සූසැට වසරකට පසු……..

බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා හැට හතර වසරකට පසු අප සිටින්නේ කොතැනකද?මේ ඒ පිලිඔඳ කෙටි විමසුමක්.

1.දල ජාතික නිශ්පාදිතයෙන් 80% පමණ අපි ණය ගෙවීම සදහා වැය කරන්නෙමු.(අපගේ නිදහස ඒ ණය හිමියන් අත රැඳී පවතී)

2.රටේ දැවෙන ගැටලු වලට විසඳුම් දෙන්නේ (නැතිනම් විසදුම් කඩිනම් වන්නේ ) විදේශ රටවල මැදිහත් වීමෙන් ඔවුන්ගේම අවශ්‍යතාව මතය.මෑත උදාහරණය එස්.එම් ක්‍රිශ්ණා ගේ සංචාරයෙන් පසු 13+ කතාබහ කරලියට එයි.

3.රටේ ප්‍රධාන කර්මාන්තය වන කෘශිකර්මාන්තයෙන් අපට අයිති භූමිය,ශ්‍රමයට අමතරව පසුතැවීම පමණි.(බීජ,පොහොර,කෘශි රසායන මෙන්ම ලාභය ද විදේශිකයන් සතුය)

4.රටේ ස්වාභාවික සෞන්දර්යය හා ඓතිහාසික උරුමය විදේශිකයන්ට පෙන්වා ලාභ ලබන්නේ ද විදේශිකයන්මය.

5.රජයේ හෝ පුද්ගලික අංශයේ සේවයේ නියුතු බහුතරයක් තම සේවයට සරිලන වැටුපක් නොලබයි.ඒ අයගේ නිදහස ඇත්තේ ස්වාමියා ගේ හෝ ඉහල නිළධාරියාගේ අතේය.

6.මේ බිමේ පහසුවෙන් වැවිය හැකි දෑ ද, මෙහි නිපදවිය හැකි දෑ ද තොග ගනනේ ආනයනය කරමින් බුක්ති විදිමු.

7.බහුජාතික සමාගම් රූපවාහිනිය හරහා පොම්ප කරන සහලවිධ භාණ්ඩ (අවශ්‍යතාවක් නැතත්) විචාරයකින් තොරව පොදි ගසන්නෙමු.

8.අල්ලසට, දූෂණයට යට නොවී කරගතහැකි යමක් වේනම්, එය සොයාගන්නවාට වඩා කලුනික සොයා ගැනීම පහසුය.

9.කෙසේ වුවද සමාජයේ අතිශය සුලුතර වූ ඉහලම ස්ථරයේ දේශපාලකයන්,ව්‍යාපාරිකයන් හා නිළධාරීන්ට බහුතර ජනතාව සූරාකෑමට ඇති නිදහස නම් මීට හැට හතර වරකට පෙර සේම අද ද එසේම පවතී.

10.දේශපාලනයෙන් වියුක්තව හුස්මක් ගැනීමටවත් ජනතාවට හැකියාවක් නැත.

ඉහත සියලු භාදකවලින් මානුෂික නිදහස සිරවී ඇති බැවින්, මානසික නිදහස හෝ උදෙසා ජනතාව උත්සුක වන්නේ නම් ඒගැන තුටු විය හැක.එසේ වේද?

 

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 04/02/2012, in කාලීන, මතවාද. Bookmark the permalink. 10 Comments.

  1. මේ රටේ රජ කාළේත් සාමාන්‍ය ජනතාවට නිදහසක් තිබිලා නෑ. අඩු ගානේ තමන් කැමති විදියට නිවසක් හදා ගන්න වත්. නමුත් මිනිස්සුන්ට කන්න බොන්න තිබුනා. යුද්දෙන් පස්සේ ජනතාවට නිදහසක් තිබුනත්. මිනිස්සූ ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. කෑම බීම වලට ගහලා තියෙන බදු අඩුකරානම් මිනිස්සු සෑහෙන නිදහසක් විඳිනවා. ඉන්දියාවෙත් තියෙන්නේ මේ දේශපාලන ක්‍රමේමයි. නමුත් කෑම බීම ලාබයි. ඉතින් මිනිස්සු නිදහසේ ඉන්නවා..

    • ස්තුතියි මාතලන්,
      දැන් මිනිස්සුන්ගේ නිදහස තහවුරු වන විදියේ ප්‍රතිසංස්කරණ කිසිදු වියදමක් නැතිව කළ හැකියි.මගේ ගැටලුව ඇයි ඒ දේ නොකරන්නේ කියන එකයි.

  2. මගේ ලිපිවල මම ඕනෑ තරම් මේ දේවල් ලියල ඇති. ඇල්කෙමියත් මේ ගැන ලියල තියෙනව. හිතේ ඇතිවන ආවේගය නිසා අපි ලියල අපිම කියවනව මිසක් අවශ්‍ය තැන් වලට අප කියනා දේ සන්නිවේදනය වන්නේ නැහැ. අපේ රට හදන්න අමුතු ඥානයක් අවශ්‍ය නැහැ. මේ මේ බ්ලොග් ලියන උන් ගෙන්ම ඉගෙන ගන්න පුළුවන්. දැන් පොල් පවා ආනයනය කරනවා කිව්වම වෙන මොනවද…
    ඉන්දියාවට නිදහස දුන්නෙ 1947 දී. දෙවන ලෝක යුද්ධයේදී සුද්දා දැන ගත්තා, අපේ රටින් ලැබෙන ආදායමට වඩා ආරාක්ෂා කරන්න වියදමක් යනව කියල . ඒ නිසා නිදහස ” දීල දැම්ම” එක ලේ බිඳක් නො හලා ලද නිදහසේ විපාකය අපි දැන් භුක්ති විඳින්නෙමු. Happy 4th of February !

    • ස්තුතියි නිහාල්,
      මට මතකයි ඒ දවස්වල ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කියනව පෙබරවාරි 4 කියන්නේ සුද්දා අපෙන් නිදහස් වෙලා ගිය දවස කියල.

  3. නිදහසක් නොමැති රටක නිදහස

    • එහෙමමත් නෙවෙයි බුවා, එක්තරා සුලු පිරිසකට උපරිමයෙන් ම නිදහස තියෙනවා එදා වගේම අදත්.නමුත් අති මහත් බහුතරයකට නෑ.

  4. ජය ශ්‍රී – ජන අරගල ව්‍යාපාරය ගැන ඔබ හිතන්නේ මොනවාද?

    • ජන අරගල කියන්නේ ජවිපෙන් කැඩිල ගිය කැරලිකාර කණ්ඩායම නේද? මට හිතෙනව වසන්ත ජවිපෙ සවිමත්ව තිබ්බ නම් හොදයි කියල.

  5. ```Outsider```

    අර සුඵ කොටසට මහ ජනයා සූරා කෑමට විතරක් නෙවෙයි හොරකම් කිරීමට, දාමරිකකම් කිරීමට සහ ඒ සියල්ල සඳහාම රාජ්‍ය ආරක්ෂාව ලබන්නටද තරම් නිදහසක් ඇති වෙලා තියෙනව.
    මේක කවදාවත් ගොඩ යන ලකුණකවත්වත් අහලක පේන්න නෑ. මහ ජනයට දැන් තියෙන්නෙ බණක් භාවනාවක් කරගෙන යන තැනකටවත් වැඩක් කර ගන්න එකයි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: