රජයෙන් මුදලාලිට – මුදලාලිගෙන් රජයට

අප රටේ රජය මෙන්ම පෞද්ගලික අංශය ද ව්‍යාපාර වල නිරත වන මුත් මේ දෙපාර්ශවයේ ව්‍යාපාර අතර පැහැදිලි වෙනස්කම් දැකිය හැක.ඉන් එකක් නම් රාජ්‍යය අංශය නිතරම ව්‍යාපාර වලින් පාඩු ලැබීමයි.පෞද්ගලික අංශය කිසිවිටෙකත් පාඩු ලැබිමට ව්‍යාපාර නොකරයි.පුද්ගලික අංශය ලාභ පිට ලාභ ලබමින් පවත්වාගෙන යන ව්‍යාපාර වුවද (උදා: මගී ප්‍රවාහන සේවය) රජය යටතේ පාඩු ලබයි.රජය මෙයට නිදහසට කරුනක් ලෙස දක්වන්නේ රජය ලාබ ලැබීමේ පරමාර්තය පසෙක තබා ජනතා සුභසාධනය උදෙසා ව්‍යාපාර පවත්වාගෙන යන බැවින් මෙලෙස පාඩු ලබන බවයි.නමුත් මෙය අර්ධ සත්‍යයකි.රාජ්‍ය ආයතනබොහොමයක් පාඩු ලබන්නේ දේශපාලනීකරනය වී කළමණාකරනයෙහි අදක්ශ හෙන්චයියන් ඒවායේ මුල් පුටු වලට පත්වීම, මැතිවරණ කාළයේ වැඩකළ අයට බුරුතු පිටින් රැකියා දීම(ශක්‍යතාව ඉක්මවා), හා දූෂණ හා වංචා ආදිය නිසාය.පසුගිය එ.ජා.පක්ෂ රජය සමයේ පුතිව්‍යුහගතකරනය යන නම භාවිත කරමින් පුද්ගලික අංශයට පවරා දෙනු ලැබුවේ  මෙවන් රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලයන්ය.(රජය මෙම දේපල තම හිතවතුන්ට ලබාදුන්නේ කුණුකොල්ලයට යයි යනුවෙන් විපක්ෂය චෝදනා කරයි).පසුගිය දා ඌණ උපයෝජිත වත්කම් රජයට පවරා ගැනීමේ පනත මගින් රජය සිදුකරනුයේ මෙම ව්‍යාපාර අතරින් නිසිලෙස ක්‍රියාත්මක නොවන ආයතන රජයට නැවත පවරාගැනීම පමණක් බව රජය පාර්ශවයෙන් කියැවේ.මෙලෙස පවරාගත් ආයතන සුදුසු ආයෝජකයන්ට නැවත පවරා දෙන බව ද රජය පවසයි.

නමුත් අපට මේ සම්බන්ධ ගැටලු කීපයක් මතුවේ.එනම් අදාල ආයතන ලබාගත් ව්‍යාපාරිකයා එම ව්‍යාපාර තුල අලුතින් තමන්ගේ මුදල් අයෝජනය කර තිබේ නම් හිටි අඩියේ එය රජයට පවරාගැනීමෙන් ඔහුට සිදුවන අගතියයි.මෙහිදී වන්දි ගෙවීමක් පිළිබද අදසක් ප්‍රචාරය වන නමුතු එම ක්‍රියාදාමය අපැහැදිලිය.පාඩු ලබන ආයතන ලාබ ලැබීමට නම් කල යුත්තේ ඒවායේ අයිතිය වෙනස් කිරීම නොව පාඩු ලැබීමට බලපාන හේතු සොයා ඊට පිළියම් කිරීමය.

අනෙක් අතට මෙලෙස පවරාගැනීමට නියමිත ආයතන අතර ලාභ ලබන ව්‍යාපාර ද තිබීමයි.රජය මෙයට ප්‍රති උත්තර සපයන්නේ ආයතන  ව්‍යාපාරිකයාට ලබාදුන් කාර්යයෙන් පරිබාහිර කාර්යයක යෙදීම වරදක් බවයි.එනම් දයා ගමගේ මහතාට පවරාදුන් සීනි කර්මාන්තශාලාවෙන් සීනි වෙණුවට ස්ප්‍රීතු නිශ්පාදනය කර ලාභ ඉපැයීම වරදක් බවයි.නමුත් අපගේ ගැටලුව නම් සීනි පමණක් නිපදවීම අලාභදායකනම් (රජය යටතේ පාලනය වන සීනි කර්මාන්තශාලා දෙකම පාඩු ලබයි) සීනි නිපදවන අතරම වෙත් විකල්ප නිපැයුමක් කර ලාභ ඉපැයීමේ වරදක් නොවේය යන්නයි.එය (පාඩු ලැබීමට ව්‍යාපාර නොකරන) ව්‍යාපාරිකයාගේ නිර්මාණශීලී අදහසක් විය හැක.අප දන්නා පරිදි උක් ගසෙන් සීනි නිපැයුමට අමතරව ස්ප්‍රීතු, ජීව වායු, පොහොර, ජල විදුලිය බඳු කර්මාන්ත රාශියක් කල හැකි අතර සෙවනගල මේ සියල්ල හෝ කීපයක් සිදුකරයි.සමහර විට මෙය රජයට පවරා ගැනීම පසුපස ඇත්තේ දේශපාලනයම පමණක් විය හැක.

කෙසේ වුවද මේ පනත මගින් පුද්ගලික අංශයේ ආයෝජකයන් අධෛර්ය වන බව පැහදිලිය.මෙය දේශිය ව්‍යාපාරික පැලැන්තියේ බිඳවැටීමකට ද හේතු විය හැක.වාණිජ මණ්ඩල වැනි ක්ෂේත්‍රයේ පිළිගත් අයතන මීට එරෙහි වීමෙන් පැහැදිලිවන්නේ එයයි.කඩිමුඩියේ සම්මත කරගැනීම නොව මෙම පනත ජනතාව අතර සාකච්චාවට ලක්කිරීමට ඉඩ හැරීම රජය විසින් කළ යුතුව තිබිණි.

කෙසේ වුවද සැම කලු වලාවකම රිදී රේඛාවක් ඇතැයි කීවක් මෙන් මේ සමස්ත ක්‍රියාදාමය තුල සාධනීය යමක් ද දැකිය හැක.එනම් රජයේ ම කොටස්කරුවෙකු වන ජාතික හෙළ උරුමය මෙහි ඇති අයෝග්‍යතාව ජනතාවට පැහැදිලි කරමින් පනතට විරුද්ධ වීමයි.කලකට පෙර ජා.හෙ.උ සහ ජ.වි.පෙ දෙපාර්ශවයම විපක්ෂයේ සිටිය දී, අද හෙල උරුමය වේදිකාවේ ඇසෙන දේ පසුදා ජ.වි.පෙ වේදිකාවෙන් ඇසුන අතීතය සිහි කරමින් මේ පනත ට එරෙහිව උදය ගම්මන්පිල මහතා කළ විවේචනයම අනුර දිසානායක මහතා ගේ මුවින් පසුදා අපට අසන්නට ලැබිණි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 12/11/2011, in කාලීන. Bookmark the permalink. 9 Comments.

  1. ```Outsider```

    ඇත්තෙනම් විරුද්ධ වීම කියන්නෙ නිකම්ම වචන ප්‍රකාශයක් වීම යැයි නොසිතේ. මේ සඳහා ඡන්දය විමසන විට හෙළ උරුමයේ මන්ත්‍රීවරු සභාගැබේ නොසිටි බවයි කියවෙන්නෙ. සැබෑ විරෝධයක්නම් විරුද්ධව ඡන්දය දී විරෝධය තහවුරු කල යුතුයි. ඡන්දය මග හැරීම තුළ තියෙන්නේ රැවටිල්ලකි. හෙළ උරුමය නැතත් ආණ්ඩු පක්ෂයේ පවතින අනෙකුත් ඡන්ද වලින් ඕනෑම පනතක් සම්මත කර ගත හැකි බව ඔවුන් දනියි. ඒක නිසා මේ විරුද්ධයි කියන එක දෙපැත්ත බේරා ගැනීමේ රැවටිල්ලක් විතරයි.

  2. මචෝ උන්ට වඩා මර්විය හොඳා. බන නම් බන, කෂිලි නම් කෂිලි, බොරු නෑ. වඤ්ඤාව නෑ. වැඩ රාත්තලෙන්.

  3. @Outsider, maathalan , But “Something is better than nothing” isn’t it?

  4. නැ නැ කොහොම හරි ලාභ ලබනව ඔය පනතෙන් (පවරාගත් ව්‍යාපාර හො රජය නෙවෙයි )

  5. පැහැදිලිවම මේ පනතනම් ගොන් පනතක්. මේකත් අර පරණ වමේ කියපු ආණ්ඩුවේ ගෙවල් කුලී පනත වගේ.

  6. බටහිර හා හින්දි චිත්‍රපට ලෝලී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයට මුදාහැරැනු අලුත්ම වෙබ් අඩවියයි මේ.දැනට ටොරෙන්ට් පමණක් ලබාදෙන අතර ඉදිරියේදී ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් පහසුකමද ලබාදීමට සූදානමින් සිටී.සිංහලෙන් කථා සාරාංශය සහ සිංහල උපසිරැසිද අප විසින් ඇතැම් චිත්‍රපට වලට ලබාදෙයි.ඵසේ නම් අපේ සයිට් ඵක පැත්තෙ ඇවිල්ලා පොඩි රවුමක් දාලා යන්න.අනික අපි ගැන ඔයගොල්ලන්ගෙ යාළුවන්ටත් කියන්න හොදේ.

    වෙබ් අඩවිය – http://www.cinelanka.net

    like our facebook fan page :- http://www.facebook.com/pages/Cinelankanet/102885409815996

  1. Pingback: වෙළඳපල අර්ථක්‍රමයේ ජනතා මළපුඩුව – පුද්ගලීකරණය « මේඝය

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: