ප්‍රභූන්ගේ හදිසිය ඉවත් කරන්නේ කවදාද?

දශක කීපයක් තිසිසෙි මෙරට ක්‍රියාත්මක වූ හදිසි නීතිය රජය විසින් පසුගිය දා ඉවත් කරනු ලැබීය.මෙමගින් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට පත්වීමෙන් නිදහස් වීම, අත් අඩංගුවට පත්වී පැය 24 ක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කළ යුතු වීම බඳු වරප්‍රසාද වලට අප රටේ ජනතාව හිමිකම් කීම ගැන ශ්‍රීලාංකිකයෙකු ලෙස සතුටු විය හැක.ඒ ගැන රජයට අපගේ ප්‍රසාදය හිමිවේ.

නමුත් රටතුල තවත් හදිසියක් ක්‍රියාත්මකව පැවතිනි.එනම් ජනතා සේවයට ජනතා සේවකයන් තුල ඇති හදිසියයි.(සමහර විට ජනතා සේවකයන්ගේ ආරක්ෂකයන්).පසුගිය දා මෙම හදිසියට ජීවිතයෙන් වන්දි ගෙව්වේ විශ්‍රාමලත් ඉංජිනේරු මහතෙකි.ඒ උසස් අධ්‍යාපන ඇමති තුමා ගේ හදිසියට ය.තව ද කරුනා ඇමති ගේ අකරුණාවන්ත හදිසිය ද මෙවන් විපතක් සිදු කළ බව වාර්තා විය.ඒ දෙදෙනා පමණක් නොව තව බොහෝ ප්‍රභූන් හදිසියේ මාර්ග පුරා දුවනු අප දැක ඇත.ජනතා ඡන්දයෙන් පත්වී, ජනතා මුදලින් නඩත්තුවෙමින් ජනතා ම විපතට පත් කරමින් මේ දුවන්නේ කවරනම් ජනතා සේවය කටදැයි ජනතාව ප්‍රශ්න කරති.සමහර විට ඒ බාල පෙට්‍රල් නෙ ඒමට ද, බාල සිමෙන්ති ගෙන ඒමට ද, කොමිස් කුට්ටි සොයා යාමට දැයි ඔවුහු ප්‍රශ්න කරති.

රටේ පොදු නීතිය කාටත් සමව ක්‍රියාත්මක විය යුතුය.ප්‍රභූවරුන්ට ද මාර්ග නීති අදාල විය යුතුය.රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විශාල තර්ජනයක් නැති මෙසමයෙහි ප්‍රභූ ආරක්ෂාව ද ඉවත් කීරීම හෝ අඩුවශයෙන් සීමා කිරිම හෝ කළ යුතුය.කෙ‍ටියෙන් කිව හොත් ප්‍රභූ වරුන්ගේ නොනිළ “හදිසි නීතිය” ද වහාම ඉවත් කළ යුතුය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 02/09/2011, in කාලීන. Bookmark the permalink. 4 Comments.

  1. ```Outsider```

    මුං දුවන්නෙ මොන සේවයක් කරන්නවත් නෙවෙයි.
    තමන් අනෙකුන්ට වඩා විශේෂිත, බලවත් යැයි සිතන පුහු මමත්වය නිසයි. ඉතින් ඒ තත්වයන් මවා පාන්නයි මේ දුවන්නෙ. එහෙම එව්වන් ඉතින් පත් කරගන්නෙත් මිනිස්සුම තමයි.
    මහජන නියෝජිතයින්ට ආරක්ෂාව දිය යුතු නෑ තවත් මහජන මුදල් අසීමිතව වියදම් කරමින්. ඒ තරම් බය නැති මිනිස්සු ඕනි තරම් ඉන්නව ආරක්ෂාව නැතිව සේවය කරන්න කැමැති. ඒත් අර වගේ උමතු මානසිකත්වයක ඉන්නවනම් ඒ මානසිකත්වය ආරක්ෂා කරගන්න ලොකු ආරක්ෂාවක් ඕනි වෙයි.

  2. මේ තියෙන්නේ අපූරුවට ලියල…

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: