රේඛා චිත්‍රවලට පාට පොවා විකුණන සුපිරිතරු

අමරණීය ගායක H.R.ජෝතිපාලයන් ගේ ගීත නව පරපුරේ සුපිරි තරුවක් විසින් නැවත ගැයීම පිළිඹදව  කසුකුසුවක් ඇසේ මේ සටහන ඒ සම්බන්ධවයි.

මීට දශක කීපයකට පෙර එච්.ආර් ජෝතිපාලයන් විසින් ගයන ලද ගීත බොහොමයක් පොදු ප්‍රේක්ෂකයා අතර අතිශයින් ජනාදරයට පත්විය.පදරචනා වල මියුරු බව, සංගීතයේ මියුරු බව, ගායනයේ මියුරු බව යන කාරණා වල සංකලනයෙන් එම ගී දනන් තුඩ තුඩ රැව් දෙන ගීත බවට පත් වූ අතර එම ගීත වලට අද පවා ගීත රසිකරසිකාවියන් අතර ඇත්තේ නොමද ඉල්ලුමකි.ප්‍රේක්ෂක ඡන්දයෙන් ජයග්‍රහණය ලබණා රියලිටි වැඩසටහනකදී එම ගීත වල ජනප්‍රිය භාවය උපයෝගීකරගෙන මනාප රැස් කොට යම් ආධුනික ගායකයකු සුපිරුතරුවක් බවට පත්වීම පිළිඔද අපට කිසිදු ගැටලුවක් නැත.(ඇත්තටම ආධුණික ගායකයා මෙහිදී තම නමට සටහන් කරගන්නේ අදාල පැරණි ගීතයට ලැබෙන ප්‍රෙක්ෂක මනාප වීම සත්‍යය වුවද අපි මදකට මෙහිදී එය අමතක කරමු).නමුත් මුදල් ඉපයීමේ චේතනාව මත එම ගීත නැවත ගායනා කිරීම, ප්‍රසංග වේදිකාවක ගයා අධීක මුදලක් ඉපැයීම මංකොල්ලකෑමක් විනා අන් කවර ලෙසකින් හෝ හැදින්විය හැකිද? ගීතයක පදමාලාව රචනා කිරීමේ සිට එය සිනමා නිර්මාණයකින් හෝ ගුවන් විදුලියෙන් එලිදැක්වීම දක්වා අදාල නිර්මාණ ශිල්පීන් නොමද වෙහෙසක් දරන බව අප දනිමු.මේ වෙහෙස තුට්ටුවකටවත් මායිම් නොකර හාන්සි පුටුවකට වී හිද ජෝති ගේ ගීයක් නැවත ගයා මුදල් හම්බකිරීම  වසංගත රෝගයක් මෙන් සමාජය විසින් තරයේ පිටුදැකිය යුත්තක් යයි අවධාරණය කරමු.

මෙම කතිකාවේදී සුපිරි ගායකයාට පක්ෂව නැගෙන තර්කය නම් එකළ ජෝතිපාලයන් ද ගැයුවේ මොහොමඩ් ඩ්‍රාෆී ගේ ගීත බවයි.ජෝතිපාල ස්වතන්ත්‍ර ගීත ඕනෑ තරම් ගයා ඇති නමුත් ඉහත චෝදනාව මදක් විමසා බලමු.හිංදි හෝ දෙමළ ගීතනු වලට සිංහල වදන ඔබ්බවා ගායනා කිරීම එකළ අප සංගීත ක්ෂේත්‍රය පුරාම දක්නට ලැබුණ ලක්ෂණයකි.ඊට ජෝතිපාලට (ගායකයාට) පමණක් දොස්කිව නොහැක්කේ ඒ අප සිංහල සංගීත ක්ෂේත්‍රය ඉන්දියානු අනුකරණ වල සිට ස්වතන්ත්‍ර ගීත දක්වා සංක්‍රමණය වෙමින් පැවති යුගයක් බැවිණී. කෙසේ වුවද එකළ අද කරණ පරිදි  “ඩ්‍රාෆී ගේ ගීත ජෝති ගේ හඩින්” මැයෙන් වෙළඳ ප්‍රචාරණයක  ෙයදී ගීත අලවි කළ  බවක්  අපි නොදනිමු.නමුත් හෙළ සංගීත  ෙකත යම් දියුණු මට්ටමකට පැමිණි ඇති අද ද එදා ඒදා මෙන් පරපෝෂිත ගායකයන් බිහිවීම සාධාරණීකරනය කළ හැක්කේ කෙසේද?

ජෝතිගේ ගී වෙනෙකෙකු ගැයූ පළමු වතාව මෙය නොවේ.මීට පෙර ද ගායකයන් කීප දෙනෙකුම අනුන්ගේ රේඛා චිත්‍රයකට පාට පොවා චිත්‍ර ශිල්පීන් වීමට දැගලුවා අපට මතකය.නමුත් තමන්ගේම ගීත ගැයීමෙන් විනා මෙවන් උප්පරවැට්ටි වලින් ක්ෂ්‍රේත්‍රයේ දිගුකල් වැජබිය නොහැකි බවට ඉතිහාසය සාක්ශි දරයි.පාට පෙවූවන් රසිකයන්ට අමතකව ගිය ද ජෝතිපාල රසික හදවත් තුල තවමත් අමරණීයය.(මේ අය සමහරුන් රසිකයන්ට මතකහිටින තමන්ගේම ගීත ගයා ස්ථාවරවීමට පසුව සමත් වූහ).

ගීතයක අයිතිය පදරචකයා,සංගීතවේදියා සහ ගායකයා අතර සමසේ බෙදී යා යුතුබව ලේඛකයාගේ පුද්ගලික අදහසයි.මේ අයිතිය වෙනත් නිශ්චල හා චංචල දේපලක අයිතිය මෙන්ම මුල් අයිතිකරුගේ ඈවෑමෙන් ඔහුගේ උරුමක්කාරයන්ට ලැබිය යුතු බව ද විශ්වාස කරමු.මක්නිසාද යත් නිර්මාණශිල්පියෙකුගේ නිර්මාණශීලී හැකියාවන් මංකොල්ලකෑම නීතියට කෙසේ වුවද කිසිදු සදාචාරයකට එකඟනොවන බැවිණි.

Advertisements

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 16/08/2011, in කාලීන, සාහිත්‍යය/කළා. Bookmark the permalink. 6 Comments.

  1. මට තියන ප්‍රශ්නෙ තමයි මේ සුපිරි දක්ෂයෝ කියලා උදේ හවා පම්පෝරිගහන ඈයෝ,ස්වතන්ත්‍ර නිර්මාණවලින් තමන්ගේ දක්ෂතාවය පෙන්වන්නේ නැතිව පරණ අරක්කුම අලුත් බෝතල්වල දාලා විකුනන්නේ ඇයි කියන එක.එහෙම නැත්නම් දැන් මාර්කට් එක තියෙන්නේ අලුත් ගායකයන්ට මිසක අලුත් නිර්මාණවලට නෙවෙයිද?

  2. මගේ ගැටලුවත් ඕකම තමයි මිත්‍රයා.

  3. දම්රුවන්

    ඔය ගායකයෝ සුපිරි වුනෙත් අනුන්ගෙ සින්දු කියලා.සුපිරි වුනාට පස්සෙත් ඒක නොකර හිටියොත් අප්සට් වගේ හිතෙන්න ඇති. මුන් කරන ඕනෑ දෙයක් අනුමත කරන හරක් රංචුවකුත් ඉන්නවනේ මේ රටේ….

    • පැහැදිලිවම, රසිකයන් මේ ව්‍යාජ නිර්මාණ (Duplicates) එකහෙලා ප්‍රතික්ෂේප කරනව නම් නම් මේවාගේ වැඩ නවත්වන්න පුලුවන්.

  4. ```Outsider```

    පසුගිය කාලෙ බිහිකරපු තරු ජෝතිගෙ ගීත වලින් තමයි කරළියට ආවෙ ගොඩක් වෙලාවට. ඒත් පස්සෙ එයාල ස්වතන්ත්‍ර ගීත ගායනා කලත් ඔවුන්ගෙම අනන්‍යතාවයක් ඔවුන්ට ගොඩනගාගන්න බැරිවුණ බව පේනව. ඒක නිසා තව දුරටත් ජනප්‍රියතාවයත්, ආදායමත් රඳවගන්න නැවතත් අනුන්ගෙම ගීත ගායනා කරන්න ඔවුන් පෙළඹෙනව. ඒකෙ වැරැද්ද තරු බිහි කරන්න නොහැකි වීමයි. තරුනම් නිකම්ම බිහිවෙන ඒවායි. ‍
    කොහොම වුණත් ඔවුන්ගේ පරපෝෂිත ගායනයෙන් තව තවත් ජෝතිම ජනප්‍රිය වී ඔවුන් හැලී යාම තමයි සිදු වෙමින් පවතින්නෙ.
    ගීතයක අයිතිය ගේය පද රචකයා, සංගීතවේදියා සහ ගායකයා යන තිදෙනාටම හිමි වෙනවනම් තමයි ඇත්තටම හොඳ. ඒත් තවම එහෙම නැතිවීම කණගාටුවට කාරණයක් තමයි.

ඔබේ අදහස් දහස් වටී ....................

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: