මරන්න එපා කියා මියයාම හෙවත් දෙමළ ජාතිවාදයේ උමතුව

ඉන්දීය අධිකරණයක් මගින් පසුගියදා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුලු මෙළ ජාතිකයින් තිදෙනෙකුට මරණ දඩුවම නියම ක‍ළේ 1991 දී සිදුවූ අගමැති රජිව් ඝාතනයට ඔවුන් වරදකරුවන් වූ නිසාය.වසර ගනණාවක් දීර්ඝ නඩු විභාගයකින් අක්‍නතුරුව ලබාදුන් මෙම දඬුවමින් කුපිතවූයේ තමිල්නාඩුවේ ජීවත්වන දෙමළ ජාතිවාදීන්ය.මෙම දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලා ජනතාව උසිගැන් වූ ඔවුන් ජනතාව වීදියට කැදවූහ.ජනතාව ද තමන් මේ කරන්නේ තම සදාදරණිය රාජ්‍යය නායකයාගේ ඝාතනය සිදුකළවුන් රැක ගැනීම බව මොහොතකට වත් නොසිතූහ.තමන් වීදි බැස්සේ දශක දෙකකට පෙර ඝාතනය වූ තම රාජ්‍ය නායකයා වෙනුවෙන් සාධාරණය ඉටු වීම වැලැක්වීමට බව ද නොසිතූහ.පසුගිය දා ඔවුන් අතරින් කෙනෙක් චූදියන්ට හිමිවූ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා එම දඩුවම තමන් විසින් තමන්ටම ක්‍රියාත්මක කරාගත්තේ සිරුරට ප්‍රෙට්‍රල් වත්කොට ගිණිතබාගැනීමෙනි.වයිකෝ-නෙදුමරන් ආදී දෙමළ ජාතිවාදීන් ජනතාව උත්තේජනය කර ඇති ආකාරය මෙයින් පැහැදිලිවේ.

ඉන්දියාව තුල බෙදුම්වාදයට කිසිදු අවසරයක් එරට රජයෙන් නොලැබෙන නිසා ඔවුන් උත්සහ කළේ ශ්‍රීලංකාව තුල වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමටය.අප වීරෝධාර රණ විරුවන් ඒ සිහිනය ද බොඳ කරදැමූ නිසා මොවුන් දැන් උත්සහ කරන්නේ ලංකාව පෙන්වා තමිල්නාඩු ප්‍රාන්තය තුල දෙමළ ජාතිවාදය වපුරා තම ඡන්ද පදනම ආරක්ෂාකරගැනීමටය.තමිල්ඛාඩු ප්‍රාන්තයේ මැතිවරණ වලදී වඩාත්ම කතාබහට ලක්වන්නේ ශ්‍රීලංකාව බව කියැවේ.එහි පාලකයන් පක්ෂය මෙන්ම විපක්ෂය ද කරනුයේ ජනතාවට තම ප්‍රාන්තයේ සැබෑ ගැටලු අමතක කරවීමට  ශ්‍රීලංකාව භාවිතා කර ජාතිවාද වඩවා තම පැවැත්ම ආරක්ෂා කරගැනීමය.ප්‍රාන්ත මැතිවරණය ජයගන්නේ ලංකාවේ දෙමළ ජතිකයන් වෙනුවෙන් වැඩියෙන් ම හඬනැගූ, වැඩියෙන් ම පොරොන්දු දුන් පක්ෂයය.මැතිවරණ වේදිකාවේ රැව් දෙන්නේ කච්චතිවි පවරාගැනීම ගැනය.ශ්‍රීලංකාවට ආර්ථික සම්බාදක පනවන ආකාරය ගැනය.

අවසන අපරාධකරුවන් රැකගැනීම වෙනුවෙන් තමිල්නාඩු වැසියෙකුටය සිදු වූයේ නිරපරාදේ තම ජීවිතය පුදන්නටය.

පසුසටහන්

අදාල මරණ දඬුවම සති 8 කට කල්තැබූ බව වාර්තා විය.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 31/08/2011, in කාලීන, මතවාද. Bookmark the permalink. 2 Comments.

  1. උක්කුව රොක්ස්

    අනේ පලයන් බන් යන්න.ඕක ලංකාවේ සිංහල එකෙක් කරානම් උඹ කියයි අන්න නියම ජාතිමාමක දේශප්‍රේමී ජාතික වීරයෙක් කියල.බොට වෙන වැඩක් නැද්ද යකෝ මේ විකාර ලිය ලිය ඉන්නෙ ..?රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කරගෙන කසාදයක් එහෙම බැඳලා පිළිවෙලක් වෙන්න බලපන්.

  2. ඔබ කියනවා වගේ වයිකෝලා උත්සාහ කරන්නේ තමුන්ගෙ රටේ නායකයාව මරපු එක සාධාරණීය කරන්න. ඔය විරෝධතා පිටිපස්සේ තියෙන යථාර්තය ඒකයි

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: