කක්කුටු බෙන වසන්නේ කවදාද?

පසුගිය ජූනි මස අගදී බාල පෙට්‍රල් අර්බුදය මුලින්ම වාර්තා වූ විට අදාල ඇමතිතුමා පැවසූයේ එහි කිසිදු සත්‍යතාවක් නැති බවය.ටික දිනකින් ජනතා විරෝධය වැඩිවන විට ඒ පෙට්‍රල් වල ප්‍රමිතියේ දොසක් නොව පෙට්‍රල් ගබඩා කර ඇති ටැංකිවල දොසක් යැයි ප්‍රකාශ කලේය.වර්ශා ජලය ඉන්ධන සමග මුසු වී ඇතැයිඉන් පසුව ප්‍රලාප දෙඩීය.මෙයද මුසාවාදයක් බව ජනමාධ්‍ය හා විපක්ෂ දේශපාලකයන් පෙන්වා දුන් පසු අවසානයේ ඔහු (හිස නවා ගෙන බිම බලාගෙන) ප්‍රෙට්‍රල් ගෙන්වීමේදී නිසි ටෙන්ඩර් පරිපාටිය අනුගමනය කොට නැතැයි ද විශාල වරදක් වී ඇතැයි ද ප්‍රකාශ කළේය.තමන් දිවයිනේ නොසිටි කාළයේ මෙම දූෂිත ගණුදෙනුව සිදුවී ඇතැයි ද එබැවින් ඊට තමාගේ වගකීමක් නැතැයි  නිර්ලජ්ජිත ප්‍රකාශයක් ද කළේය.තමා අමාත්‍ය ධුරය දරන අමාත්‍යංශය නිළධාරින්  මේ ඇමතිවරයා ගේ කනින් රිංගා යාම එක අතකට පුදුමයක් ද නොවේ.වෘත්තියෙන් නීතීඥයෙකු වුවද නිසි ලෙස නාම යෝජනා පත්‍ර සැකසීමට නොහැකිව නාමයෝජනා ප්‍රතික්ශේප වූයේ ද ඔහු ලේකම් ධූරය දරන පක්ෂයේය. අවසන මේ පෙට්‍රල් අර්බුදය ගැන සෙවීමට පරීක්ෂණ කමිටුවක් පත් කරන ලද මුත් එහි නිර්දේශ පරිදි විපතට පත් පාර්ශව වලට වන්දි ගෙවූ බවක් හෝ වරදකාරී දූෂිත නිලධාරින්ට දඬුවම් කල බවක් හෝ මේවනතුරුත් වාර්තා වී නැත.එය ඉක්මනින්ම සිදුවෙතැයි අප දක්ම බලාපොරෝත්තු වෙමු.

හෙජින් සූදුව ද ඛණිජ තෙල් සමගම සම්බන්ධ තවත් මෙවන් අපකීර්තිමත් ගණුදෙනුවකි.මෙයින් රජයට සිදුවූ අලාභය අති විශාල වුව ද ඊට වගකිව යුතු කිසිවෙකුට හෝ තවම දඬුවම් හිමි වු බවක් අපි දැක නැත්තෙමු.

සිමෙන්ති හිඟයට පිලියමක් ලෙසයි කියමින් මෑතක දී පකිස්ථානයෙන් ආනයනය කළ ප්‍රමිතියෙන් තොර සිමෙන්ති පිළිබඳ කතාව ද මෙවැන්නකි.අවසානයේ දී කුමක්දෝ ආශ්චර්යයකින් මෙම සිමෙන්ති වලට ප්‍රමිති සහතිකය හිමි වුව ද ජනතාවට නම් මේ ලකී සිමෙන්ති පිළිඹදව කිසිඳු විශ්වාශයක් නැත.

රුපියල් මිලියන ගනනක් වටිනා ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් වාර්ශිකව විනාශ කර දමන බව ප්‍රකාශ කළේ කිසිවෙකු නොව ස්‍යෙඛ්‍ය ඇමතිතුමා මය.

ඉහත උදාහරණ මගින් පැහැදිලිවන්නේ හොර රහසේ නොව ඇස්පනාපිටම බරපතල අන්දමේ වංචා දූෂණ මේ පොළව මත (අදාල බලධාරීන් දැනුවත්වම) සිදුවන බවකි.

යුද්ධය තීරණාත්මක ලෙස සිදු වෙමින් පැවති සමයේ රජයේ දේශපාලඥයෙක් ඉදිරිපත් කළ තර්කයක් ජනතාවට හොදින් මතකය.එනම් වක්කඩ කඩාගෙන යන විට කක්කුටු බෙන ගැන නොතැකිය යුතු බවය.වක්කඩ රැකගැනීමට ප්‍රමුඛතාවය දියයුතුවබය.කක්කුටු බෙන වැසීම පසු කළෙක මහ කජ්ජක් නොවන බවද එතුමා පැවසුවා ජනතාවට මතකය.ජනතාවෝද විරෝධයකින් තොරව එය පිළිගත්හ.

ගරු ඇමතිතුමනි, දැන් වක්කඩ රැකගෙන වසර දෙකකට වඩා ගතවී ඇත.කක්කුටු බෙන වැසීම කෙසේ වෙතත් ඒවා දිනෙන් දින විශාල වන බවක් නම් පෙනේ.දිනක අමාරුවෙන් වසාගත් වක්කඩට ද වඩා මේ කක්කුටු බෙන විශාල වී කුඹුර විනාශවීමට පෙර ඒවා වසා දැමීමට ක්‍රියා කරන්න.නැතහොත් උගත් මධ්‍යම පාංතික ඡන්දදායකයින් බහුල මීළග පලාත්පාලන මැතිවරණයෙහි ප්‍රතිඵල වලට මේ තත්වය තදින්ම බලපානු ඇත.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 11/09/2011, in කාලීන. Bookmark the permalink. 4 Comments.

  1. අධ්‍යාපනය,ගොවිබිම් ,තෙල්,වනාන්තර ආදිය විකුණන්නට වැය කිරීමට තිබෙන වටිනා කාලය ආණ්ඩුව කක්කුටු බෙන වැසීමට යොදවන්නේ කෙසේද?

  2. හෙහ්…හෙහ්….මොන කක්කුටු බෙන වැහිල්ලක්ද ජයශ්‍රී?………ඒ කාලෙ නිදහසට කාරණේ තමයි වක්කඩ කඩාගෙන යන හින්ද කක්කුටු බෙන වහන්ට වෙලාවක් නෑ කියන එක……….දැන් බලාගෙන ඉන්නෙ ආයෙම වක්කඩ කඩාගෙන යනකල්………..එතකොට ආයෙම පරණ සිංදුවම ගහන්ට පුලුවන් නෙව…..

    අනික මෙහෙම දෙයක් දැකල නැද්ද?……..කුඹුරක වක්කඩ කඩාගෙන යනව කියන්නෙ කකුටු බෙන වලින් එච්චර අපතේ යාමක් වෙන්නෙ නෑ….මොකෝ ලියද්දෙ වතුර නෑ…..එහෙම නෙවෙයි නෙව වක්කඩ වැහුවම ….ඕසෙට වතුර ගලනව කක්කුටු බෙන වලින්…..හැමෝටම ආතල්…..අපිට ඇර,

  3. ```Outsider```

    ඔයත් මේ අහිංසක මිනිස්සුන්ට දඞුවම් ලැබෙනකම් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මොකටද?
    ඔය වැරැදි කරන එවුන් ඉන්නෙ එයාල ගැන අදාල අංශ වලට වාර්තා කරන්න. කෙහෙල් කැන් කපන එවුන්, කසිප්පු බෝතල් අදින එවුන්, බීල කුණුහරුපෙන් කෑ ගහල මිනිස්සුන්ට හිරි හැරැ කරන එවුන් අන්න උන් ගැන පැමිණිලි කරන්න. ඉක්මණින් දඞුවම් පනවයි ඇපත් නොදී. ඒත් ඔයාලට පේන්නෙ ඒ වගේ අපරාධකාරයෝ නෙවෙයි. අහිංසකයොමයි. අහිංසකයින්ට දඞුවම් කරනවනම් එතැන නීතියක් තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? සදාචාරයක් තියෙනවද?

  4. @සිත් මණ්ඩිය, ඇත්ත ආණ්ඩුව හොදටම Busy

    @Ravi, ලිපගිණි මොලවන තෙක් දිය සැලියේ

    @Outsider, හික්ස්!

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: