ගඩාෆිගෙන් උගතයුතු පාඩම්

“ලෝකෙට  පරකාසේ  – ගෙදරට මරගාතේ” යනුවෙන් සිංහල කට වහරේ යෙදුමක් ඇත.ලෝකය ඉදිරියේ සර්වසාධාරන බව පෙන්වමින් (සමහර විට) සත්‍යවශයෙන් ම එසේ වී නමුත්, තම සමීපතයින් ඉදිරියේ නරුමයින් වන්නන් මෙමගින් අවඥාවට බදුන් කෙරේ.වත්මන් ලෝකයේ (සුප්‍රකට) බටහිර ප්‍රජාව හෝ බටහිර බලවේග හැසිරෙන්නේ ඉහත යෙදුමේ පරස්පරයෙන් දැක්වෙන ප්‍රතිපත්තියෙන් බව ලේඛකයා ගේ අදහසයි.එනම් බටහිර රටවල් තම රටවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය , මානව අයිතිවාසිකම්, මාධ්‍යය නිදහස ඉතසිතින් සුරකිමින් තම ජනතාවට එක් හැන්කින් බෙදන නමුත්, ලොව අනෙකුත් රටවලට බලහත්කාරයෙන් ඇතුලත් වී (වෙසෙසින් ම තෙවන ලොව රටවලට සහ ආගමික වශයෙන් තමන් හා පරස්පර රටවලට) ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ මුවාවෙන් ම වෙනත් හැන්දකින් බෙදන බවයි.පසුගිය දා මුවමර් ගඩාෆි ද ඊට පෙර ඉරාකයේ දී සදාම් හුසේන් ද තම බළල් අත් වූ ස්වදේශිකයන් ලවා ඝාතනය කරවූයේ මෙම සිද්ධාන්තයට අනුකූලවයි. ජනතා අප්‍රසාදයට ලක් වූ බටහිර කිසිදු පාලකයකු මෙවන් මිලේච්ච ඝාතනකට ලක්වෙනු අපි දැක නැත්තෙමු.

ගඩාෆිගේ කයිවාරුව ද කෙරුවාව ද බටහිර විරෝධී විය.(එය 100% ක්ම නිවැරදි නැත). තම ජාතිය සතු තෙල් සම්පත බටහිර රටවලින් මුදාගෙන එහි ප්‍රතිලාභ ජනතාව අතට ලබාදෙමින් ඔහු බටහිරට කළ අභියෝගය නිරවද්‍ය මෙන්ම ආදර්ශවත්ය.නොබැඳි ජාතින්ගේ සමුලුවට සත්කාරකත්වය ලබාදී එය මෙරට දී පැවැත්වූ සිරිමා බණ්ඩාරණායක මැතිණියගේ ක්‍රියාකාලාපය මේහා සමාන කල හැක්කි.ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගනිමින් ඇය අපරට බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන් ම නිදහස් කළාය.තෙල් ජනසතු කර ඛණිජතෙල් සංස්ථාව පිහිටුවමින් ඒ වන විට ෂෙල් බූවල්ලාට හසුවී සිටි අප රට තෙල් කර්මාන්තය ඉන් නිදහස් කලාය. නමුත් එතුමිය තම පාලන කාලය වසර දෙකකින් දිගු කරගැනීමේ විපාකය වූයේ පසුකලෙක ඛේදජනක ලෙස විපක්ෂ රජය මගින් ප්‍රජා අයිතිවාසිකම් අහිමිකිරීමකට ලක්වීමයි – ලිබියාව හා සැසදීමේදී මැතිවරණ පැවැත්වීම, ඉන් විපක්ෂය බලයට පත්වීම ආදී ලෙස ප්‍රජාතන්තත්‍රවාදී ක්‍රියාමාර්ග සක්‍රීයව ක්‍රියාත්මක වීම එදා මෙදාතුර අප රට ඒකාධිපති පාලකයකුට නතු නොවුණ බැව් මෙහිලා සටහන් කිරීම වටී. නමුත් ගඩාෆිගේ මෙම පාලන කාලය දිගු කරගැනීම නම් අත්තනෝමතික ක්‍රියාකලාපය ඔහු 42 වසරක් පාලනයේ තැබූ නමුත් ජනතාව තුල  පීඩනය ගොඩනැංවීම ඔහුගේ අවාසනාවන්ත ඉරණමට පාරකැපීය.

ලිබියාවේ අභ්‍යන්තර ප්‍රශ්නයකට නේටෝවට මැදහත් වීමට ඉඩ ලැබුණේ එරට නායකයා සහ ජනතාව මෙලෙස ගොඩනැගී තිබූ විරසකයයි. එයට ද බොහෝ සෙයින් වගකිය යුත්තේ ගඩාෆි ම බව ද අමතක නොකළ යුතුය.42 දෙවසරක පාලනය ජනතාවට එපා වී නම් අඩු වශයෙන් ඔවුනට වෙනසක් අවශ්‍ය බව පසක් වූ විට ගඩාෆිට ඉල්ලා අස්වීමට අවස්ථාව තිබිණි.අඩුම වශයෙන් කුලී හමුදා ලවා තම ජනතාව ඝාතනය කිරීමෙන් වැලකීමට හෝ හැකියාව තිබිණි.දෙවේලේ  දකින කුකුලා ගේ කරමලය සුදට පෙනෙන බව ඔහු විසින් තේරුම්ගත යුතුව තිබිණි.සමහර විට වසරක දෙකක ඈවෑමෙන්, නව රජයේ ජනප්‍රියතාව පිරීහී ගොස් ජනතතාවම නැවත ගඩාෆිවම ඉල්ලා සිටීමට ද ඉඩ තිබිණි විප්ලවයෙන් බලයට පත් ඔහු, ජනතා කැමැත්තෙන් බලය ලබා ගැනීමක් නොදැන සිටියා වන්නට ඇත.අන්මත නොඉවසීම, උඩඟුවබ ඔහුගේ චරිත ලක්ෂණයන් විය හැක.නමුත්  කිසිවෙකුටත් ඉරහද පවතිනා තුරාවට බලයේ සිටිය නොහැක. බොහෝ රටවල ක්‍රියාත්මක වන්නකි තට්ටු මාරු දේශපාලනයයි.

 නමුත් අපේ අයගේ කයිවාරුව පමණක් (එය ද සිංහලෙනි)බටහිර විරෝධීය.කෙරුවාව බටහිර පක්ෂපාතීය.එබැවින් ගඩා‍ෆි මුහුණ දුන් ඉරණමට අපට මුහුණදීමට සිදුවීමට ඇති ඉඩ අඩුය.නමුත් ඕනෑම පාලකයකු මෙයින් උගත යුතු වැදගත් පාඩමක් වෙයි.එනම් තම රාජ්‍යය විචාරය කවදා හෝ බලය අතහල දිනක විපක්ෂයට වී සිටීමට භාදාවක් නොකර ගැනීමයි.

(ගඩාෆි ඝාතනය පිළිඹද කතිකාවට ම සම්බන්ධ මෙම ලිපියේ, සමහර කොටස් පෙරමුණේ රාළ ගේ අටුවාවේ ප්‍රතිචාරයක් ලෙස පලකර ඇත.)

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 30/10/2011, in කාලීන. Bookmark the permalink. 3 Comments.

  1. සම්පූර්ණයෙන් එකඟයි. මේ බූරුවට තිබුනෙ රටෙන් පලා ගිහිල්ලා වෙනදේ බලාගෙන ඉන්න. ප්‍රේමදාස කෙනෙක් ආයෙත් ඉල්ලනවා වගේ (මම නම් කිසිසේත්ම කැමති නැත.) ගඩාෆිව ඉල්ලනවා අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා. අද ඊජිප්තුවේ ඒවුන්ට වෙලා තියෙන්නේ ඒකයි.

  2. //නමුත් අපේ අයගේ කයිවාරුව පමණක් (එය ද සිංහලෙනි)බටහිර විරෝධීය.කෙරුවාව බටහිර පක්ෂපාතීය.එබැවින් ගඩා‍ෆි මුහුණ දුන් ඉරණමට අපට මුහුණදීමට සිදුවීමට ඇති ඉඩ අඩුය.නමුත් ඕනෑම පාලකයකු මෙයින් උගත යුතු වැදගත් පාඩමක් වෙයි.එනම් තම රාජ්‍යය විචාරය කවදා හෝ බලය අතහල දිනක විපක්ෂයට වී සිටීමට භාදාවක් නොකර ගැනීමයි.//

    අනිවා

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: