කන අත්සන ගැහුවේ මොකටදැයි තේරුම් කර දීම!

පාර්ලිමේන්තුව යනු ව්‍යවස්ථාදායකයයි.එනම් ප්‍රජාතන්තත්‍රවාදී රටක නීති සකසන්නේ එතැනයි.තවද එම නීති ක්‍රියාත්මක කිරීමට විධායකය නම් ආයතනයක් ද නීති කැඩූ විට දඬුවම් කිරීමට අධිකරණය නම් ආයතනයක් ද ඇත.පාර්ලිමේන්තුව මගින් නීති සැක සීමේ බලය හෙවත් පරමාධිපත්‍ය ඇත්තේ ජනතාව සතුවය.නමුත් ප්‍රායෝගිකව මිලියන විස්සක් පමණ වන සියලුම ජනතාවට  පාර්ලිමේන්තුව තුල රැස්වී නීති සම්පාදනය කළ නොහැකි බැවින් ජනතාව වරින් වර මැතිවරණ හරහා තමන්ගේ නියෝජිතයන්ට ඒ සදහා බලය පවරනු ලබයි.ඒ නියෝජිතයන් පාර්ලිමේනුතුව තුල රැස්වී වාද විවාද කර ජනතාව වෙනුවෙන් (ජනතා සුභසිද්ධීය තකා) වරින් වර අණ පනත් සම්මත කරණු ලබයි.

කෙටුම්පත් කරනු ලැබූ නීතියක් පාර්ලිමේන්තුව තුලින් සම්මත වීම දීර්ඝ ක්‍රියාවලියක අවසන් පලයයි.එනීතිය තුල ඇති ඉස්පිලි පාපිලි සියල්ල පාර්ලිමේන්තුව තුල විවාදයට ලක්කර සංශෝධනය කර අවසානයේ ඡන්ද විමසීමකින්ප‍්‍පසුව සම්මත වී රටේ නීතිය බවට පත්වීම සාමාන්‍ය පිලිවෙලයි.(නැතහොත් ජනතාව සිතා සිටින්නේ එලෙසයි)

නමුත් ඊයේ රෑ ප්‍රවෘත්ති නැරඹූ අය මේ අදහස සම්පූර්ණයෙන් වෙනස් කරගන්නට ඇත.එනම් ගරු ජනාධිපතිතුමා පනත් වල ඇති දේ මංත්‍රී වරැන්ට පැහැදිලි කරන ලෙස නිළධාරීන්ගේන ඉල්ලා සිටින බවට වූ පුවතක් එහි පල වීම නිසාය.

තවත් ලෙසකින් කිවහොත් මංත්‍රී වරු විසින් පාර්ලිමේන්තුවේ වාද විවාද කොට අත උස්සා සම්මත කළ පනත කුමක් දැයි තේරුම් කිරීම නිළධාරීන්ට පැවරීමයි.

මෙය සමාන කළ හැක්කේ ශාක්ෂරතාව නැති ධනවතෙකු තම දේපල සම්බන්ධ වැදගත් ලියවිල්ලකට ඇගිලි අත්සන තැබූ පසු වෙනෙකෙකු එය කියවා තේරැමු කර දීමට නොවේද?ඒ “ශාක්ෂරතාව” ඇති නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කරයැවීමට අපේ ඡන්දදායකයින්ට නොහැක්කේ ඇයි?

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 06/09/2011, in මතවාද. Bookmark the permalink. 6 Comments.

  1. මේ සිදු වීම නම ඔබ පවසනා පරිදිම හාස්‍ය ජනකය , එහෙත් සාක්ශරතාවය පමණක්ම සැහෙන්නේ නැත දක්ෂතාවයද තිබිය යුතුය . උදා – වර්ථමාන විදුලි බල ඇමතිවරයා බැච් ටොප් වී සමත්වු වූ විදුලි ඉංජිනේරුවරයෙකි එතරම් අධ්‍යාපන සුදුසු කමක් (විෂයට අදාලව ) ඇති විදුලි බල ඇමති වරයෙක් ලංකාවේ තබා ලෝකයේ කොතනකවත් ලේසියෙන් බිහිවෙන්නෙ නැත . එහෙත විදුලිය තාමත් වයරින් වැඩක් වත් කර නැති ජෝන් ඈමති තුමාගේ කාලයේ වගේමය . කිසිම වෙනසක් නැත

  2. ඇත්ත මචං. පාර්ලිමේන්තුව/ජනතාව/මැතිවරණ මේ සේරම එකවගේ මිත්‍යාවන්. මේවා එකක් හරි ඇත්ත කියලා ගත්ත ගමන් ගගේ තමයි.

  3. නලුවන්, නිලියන්,මුදලාලිලා හා ගණිකාවන් (උන්ට දේශපාලනය තේරෙනවානම් පාර්ලිමේන්තු යෑමේ කිසිම වරදක් නැත) ඉන්නා ආතල් පාර්ලිමේන්තුවකින් තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද? මේ මම කාලෙකට ඉස්සර ඒ ගැන දැක්ක සීත සමීරයේ ලියුමක්.

  4. සිත් මණ්ඩිය, ඔබ ලබාදුන් යොමුවට ස්තුතියි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: