැමීම.

    • මම එදා ඉදලම කේවල ක්‍රමයට විරුද්ධයිනේ.මොන ක්‍රමේට උනත් මාතලන්, ඉහත යෝජනා ක්‍රියාත්මක විම හොදයි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: