වෙළඳපල අර්ථක්‍රමයේ ජනතා මළපුඩුව – පුද්ගලීකරණය

ශ්‍රීලංකාවේ රජයට අයත් පොදු මගී ප්‍රවාහන සේවය වන ලංගමය පිහිටුවන්නේ 1956 දේශපාලන පෙරැලියත් සමගමය.එතෙක් මුදලාලිලා කීපදෙනෙක් සතුව පැවති මගී ප්‍රවාහන ඒකාධිකාරය බණ්ඩාරණායක මහතා උදාකල ජනතා යුගය සමග ලංකා ගමනාගමන මණ්ඩලය හෙවත් ලංගම යට පවරාගැනිණ.(මෙලෙස පුද්ගලික දේපල රජයට පවරාගැනීම ගැන ලේකඛයාට විවේචන ඇතත් ලංගමය බිහිවීම ජනතා අපේක්ෂා මල්ඵල ගැනීමක් ලෙස දකිමි) පසුව මංගල  අනිල් මුණසිංහ බඳු ජනතාහිතෛශීන් ගේ පරිපාලනය යටතේ ලංගමය දිනෙන් දින දියුණුවට පත්වූ අතර රට පුරා ජනතාවට විධිමත් ප්‍රවාහණ සේවයක් සලසා දෙනු වස් ලංගමය ඉටුකළ කාර්යභාරය ප්‍රශංසනීයය.දුප්පතාගේ හිතවතා වූ මේ ප්‍රවාහනසේවයට කණකොකා හඬන්නේ 1977 දී ජේ.ආර්.ජයවර්ධන යුගයේ උදාවත් සමගය.මගී ප්‍රවාහණයට පුද්ගලික අංශයට ද අවකාශ ලැබීම සමග යලිත් වරක් මුදලාලිලාට තම බස්රථ (ඇත්ත වශයෙන් ම බොහෝ විට වෑන් රථ) පාරට දැමීමට ඉඩ අවකාශය ලැබිණ.හුදෙක් ලාභය පමණක් ම අරමුණු කොටගත් මෙම පුද්ගලික අංශයේ ප්‍රවාහණ සේවය අද වනවිට ජනතාවට ලබාදෙන අමිල ප්‍රතිලාභ මේවා භාවිත කරණ මගී ජනතාවට නම් රහසක් නොවේ.මගියාට ටිකට් පතක් නොදෙන, මගීන් සොයා අනවශ්‍ය ලෙස මගදිගට ප්‍රමාද වන, මාර්ග නීති කඩමින් මිනිස් ජීවිත තුට්ටුවට දමා මහමග වල රුපියල් පස්සේ හබා යන, ඩීසල් මිල සොච්චමකින් ඉහල ගිය ද රජයට ගෙම්බර් දමා ඊට කිසිසේත් නොපෑහෙන ප්‍රතිශතයකින් ටිකට් මිල වැඩි කරගන්නා, වර්ජන තර්ජනයෙන් තම සිතැඟි පහසුවෙන් ඉටු කරගන්නා මේ නල්ලමලේ සේවය ගැන වෙනම ලිපියක් ලිවිය හැක.නුපුහුණු පුද්ගලික බස්රථ සේවකයන්ගේ විනය කෙසේදයත් ඉතිරි මුදල් නොදුන් විටක එය ඉල්ලූ මගීයෙකුට සිදුවන්නේ තම ආත්ම ගෞරවය බිංදුවටම බස්වාගෙන බැනුම් ඇසීමටය. මේ පුද්ගලික ප්‍රවාහණ සේවය නියාමනයට අද වන විට අමාත්‍යංශයක් පවා පිහිටුවා ඇති මුත් ප්‍රවාහණ මුදලාලිලා ඉදිරියේ බලධාරීන්ට කළ හැකි එකම කාර්යය වන්නේ බස් සංගම් සමග සාකච්චා කොට ඔවුන්ගේ සකල විධ ඉල්ලීම් රිදී බන්දේසියක තබා ප්‍රදානය කිරීම ම පමණකි.

ඉහත පූර්විකාව සැපයූයේ යලි කරලියට පැමිණ ඇති පුද්ගලික විශ්ව විද්‍යාල පණත පිළිඔද කතාබහ බ්ලොග් අවකාශයේ (බුවා ගේ සිතුවිලි)ද සනිටුහන් වන මොහොතක ඒ පිලිඔද මාගේ ස්ථාවරය එළිදැක්වීම සඳහායි.

අප වැනි දියුණුවෙමින් පවත්නා රටක(W3 lanka අද හෙලි කලේ අප තවදුරටත් අවධානම් ආර්ථිකයක් හිමි රටක් බවයි ) අධ්‍යාපනය රජයේ වගකීමක් ලෙස පැවතිය යුතු යයි අපි බලාපොරොත්තු වෙමු.අප ජනගහණයෙන් අති මහත් බහුතරයකට ඇති එකම බලාපොරොත්තුව අධ්‍යාපනය ම පමණකි.නමුත් තුන්වේල කෑමට දසදුක් විඳිනා දුගී ජනතාවට අධ්‍යාපනය ද මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවුවහොත් එහි ප්‍රතිඵලය වන්නේ “අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා” ඉගෙනීමට නොව, “අපට කොයින්ද බූල් බල්ලෝ” කියා අධ්‍යාපනය අතහැර දැමීම පමණකි. පුද්ගලික විශ්ව විද්‍යාල ගෙන ඒමෙන් පාසල් ආශ්‍රිත ප්‍රාථමික සහ ද්වීතියික අධ්‍යාපනයට භාදාවක් නැතැයි කෙනෙක් තර්ක කළ හැක. නමුත් මේ ආරම්භක පියවරක් පමණක් බව අප විසින් වටහාගත යුතුව ඇත.ජවිපෙ මෙන්ම ශ්‍රීලනිප ය හා එජාප ය (ආණ්ඩු පක්ෂයේ සිටින විට නොව විපක්ෂයේ සිටින විට) අවධාරණය කරන්නේ පවතින රජය ලෝක බැංකුවේ හා ජාථ්‍යන්තර මූල්යප අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සුභසාධක වියදම් (ජනසවිය/සමෘද්ධිය, නිදහස් සෞඛ්ය‍ සේවය, නිදහස් අධ්‍යාපනය, පොහොර සහනාධාරය………..) ආදිය කප්පාදු කරන බවය.විපක්ෂ දේශපාලකයන් දේශපාලන වාසි තකා එසේ මොරදුන්න ද අප මුහුණපා සිටින කටුක යථාර්ථය ද එයමවේ.මෙලෙස රටේ ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමේ හැකියාව නොරටුන්ට ලැබී ඇත්තේ කාලයක් තිසිසේ රට කලවුන් හා කරවන උන්නගේ හපන්කම් නිසාය.ගමේ පාරේ බෝක්කුවේ සිට මහා පරිමාණ ජලවිදුලි බලාගාරය දක්වා සියල්ල මේ බිම මත ඉදිවන්නේ විදේශ ණය මතය.ණය ආධාර නිකන්ම නොදේ.ඒ දෙන්නේ කොන්දේසි මතය.(අපට ණය දෙන සමහර දියුණු රටවල් ස්වාභාවික සම්පත් අතින් අපට වඩා දුප්පත්ය – නමුත් පරිපාලනයෙන් හා මානව සම්පත් කළමනාකරණයෙන් අපට වඩා ගව්ගානක් ඉහලින් සිටි.මෙහි ඇති උත්ප්‍රාසය එයයි. ) පුද්ගලික සරසවි ඇරඹීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍යයන්ට උසස් අධ්‍යාපනය ලබාදීමේ වගකීමෙන් රජය ඉවත්වනු ඇත.අද පවා බොහෝ සරසවි පාඨමාලා පවත්වාගෙන යන්නේ අවම පහසුකම් මතිය.මේ ලියන මොහොත වනවිට පේරාදෙණිය සරසවියට අනියුක්ත කළ කළමණාකරන පීඨයේ සිසුන් තම පාඨමාලාවේ මානව හා භෞතික සම්පත් සම්පූර්ණ කරන ලෙස රජයෙන් අයැදිමින් සිටිති.රජරට වෛද්යි පීඨ සිසුන් තමන්ට මහාචාර්ය ඒකකයක් ලබා දෙන ලෙස ඉල්ලමින් සිටිති.තම වෘත්තියට සරිලන වැටුපක් ඉල්ලා සිටි සරසවි ඇඳුරන් ලජ්ජා විරහිත ලෙස රවටා තිබේ.මේ වත්මනේ සරසවි වලට රජයෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි වලින් බිඳක් පමණි.පුද්ගලික සරසවි පිහිටුවීමෙන් පසු මේ ගැටලු විසඳීමට රජය කඩිනමින් මැදිහත්වේ යයි බලාපොරොත්තු වීම කොකා දිය සිසදන තෙක් බලා සිටියා දෙවෙනි නොවනු ඇත.

අනෙක් අතට තම වෘත්තීය අභිමානය රැක ගැනීමට නම් සරසවි අඳුරන්ට (අනිවාර්යයෙන් ම වැඩි වැටුප් ගෙවන) පුද්ගලික සරසවි වල සේවයට යා මේ විකල්පය නම් ලැබෙණු ඇත.මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස රජයේ සරසවියේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය බිඳවැටෙනු ඇත.

පුද්ගලික සරසවි සඳහා රජයේ මැදිහත් වීමක් ඇති බැවින් ඒවා හොදින් යාමනය වේ යයි සමාජයේ බලාපොරොත්තුවක් ඇත.මේ සඳහා පුද්ගලික මගී ප්‍රවාහන සේවයම උදාහරණයට ගතහැක.අලුතින් කැපූ මාර්ගයකට අලුත් බසයකට මාර්ග බලපත් දීමටවත් මැදිහත් වීමට අදාල බලධාරීන්ට අවස්ථාව නැත.

එදා කන්නන්ගර ශ්‍රීමතාණන් නිදහස් අධ්‍යාපන පනත ගෙන ආවේ අධ්‍යාපනයේ සම අවස්ථා දැයේ සියලු දරුදැරියන්ට උදාකරදීමේ උතුම් චේතනාවෙනි.පසු කාලීනව විවිධ රජයන් නොමිලයේ ‍පාසල් පොත්, දිවාආහාරය, නිළ ඇඳුම්,  මහපොල ශිෂ්‍යත්ව ආධාර ආදිය ලබාදෙමින් මෙය තවත් අර්ථවත් කළහ.(මේ සම්බන්ධයෙන් ජේ.ආර්.ජයවර්ධන රජය ද ප්‍රේමදාස හා ඇතුලත්මුදලි මහත්වරුන් ද ලේඛකයා කෘතවේදීව සිහිපත් කරයි).දැන් මේ සිදුවන්නේ ඒ ක්‍රියාවලිය ආපසු හැරවීමක් දැයි අපට නම් ඇත්තේ සාධාරණ සැකයකි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 25/12/2011, in කාලීන. Bookmark the permalink. 7 Comments.

  1. හොඳ ලිපියක් ජයශ්‍රී…..පස්සෙ ලිපියෙ අන්තර්ගතය ගැන කමෙන්ට් එකක් දානකල් පොඩි වැරැද්දක් පෙන්නල දෙන්ට අවසර…

    / පසුව මංගල මුණසිංහ බඳු ජනතාහිතෛශීන් ගේ පරිපාලනය යටතේ ලංගමය දිනෙන් දින දියුණුවට පත්වූ අතර……/

    ලංගමයේ ස්වර්ණමය යුගය උදා කලේ මංගල මුණසිංහ නෙවෙයි අනිල් මුණසිංහ…මංගලගෙ අයියා….

  2. නූගත් මුදලාලිලා සමඟ කරනා බස් කර්මාන්තය හා උසස් අධ්‍යාපනය යනු එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකකි . තනි තනි මුදලාලිලාට බස් රථ පාරට දමන්නට ඉඩ නොදී බස් සමාගම් වලට (වෙනත් රටවල ක්‍රියාත්මක වන පරිද්දෙන් ) , පමණක් පුද්ගලික බස් රථ සේවා බලපත්‍ර දුන්නා නම් නියාමනය කිරීම පහසුය . දැන් නම් වැඩේ කෙලවී ඇත

  3. දෙගොල්ලන්ටම පොදු සාධකයක් ඇත.එනම් ලාභයයි.ලාභය වැඩිකරගැනීමේදී ගුණාත්මකභාවයට කෙලවී යාම අපේ රටේ සාමාන්‍ය භාවිතයයි.

  4. ```Outsider```

    මෙතනදි බුවාල වගේ අය කතා කරන්නෙ න්‍යායික පැත්ත පමණයි.
    ඒත් අපේ රටේ දැනට පවතින් ප්‍රායෝගික පැත්ත ගැන ගැන සැලකිල්ලට ගැනීමේදී ඔබ කියන කරුණු ගොඩක් නිවැරැදියි. ඇත්තටම දැන් වෙද්දි රටේ නීතිය, පරිපාලය වැනි දේවල් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා හමාරයි. විශ්ව විද්‍යාලයක උපකුලපති කම පවා දැන් ලැබෙන්නෙ දේශපාලන හෙංචයියන්ටයි. නීතිය ක්‍රියාත්මක වෙන්නෙ පොඩි මිනිහට විතරයි. රටේ කිසිම ව්‍යුහයක් තුළ නිසි පාලනයක්, කළමණාකරනයක් නෑ. ඉතින් මෙබඳු තත්වයක් තුල පුද්ගලික විශ්ව විද්‍යාල පනතක් ගෙනල්ල නියාමන කමිටුවකින් සාධාරණ ක්‍රමවේදයක් සකස් වෙයි කියල හිතන්න අමාරුයි. අවම වශයෙන් ‍අධිකරණය පවා සාධාරණය ඉටු කිරීම සම්බන්ධයෙන් අස්ථාවර තත්වයකට වැටිල තියෙන තැනක ඔය කියන නියාමන කොමිෂමට පත් කරන්නේ අනිවාර්යයෙන්ම මෙම පනත ගෙන එන්න උනන්දු වන සහ එය ගෙන ඒම අත්‍යාවශ්‍ය වී ඇති පුද්ගලයන් කිහිප දෙනාට අවශ්‍ය මිනිස්සුයි. දැන් රට යන්නෙ ඒ පැත්තටයි.
    ඒත් නොමිළේම අධ්‍යාපනය දීම රටකට කරන්න අපහසු දෙයක් තමයි. ඒත් සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් සැකසෙන්නනම් අනිවාර්යයෙන්ම සාධාරණ සහ විනිවිදභාවයකින් යුත් පාලන ක්‍රමයක් රට තුළ ස්ථාපිත විය යුතුයි. ‍
    ඌරන් සහ ඊරියන්ගේ සංවාසයෙන් හා පැටව් බිහි වෙයි කියල හිතනවනම් අනේ මන්දා…

  5. ```Outsider```

    එසේම පුද්ගලික විශ්ව විද්‍යාල පනත කොයි වගේ එකක්ද යන්න පිලිබඳව තවම මහජනතාව හෝ ශිෂ්‍යයින් නොදනී. මතභේදයකට තුඩු දෙන පනතක කෙටුම්පත පළමුව ප්‍රසිද්ධ කර විරෝධතා, විවේචන සලකා බැලීම තුළින් සංශෝධනය විය යුතුද යන්න පුඵල්ව සාකච්ඡා වීම පැවැතිය යුතු විනිවිදභාවයයි. ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය විය යුත්තේ එයයි.
    එසේම කොන්දේසි විරහිතව මෙයට සහය පල කරන බොහෝ දෙනෙක්ගේ ඇත්තේ ජවිපෙ විරෝධයකි. ඒ ජවිපෙ ශිෂ්‍ය සංගම් මෙයට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීමයි. ජවිපෙ දේශපාලනය මතභේදකාරී නමුත් ඔවුන් විරුද්ධත්වය පාන හැම දෙයක්ම සාධාරීකරණය කරමින් හේතු සැපයීම නිකම්ම නිකම් දේශපාලන විරෝධයක් පමණි.

  6. @Outsider, ඔබත් සමඟ එකඟයි.ඇත්තටම මගේ ලිපිය ලියැවෙන්නෙත් යෝජිත පනතේ අන්තර්ගතය නොදැක, උපකල්පන මත පිහිටා.”කෙටුම්පත පළමුව ප්‍රසිද්ධ කර විරෝධතා, විවේචන සලකා බැලීම” යන ඔබගේ යෝජනාව මා එකහෙලා අනුමත කරන්නේ එබැවිණි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: