සදාකාලික කතා පුවතක්

පහත පලවන්නේ ලේඛකයා කලකට ඉහත ඇසූ සර්වකාලීන වටිණාකමක් ඇති කතා පුවතකි.මෙහි මූලාශ්‍රය නිවැරදිව නොදන්නා බැවින් එය සදහන් කළ නොහැකි වීම පිළිඹදව පාඨකයෝ කමත්වා.(දන්නා කෙනෙක් මෙහි සටහන් කරන්න)

ඈත අතීතයේ එක්තරා රාජ්‍යයක් දරුණු රාක්ෂයකුගේ කෘර ග්‍රහණයට නතුව තිබුණේය. රටේ තැන් තැන් වල තරුණයන් හිටි ගමන් රාත්‍රියේ දී අතුරුදන් වන්නට විය.පසුදින හමු වූයේ බිහිසුණු ලෙස විනාශකරන ලද මළ සිරුරයි.ගම්වැදුණු රකුසා ගොවිබිම් සාහසික ලෙස විනාශ කළේය.එමෙන්ම ගොවීන් වෙහෙස මහන්සියෙන් වගාකළ කුඹුරේ අස්වැන්න සොරකම් කරන බවක් ද දක්නට ලැබිණි.ගවගාල් වල ගව මහීෂා දී සතුන් ද දින දින අතුරුදන් වීමට විය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එය අවිචාර සමයක් විය.

මේ කුරිරු ඝාතකයා කිසිවෙකු විසින් හරිහැටි දැක නොතිබුණ මුත් උගේ වාසබවණ හෙවත් තිප්පල මහ ඝන වනන්තරයේ වූ එක්තරා ගල් ගුහාවෙක් බව ගැමියෝ විශ්වාස කළහ.නමුත් එපෙදෙසට යැමට තබා කිට්ටු වීමටවත් කිසිවෙකු එඩිතර නොවූයේ රකුසා ඇස ගැටුණ හොත් එකෙනෙහිම තම ඉරණම තීන්දු වන බව හොදින්ම දැන සිටිනිසාවෙනි.

නමුත් රකුසාගෙන් වන පීඩනය ඉවසිය නොහැකිම තැන කඩුශිල්ප, දුනුශිල්ප, මල්ලව පොර ආදියෙහි කෙල පැමිණි එක් වීර තරුණයෙක් රකුසාට එරෙහිව සටනට ඉදිරිපත් විය.රටේ සෑම කොනකම විසිරී සිටින සකල විධ ජනතාවගේ ආශීර්වාදය මෙම වීර තරුණයාට හිමිවිය.දෙමාපිය වැඩිහිටි දෙපා නමැද අවසර ගෙන ඔහු සටන පිණිස රකුසා ගේ අඩවිය බලා නික්මිණ.

කාළය දින සති මාස ගණන් ගෙවී ගියේය වීර තරුණයා ආපසු ආවේ නම් නැත.රකුසාගෙන් වන උපද්‍රව වල අඩුවක් වූයේ ද නැත.තරුණයා සටන පැරදී ඇත.කුරිරු රකුසා ජය ලබා ඇත.ජනතාව සුසුම් හෙලමින් තමන් වෙනුවෙන් ජීවිතය දන්දුන් වීර තරුණයාට පින් පෙත් අනුමෝදන් කරමින් පුරුදු පරිදිම භීෂණයට මුහුණ දෙමින් කාළය ගත කළහ.

කාළය ගතවී ගියේය.වසර විස්සක් පමණ.තම මව්පියන් ද ආච්චි-සීයා ලා ද මුහුණ දුන් රකුසු භීතිකාවට විසදුම් සෙවීමට තවත් තරුණයෙක් ඉදිරිපත් විය.නමුත් අවාසනාවක මහත ඔහු ද විසි වසරකට පෙර තම ඥාතියා මුහුණ දුන් ඉරණමටම මුහුණ දුන්නේය.මෙලෙස කලින් කලට උපදින ජනතා වීරයන් රකුසා හා සටනට යන මුත් රකුසා පැරදවීමට නම් කිසිවෙකු හෝ සමත් වූයේ නම් නැත.ජනතාව මුහුණ දුන් කම් කටොලු ල අඩුවක් ද වූයේ නැත.

අද ද ඒ සමාජය ශත වර්ෂ ගනණාවකට පෙර දී මෙන්ම රකුසු බියෙන් සැලෙමින් කිසිවකු හෝ කමන් මේ උවදුරෙන් ගලවා ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් දිවි ගෙවයි.එය කෙතරම් ඛේදවාචකයක් ද?

සටහන

මතුපිටින් පෙනෙන කතාව මෙය වුව ද මෙහි සත්‍ය කතාව මීට වඩා තරමක් වෙනස්ය.එදා මෙන්ම අද ද වීර තරුණයා සැබවින්ම රකුසා පරදවා සටන ජය ගනී.එතැන් සිට ඊළඟ වීරයා එනතුරු රකුසාට පණ දෙමින් ජනතාව පෙලන්නේ ඔහුයි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 29/08/2011, in Uncategorized. Bookmark the permalink. 2 Comments.

  1. තවත් තරුනයෙක් ඉදිරිපත් වී රාක්ෂයා මැරුවේය. නමුත් ඒ තරුණයා සියසුනට අභියෝග කිරීමට ගොස් දඟ ගෙයි කල් ගෙවයි..

  2. ජයශ්‍රී

    මාතලන්සමාවෙන්න මිත්‍රයා ‍,

    මේ කතාවේ රකුසාගෙන් සංඛේතවත් වන්නේ රටක වත්මන් පාලකයා වන අතර වීර තරුණයා යනු විරුද්ධ පක්ෂයයි (හෙවත් මීළඟ පාලකයායි).

    (වත්මන් රජයේ ජනතා ද්‍රෝහී ක්‍රියාවන්ට එරෙහිව ජනතා වීරයා වී සටන් වැද රජය පෙරලන එය ඉන් පසු ජන පීඩකයා බවට පත්වේ කලින් පාලකයාගේ පාලනයම දිගටම ගෙනයයි.ජනතා පීඩනය සදාකාලිකය)

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: