දහතුනට එහා ගිය විසඳුම කුමක්ද?

1988 වසරේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ ලංකාවේ තිබෙනව යයි කියූ ජාතිවාදී අරගලයට විසඳුමක් වශයෙනි.මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලිකාංග වූයේ රට තුල දේශපාලන බලය බෙදාහැරීම සඳහා පලාත් සභා පිහිටුවීම සහ උතුරු හා නැගෙනහිර පලාත් ඒකාබද්ද කිරීමයි.එපමණක් ද නොව රට ගිණබත් කරමින් ඉංදු ලංකා සාම ගිවිසුම අත්සන් තැබුවේ ද ඊට සමාන්තරව ඉන්දීය සාම සාධක හමුදා මෙරටට පැමිණෙන්නේ ද 1988-89 අදුරු භීෂන යුගයක ආරම්භය සිදුවන්නේ ද මේ ආශ්‍රිතවය. 

නමුත් එදා උතුරු නැගෙනහිර තිබූ ගැටලුවට මෙම යෝජනා කිසිසේත් ම සාර්ථක විසදුමක් නොවූ බව අපි සියලුදෙනාම දනිමු.වෙනකක් තබා ගැටලුව තදින්ම තිබූ උතුරු-නැගෙනහිර පලාත්සභාව දීර්ඝ කාලයක් තිසිසේ නිසිලෙස ක්‍රියාත්මක වූයේ ද නැත.(උතුරු පලාත් සභාව අදට ද අක්‍රීයය).සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ආසන්න වශයෙන් සමාන ප්‍රතිශතයකින් ජීවත් වන නැගෙනහිර පලාත ඊනියා ‍දෙමල නිජබිමකට ඈදීමේ ඇති වරද රටතුල විද්වතුන් අතර දීර්ඝ කාලයක් සාකච්චා වෙමින් පැවති අතර අවසන මෑත කාලයේ එය ව්‍යවස්ථා විරෝධී බව තහවුරු කරමින් අධිකරණමය ක්‍රියාමාර්ගයක් මගින් උතුර-නැගෙනහිරින් වෙන් කරල ලදී.හමුදාව විසින් කොටින් ගෙන් මුලුමනින්ම මුදවාගෙන තිබූ නැගෙනහිර පලාත් සභාව සඳහා මැතිවරණයක් පැවැත්වෙන්නේ ද රජයේ ආශීර්වාදය ඇතිව පරණ කොටි සාමාජිකයෙකකු වූ පිල්ලෙයාන් එහි මහඇමති වන්නේ ද ඉන් අනතුරුවය.

උතුරු හා නැගෙනහිර හැර අනෙකුත් පලාත් සභා එදා සිටම සක්‍රීයව ක්‍රියාත්මක වූයේ (බොහෝ දේශපාලන විචාරකයන්ට අනුව) සුදු අලියෙක් ලෙසය.මේ ආයතනය ඇත්තේ රජයේ සේවකයන් කොටසකට වැටුප් ගෙවීමට පමණකැයි ද සමහරු චෝදනා කළහ.කෙසේ වුවද  දිගු දේශපාලන ගමනක් යන ආධුනිකයන්ට පාර්ලිමේන්තුවට යාමට පෙර කල්ගත කිරීමට නම් (පරිනතවීමට?) පලාත්සභාව හොද නවාතැන්පලක් විය. 1994 දී දාහත් වසරක එ.ජා.ප පාලනය පෙරලා දමා පොදු පෙරමුණු රජයට බලය ලබාගැනීම සඳහා වූ පළමු වෙඩිමුරය තැබීමට ද, අසාර්ථක දෝෂාභියෝගයෙන් පසු එ.ජා.පයෙන් ඉවත් කෙරුණු ලලිත්-ගාමිණී ආදීන්ට දේශපාලන පොරපිටියේ යලි හිස එසවීමට ද පලාත්සභා උපකාරී විය.(13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද පලාත්සභා ද ප්‍රතික්ශේප කරමින් මුල්ම පලාත් සභා මැතිවරණය වර්ජනය කළ සමහර දේශපාලන පක්ෂ පසු කළෙක කබරගොයා තල ගොයා කරගනිමින් තම උන්නතිය උදෙසා පලාත්සභා වලට තරගවැදිණි)

ඉන්දියාව අප රටේ ප්‍රශ්න වලට වරින් වර මැදිහත් වේ.ලේඛකයා දක්නා විදියට මේ සදහා හේතු දෙකක් ඇත.පළමුවැන්න කලාපීය බලවතා ලෙස තම ආධිපත්‍යය රදවාගැනීමට ඉන්දියාවට ඇති අවශ්‍යතාවයයි.දෙවැන්න ඉන්දීය මධ්‍යම රජයේ පැවැත්මට තමිල්ණාඩුව දක්වන තීරණාත්මක බලපෑමයි.(දේශපාලය පමණක් නොව සිනමාවට ද මෙය එලෙසින් ම බලපායි.-ලංකාවේ පැවති අයිෆා සිනමා උලෙල තමිල්ණාඩු ශිල්පීන්ගේ බලපෑමෙන් අමිතාබ් බච්චන් ලා වර්ජනය කරන්නනේ එබැවිණි).එනම් එස්.එම් ක්‍රිශ්ණා මහතා ලංකාවට පැමිණෙන්නේ ප්‍රතිසංස්කරණය කළ දකුණේ දුම්රිය මාර්ගය විවෘත්ත කිරීමට නොවේ.ලංකාවේ ජාතික ප්‍රශ්නයට තීරණාත්මක බලපෑමක් සිදුකිරීමට බව පැහැදිලිය. එවන් අවස්ථාවක අතිගරු ජනාධිපති තුමා “දහතුනට එහා ගිය“  විසඳුමකට තමන් සූදානම් බව පැවසීම බරපතල කාරනාවක් වන්නේ එබැවිණි.

ඉන්දියාවේ බලපෑම මත රජය රටේ බහුතර ජනතාවට පිලිගත නොහැකි ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නම් අපට ඊට එකග විය නොහැක. අනෙක් අතට අද වනවිට  උතුරු-නැගෙනහිර ඇතුලු මුලු රටම වෙලාගත් ත්‍රස්තවාදය මුලුමනින් ම යුධමය වශයෙන් පරාජය කොට ඇත.මේ ක්‍රියාවලියේදී ඉන්දියාව ද ඇතුලු විදේශීය බලවේග අපට වාසිදායක අන්දමින් කළමණාකරනය කරගැනීමට රජය සමත් වූ බව අපි අවංකවම පිළිගනිමු.දැන් ඉතිරිව ඇත්තේ ජාතීන් අතර සහජීවනය වරදනය කර ඉදිරියට යාමේ කර්තව්‍යයයි.ඒ සඳහා පලාත් සභා වලට ඉඩම් හෝ පොලිස් බලතල දීමක් අවශ්‍ය යයි අපි කිසිසේත් පිළි නොගනිමු.

එදා දැක්වූ එඩිතරභාවය දිගටම දක්වා රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට රජයට ශක්තිය ලැබේවා යයි ඉතසිතින් පතමු!

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 20/01/2012, in කාලීන. Bookmark the permalink. 11 Comments.

  1. මම නම් හිතන්නේ ලොක්කා ක්‍රිස්න අන්කල්ට පොඩි ලණුවක් දුන්නා කියලා , මොකද දේශපාලන විසඳුමක් ගැන අවංක වුවමනාවක් තියනව නම් ඉන්දියාවෙන් පුකට අනින කන් ඉන්න ඕනි නැ , යුද්ධ අවසන් වුනු දවස්වල රජය මූලික වෙලා කරන්න ඕනි , ඒ වගෙම අවුරුදු 20ක් පරණ අසාර්ථක 13ක් පස්සෙ යන්නෙ නැතුව රජය-විපක්ෂය ඒකාබද්ධ විසඳුමකට කථා කරන්න ඕනි . දැන් කරන්නේ ඉන්දියාවට බොරු කිය කිය කල් මරන එක විතරයි . මානව හිමිකම් සීන් එකක් ඇදුනොත් ඉන්දියාව ගන්න තීරණය යුරෝපයේ සහ අප්‍රිකාවේ බහුතරයක් රටවල් ගන්න තීරණය බවට පත්වීමට (අසල්වැසියා ප්‍රශ්නය වඩාත් හොඳින් දනී පදනමෙන් ) ඉඩ තියන නිසා ඉන්දියාවට චණ්ඩි පාට් දන්නත් බැ . අනේ මන්ද ? කතිකාව වෙන්න ඕනි 13 ද 13+ද කියන එක නෙවෙයි , සිංහල දෙමල මිනිස්සු ලාංකීය ජාතියක් විදිහට හිතන තැනට පත්කරන්න දේශපාලනිකව කෙරෙන්න ඕනි මොනවද කියන එකයි

    • ඇත්ත.ඒත් ක්‍රිෂ්ණා ඇතුලු ඉන්දීය රජය (අප රටේ බහුතර ජනතාව මෙන්) තොත්ත බබාල නොවේ.අපේ ජනතාවට තොග ගනනේ දෙන කැරට් ජාත්‍යන්තරයටත් දීල මට නම් පේන්නේ කවද හරි ඇනගන්නවා.නෙලුම් පොකුණ,අධිවේගී මාර්ගය,දැයට කිරුල පෙන්වා ක්‍රෂ්ණා ලා රැවටිය නොහැක.

      • අනිවා , ජාත්‍යන්තර නාගැනීම අපේ කට්ටියගේ ලක්ෂනයක් නේ . මන් මෝහන් , ක්‍රිෂ්ණා වගෙ අයගේ රාජ්‍යතාන්ත්‍රික භාවය නිසා රැවටුණා වගේ ඉන්නව වෙන්න පුලුවන් (වෙලාව ආවම ගේම ගහන්න බලාන ) . රජිව් ගාන්ධි වගේ කේප්ප වස්සෙක් හිටිය නම් එලිපිටම චන්ඩි පාට් දාන්නත් ඉඩ තිබුනා

  2. ```Outsider```

    ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය, මානව හිමිකම් වැනි දේවල් ස්ථාපිත නොවුණු මැරවරකම්, කොල්ලකෑම් ස්ථාපිත වෙලා තියෙන නිසයි මේ ගැටඵව. දැන් දෙමළ මිනිස්සුන්ට විතරක් නෙවෙයි සිංහල මිනිසුන්ගෙනුත් බහුතරයක් ඉන්නෙ කොහෙත්ම ශිෂ්ඨ සම්පන්න රාජ්‍යයක පුරවැසියන්ට හිමිවිය යුතු ජීවන පරිසරයක නෙවෙයි. ඉතින් දශක ගණනාවක් පුරා පීඩාවට පත්වූ උතුරු‍කරයේ දෙමළ ජනතාවට එම හුදෙකලා බව දැඩිව දැනීම ඔවුන්ගේ වරදක් නොවේ.
    ඇත්තෙන්ම ශිෂ්ඨ සම්පන්න දේශපාලන සදාචාරයක් බිහිකිරීම වෙනුවට මේ පාදඩකරණය ආරක්ෂා කිරීමට බොරු කියමින් කරන කල් මැරීමක් තමයි මේ 13+ කතාවත්. ඕක කෙරෙන දෙයක් නෙවෙයි.
    රටේ සියලුම පුරවැසියන්ට සමාන භුක්තිය හිමි ප්‍රජාතන්ත්‍රවාදයක්, නීතියක්, මානව හිමිකම් පද්ධතියක් තිබේනම් උතුරුකරයේ මිනිස්සු කිසිදා වෙනම බලතල ඉල්ලනු ඇතැයි ඔබ සිතන්නේද? ඔවුන් දශක ගාණක් හෙම්බත් වෙලා ඔවුන්ට දැන් අවශ්‍ය නිදහසේ සුසුමක් හෙලීමට පමණයි.

    • පැහැදිලිවම.ගස කපා දැමුවත් තවම මුල් ඉතිරියි.ඒ විතරක් නෙවෙයි ගස කැපූ අය දැන් මුල උගුලුලනවා වෙනුවට පොහොර දානවා.

  3. කලබල වෙන්න එපා ජයශ්‍රී, දහතුනට එහා ගිය විසඳුමක් තියා ආණ්ඩුව දහතුන වත් හරියාකාරව ක්‍රියාත්මක කරන්නෙ නැතුවට මොනවද ඔට්ටු?…….

    අන්තිමට රෙද්ද පල්ලෙ බේරෙනකල් තමයි ඔය ඉන්නෙ…..යුද්දෙ ඉවරවෙලා අවුරුදු තුනක් ගියා. දකුණෙ අපට මෙහෙම නම් උතුරෙ අයට කොහොම ඇතිද කියල හිතාගත්තෑකිනේද?…..

  4. හහ් හහ් හා. එකම දේ නේ….?

  5. මාරයා...

    මේකට වැටෙන කමෙන්ට් ටික බලලා වෙනම ආතල් එකක් ගතෑකි වගේ..:D

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: