මේ නායකත්ව අර්බුදයක්ද?

ප්‍රජාතන්ත්‍රවාදී රටක ශක්තිමත් වරුද්ධ පක්ෂයක් ද තිබිය යුතුයයි කියැවේ.මෙමගින් බලාපොරොත්තුවන්නේ ආණ්ඩු පක්ෂයේ අත්තනෝමතික ක්‍රියාවන් යම් තරමකට හෝ පාලනය කිරීමයි.වෙනත් වචන වලින් කිවහොත් රජයකට පාලුගෙයි වලං බිඳීමට ඇති ඉඩ අවුරාලන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගේ ප්‍රමුඛයා වන්නේ රටක විපක්ෂයයි.රටක ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යනු ජනතා කැමැත්තේ දර්ශකයන් බැවින් රජයක් බලවත් වන තරමට ම විපක්ෂය දුර්වල වීම සාමානාන්‍යය ස්වාභාවයයි.අද අප රට පාලනය වනුයේ විධායක බලතල සමඟ ව්‍යවස්ථාදායකයේ 2/3 බලය ද හිමි අතිශයින් බලවත් රජයක් මගිනි.මීට ප්‍රතිලෝම සමානුපතිකව රටේ විපක්ෂය දුබල වී ඇත්තේ  එහි ස්වාභාවික ප්‍රතිපලයක් ලෙස විණා අන්කිසිවන් නිසා නොවේ.

නමුත් ජනතාව අතර විපක්ෂයේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් ගිලිහීගියේ ඇයි?

ඊට ප්‍රධානතම හේතුව ජනතා හදවත් නිවැරදිව කියවා ඊට අනුගතවීමට අප විපක්ෂය දැක්වූ මැලියාවයි. පසුගිය සිව්වන ඊලාම් යුධ සමයේ දී විපක්ෂය ජන මනස නිසි ලෙස කියැවීමට සමත් වූයේ නම්, කොටින්ට එරෙහිව රජය ගෙන ගිය මානුෂික මෙහෙයුමට අවංකව තම සහයෝගය දැක් වූයේ නම් අද ඔවුන් ලබා සිටින මෙම දුර්භාග්‍යයට ඔවුන් ලක් නොවීමට ඉඩ තිබිණි.යුද්ධය ජයගත හැකි නොවෙනු ඇතැයි ද, පීඩාකාරී නිශ්ඵල යුද්ධයක සිරවී ජනතාව අතර ජනප්‍රියත්වයෙන් පිරිහෙන රජය තමන්ට බලයට පත්වීමට පාරකපා දෙනු ඇතැයි ද ඔවුන් අපේක්ෂා කරන ලද බව පෙනිණි.නමුත් සිදු ඇත්තටම වූයේ එහි විලෝමයයි.තිස් වසරක යුද්ධය නිමා කළ රජය තව සෑහෙන කලකට බලයේ සිටීමට ප්‍රමාණවත් ජනතා ප්‍රසාදයක් ලද්දේ ය.යුධ ජයග්‍රහණ උණුසුම පවතිද්දීම කැදවූ ජනාධිපතිවරණයේදී විපක්ෂය නියෝජනය කරන බලවේග ඒකාබද්ධ වී ෆොන්සේකා මහතා ලවා මෙම ජනතා ප්‍රසාදය උදුරාගැනීමට උත්සහ කලද එය ද අසාර්ථකවීමෙන් විපක්ෂය පත්වූයේ දැවැන්ත අර්බුදයකටය.මින් පසුව පැවති මහ මැතිවරණය නිමා වූයේ ඉතිහාසයේ නොවූ විරූ ලෙස රජයට පාර්ලිමේන්තුවෙන් 2/3 කට ආසන්න බලයක් ලබා  දෙමිනි.ව්‍යවස්ථා වෙනසක් කීරීමට අවශ්‍ය පාර්ලිමේන්තු ඉතිරි මංත්‍රීවරු කීපදෙනා ද පහසුවෙන් දිනාගත් රජයේ මීලඟ ප්‍රමුඛ කාර්යය වූයේ බලවත් විධායක ජනාධීපතිවරයාගේ බලතල තවත් වැඩි කරමින් 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මංශෝධනය සම්මත කරගැනීමයි.පොදුවේ විපක්ෂයේ ද එ.ජා.ප හා ජ.වි.පෙ වෙනන වෙනම ද මුහුණපා ඇත් වත්මන් අර්බුදයේ උල්පත මෙයයි.

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පාලන බලය නැතිව විපක්ෂයට වී සිටිප ප්‍රධාන දේශපාලන පක්ෂයක් තුල කුණාටු/පිපිරීම් ඇතිවීම ස්වාභාවිකය.අද එ.ජා.පක්ෂය මුහුණ දී ඇති මෙම තත්වය සමාන කල හැක්කේ 1977 පරාජයෙන් පසු එලඹි 17 වසරක පරාජිත කාලය තුල ශ්‍රී.නි.පක්ෂය අතිවිඳි ඉරණමටය.එහි නායකයන් සිරිමාවෝ මැතිණිය, අනුර, චන්ද්‍රිකා, ආදී ලෙස පිලි බෙදෙමින් පක්ෂය නතු කරගැනීමට උත්සහ දරමින් එකිනෙකා හා ගැටෙමින් සිටියහ.එවකට පැවති පක්ෂ අර්බුද කෙතරම් උග්‍ර ද යත් එවකට පැවති ජනාධිපතිවරණයකදී (1982) පක්ෂ අපේක්ෂකත්වය දැරූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පැරදවීමට පක්ෂයේම අය තැත් දැරූ බවට වාර්තා පලවිය.නමුත් 1994 වන විට පක්ෂය ජය මාවතට පිවිසි පසු මේ සියලු අසමගිකම් දූරීන්භුත වී ගිය බව අප දනිමු.

එ.ජා.ය විපක්ෂයට වී සිටීමට හේතුව ද  නායකත්වයේ වරදක් යයි දකින සමහරුන් නායකත්වය වෙනස් කිරීමට උත්සහ කරයි.ඊයේ අප සිරිකොත දී දුටුවේ එවන් අසාර්ථක එක උත්සාහයකි.නමුත් අපගේ තක්සේරුව නම් (ඉහත විසිතර කළ පරිදි) එ.ජා.ප දුර්භාග්‍යය ට හේතුව එය මහජන මතය සමඟ එක පෙලට නොසිටීම මිසක් අන්කිසිවක් නොවන බවයි.රජය සිදුකරන බරපතල වැරදි, ජනතා ද්‍රෝහී ක්‍රියාවන්වලදී පවා තමා වෙත ලකුණු එක්කරගැනීමට එ.ජා.ප ය අසමත් ව සිටින්නේ එබැවිණි.

රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ද , ආණ්ඩුව වැරදි පාරක යන්නට උත්සහ දරන විට එය වැලැක්වීමටත් එපමණක් නොව ඉක්මනින්ම රාජ්‍ය බලය ලබාගැනීමටත් නායකත්වට වෙනස්කිරීම නම් මිරිගුව පසුපස යාම නවතා සකල එ.ජා.පාක්ෂිකයන් තම නායකත්වය වටා  එක්රොක් වී ස්ව ශක්තිය ගොඩනගාගතයුතු යයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.රටේ ජනතාවගේ ප්‍රශ්න වලට මැදිහත් වීමට ඇති කාළය පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳීමට යෙදවීමෙන් සිදුවන්නේ තම ශක්තිය දුර්වල වීමට අමතරව ජනතාව තවදුරටත් පීඩාවට ලක්වීම පමණකි.මෙය ජනතා විමුක්ති පෙරමුණට ද අඩුවැඩි වශයෙන් අදාලය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 20/12/2011, in කාලීන. Bookmark the permalink. 3 Comments.

  1. ලෙසටම ලියා ඇත. විය යුත්තේ එයයි. අන් කිසිවක් නොවේ..

  2. ජවිපෙ නම් ඉන්න හීන ලෝකෙක නේ කොහොමටත් , එජාපය දැන් නායකත්ව අර්බුධය අත්හරීන්න ඕනි තමයි . ඔය තමයි කරන්න පුලුවන් උපරිම හරිය . දැන් තියෙන්නෙ ඉන්න නායකයත් එක්ක වැඩේ කරගෙන යන එක

  3. @මාතලන්,බුවා, බලමු දැන්වත් කට්ටිය එකට එකතු වෙලා වැඩක් කරයිද කියල?
    (මොනව උනත් මට පොඩි සැකයක් තියෙනවා සජිත් කරේ ෂේප් එකේ කරු කපල දාන එකද කියලත්!)

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: