පුංචි ඡන්දය අවසාන අදියර ට

නැවත වතාවක් මාහැඟි තරාදිය අතට ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇත.(මෙවර එය පුද්ගලිකව ම ලේඛකයාට ද වැදගත්ය).ඒදා තිබුණාට වඩා දෙයක් අද වන විට තරාදියේ දෙපසට ම දැමීමට එකතුවී ඇත.

ඉතිරිව ඇත්තේ පලාත්පාලන මැතිවරණයේ තීරණාත්මක අගනුවර සටන සහ (මීට පෙර ද සඳහන් කර ඇති පරිදි) දේශපාලනික වශයෙන් වඩාත් සංවේදී මධ්‍යම පාංතික ඡන්දදායකයින් බහුල මහනගර සභා සහ අනෙකුත් ආයතන කීපයක මැතිවරණයයි.සාම්ප්‍රදායික වශයෙන් මේ විපක්ෂ බලකොටුය.ලෝක කුසලාන තරගාවලිය වැනි සාධක ගෙනහැර දැක්වුව ද මෙම කුලකය හුදෙකළ කොට මැතිවරණය පැවැත්වීමට හේතුවන්නට ඇත්තේ ද මෙයයි.

ප්‍රධාන පක්ෂ තුනටම මේ මැතිවරණය වැදගත්ය.රජයට, තමන්ට ග්‍රාමීය පුදේශ වල පමණක්‍ නොව නාගරික පුදේශ වල ද ජනපදනමක් ඇතැයි පෙන්වීමට අවශ්‍යය.රජය සමස්ථ දිවයිනෙන් ම ජයගත් මැතිවරණ වල දී මෙම පුදේශ වලින් පරාජය වීම  දිගුකාළයක් තිසිසේ අප අත් දැක ඇත්තෙමු.මෙහිදී කොළඹ මහනගර සභාව සුවිශේෂීය. එජාපය නිළ වශයෙන් තරග නොවැදුන පසුගිය පලාත්පාලන මැතිවරණය පවා ජය ගැනීමට රජය අසමත් වීම මෙම ජනතාව එම පක්ෂය සමඟ බද්ධ වී ඇති ආකාරය පෙන්වන කදිම සාක්ශියකි.ජනතාව ‍මෙවර තමා දෙසට නමා ගැනීමට එජනිස ය විවිධ උපක්‍රම යොදන බව පැහැදිලිය.එජාපයෙන් ඉවත් වූවන් යෙදවීම (පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ පවා-ක්‍රියාකාරී දේශපාලනයේ නොමැති සිරිසේන කුරේ), සාම්ප්‍රදායික ලෙස මැතිවරණ ඉලක්ක කළ සංවර්ධන ව්‍යප්‍රෘති හදිසියේ ඇරඹීම, රජෙය් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා අතරක් නැතිව සිදුකරන ප්‍රචාර, සිට විපක්ෂ අපේක්ෂකයන් මුදලට ඩැහැගැනීම දක්වා වූ ව්‍යාපාර දියත් වන්නේ ඒබැවිණි.නගර සභා විශය ක්ෂේත්‍රයට කිසිසේත් ම අදාල නොවන (එනිසා ම ඉටු කළ නොහැකි බව හොදටම පැහැදිලි) දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම, තරුණයන්ට රැකියා ලබා දම බඳු පොරොන්දු දෙන්නේ ද එබැවිණි.

ඒජාප යට මෙය වැදගත් වන්නේ තම සාම්ප්‍රදායික බල කදවුරු රැකගැනීමට අවශ්‍ය බැවිණි.නායකයාට එරෙහිව පාක්ෂිකයා කැරලි ගසන මොහොතක තමා සන්තකෙය් ඇති, නිරායාසෙයන් ම තමන්ට උරුම පලාත්පාලන අායතන තම ග්‍රහනයෙන් ගිලිහී යන්ෙන් නම් ඒය වැලැක්වීමට කළ හැකි හැම දෙයක් ම කිරීමට පක්ෂය පසුබට නොවනු අැත.

නාම යෝජනා දුන් අවධියේ නොතිබූ අභියෝගයක් (සමහර විට අලුයටට වී තිබුණු) දැන් ජවිපෙ හමුවේ පවතී. පැණවරකා ගසට හෙන ගැසුවාක් මෙන් දෙදරා ගොස් ඇති ජවිපෙ ද තම අභ්‍යන්තර දියසුලිය ජනතාවගෙන් සැගවීමට දරණ අසාර්ථක ප්‍රයත්නයක් ලෙස හෝ මේ මැතිවරණ සටන අත නොහැර යඉදිරියට යා යුතුය.කොළඹ හා අනෙකුත් නාගරික ප්‍රදේශ එම පක්ෂයට අවාසිදායක නොවන බව අපෙග් කත්සේරුවයි.

මෙම මැතිවරණය තීරණාත්මක වන (එසේ කරගත්) තවත් පාර්ශවයක් වන්නේ නිදස් සංධානයෙන් හා එජාප සංධාන වල හිදිමින් තාවකාලිකව ඉන් බැහැරව තනිවම ඉදිරිපත් වන කණ්ඩායම්ය.තමන්ට ඇති ජනතා ශත්තිය උරගා බැලීමට මෙය කදිම අවස්ථාවකි. තමන්ගේ කේවල් කිරීමේ බලයට ඇති ශක්‍යතාව මෙවර මැන බැලෙනු ඇත.

.කෙසේ වුවද පරමාධිපත්‍ය හිමි ජනතාවට නම් මේ මැතිවරණෙය් මහ ලොකු වැදගත්කමක් ඇතැයි අපට නම් නොහැ‍‍‍ඟේ.වරප්‍රසාද අපේක්ෂාවෙන් දේශපාලකයන් පසුපස යන මුදලාලාලාට (පොදු වෙළඳළපලින් කඩයක් හෝ පාරට කොන්ක්‍රීට් දමනටෙන්ඩරය විය හැක) හැර මෙම මැතිවරණය වැදගත් වනවා නම් වැදගත් වන්නේ  ඥා‍‍තියෙක් අසල්වැසියෙක් ඡන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්  වූ අයට පමණක් ම විය හැක.

මෙවන් මැතිවරණයක දී වැදගත් විය යුතු ප්‍රාදේශීය ගැටලු නොව ජාතික මට්ම‍මේ සේශපාලන කාරනා අනුව සිතා බලා මෙවර ජනතාව (ඡන්ද පොලට යාමට තීරණය කරන ජනතාව) කතිරය ගසනු ඇති බවට අනුමාන කළ හැක.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 29/09/2011, in කාලීන. Bookmark the permalink. 2 Comments.

  1. කොතරම් දැඟලුවත් එජාපය කොලඹ දිනනු ඇත යන්න මාගේ විශ්වාසයයි , ඉමිටියාස් මාකර් වැන්නෙක් ඉදිරිපත් කලා නම් මිලින්දට ඇති එකම ෆේවර් එකත් ඉවත් කරවා ගැනිමට එජාපයට තිබූ අවස්ථාව අහිමි කරගෙන තමන්ට ගේමක් නැති කොලඹ ගේමක් කරගෙන දඟලනා හැටි නම් බලන්න ලස්සනය . කොලඹ ගේමක් කරනොගත්තා නම් තව නගර සභා දෙකතුනක් දිනා ගන්නට ඒ ශක්තිය යොදන්නට ඉඩ තිබුනි . බුවාද සිටින්නේ මහ නගර සභා සිමාවකය

    මෙහි සන්ධානයේ , මා පෞද්ගලික හඳුනන්නේ නැති අපේක්ෂයෝ සියලු දෙනාම පාහේ මුලින් ඉල්ලන්නේ සංධානයට ඡන්දය දී තමන්ට මනාප ලකුණු කරන ලෙසය (අඳුරන උන් මනාප තුනම ඉල්ලති )

    දැනට මුණගැසුනු එජාප අපේක්ෂකයින් කියන්නේ

    එජාපයට ඡන්දයක් දෙනවා නම් , මටත් මනාපයක් දෙන්නට කියායා

    එජාපය වෙනුවෙන් එකෙක්වත් ඡන්දය ඉල්ලන්නේ නැත , පාර්ලිමෙන්තු මන්ත්‍රිලා පේන තෙක් මානයක නැත . පලාත් සභා මන්ත්‍රිලා තමන්ගේ සහය හිමි අපේක්ෂකය දිනවීමට මිසක් පක්ෂය දිනවීමට තඹ දොයිත්තක දෙයක් කරන්නේ නැත / මෙහෙම තිබියදීත් එජාපය ඔය ලබා ගන්නා ඡ්න්ද ගාන වැඩිත් එක්කය

    • කොලඹ පමණක් නොව මහනුවර ඇතුලු මහනගරසභා කීපයක් ම එජාපය ජයගනු ඇති බව මගේ විශ්වාසයයි.

      ස්තුතියි බුවා!

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: