ලකුණු දා ගැනීමේදී ප්‍රවේශම් වන්න

ඔනෑම ඉඳිකිරීම් ව්‍යාප්‍රතියක කාළසීමා‍ව එහි මූලික සැලසුම් අදියරේදීම (Design stage) තීරණය කරන්නකි.එය කොන්ත්‍රාත් කරු යොදවන සම්පත් ප්‍රමාණය,ව්‍යාප්‍රතියේ ස්වාභාවය, මුදලු ගලායාම වැනි සාධක ගණනාවක් මත තීරණය වන්නකි.එසේම ඕනෑම ව්‍යාප්‍රතියක සැලසුම(Program) ආරම්භයේදීම සැලසුම් මැවිසුරු (Planning Engineer)විසින් සකසා සේවායෝජක වෙත භාරදෙනු ලබන අතර ඒ අනුව ව්‍යාප්‍රතිය නියමිත කාළය තුල නිම කොට භාර දීමට(Complete) කොන්ත්‍රත්කරු නීති‍යෙන් බැඳී සිටියි.නමුත් යම් යම් හේතු නිසා නිමකිරීම ප්‍රමාද වන්නේ නම් ඊට හේතු දැක්වීමට ද පමාවට හේතුව කොන්ත්‍රත්කරුගේ අකාර්යක්ශමතාවය නම් (මුදලීම ගිවිසගත්) ප්‍රමාණීකෘත නාශවන්දියක්(Liquidated Damages) සේවායෝජකයාට ගෙවීමටත් කොන්ත්‍රාත්කරු බැඳී සිටී.

නමුත් අප රටේ ඕනෑම සංවර්ධන ව්‍යප්‍රතියක් නිරීක්ෂණයට යන දේශපාලකයන් එය කඩිනමින් නිමාකරන ලෙස කොන්ත්‍රාත් කරුට දන්වයි.(සත්‍යවශයෙන් ම එසේ දන්වනවාද යන්න අපි නොදනිමු නමුත් ජනමාධ්‍ය එසේ වාර්තා කරයි).සැබැවින්ම සාධක විශාල ගණනක් මත තීරණය වන මෙවන් ව්‍යප්‍රතියක් එලෙස කඩිනම් කළ නොහැක.නමුත් ජනතාව ඉදිරියේ තම නමට ලකුණු දාගැනීමට දේශපාලඥයා හෝ ඔහුට ලකුණු ලබාදීම සඳහා ජනමාධ්‍ය හෝ  දිගින් දිගටම එ‍සේ කරන බව පැහැදිලිය.ඇත්ත වශයෙන්ම අප සිතනා පරිදි නම් මෙවන් නිරීක්ෂණ චාරිකා පවා ප්‍රවෘත්ති නොවේ.නමුත් මෙවන් මාධ්‍ය සංදර්ශන මගින් මේක අපිම කරන වැඩක් යන්න රටට සන්නිවේදනය කිරීමට උත්සහකරන බව පැහැදිලිය.

නමුත් මෙවන් සංවර්ධන ව්‍යාප්‍රති තමන්ගේ නමට ලියා ගැනීමට ගිය ඇමතිවරයෙකුට පසුගියදා සිදුවූයේ මහත් අබග්ගයකි.එනම් (පාඨක ඔබ දැනටමත් දන්නා පරිදි) දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැනින් තැන ප්‍රමිතියෙන් තොර කොටස් මතුවීමයි. ඕනෑම ඉදිකිරීමක මෙවන් දේ සිදුවිය හැකි අතර ඉදිකිරීම නිමවී වසරක් ඇතුලත(Defect liability period) හමුවන මෙවන් අඩුපාඩු (Defects) තම වියදමෙන් නිවැරදි කිරීමට කොන්ත්‍රාත්කරු බැඳී සිටී.සාමාන්‍යයෙන් කොන්ත්‍රාත්කැරු ගේ රඳවාගත් මුදල්(Retention money) නිදහස් කරනු ලබන්නේ මෙවන් අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසුවය.ඔවුන් එම නිවැරදි කිරීම නොකලොත් පමණක් රඳවාගත් මුදල් නොගෙවා එම මුදලින් අදාල නිවැරදි කිරීම තමාම කිරීමට ද සේවායෝජකයාට හැකියාව ඇත.

නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගය ගෙඩිය පිටින්ම තම සාක්කුවට දමා සිටි දේශපාලකයන්ට (සැබැවින් ම කොන්ත්‍රාත්කරු වගකිව යුතු) මාර්ගයේ ප්‍රමිතියෙන් තොර කොටස් වලට ද වගකියන්නට සිදුවීම හාස්‍යජනක නොවේද?

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 20/10/2011, in කාලීන. Bookmark the permalink. 8 Comments.

  1. කථාවක් තියනවනේ ගුරා හිටගෙන කරන එක ගෝලයෝ දුව දුවා කරනවා කියලා.ඉතින් ලොක්කා ගල නොකඩා වතුර පුරවපු පාරේම තමයි සොක්කොත් යන්නේ.හැබයි ඔය ඇමැත්තා හොඳින් තියාගත්තොත් කොන්ත්‍රාත්කාරයාට ආපහු තාර දාන සල්ලි ටික Variation එකකින් ගන්න පුලුවන්.

  2. ```Outsider```

    ඒකනම් ඇත්ත. අපේ රටේ අච්චර කොන්ත්‍රාත්කාරයෝ, ඉදිකිරීම් ඉංජිනේරුවෝ ඉන්නව කියල කිව්වත් මේ රටේ ඇමැතියෙක්ගෙ උපදෙස් නැතිව රජයෙන් ඉදිකරපු වැසිකිළියක්වත් නැත. ජනාධිපතිගෙන් ඒ සඳහා උපෙදෙස් නොලද එකම ඇමැත්තෙක්ද නැත. බලාගෙන ගියාම රටේම ඉන්නෙ දේශපාලකයෙක්ගෙ උපදෙසක් නැතිව කිසිවක් හරියට කරකියා ගන්න බැරි මොංගල් මිනිස්සු කොටසක්ය.

  3. හෙහ්…හෙහ්…මොනවද ඔට්ටු……..වේරියේෂන් විතරක් නම් බැරියැ……..මුලින්ම ප්‍රමිතියෙන් තොරව නිම කරපු ප්‍රමාණයටයී ඒ කොටස කඩා ඉවත් කිරීමටත් එක්කයි චීනට ගෙවන්නෙ…….

    අනික ඔය බටහිර මෝඩ යක්කු හදා ගත්තු ඉදිකිර්‍රිම් Norms අපි මොකටද අනුගමනය කරන්නෙ?……..අපි මහ වැව් දාගැබ් හැදුවෙ ඔය සුද්දො අඩ නිරුවතින් ඉන්න කාලෙ…..අපි අපිටම හදාගමු වෙනම Norms……….නැතුව කොහොමෙයි අර අයිෂ්වර්ය ද මොකක්ද එක වෙන්නෙ?

    Sri lanka……A Land Like No Other,……..

  4. හොරකමක් වත් පිලිවෙලකට කරගන්ඩ දන්නෙ නැති මිනිස්සු

  5. @Outsider – ඇත්ත.ඒ වුණාට උපදෙස් දෙන ඇමතිල ගඩොලක දිග පළල වත් දන්නව ද සැකයි.
    @Ravi – මොනව උනත් අතීතයේ අපට විශ්ෂ්ට ඉදිකිරීම් තාක්ෂණයක් තිබිබ කියන එක සත්යසයක්
    @charmi – කරතොත් කරපන් හරියට, නැත්තනම් බැහැපන් එලියට

  6. මම හිතන්නේ දැන් තියෙන යුද්ධය තමයි 1977 න් පස්සේ හඳුන්වා දීපු මේ හොරකම දූෂණය නැතිකරන එක. අනිත් එක මේ හොරකම් දැන් හොඳට පේන්න ගන්නේ කොටි එක්ක තිබිච්ච යුද්ධේ ඉවර වෙච්ච නිසා.

    • තාමත් ප්‍රමාද නෑ කියලයි මගේ නම් අදහස.එත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ !

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: