සිපිරිගෙවල් වසාදැමීමට නම්……….

ප්‍රංශ මහාගත්කරු ඇලෙක්සැන්ඩර් දියුමා ලියූ ශ්‍රේෂ්ඨ ඓතිහාසික නවකතාවක් වන මොන්තක්‍රිස්තෝ සිටුවරයා නම් දීර්ඝ නවකතාවේ (සිංහල  පරිවර්තනය – කේ.ජී.කරුණාතිලක ශූරීන්) කථානායකයා (එද්මොන් දාන්තේ) නොකල වරදකට සිරගතවෙයි.මිතුරු වෙසින් සිටින සතුරන් විසින් ගොනුකල ‍ව්‍යාජ සාක්ශි මත අත්අඩංගුවට පත්වන ඔහු නීතිය ඉදිරියට පමුණවනු ලැබූ විට කබපෙන් ලිපට වැටෙන්නේ යුක්තිය පසිදලන නිළධාරියා (ඇත්තෙන්ම නිළධාරියාගේ පියා) පිලිඔද රාජ්‍යය රහසක් දාන්තේ සතු බැවිණි.පිය පුතු දෙපලම මහත් විනාශයකට පත් කල හැකි එම රහස එලි වීම වලකා එය තම පුද්ගලික වාසිය උදෙසා යොදාගන්නා අදාල නිළධාරියා රාජද්‍රෝහි  චෝදනා මත අහිංසක එද්මෝන් දාන්තේ ව සිපිරිගෙයට යවන්නේ අති බිහිසුණු සිරකරුවෙක් ලෙස හංවඩු ගසමිනි.

දාන්තේ යැවෙන්නේ මිනිස්වාසයෙන් බොහෝ දුරක  වූ ශතෝදීප් නම් හුදෙකලා දූපතක පිහිටු පාලු බන්ධනාගාරයක් වෙතය.තම ඥාති මිත්‍රාදීන් මතු නොව අනෙකුත් සිරකරුවන් සහ අකාරුණික බන්ධනාගාර නිළධාරින් කීපදෙනෙකු හැර කිසිදු මිනිස් පුලුටක් වත් මේ හුදෙකලා දූවෙහි නොවේ.(සිරගෙය තුලදී නැවත බිහිසුණු සිරකරුවකු ලෙස නම්කරන දාන්තේ අන් සිරකරුවන්ගෙන් ද නේ කොට තබනු ලබයි).

මා ඉහත පූර්විකාව සැපයූයේ එක්තරා යුගයක ප්‍රංශය නම් රටේ බන්ධනාගාරයක් යනු කුමක්දැයි පෙන්වාදීමටය.වත්මන් ප්‍රංශ බන්ධනාගාර වල තත්වය කෙසේදැයි මම නොදනිමි.නමුත් අද වනවිට ලෝකයේ ශිෂ්ඨ සම්පන්න සෑම රටකම පාහේ  සිරකරුවන් ද යම් අයිතිවාසිකම් ප්‍රමාණයකට හිමිකම් කියයි.අප රටේ නම් අද (දාන්තේ මෙන්) සිරකරුවන් සමාජයෙන් මුලුමනින් ම වෙන්කරනු නොලබයි.යම් කාලසීමාවකට වරක් ඥාතීන් මුන ගැසීමට ද කල්කිරියාව හොදනම් සතියක පමණ කාලයක් තම නිවසේ වුව ගතකිරීම බඳු වරප්‍රසාදයන්ට ද අද අප සිරකරුවන් හිමිකම් කියයි.

ඒ සම්බන්ධව අපට ගැටලුවක් නැත.නමුත් අපට ගැටලුවක් ඇත්තේ මේවාට අමතරව සමහර අපරාධකරුවන් බන්ධනාගාරය තුල සිට නීති විරෝධි අන්දමින් ලබන වරප්‍රසාද පිලිබඳවය.

මේ ගැන යලිත් සමාජ කතිතාවතක් නිර්මාණය වූයේ පසුගිය දා වැලිකඩ බන්ධානාගරයේ සිදුවූ කෝලාහලයත් සමගය.සමහර රැදිවියන් (විශේෂයෙන් පාතාලය හා සම්බන්ධ) එළියේ ගතකරනවාට වඩා ආරක්ෂාකාරී සුව පහසු දිවියක් බන්ධනාගාරය කුල දී ගතකරති.(ප්‍රතිවිරුද්ධ පාතාලයන්ගෙන් වන ජීවිත තර්ජන වලින් බේරීමට සමහර අපරාධකරුවෝ සිතාමතාම බන්ධනාගාරගත වන්නේ යයි කියනු ලැබේ).මොවුන් සිපිරිගෙයි බිත්ති හතර තුල සැපෙන් සිටිමින් , දුරකථන මගින් තම සහචරයන් මෙහෙයවමින් තව තවත් අපරාධ ක්‍රියා සිදු කරති.මත්පැන් මත්ද්‍රව්‍යය හිඟයකින් තොරව ඒ තුල ඇත.සිපිරිගෙවල් තුලට මේ දේවල් ඒම නතර කළ නොහැක්කේ මන්දැයි අපට නම් ඇත්තේ මහත් විස්මයකි.වැලිකඩ සිද්ධීය ගැන අදහස් දැක්වූ රජයේ ඇමතිවරයෙකු ප්‍රකාශ කලේ ආර්ථික අපහසුතා නිසා සමහර නිළධාරීන් ද මේවාට හවුල් බවයි.මෙය සමාජයේ මහා තිගැස්මක් ඇති කරවන්නකි.සමහර බන්ධනාගාර නිළධාරීන් බන්ධනාගාරගත අපරාධකරුවන්ගෙන් යැපෙති.

බන්ධනාගාර හා වැරදිකරුවන්ට දඬුවම් දෙන ක්‍රමවේදය ශෝධනයට ගක් කල යුතු යයි අපි යෝජනාකරමු.අඩු වශයෙන් පළමු වරට බන්ධනාගාරගත වන්නන් වෙනම බන්ධනාගාරයකට යැවිය යුතු යයි අවධාරනය කරමු.අධිකරණමය ක්‍රියාවලියකින් පසු නීතිය ඉදිරියේ වරදකරුවන් වන් අය බන්ධනාගාරගත කරනු ලබන්නේ පුනරුත්ථාපනයටය කර නැවත සමාජගත කිරීමටය.නමුත් අද වනුයේ යම් සුලු වරදකට බන්ධනාගාරගතවන්නන් තම සිරකාලය ගෙවා දමා මහා අපරාධකරුවන් බවට රූපාන්තරනය වී එලියට යාමය.මෙය නතර කොකොලොත් අප සමාජය තව තවත් අගාධයට යාම වැලැක්විය නොහැකිවනු ඇත.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 28/01/2012, in කාලීන. Bookmark the permalink. 4 Comments.

  1. ඇත්ත කතාව ජයශ්‍රී……අපේ බන්ධනාගාර ගැන නම් කියල වැඩක් නෑ….ඊට හපං ඇමතිල කියන මෝඩ කතා….හෙහ්, හෙහ්, ආර්ථික අපහසුතා….ඒකෙත් වැරැද්ද අපේ කියලද ඔය කියන්නෙ?……

    සපිරි ගෙවල් නෙවෙයි සිපිරි ගෙවල් ජයශ්‍රී… නිවැරදි වචනය….

  2. සපිරි ගෙවල් කිව්වත් හරි එළියේ තියෙන හැම දේම තියෙනවා. අර කව්ද කිව්වා වගේ මේ දcඅස් වල හිරේ ඉන්න එක ලාබයි. හිරේ යන වැඩි පිරිස එක පන්තියකට අයත්. මේ පන්තිය නගා සිටුවීමයි කළ යුතු වන්නේ. ආන්ඩුව කෙසේ වෙතත්. ඇන් ජී ඕ කාරයොවත් ඒ ගැන හිතන්නේ නෑ.. නොසලකා හරින ලද වති කම් කරුවන් දෙස පවා නෙත් යුමුවීමෙන් ඔවුන්ගේ නව පරම්පරාව දැණුවත් වීම නිසා. අද කම්කරුවන් සොයා ගැනීම පවා අපහසු කාරණයක් වී තිබෙනවා. එය ඉතා හොඳ දෙයක්. ඒ දෙයම් පාදඩ පන්තිය වෙත යොමුවෙනවනම්. අඩු වශයෙන් අනාගතය ගැනවත් සුබ සිහින දකින්නට හැකිවේවී..

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: